The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

කාන්තාව, ජාතක කතා සහ බුදුන් වහන්සේ 05 : ගහපති ජාතකය

T

The Leader Desk

July 30, 2023 • 6:24 AM

කාන්තාව, ජාතක කතා සහ බුදුන් වහන්සේ 05 : ගහපති ජාතකය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විමසුමට ඌනපූරණයක් ලෙස ලියන ‘‘කාන්තාව, ජාතක කතා සහ බුදුන් වහන්සේ’’ මැයෙන් වූ ලිපි පෙළහි පස්වන ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ 198වන ජාතක කතාව වන ‘‘ගෘහපති (ගහපති) ජාතකය’’ පිළිබඳව ය.
  • ජාතක කතා‍වේ සඳහන් වන පරිදි බුදුන් වහන්සේ මෙම කතාව වදාරා ඇත්තේ එක්තරා උකටලී (අපේක්ෂා භංගත්වයට පත්) භික්ෂුවක් වෙත ය.
  • කතා සාරාංශය බෝධිසත්වයෝ සමයක පිටිසර ගම්මානයක ගොවියකු ලෙස ජීවත් වී ඇත.
  • එකල ගමෙහි විසූ ගම්පතියා බෝධිසත්වයන්ගේ බිරිඳ කෙරෙහි ආසක්ත භාවයකින් පසු වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

විමසුමට ඌනපූරණයක් ලෙස ලියන ‘‘කාන්තාව, ජාතක කතා සහ බුදුන් වහන්සේ’’ මැයෙන් වූ ලිපි පෙළහි පස්වන ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ 198වන ජාතක කතාව වන ‘‘ගෘහපති (ගහපති) ජාතකය’’ පිළිබඳව ය.

කාන්තාව, ජාතක කතා සහ බුදුන් වහන්සේ 02 : රාධ ජාතකය - (ජයසිරි අලවත්ත)
ජාතක කතා‍වේ සඳහන් වන පරිදි බුදුන් වහන්සේ මෙම කතාව වදාරා ඇත්තේ එක්තරා උකටලී (අපේක්ෂා භංගත්වයට පත්) භික්ෂුවක් වෙත ය.

කතා සාරාංශය

බෝධිසත්වයෝ සමයක පිටිසර ගම්මානයක ගොවියකු ලෙස ජීවත් වී ඇත. එකල ගමෙහි විසූ ගම්පතියා බෝධිසත්වයන්ගේ බිරිඳ කෙරෙහි ආසක්ත භාවයකින් පසු වී ඇත. ජාතක කතාකරුවාට අනුව බෝධිසත්වයෝ ද අදාළ කාරණය දැන සිට ඇත. එමෙන් ම බෝධිසත්වයෝ මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිට ඇත. මේ අතර කුඹුරු වපුරන කාලය එළඹ ඇත. කුඹුරු වැපිරූ පසු එගම සියලු ගොවීහු ඊළග වාරයේ අස්වනු නෙළාගන්නා තෙක් සිය කුසගිනි නිවාගෙන ඇත්තේ කටුසර (මෙනේරි, තණ හාල්, උදු, මුං, කුරහන් යනාදි ධාන්‍ය වර්ග) ආහාරයට ගැනීමෙනි. මඳ කාලයකින් ගොයම පීදීගෙන එන විට ගම්මු එකතු වී ගම්පතියා වෙත ගොස් නුදුරු දිනක දි ගොයම් කපා බැත පාගාගත් පසු වී ලබා දෙන පොරොන්දුව මත ගම්පතියා සතුව සිටි මහලු ගවයකු මරා මස් අනුභව කර ඇත.

main qimg 1b73343a0f5fc9e17e5136de92f17329 lq

ජාතක කතාවෙහි සඳහන් වන පරිදි එසේ ගවයාගේ මස් ආහාරයට ගෙන ටික දිනක් පසු වූ විට බෝධිසත්වයන් නිවසෙහි නොමැති ඇසිල්ලක් බලා ගම්පතියා එම නිවසට පැමිණ බෝධිසත්වයන්ගේ බිරිඳ සමග පෙම් පිළිසඳරෙහි (ගම්පතියා සමග බෝධිසත්ව බිරිඳ සම්භෝගයේ යෙදුණ බවක් ජාතක කතාවේ සඳහන් නොවේ) යෙදී ඇත. ඒ මොහොතේ බෝධිසත්වයන් නිවසට පැමිණ ඇත.

දෙනොගේ පෙම් සබඳතාව හෙළිවෙතැයි බිය වූ බෝධිසත්වයන්ගේ බිරිඳ ස්ථානෝචිත ප්‍රඥාව භාවිත කර සාලයේ සිට වී ඉල්ලන්නැයි ගම්පතියාට පවසා ඇත. එවිට බෝධිසත්ව බිරිඳ අටුව පිරික්සමින් වී නැතැයි පවසා ඇත. නමුදු එය තමා රැවටීම සඳහා යොදූ උපායක් බව දැනගත් බෝධිසත්වයන් ගම්පතියාගෙන් විමසා ඇත්තේ දෙමසකට පසු වී දෙන බවට පොරොන්දු වී තිබිය දී දෙපෝයක් ද ඉක්ම යන්නට මත්තෙන් පැමිණියේ මන්ද යන්න ය.

එතැනින් නොනැවතුණ බෝධිසත්වයෝ ගම්පතියාට තව තවත් බැණ වැදී, ඔහුට පහර දී ඇත. අනතුරුව සිය බිරිඳට ද බැණ වැදී, පහර දී ඇත.

ජාතක කතාකරුවා අදාළ සිද්ධිය වාර්තා කරන්නේ මෙසේ ය.

‘‘ඇයි ගම්පතිය, තොප ගම්පතිකම් කරමි යි කියා අනුන්ගේ භාර්යාවන් හා ආදර කතා කරන්නට කාරනා කවරේදැයි ඉසකේ පත අල්වා හෙළා වැරයේ ගුටි බැට ඇන පිටිකර තළා බොටුව අල්ලා දමා පීය. ඒ ස්ත්‍රිය ද අටුවෙන් බස්සවාගෙන ඇගේ ඉසකේ පත අල්ලා බිම හෙළාගෙන ගුටි බැට ඇන තළා පෙළා මින් මත්තේ මෙසේ වූ වරදක් නොකරවයි කියා භය ගැන්වූහ.’’

කාන්තාව පිළිබද බුදුන් වහන්සේගේ ආකල්පය

 74035710 ajanta mural

ජාතක කතාකරුවා පවසන පරිදි බුදුන් වනහන්සේ අදාළ භික්ෂුව වෙත මෙම කතාව දෙසා වදාරන්නට පළමුව මෙසේ වදාරා ඇත.

‘‘මහණ..., ස්ත්‍රින් කෙරෙහි පිළිබඳ සිත් ඇති කර ගැනීම යහපත් නොවෙයි. තා පෙරත් ස්ත්‍රීන් කෙරෙහි සිත් ඇති කොට ගෙන දුක් වූයේ වේද...?’’

මෙම ජාතක කතාව කෙරෙහි අවධානය යොමු කිරීමේ දී දක්නට ලැබෙන විශේෂතා කිහිපයකි. එයින් පළමු වැන්න නම් බුදුන් ධරමාන යුගයේ ද ස්ත්‍රීන් කෙරෙහි ලොල් වූ භික්ෂුහු වැඩවාසය කර ඇති බවයි.

දෙවන කාරණය නම් බුදුන් වහන්සේ වුව ද අදාළ භික්ෂූන්ගේ වරදක් නොදකින අතර ස්ත්‍රීන් කෙරෙහි ම වරද පටවා ඇති බවයි. එමතු නොව ස්ත්‍රීන් පිළිබඳ ද්වේශ සහගත ප්‍රකාශ වදාරා ඇති බවයි. මන්ද රහත් ඵලයට නොපැමිණි භික්ෂුවක් පංචකාමයට රුචිකත්වයක් දක්වන බව දැන දැන ම බුදුන් වහන්සේ සිය දෝෂාරෝපණය එල්ල කර ඇත්තේ කාන්තාව වෙත පමණ ම ය.

බෝධිසත්වයන්ගේ නුගුණත්වය
 
ajanta cave murals thumbnail
 
බෝධිසත්වයෝ වුව ද පෙරුම් පුරණ සමයේ විවිධාකාරයේ වැරැදි ක්‍රියාවල නිරතව සිටි බවට ජාතක කතා පොත සාක්ෂි දරයි. මේ සම්බන්ධයෙන් වූ ලිපියක් ‘‘ගුණෝපේත බෝසත්වරු මෙන් ම නිර්ගුණ බෝසත්වරුද විසු වගයි’’ යන මැයෙන් 2021/04/10වන දින මෙම වෙබ් අඩවියේ ම පළ විය.

ජාතක කතාකරුවාගේ ඉදිරිපත් කිරීම අනුව ගහපති ජාතකය ද ඊට සාක්ෂි දරයි. ඒ, බෝධිසත්වයෝ සිය බිරිඳ කෙරෙහි කෝපාවිෂ්ටව ඇයට පහර දෙන ආකාරය විස්තර කර ඇති ආකාරයෙනි.

තව ද මෙම ජාතක කතාවට අනුව කාන්තාවන් සහ පුරුෂයන් අතර ‘‘අනියම්’’ යැයි හැඳින්වෙන ආදර හෝ ලිංගික සබඳතා මිනිස් ඉතිහාසය ආරම්භයේ සිටම පැවතෙන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. එමෙන් ම පෙර සඳහන් කළ පරිදි බුදුන් ධරමාන යුගයේ, උන්වහන්සේතේ යටතේ විසූ ඇතැම් භික්ෂූන් පවා කාන්තා ඇසුරට ලොල් බවක් දක්වා ඇත.
 
කල්ප ගණනකට ඉහත දී පවා බෝධිසත්වයෝ ඒ ආකාරයෙන් සිය බිරිඳට සහ ගම්පතියාට පහර දෙන්නේ ඔහු තුළ ද මමත්වය පැවති බැවිනි. තවත් සරලව ම පවසන්නේ නම් ‘‘මගේ ය’’ හෝ ‘‘මගේ ම ය’’ යන ආකල්පය බෝධිසත්වයන් තුළ පවා පැවති බැවිනි. එසේ නොවූයේ නම් ගම්පතියාට සහ සිය බිරිඳට රිස්සක් කරගන්නට ඉඩ හැර නිහඬ ව්‍රතය රකින්නට තිබිණ. බෝධිසත්වයන්ගේ චරිතය ගැඹුරින් හදාරන්නේ නම් එහි ධනාත්මක අවස්ථා මෙන් ම ඍණාත්මක අවස්ථා ද බහුලව පැවති බව අවබෝධ කරගත හැකි ය.
චෝදනාවට පෙර විමර්ශනය
 
කාන්තාව, ජාතක කතා සහ බුදුන් වහන්සේ - (ජයසිරි අලවත්ත)
සාහාත්‍ය විචාරක ප්‍රජාව මේ අදහස් සියලු අදහස් මතු කරන්නේ ඔවුන්ගේ හිතළු ලෙස නොව ජාතක කතාවේ සඳහන් කරුණුවලට සාපේක්ෂව ය. එබැවින් මේ සම්බන්ධයෙන් කිසිවකු විචාරක ප්‍රජාව සමග උරණ නොවිය යුතු ය. ඒ වෙනුවට අප කළ යුත්තේ සමස්ත ජාතක කතා සංග්‍රහය ම යළි විමර්ශනයට ලක් කිරීම ය. එසේ විමර්ශනයට ලක් කර එහි පවතින සාධනීය සහ නිෂේධනීය කරුණු පිළිබද සමාජය දැනුවත් කිරීම ය. මන්ද අනාගත පරපුර මීටත් වඩා විවේචනාත්මක ස්වරූපයෙන් ජාතක කතා සංග්‍රහය මතු නොව සියලු ආගම්, ආගමේ නාමයෙන් සිදු කරන නොපනත්කම් ප්‍රශ්න කිරීමට ඉඩකඩ පවතින බැවිනි. ඊට සාධාරණ පිළිතුරු සපයනවා වෙනුවට අදාළ ප්‍රශ්න කරන්නා දණ්ඩනයට ලක් කරන්නට පමණක් පෙලඹෙන්නේ නම් සියලු ආගම් පිළිබඳ අනාගත මිනිස් ජීවින් කුමනාකාරයේ තීරණවලට එළඹේ ද යන්න බරපතළ ගැටලුවකි.


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
 

2023/07/30 


ලේඛකයාගේ සබැඳි ලිපි :

කාන්තාව, ජාතක කතා සහ බුදුන් වහන්සේ 04 : කාක ජාතකය - (ජයසිරි අලවත්ත)

කාන්තාව, ජාතක කතා සහ බුදුන් වහන්සේ 03 : චුල්ලපදුම ජාතකය

කාන්තාව, ජාතක කතා සහ බුදුන් වහන්සේ 02 : රාධ ජාතකය - (ජයසිරි අලවත්ත)

කාන්තාව, ජාතක කතා සහ බුදුන් වහන්සේ - (ජයසිරි අලවත්ත)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...