leader s

යුක්රේනයේ මිනිස්සුත් ඉක්මනින්ම සෙලෙන්ස්කිට "සර් ෆේල්" කියල කියාවි කියල 'රටේ රාළ' කියනවා.

එත් රටේ රාල වැරදියි. "සර් ෆේල්" කියල යුක්‍රේනයේ මිනිස්සු තාමත් කියන්නේ නෑ. එයාලට සෙලෙන්ස්කි තාමත් වීරයෙක්.

නේටෝවට එකතුවෙන්න කියල සෙලෙන්ස්කිට බලකරන්නේ යුක්‍රේනයේ මිනිස්සු.

යුක්රේනයේ මිනිස්සු 2014 දී ජනමත විචාරණයකදී ඡන්දේ දුන්නේ නේටෝවට යන්නම ඕනේ කියල. ඒ මතය තාමත් වෙනස් වෙලා නෑ. නමුත් ඒක බුද්ධිමත් තීන්දුවක් කියල මම හිතන්නේ නෑ. 
 
 
 
"ජනතාව හාමතේ තබා යටත් කරගැනීමේ උත්සාහයක්"
 
 

සිකුරාදා රුසියානු හමුදාවේ ප්‍රහාරයකට ලක්වුණ ද්නිප්‍රෝ නගරයේ ඉන්න මා මිත්‍ර සිසිර විජේසේකර කියන්නේ යුක්රේනවාසීන් කොහෙත්තම ආක්‍රමණිකයාට යටත් වෙන්න සූදානම් නෑ කියල.

ඒ වගේම යුද්ධයේ අමානුෂික ස්වභාවය සිසිර හොඳින් විස්තර කරනවා.

සිසිර විජේසේකර, යුද ගිනි දැල් මැද තවදුරටත් යුක්රේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනාගෙන් කෙනෙක්.  

වීඩියෝව බලල ඔබේ අදහසත් කියන්න.

(සරෝජ් පතිරණ - 'සරෝජ් සමග සංදේශය' නාලිකාව වෙනුවෙන්)

 
 


  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්