ඕනෑම ආණ්ඩුවක් වියදම් පියවා ගැනීමට බදු අය කළ යුතුයි. නමුත් ඒ වියදම්, අනවශ්‍ය වියදම් නොවිය යුතුයි. මේ රටේ ඕනෑ තරම් අනවශ්‍ය, විනාශකාරී වියදම් තියෙනවා. ඒවා වහා කපා හැරලා සාධාරණ බදු තීන්දු කිරීම
ආණ්ඩුවේ වගකීමක්.
ඒ නිසා ජනතාව ආණ්ඩුවට බල කළ යුත්තේ,
1. මන්ත්‍රී දීමනා වැටුපට සහ ඉන්ධන දීමනාවට සීමා කරන්න.
2. ආරක්ෂක වියදම් යුද්ධය අවසන් කළ 2009 වසර වියදමට අනුව, රුපියල අවප්‍රමාණයවීම සළකා රු.බිලියන 200 ට අඩු කරන්න.
3. වෛද්‍ය වෘත්තිකයින්ට මාසිකව ගෙවන කිසිදු අර්ථයක් නැති රු.50,000 ක ඩැට් (DAT) දීමනාව කපා හැර, අතිකාල ගෙවීම් සඳහා සේවයට පැමිණිමේ අත්සන් පොතක් තබන්න (වෛද්‍යවරුන් දේශප්‍රේමීන් නිසා ඊට විරුද්ධ වන එකක් නැහැ)
4. ප්‍රාදේශීය, නගර හා මහ නගර සභා නියෝජනය සියයට 60 කින් අඩු කරන්න.
ඒ සමග,
01. පෞද්ගලික බදු අය කිරීමේ අවම සීමාව මාසික ආදායම රු.ලක්ෂ 2 ක් කරන්න
02. අත්‍යාවශ්‍ය ආහාර සඳහා බලපාන VAT ඇතුලු සියලු වක්‍ර බදු ඉවත් කරන්න
බල කළ යුතුයි.
මේවා වහා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට බල කිරීමේ අයිතිය ජනතාවට තියෙන අයිතියක්. ඒ සඳහා තමන්ගේ ප්‍රදේශයේ මන්ත්‍රීගෙන්ද ඉල්ලීම් කරන්න.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න