කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස වික්ටෝරියා ප්‍රාන්තයේදී එරට ආයෝජකයින් හමුවෙයි
තිරසාර බලශක්තිය, කිරි නිෂ්පාදනය, ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය හා පරිසර හිතකාමී සංචාරක ක්ෂේත්‍ර කෙරෙහි ප්‍රමුඛ අවධානය
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය පුළුල් කිරීම හා කර්මාන්ත ක්ෂේත්‍රය නගාසිටුවීම ඉලක්ක කරගනිමින් ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් සහ ව්‍යවසායකයින් පිරිසක් මෙරට ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජන (FDI) සිදු කිරීමට පූර්ණ එකඟතාව පළ කර තිබේ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ගේ ප්‍රධානත්වයෙන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ලයිඩ් නෝර්ත් (Clyde North) හිදී පැවති විශේෂ ආයෝජන සාකච්ඡා වටයකදී මෙම එකඟතාවන්ට එළැඹි බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහභාගී වී සිටියහ.

සාකච්ඡාවට ලක්වූ ප්‍රධාන ආයෝජන ව්‍යාපෘති
මෙම හමුවේදී දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය වන අයුරින් ක්‍රියාත්මක කිරීමට යෝජිත නවීන තාක්ෂණික සහ පරිසර හිතකාමී ව්‍යාපෘති ගණනාවක් පිළිබඳව සවිස්තරාත්මකව අවධානය යොමු විය.
| තිරසාර බලශක්ති සහ හරිත රෙදිපිළි තාක්ෂණය:
මෙරට බලශක්ති පිරිවැය අවම කරගැනීම සඳහා වන පුනර්ජනනීය බලශක්ති විසඳුම් මෙන්ම, ඇඟලුම් ක්ෂේත්‍රයේ තිරසාර ප්‍රතිචක්‍රීකරණ හා පරිසර හිතකාමී තාක්ෂණික ක්‍රියාවලීන් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම.
| මහා පරිමාණ වාණිජ කිරි ගොවිපළ හා පශු සම්පත් සංවර්ධනය:
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නංවා විදේශ විනිමය ඉතිරි කරගැනීමේ අරමුණින්, දෙනුන් 2,000ක ධාරිතාවකින් යුත් වාණිජ කිරි ගොවිපළ ව්‍යාපෘතියක් සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන නවීන පශු සම්පත් අභිජනන වැඩසටහනක් හඳුන්වා දීම.
| ඒකල කාර්මික ජනපදයේ අධිතාක්ෂණික නිෂ්පාදන:
කාර්මික සංවර්ධන මණ්ඩලයට (IDB) අයත් ඒකල කාර්මික ජනපදය කේන්ද්‍ර කරගනිමින්, ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ආශ්‍රිත මහා පරිමාණ ත්‍රිමාණ මුද්‍රණ (3D Printing) තාක්ෂණය සහ කාර්මික උපාංග නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම.
| ජලජීවී වගාව සහ පරිසර හිතකාමී සංචාරක ක්ෂේත්‍රය:
අපනයන ඉලක්ක කරගත් ඒකාබද්ධ ජලජීවී වගා ව්‍යාපෘති, මාරවිල ප්‍රදේශයේ පරිසර හිතකාමී සංචාරක හෝටල් සංකීර්ණ, නවීන ආහාර සැකසුම් කර්මාන්ත මෙන්ම ඕස්ට්‍රේලියාවේ 'FLEXIMAKE' ආයතනය සම්බන්ධ වන විශේෂිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
ආයෝජන හිතකාමී පරිසරය සහ රජයේ සහතිකය

සාකච්ඡා වටයෙන් අනතුරුව සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ විනිවිදභාවයෙන් යුතු, විශ්වාසනීය සහ ආයෝජන හිතකාමී වාතාවරණයක් ගොඩනැගී ඇති බව ජාත්‍යන්තර ආයෝජකයින් වෙත තහවුරු කළ බවයි.
යෝජිත සියලු ව්‍යාපෘති කඩිනමින් සහ විධිමත්ව මෙරට තුළ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන රාජ්‍ය අනුග්‍රහය, නීතිමය පසුබිම හා යටිතල පහසුකම් කඩිනමින් සලසා දීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වීම හරහා මෙරටට සැලකිය යුතු සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ගලා ඒමට නියමිත අතර, නව රැකියා අවස්ථා උත්පාදනය මෙන්ම දේශීය අපනයන ආදායම පුළුල් කරගැනීමට ද මනා පිටිවහලක් ලැබෙනු ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙති.







