අලුත් ලෝකේ අලුත් විදියට පැලවෙන්න....


පටන් ගන්නම හිතුවා මේ වගේ කතාවකින්. රිෂී සුනක් බ්‍රිතාන්‍යයේ අගමැති වෙලා . ඇත්තටම දේශපාලන කුණාටු ගණනාවක් එක්ක තමයි රිෂී මෙතනට එන්නේ.

දැන් ඒ කුණාටු අතරේ තියෙනවා රැජිණගේ අවමංගල්‍යය. ඒ කියන්නේ අපෙත් රැජින වෙච්ච, බ්‍රිතාන්‍ය මහ මහරැජින මිය ගිහිල්ලා. ඊට පස්සෙ හිටපු අගමැති බොරිස් බලයෙන් පහවෙලා රුසීව බලයට ඇවිල්ලා, දැන් ඊට පස්සෙ තව දුරටත් බලය අල්ලගෙන ඉන්න බැරි වෙනවා ඒ බැරි වෙන තැන තමයි අවසානයේ අත්හදාබැලීමක් හැටියට වගේ තමයි  Toryල  (Conservative Party) උත්සාහ කරන්නේ රිෂීව.

අද උදේ මට ඇහුනේ රිෂී සුනක් අගමැති වෙලා කියලා. මට හිතුන දෙයක් තමයි මීට අවුරුදු 40කට විතර කලින්,  ඉතාම ප්‍රසිද්ධ පශ්චාත්  යටත්විජිත ලේඛකයෙක් වෙච්ච, ගොඩක් අය ලංකාවේ විශ්ව විද්‍යාල වල නම් කියපු ගමන් දන්නවා. නමුත් ලංකාවේ ෆිල්ම්ස් study කරන අය නම් එච්චරම කිව්වට දන්නෙ නැති වගේ ලේඛකයෙක්. නමුත් මේ ගැන සඳහන් කරලා තියෙනවා හනිෂ් කුරේෂි කියලා. හනිෂ් කුරේෂි ගැන බලාගන්න ඕනෙනම් අල් ජසීරා එකේ වැඩසටහන් කීපයක් ගිහිල්ලා තිබුණා. ඒකත් බලන්න..

ඉතින් එයා එයාගේ 1984 චිත්‍රපටියක්, ඒක බොහොම ප්‍රසිද්ධ චිත්‍රපටියක්. ඒ චිත්‍රපටියේ නම My Beautiful Launderette,  ඉතින් අද බලන්න කොච්චර කාලයක් ගිහිල්ලා ද කියලා ඒ දවසේ ඉඳන් අවුරුදු හතලිහක් විතර. අවුරුදු 40 කට පස්සෙත් එයා ඒ චිත්‍රපටයේ එක තැනක පපාගේ චරිතයට පණ පොවනවා. ඒ චරිතයට පණ පොවලා එයා ඒ චරිතය ඔස්සේ එකතැනක කියවනවා, ''ඇත්තටම මේ වැඩකරන පංතිය කියන්නේ කිසි දෙයක් හිතන්නේ නැති ගොබ්බයෝ පිරිසක්. මොකක් හරි පොඩි දෙයක එල්ලිලා යන්තම් ජීවත් වෙන්න විතරයි බලන්නේ ලොකු බලාපොරොත්තු එයාලට නැහැ. හරියට මේ රට ඇතුලේ ඉගෙන ගනිල්ලා. අධ්‍යපනය ලබපල්ලා. ඒ අධ්‍යාපනය විසින් උඹලා ඉහල තැනකට අරන් යයි'' කියල. ඇත්තටම විශ්වාස කරන දෙයක් ඒක. ඒක එයාගේ  අනෙකුත් රූපවාහිනි චැනල් ඔස්සේ කරපු සාකච්ඡාවලදීත් සහ හැමතැනම කියල තියෙන දෙයක් අපේ අයටත් ගොඩක් ඉගෙන ගන්න එකේ දේවල් තියෙනවා ඒක නිසා තමයි මේක ඉක්මනට සමාජගත කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුවේ.

 
ඒකෙදි කියන දෙයක් තමයි ඉතාම පොඩි තැනකින් පටන් ගත්ත කෙනෙකුට වුණත් ඇමරිකාවේ නෙවෙයි බ්‍රිතාන්‍යයේ පුළුවන් කියලා ලෝකෙ ඉහලම තැනට යන්න, ඒ රටේ ඉහළම තැනට ගමන් කරන්න, ඇත්තටම ගත්තොත් පරම්පරා දෙකකට පිටිපස්සට ගමන් කරොත් රිෂී සුනක් එයාගේ තාත්තත් එක්ක biography එක බැලුවොත් එහෙම දැනගන්න පුලුවන් කිසිම දෙයක් අතේ නැතුව හිස් අතින් එංගලන්තයට යන්නේ.


    ලංකාවේ තරුණ පරම්පරාවට අද ඉන්න මේ දැන් මේ රට අත ඇරලා යන තරුණ පරම්පරාවටත් මම කියන්නේ, කොහේ ගියත් මෙහෙ හිටියත් එහේ හිටියත් මේක හොඳ පාඩමක්. මම කියන්නේ  බැරක් ඔබාමා ගැන කියනකොට ලංකාවේ වාමාංශිකයෝ කුලප්පු වෙනව වගේම, රිෂී සුනක් කියන දක්ෂිණාංශික දේශපාලනඥයා ගැන කතා කරනකොටත් ලංකාවේ වම කියලා හිතන අය නැට්ට උස්ස ගනී. නමුත් ප්‍රශ්නය තියෙන්නේ අපි ඒකෙන් ඉගෙන ගන්න ඕනේ බැරක් ඔබාමා සිද්ධියේදීත් මේකමයි පාඩම. 

මොකක්ද පාඩම බැරක් ඔබාමා එන්නේ ඉතාම පොඩි තැනකින්. නමුත් එයාට සිහිනයක් තිබුණා. මොකක්ද ඒ සිහිනය. මට මෙන්න මේ පුද්ගලයා බවට පත් වෙන්න ඕන. මට දක්ෂ ලෝයර් කෙනෙක් බවට පත්වෙන්න ඕන. ඉතින් එයා ලෝයර් කෙනෙක් බවට, බැරිස්ටර් කෙනෙක් බවට පත්වුනා විතරක් නෙවෙයි, ඔහු ඇමරිකාවේ මුල් පුටුවටම ගමන් කලා. ඔහු දෙවරක් ඇමරිකාවේ ජනාධිපති වුණා සහ ලෝකයේ ඉතාම ජනප්‍රිය දේශපාලනඥයෙක් වුනා.

ඒ කියන්නේ ඇෆ්ගනිස්තානයට ගැහුවේ කොහොමද ඒකෙ සදාචාරයක් තියෙනවද කියලා බලාගෙන ඉන්න අය අහන්න පුළුවන් එයට එකඟ වෙමින් මම කියන්නේ එයාගෙ රට වෙනුවෙන් එයාගෙ වගකීම ඉෂ්ට කරද්දි වෙනත් ප්‍රශ්න ටිකක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඔහු ඉතාම ජනප්‍රිය දේශපාලනඥයෙක්. ඒ ඇත්ත අපට පිළිගන්න වෙනවා.

අපි එකෙන් ඉගෙනගන්න ඕන වගේම රිෂී ඒ තත්ත්වයට යයි ද කියන්න මම දන්නෙ නැහැ මේ දේශපාලන කුණාටුව ඇතුලේ. නමුත් ලස්සනම දේ තමයි ඔබට සිහිනයක් තිබෙනවා නම් සහ ඔබට ඒ සිහිනය වෙනුවෙන් කැපවෙන්න ඇත්තටම ආසාවක් තිබෙනවා නම්, සිහිනයක් තිබුනට විතරක් බැහැ, ඒ සිහිනයට ආශා කරන්න. ඕනේ දැන් රිෂී ගත්තම හිස් අතින් යන දෙමව්පියොත් එක්ක migrant ලා විදිහට  තුන්වෙනි ලෝකෙ රටකින් තමයි දියුණු ලෝකයට යන්නේ . දියුණු කියන තැන වෙනත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් එතනට යන්නේ, එතනට ගිහිල්ලා නිකන් ඉන්නේ නැහැ අර මාඕ කියනවා වගේ බ්‍රිතාන්‍යයෙකුට වඩා බ්‍රිතාන්‍ය වන්නේ කොහොමද?  

ඒ ගැන මහේෂ් හපුගොඩ කියන සම්පුර්ණ කතාව මෙතනින් බලන්න 

 

(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Mahesh Hapugoda 1 1

 

 

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්