leader s

මෙවර අමාත්‍ය ධූරයක් හිමි නොවූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වූ තම බල ප්‍රදේශයට නොයා කොළඹ නිවසේ රැඳී සිටින බව වාර්තාවෙයි.

ඇමති දිවුරුමෙන් පසු ඔහු ගම් ප්‍රදේශය බලා අවස්ථා දෙක තුනකදී ගොස් ඇතත් එම ප්‍රදේශයන්හි වැඩිපුර කාලය ගත නොකරනබව සදහන්ය.

පුරා වසර 20කට වැඩි කාලයක් තිස්සේ ප්‍රබල අමාත්‍ය ධූරයන් දරන ලද මෙම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ සිට මෛත්‍රීපාල සිරිසේනගේ පාලන සමය අවසන් වන තුරුම ප්‍රබල ඇමැති ධුර දරන ලද්දෙකි.

ඔහුට මෙවර කිසිදු අමාත්‍ය ධුරයක් හිමි නොවීම සම්බන්ධයෙන් දිගින් දිගටම ඔහුගේ ආධාරකරුවන් සිදු කරණ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කොළඹ තම නිවසේ වැඩිපුර කාලය ගත කරන බව වාර්තා වෙයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්