leader s

ගාලුමුවදොර අරගලය කරගෙන යන අතරතුර ජනාධිපති කාර්යාලයේ උඩුමහලේ

කාමරයක ස්වයං වින්දනයේ යෙදෙන පුද්ගලයෙකුගේ වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වෙනවා.

ඒ එහි රාත්‍රී සේවයේ නියුතු කෙනෙක් වීමට වැඩි ඉඩකඩක් තියෙනවා.

රාත්‍රී කාලවල සේවා මුරයන්හිදී නිදිවර්ජිත වෙහෙස සමග කෙනෙක් ස්වයං වින්දනයේ යෙදීම කිසිසේත්ම අස්වාභාවික සිදුවීමක් නෙමෙයි.

ඒ වගේම කාර්යාලයේ වැසිකිලියක හෝ කිසිවෙකුට නොපෙනෙන ප්‍රදේශයක ස්වයං වින්දනයේ යෙදීම වරදක්ද නොවේ.

නමුත් ගෝටාගෝ යනුවෙන් පිටත දිව රෑ දහසක් දෙනා මොරදෙන අරගලයකදි ගෝටාගේ කාර්යාලයේ සිට කෙනෙක් ස්වයං වින්දනයේ යෙදීම යම් සංකේතාත්මක අර්ථයක් දනවනවා. එක පැත්තකින් ඒක හරියටම මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ තත්වය නිරූපනය කිරීමක් වගෙයි.  ‘උඹලා කොච්චර කෑ ගැහුවත් මං යන්නෙ නෑ’ යැයි ගෝටාගේ ප්‍රකාශ කිරීම හරියටම මේ රූපය මත තබා කියවාගන්න පුළුවන්.

 


එමෙන්ම අරගලය නිසා ඇති පීඩනය සමග තවත් වෙහෙසවී වැඩකරන්නට සිදුව ඇති, එනිසාම තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරාගනු පිණිසවත් නිවෙස් කරා යාමට විවේකයක් අහිමි, දුෂ්කර රැකියාවක යෙදෙන ආරක්ෂක අංශයේ කෙනෙකුගේ වේදනාව කියාපාන වීඩියෝවක් ලෙසින්ද මෙය කියවිය හැකියි.

එයද තවත් ආකාරයකින් ගෝටා ගෝ හෝම් යැයි නිහඬව කරන හුදකලා මුරගෑමකි.

ඒ කෙසේවුවත් පුරා විද්‍යා වටිනාකමකින් යුතු යැයි ඇතැමුන් ප්‍රකාශ කරන, ජනාධිපති කාර්යාලයේ ජනේලයකින් දකින ස්වයං වින්දනයේ යෙදෙන වීඩියෝවක් නිසැකවම එහි පුද්ගල අර්ථයන්ගෙන් මිදී සංකේතීය, විරෝධතා අර්ථයක් ගැනීම වැලැක්විය නොහැකිය.


Chinthana D(චින්තන ධර්මදාස)
අධ්‍යක්ෂ facultyofsex
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

  

 
 

Leader Whats app

 

 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්