leader s

එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය වෙලා ඉපදිලා, මයිකල් ජැක්සන් කසාද බැඳලා, පස්සේ නිකොලස් කේජ් බැඳලා, ආයේ ආයෙත් විවාහ වෙලා, බැරිනම් අයින් වෙලා, ලෝකේ සියළු මාධ්‍ය ආවරණය ලබල, දරුවෝ ලැබිල,

තමන්ගේ කියල සිංදුත් කියල, ලෝක සංගීත නාමාවලිවල අංක එක දෙක වගේ තැන්වලටත් ගිහිල්ල, නාන්න තරමට සල්ලිත් ලැබිල එවන් සංකේත ලෝකෙක මැරෙන්න නම් ඉතින් මාර වාසනාවක් තියෙන්න ඕනි.

හැබැයි මේ ඔක්කොම ලැබිල ලීසා මාරි ප්‍රෙස්ලි මැරිලා තියෙන්නේ තමන්ගේ මියගිය පුතෙක් ගැන වේදනාව දරාගන්න බැරුව.

ඇය අන්තිමට දකුණු කකුලේ පච්චයක් ගහනවා ඒ මියගිය පුතා වෙනුවෙන්. සැප්තැම්බර් මාසේ ජාතික ශෝක දිනයක එයා මෙහෙම ලියනවා.

''බෙන්ජමින්, ඔයාගේ මරණය විසින් මගෙත් ඔයාගේ සහෝදරියෝ තුන්දෙනාගෙත් ජීවිත පුපුරවා හැරිය. අපි ඒ වේදනාව හැමදාම හැම දවසකම අපේ ජීවිත එක්ක ඉස්සරහට අරන් යනවා. අපි ජීවත් වෙන සංස්කෘතියෙන් අපිට හැමදාම මතක්කළා ඔය වේදනාව අමතක කරලා ඉස්සරහට යන්න කියල. වේදනාව අතික්‍රමණය කරන්න කියල. මම ස්ථිරව කියන්නම් එකක්. කාලයත් එක්ක ඒ වේදනාව අමතක වෙන්නේ නැහැ. වැඩි වැඩියෙන් දැනෙනවා මිසක්''.

Lisa Marie Presleys son
ලීසාට බැරි වෙනවා මේ ක්ෂිතියෙන් ගොඩ එන්න. අපි ජීවත් වෙන්නේ දරුවෝ මැරුණ රටක නෙවෙයි. මරපු රටක.

ශෝකය අතික්‍රමණය කරන්න බැරිකමට ෆ්‍රොයිඩ් කිව්වේ මෙලන්කොලියාව කියල. ශෝකය අමතක නොකර මෙලන්කොලියාවෙන් ම මියයන එක රැඩිකල් ක්‍රියාවක් කියල කියනවා ජිජැක්.මනුෂ්‍ය පැවැත්මේ පාදම දුක්ඛ සත්‍ය උඩ ගොඩනැගිලා තියනවා කියල බුදුන්, ෆ්‍රොයිඩ්, ලකාන් යන හැම කෙනෙක්ම පිලිගන්නවා. ලීසා ඒක ඔප්පු කරලා තියනවා එයාගේ සංස්කෘතික නිර්මිතය ඇතුලේ.

මරණයෙන්වත් නිවෙන්න! 

Lisa12

Mahesh Hapugoda 1 1
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි ලිපිය :
ප්‍රකට ගායන ශිල්පිනී මාරි ප්‍රෙස්ලි මිය යයි

 

 

JW



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්