යමක් විනාශ කල හැකි හොදම ක්‍රමය එයට අභියෝග කිරීම නොව තමන්ගේ විරුද්ධභාවය තබාගෙනම

ඒ තුල දියවී යාමයි. වෛරසයක් මිනිස් ශරීරය තුල පැතිරෙන්නේ සෛල තුලට ඇතුල් වී අදාල සෛලය නැවත ගොඩනැංවීමෙනි.

ආදර්ශා කරදන හා තවත් ඇමතිවරයෙකුගේ දුරකථන කතාබහක් එලියට ඇවිත් තිබේ. නැවතත් කිව යුත්තේ ඇගේ ලිංගික ජීවිතය පිළිබඳව අපිට ගැටලුවක් නොමැති බවයි. එසේ වුවද ඇය ඒ සදහා භාවිතා කරන “ස්ත්‍රීත්වය” නැමැති සමාජයේ පොදු කුලකය කෙලෙසීම අතිශයින්ම අප්‍රසන්න ය.



ගැටලුව වන්නේ මෙම දුරකථන සංවාද පටිගත කිරීම හා ඒවා මෙසේ එලිදැක්වීම හරහා දේශපාලනය තුල ඇතිවන තත්ත්වයයි. ඒ පිළිබඳව අවබෝධයක් කිසිවෙකුට ඇති බවක්ද නොපෙනේ. දේශපාලනය යනු මනුෂ්‍ය සම්බන්ධතා නව ආකාරයකින් ව්‍යුහගත කිරීමකි. කිසිදු දේශපාලඥයෙකුට තෝරා, බේරා පුද්ගල සම්බන්ධතා නඩත්තු කල හැකි යැයි අපි නොසිතමු. එසේම ලිංගික සබඳතා ක්ෂ්‍රේත්‍රයද ඇතුල් වන්නේ මේ මානූෂීය ලෝකයට ය. එවැනි පුද්ගල සබඳතා මානූෂීයව බාරගත නොහැකි සමාජයක් ඇතිවීමත්, එසේ බාරනොගැනීම නිසාම ඒවා ගුප්තකරණය වීමත්, ඒවාම බ්ලැක්මේල් කිරීමට යොදවා ගැනීමත් හරහා අපි ජීවත් වෙන්නේ කොතරම් ජරාජීර්ණ හා ගෝත්‍රික සමාජයකදැයි කල්පනා කිරීම ඔබට භාරය.



අනිත් පසින් මෙකී ස්ත්‍රීත්වය,කොල්ලකෑම සදහා භාවිතා කිරීමත් එයම තවත් ස්ත්‍රියක් වන හිරුනිකා විසින්ම සමාජය වෙත මුදාහැරීමත් හරහා ස්ත්‍රිත්‍වය යනු ලිංගිකකරණය වූ කේවල් කිරීමේ උපකරණයක් බවට ඌනනය වී ඇත.

ආදර්ශා කරදන විසින් ස්ත්‍රිත්වයේ අවසාන හංස ගීතය ගයමින් ඇත.

මෙවලමක් බවට ඌනනය වූ යමක මානූෂීය දෙයක් නැත. දැනටමත් ලිංගික කාර්‍යය සදහා සිලිකන් බෝනික්කන් වෙලදපලට ඇවිත් තිබේ. අනාගතයේ ස්ත්‍රිත්වය යනු ස්ත්‍රිය විසින්ම අවසන් කරනු ලැබූවක් වූ විට ආපසු හැරීමක් නොමැති වීමටද ඉඩ තිබේ.


(carbonnews.lk)

 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්