leader s

දෙවන කාර්තුවේදී උද්ධමනය 5.9% දක්වා ඉහළ යාමත් සමඟ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය නවත්වා පොලී අනුපාතික ඉහළ නැංවීමට පියවර.


රුපියල අවප්‍රමාණය වීම සහ ජංගම ගිණුමේ හිඟය හමුවේ වුවද මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතය ශක්තිමත් වර්ධන මාවතක.

මෙරට ආර්ථිකය අභියෝගාත්මක බාහිර වටපිටාවක් මධ්‍යයේ වුවද ශක්තිමත් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ දැක්වේ.

මේවසරේ (2026 ) දෙවන කාර්තුව වන විට මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 5.1% ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, එය වසර අවසානයේදී 04% සිට 05% දක්වා පරාසයක පවතිනු ඇතැයි මහබැංකුව පුරෝකථනය කර ඇත.

තෙල් මිල පීඩනය සහ පොලී අනුපාතික ඉහළ දැමීම

මේවසරේ මුල් මාසවල පහළ මට්ටමක පැවති උද්ධමනය, මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමඟ අප්‍රේල් මාසයේ සිට වේගයෙන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව, මහ බැංකුව විසින් නියම කර ඇති 05% ක උද්ධමන ඉලක්කය අභිබවා යමින් 2026 දෙවන කාර්තුවේදී උද්ධමනය 5.9% ක් ලෙස වාර්තා විය.

විශේෂයෙන්ම බලශක්ති සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම මෙයට සෘජුවම බලපා ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

රුපියල අවප්‍රමාණය වීම සහ විදේශ සංචිතවල තත්ත්වය

පවතින උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා මහ බැංකුව විසින් 2026 මැයි මාසයේදී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75% දක්වා ප්‍රතිශතාංක 1කින් ඉහළ නංවන ලදී. උද්ධමන අපේක්ෂාවන් ස්ථාවරව පවත්වා ගැනීම සඳහා 2023 සිට ක්‍රියාත්මක වූ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය මෙසේ අවසන් කිරීමට මහ බැංකුව කටයුතු කර ඇත.

ජූලි මාසයේ පැවති සමාලෝචනයේදී මෙම පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කෙරිණි.

විදේශීය අංශය ද දැඩි අභියෝගයකට මුහුණ දී ඇති අතර, 2026 ජූලි 21 වන විට ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 7.8% කින් අවප්‍රමාණය වී ඇත.

ඉන්ධන සහ වාහන ආනයනය ඉහළ යාම සහ සංචාරක ආදායම් අඩුවීම හේතුවෙන් 2026 මුල් භාගයේදී විදේශීය ජංගම ගිණුම ඩොලර් මිලියන 245 ක හිඟයක් වාර්තා කර ඇත.

විදේශ ණය සේවාකරණය හේතුවෙන් 2026 ජූනි අවසානය වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක් දක්වා මදක් පහළ ගොස් තිබේ .

ඉදිරි ආර්ථික ස්ථාවරත්වය සහ මහ බැංකුවේ සුපරීක්ෂාව

මැදපෙරදිග කලාපයේ භූ දේශපාලනික ආතතීන් දිගටම පැවතුණහොත් ඉදිරි කාලයේදී උද්ධමනය තවදුරටත් ඉහළ යා හැකි බවට මහ බැංකුව අනතුරු අඟවයි . එසේ වුවද, ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ පෞද්ගලික අංශයට ලබාදෙන ණය ප්‍රසාරණය වීම හරහා ආර්ථිකයේ ස්ථාවරත්වය දිගටම පවතිනු ඇතැයි ද මහබැංකුව අපේක්ෂා කරයි.

පවතින අවිනිශ්චිතතා හමුවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩව සුපරීක්ෂාකාරී වන බව මහ බැංකුව පවසයි.

(සටහන | ජේ මුණසිංහ )

වැඩිදුර කියවීම සඳහා සබැඳි

ශ්‍රී ලංකා මහ බැංකුව - නිල වෙබ් අඩවිය (Central Bank of Sri Lanka)

CBSL මුදල් ප්‍රතිපත්ති වාර්තා සහ මාධ්‍ය නිවේදන (Monetary Policy Reports)

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්