leader s

Tilko Blue Ocean Holdings සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) එක්ව යාපනය ඕල්ඩ් පාර්ක් අබියස අතිනවීන මහල් නිවාස ව්‍යාපෘතියක් අරඹයි.


ගෝලීය දෙමළ ඩයස්පෝරාවේ ප්‍රාග්ධනය දේශීය ආර්ථිකයට මුසු කරමින් උතුරේ දේපළ වෙළෙඳපොළට නව ප්‍රමිතියක්.

රටපුරා  විසිරුණු එක හා සමාන සංවර්ධනයක් ඇතිකරලීමේ රජයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා මුලපුරමින් යාපනයේ ආර්ථික සහ නාගරික අංශ  ඉහළට ඔසවන "Yarl Royal Palace", උතුරු පළාතේ උසම සුඛෝපභෝගී නේවාසික සංකීර්ණය ඉදිකිරීමේ ආයෝජන ගිවිසුමට එළඹෙයි.

drygdvsdg

ඒඅනුව යාපනය සහ සමස්ත උතුරු පළාතේ අඛණ්ඩ ආර්ථික හා නාගරික සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයෙන් සුවිශේෂී දායකත්වයක් එක් කරමින් Tilko Blue Ocean Holdings (Pvt) Ltd. සමාගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ නවතම ගිවිසුමකට පසුගිය දා එළැඹිණි .

 ඒ යාපනයේ දැවැන්ත නාගරික පුනරුදයක් ඇති කිරීමට සමත් "Yarl Royal Palace" ව්‍යාපෘතිය ආරම්භ කරමිනි.

මෙම සුවිශේෂී නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3.52 කි.

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඉදිවන උසම නේවාසික ගොඩනැගිලි සංකීර්ණය බවට පත්වීමට නියමිත මෙමඟින් කලාපයේ නාගරික ජීවන රටාව සඳහා සුවිශේෂී නව ප්‍රමිතියක් ස්ථාපිත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම නවීන ගොඩනැගිලි සංකීර්ණය යාපනය නගරයේ ඓතිහාසික ඕල්ඩ් පාර්ක් (පැරණි උද්‍යානය) දෙසට මුහුණලා, අංක 107, නුවර පාර යන සුවිශේෂී ස්ථානයේ පිහිටුවා ඇත.

ඩොලර් මිලියන 3.52ක ආයෝජනය සහ නවීන පහසුකම්

වාස්තු විද්‍යාත්මක සැලසුමකින් සහ නවීනතම පහසුකම් රැසකින් සමන්විත මෙම ව්‍යාපෘතිය සඳහා මහල් 06ක රථවාහන නැවැත්වීමේ පහසුකම් ද, නේවාසික මහල් 13ක් සහ සුඛෝපභෝගී නේවාසික ඒකක 78ක් ද ඇතුළත් වේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ඇති කරගත් මෙම ගිවිසුම, උතුරු පළාත සතු ආර්ථික විභවය පිළිබඳ Tilko Blue Ocean Holdings සමාගම තබා ඇති දිගුකාලීන විශ්වාසය මනාව පිළිඹිබු කරන්නකි.

"Yarl Royal Palace" යනු හුදෙක් නේවාසික ව්‍යාපෘතියක් පමණක් නොවන අතර, එය කලාපයේ අනාගත ආර්ථික ව්‍යාප්තිය සහ පෞද්ගලික අංශයේ වර්ධනය උදෙසා සිදුකරන වැදගත් ආයෝජනයකි. මෙම මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය තුළින් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, වෘත්තීය උපදේශන, ගොඩනැගිලි ද්‍රව්‍ය, ප්‍රවාහනය සහ සැපයුම්, මූල්‍ය සේවා මෙන්ම දේපළ කළමනාකරණය ඇතුළු අනුබද්ධ සහායක ව්‍යාපාර රැසක් සක්‍රීය වන පුළුල් ආර්ථික පරිසර පද්ධතියක් නිර්මාණය වේ.

මීට අමතරව, රැකියා අවස්ථා බිහි කිරීමට සහ යාපනය දිගුකාලීන පෞද්ගලික ප්‍රාග්ධන ආයෝජන සඳහා ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට ද මෙය මඟ පාදයි.

උතුරේ ආර්ථික පිබිදුම සහ ගෝලීය ඩයස්පෝරා සබඳතාව

යාපනය සතුව පවතින ව්‍යවසායකත්වයෙන් පිරි ජන ප්‍රජාව, උසස් අධ්‍යාපනික පසුබිම, දිනෙන් දින වැඩිදියුණු වන යටිතල පහසුකම් සහ වටිනා නාගරික ඉඩම් තිරසාර පෞද්ගලික ආයෝජන සඳහා ප්‍රබල පදනමක් සපයයි. විශේෂයෙන්ම, එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ජර්මනිය ඇතුළු රටවල් රැසක සාර්ථකව පදිංචි වී සිටින ගෝලීය දෙමළ ඩයස්පෝරාව සමඟ පවතින ශක්තිමත් සබඳතාව උතුරු පළාතේ ප්‍රධානතම ආර්ථික ශක්තියකි.

"Yarl Royal Palace" ව්‍යාපෘතිය මඟින් මෙම විදේශගත පවුල්වලට, වෘත්තිකයන්ට සහ ආයෝජකයන්ට යාපනයේ වර්ධනය වන දේපළ වෙළෙඳපොළ සමඟ සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ.

ඒ අනුව, තම දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් යාපනය නගරයේ නවීන ආරක්ෂිත නිවසක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නන්ට, මව්බිම සමඟ සම්බන්ධතා පවත්වමින් නැවත පැමිණීමට බලාපොරොත්තු වන විදේශගත වෘත්තිකයන්ට, කලාපයේ වඩාත්ම අභිලාෂකාමී නේවාසික ව්‍යාපෘතියක හිමිකාරිත්වය අපේක්ෂා කරන දිගුකාලීන ආයෝජකයන්ට මෙය කදිම අවස්ථාවක් වන අතර, එමඟින් ගෝලීය ප්‍රාග්ධනය සහ දේශීය අවස්ථා අතර අර්ථවත් පාලමක් ගොඩනැගේ.

මෙතෙක් කලක් මෙවැනි මහා පරිමාණ නේවාසික ව්‍යාපෘති කොළඹ සහ තදාසන්න නාගරික ප්‍රදේශවලට පමණක් සීමා වී තිබුණ ද, යාපනයේ මෙවැනි සංවර්ධනයක් ඇරඹීමෙන් පෙන්නුම් කරන්නේ සම්ප්‍රදායික වෙළෙඳපොළෙන් ඔබ්බට ගිය ආයෝජන විභවයක් උතුරේ පවතින බවයි. නගරයේ සුවිශේෂී අනන්‍යතාව සහ සංස්කෘතික ස්වභාවය සුරකිමින් නවීන ප්‍රමිතීන්ට අනුව කටයුතු කළ හැකි බව මෙයින් සනාථ වේ.

කොළඹින් ඔබ්බට ගිය කලාපීය නාගරික සංවර්ධනය

යාපනයේ අනන්‍යතාවය අධ්‍යාපනය, ව්‍යවසායකත්වය, සංස්කෘතිය සහ සුවිශේෂී උරුමය මත ගොඩනැඟී ඇත. ඓතිහාසික ඕල්ඩ් පාර්ක් උද්‍යානයට මුහුණලා ඉදිවන මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය අතීත උරුමයත් නූතන සංවර්ධනයත් මනාව මුසු කරමින් යාපනය නගරයට නව ගාම්භීරත්වයක් එක් කරනු ඇත.

තිරසාර කලාපීය සංවර්ධනය උදෙසා රාජ්‍ය ආයතන, වෘත්තිකයන් සහ ප්‍රජාවන් අතර පවතින සහයෝගීතාව අත්‍යවශ්‍ය සාධකයක් වන අතර, මේ සඳහා සහයෝගය දුන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු සියලුම පාර්ශවකරුවන්ට Tilko Blue Ocean Holdings (Pvt) Ltd. සමාගම සිය කෘතඥතාව පළ කරයි. යාපනය නගරයේ අනන්‍යතාව රැකගනිමින්, එය ආයෝජන ආකර්ෂණය කරගන්නා සහ නව ආර්ථික අවස්ථා උදාකරන නවීන කලාපීය මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට සමාගම අඛණ්ඩව කැපවී සිටී.

(සටහන | ජේ. මුණසිංහ)

  

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්