leader s

සේපාල් අමරසිංහ අපට පෙනෙනේ ආවේගකාරී හා ක්ෂණික ප්‍රචාරණයේ යෙදෙන නිදහස් මාධ්‍යකරුවෙක් හැටියටයි. ඔහු දැන සිටියත් පුත්ගලිකව ඇසුරු නොකළත් ලියූ දේ අතරින්පතර කියවූ නිසයි මේ නිගමනයට එන්නේ.

ආවේග නැතිව, ප්‍රසිද්ධිය නොතකා කැප වූ ‘බොක්කෙන්’  ජනමාධ්‍යකරුවෙක් වෙන්න අමාරුයි. නැතිනම් කුලී ලියනමහත්තයෙක් වෙනව.

ඔහු (06) ඊයේ උසාවියට දැම්මේ දේශපාල හා ආගමික ප්‍රචන්ඩත්වය ඇති කිරීමට [ICC -PR] යටතේ. මීට අමතරව ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ හා මුදල් විශුද්ධිකරණය පනත් යටතේ ඔහුට විරුද්ධව අපරාධ විමර්ෂණයක යෙදෙන බව පොලිසිය උසාවියට දැනුම් දුන්න.

 



මෙතන දී අපට වැදගත් සේපාල් උසාවියේ දී තනි නොකර ඔහු වෙනුවෙන් කොන්දේසි විරහිතව නොමිලේ පෙනීසිටි නීතීඥයන් දෙපොල අගය කිරීමයි. ‘අලුත් කඩේ කැරලිකාරුවා’ මංජුල පතිරාජ. ඔහුගේ නීතීඥ ජීවිතයේ අගනාම සේවාව ලබුවේ එල්.ටී.ඊ යේ දේශපාලන නායිකා තමිලනී [ සුබ්‍රමනියම් සිවකාමී] වෙනුවෙන් වසර කීපයක් නොමිලේ පෙනී සිට ඇය සිරගෙයින් එළියට ගැනීමෙන්. ඒවග ප්‍රකට මාධ්‍යකරු ජයරාජ් [ඩී.බී. එස්.] වාර්තා කළේ මෙහෙමයි.

“ තමිළනී නිදහස් කෙරුණු පසු නෝර්වේ රටේ සිටින ඇගේ සොහොයුරිය නීතීඥ පතිරාජ ඇමතුවාය. නැගෙණිය වෙනුවෙන් පෙනී සිටිමේ ගාස්තුව විමසුවාය. ඇයට නීතීඃඅ පතිරාජගෙන් ලබුණේ මෙබදු පිළිතුරකි.”

“ මම සල්ලි වලට නෙවෙයි කතා කළේ. මගේ වගකීම ඉෂ්ඨ කරන්න. ඇය සිරගෙයි සිටිය යුතු නෑ. ඒ වෙනුවෙන් මම පෙනීසිටිය. ස්තුතියි. ඒකට මිලක් නෑ”

මංජුල ප්‍රකට සිනමාකරු ධර්මසේන පතිරාජ හා කවියෙකු හා දේශපාලන නායකයෙකු වූ ආරියවංශ පතිරාජගේ සොහොයුරෙකුගේ වැඩිමහල් පුත්‍රයාය.

නීතීඥ නාමල් රාජපක්ෂ ද අලුත් කඩේ සිටින තවත් කැරලිකරුවෙකි. ඔහුගේ දේශපාලනය විටිවිට වෙනස් වුවත් ඔහු මිනිස් අයිතිවාසිකම් ගැන සිතද්දී  සාක්කුව අමතක කරන්නෙකි. වටපිට නොබලන්නෙකි.

ඔබ දෙපොලටම ස්තුතියි. මේ යන විදිහට අප සියලුදෙනාටම ඔබලා ගේ උපකාරය නැතිව බැරිවෙන හැඩක් තියෙන්නේ. ඒ නිසාමත් නෙවෙයි මේ සටහන ලීවේ. ඔබලා අගය කරන්නයි.


nandana weera



 

 

(නන්දන වීරරත්න)
නිදහස් ලේඛක
BBC සංදේශය හිටපු මාධ්‍යවේදී
07/01/23
(නන්දන වීරරත්නගේ ෆේස්බුක් පිටුවෙන් ..)


සබැඳි පුවත් :
සමාජ මාධ්‍යවලට නියාමන ක්‍රමවේදයක් අවශ්‍යයි - සරෝජ් පතිරණ

සේපාල් ද හයිජැකර්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

සේපාල් අමරසිංහ හා සිංහල-බෞද්ධ ආගමික සත්‍යය - (අජිත් පැරකුම් ජයසිංහ)

ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුට මහා නාහිමිවරුන් ගෙන් විරෝධයක් 

JW


  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්