ජාවාරම් එමට ඇති රටේ දන් වැඩි කථා බහ මිනිස් ජාවාරම ගැනය. පසු ගිය කාලයේ එකවැලට වාර්තාවූ සිදුවීම් ගණනාවකින් අනවරණය වූ පරිදි ලංකාවේ කාන්තාවන් සහ පිරිමින් අනීතිකව පිටරට වලට යාවා
තම කොමිස් මුදල පමණක් ගෙන ඔවුන් අතරමං කිරීම මේ මිනිස් ජාවාරමේ අංගයකි.
උපන් රටේ හිස ගසා ඉන්නට නොහැකි තැන නොරටක හෝ ගොස් ජිවත්වන්නට උත්සහ ගන්නා ලාංකික සහෝදර සහෝදරියන් රවටා තම මඩිය තර කර ගන්නට උත්සහ ගන්නා ජවාරමුන්ට අහුවෙන්නට එපා යයි විදේශ රැකියා නියුක්ති කාර්යංශය නිතර කියන්නේ ඒකය.

විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ අරමුදල් අනීතිකව රට ගොස් අතරමංවූවන් වෙනුවෙන් වියදම් කිරිම නීති වුරෝධී දෙයකි. ඒසේ කිරිම නිසා කාර්යංශයේ නිළධාරීන්ට පාර්ලිමේන්තුවේ කෝප් වැනි කමිටුවල උදහසට
ලක්විමට පවා සිදුවන්නේය. එහෙයින් මිනිස් ජාවාරමට ගොදුරුවන්නන් මෙරටට ගෙන ඒමට කාර්‍යංශයේ මුදල් යොදවන්නට කැබිනට් අනුම්මැතියක් පවා ගන්නට සිදුව ඇත්තේය.
අනීතිකව රට යන පුද්ගලයන් යළි මෙරටට ගෙන් ඒමට විදේශසේවා නියුක්ති කාර්‍යංශයේ නිළධාරින් මැදිහත් වුවද, එම පුද්ගලයන් පිළිබඳ නෛතික වගකිම ඇත්තේ ආරාක්ෂක අමාත්‍යංශයටය. එහෙම වගකීමක් තිබුනාට ඒ බව කවුරුත් තකන්නෙ නැත. නොරට ගොස් අතරමංවුවන්ගෙ ඥාති වර්ගයාද, මාධ්‍යකරුවන්ද දොස් කියන්නේ විදේශ රැකියා කාර්‍යංශයටය. එය සැමැවින්ම අසාධාරාණය. ජීවත්වන්නට කීයක් හෝ හොයා ගන්නට ගිය මිනිසුන්ට පිහිටවීම කාර්‍යංශයේ වගකීමක් බව ඔවුහු පවසති. අතරමංවුවන් රටින් පිටවූ ආකාරය කාටවත් මතක නැත. නීත්‍යාකූල නොවනා ක්‍රම වලින් රටින් පිටවීමද වරදකි. ඒත් ඒ බව සියළු දෙනා අමතක කරති.
මිනිස් ජාවාරම් කරුවෝ සුරංගනා ලෝක මවන්නට රුසියෝය. වැඩි වැටුප්, ලිහිල් සේවා කොන්දේසි වැනි රස කතා කියමින් ඔබ උගුලේ පටලවන්නට වෙර දරණා ඔවුනට අහුවෙන්නට එපා යයි කාර්යංශය ඔබට කියන්නේ ඒකය. සුරක්ෂා නිවස වල කොටුවූ ඔබේ වීඩියෝ සහ චායාරූප පවුලේ සමිපතමයන්ට දුක දනවයි. එහෙත් එය කොහේ හෝ සිටිනා යුටියුබ් නාළිකා කරුවන්ටනම් ධන නිධානයකි.

කොතරම් අහු වෙන්නට එපා යයි කීවද වංචනිකයන්ට අහුවෙන ප්‍රමණය දිනෙන් දින ඉහළ යමින් පවතින්නේය. ඒ පිළිබඳ කම්කරු සහ රැකි රක්ෂා අමාත්‍ය මනූෂ නානායකකාර පසු ගිය දා දිග විස්තරයක් කීවේය. එකී විස්තරයට අනුව ඇතැමුන් මේ ජාවාරම්කරුවන්ට අහුවෙන්නේ නොදැනුවාත්වය. ඒඅයට අප අනුකම්පා කළ යුතුය. තවත් පිරිසක් අහුවෙන්නේ දැන දැනමය. අවසානයේ සිදුවන්නේ ඒ අයටත් අනුකම්පා කරන්නටය. ඊට හේතුව කුමනාකාරයෙන් රටින් පිටට ගියත් ඒ කවුරුත් අපේම රටේ මිනිසුන් වීමය. ඒ ආකාරයෙන් අමාරුවේ වැටෙනා සියල්ලටම අවසානයේ පිහිට වන්නේ තානපති කාර්යාලවල පිහිටවා ඇති සුරක්ෂා නිවාසය. මෙරට සිටිනා සමීපතමයන් සුරක්ෂිත කරන්නට හොරපාරෙන් එතර ගොස් අවසානයේ සුරක්ෂා නිවාසක නතර වන්නට වීම කණගාටුදායක දෙයකි '' අහුවෙන්නට එපා යයි'' මෙතරම් කියන්නේ ඒකය.

මෙලෙස අමාරුවේ වැටෙනා බහුතරයක් විදෙස් ගතව ඇත්තේ සංචාරක වීසා මගිනි. එය අනීතික ක්‍රියවකි. එලෙස හොරපාරෙන් ගොස් රැකියා සොයන ඇත්තන්ට ශ්‍රමයේ නියම වටිනා කම ලැබෙන්නේ නැත. ඉන්නට වෙන්නේ හැංගිලාය. මාසයක් දෙකක් ඉහගසා සිටියාට අවසානයේ අත්වෙන්නේ මහ පාරය. එලෙස මහ පාරට වැටෙනා අයට අවසනයේ එකතු වෙන්නේ තානාපතිකාරයාල සහ සුරක්ෂා නිවාස වලටය. එහෙත් සුරක්ෂා නිවාසයේ සැමදාමත් ඉන්නට බැරිය. ඒ හින්දා මිනිස් ජාවරම් කරුවන්ගේ ගොදුරු බවට පත්වන ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන ආ යුතුය.
ඒ සඳහා වයවන මුදල විශාලය. එය දැරිය යුත්තෙ විදේශ සේවා නියුක්ති කාර්යංශය විසිනි. එහෙත් එම කාර්යංශය එසේ වියදම් කරනුයේ නීත්‍යානූකූලව විදෙශගතවන අයගේ මුදල් ය. ඒ අය කාර්යංශයේ අර මුදලට දායක වන්නේ තමගේත් තම පවුලේ අයගේත් සුබ සාධනයට මිස හොරෙන් රට යන අය වෙනුවෙන් වියදම් කරන්නට නොවේ. අනුන්ගේ සල්ලි වලින් ආපිට විත් රටට ණය කාරයන්වන්නේ ජාවාරම් කාරයන්ට අසුවිම නිසාය. සංචාරක වීසා වලින් රට යන ඇත්තන්ට ජාවාරම් කාරයන්ට අහුවෙන්නට එපායයි කියන්නේ ඒකය

විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ අරමුදල් අනීතිකව රට ගොස් අතරමංවූවන් වෙනුවෙන් වියදම් කිරිම නීති වුරෝධී දෙයකි. ඒසේ කිරිම නිසා කාර්යංශයේ නිළධාරීන්ට පාර්ලිමේන්තුවේ කෝප් වැනි කමිටුවල උදහසට
ලක්විමට පවා සිදුවන්නේය. එහෙයින් මිනිස් ජාවාරමට ගොදුරුවන්නන් මෙරටට ගෙන ඒමට කාර්‍යංශයේ මුදල් යොදවන්නට කැබිනට් අනුම්මැතියක් පවා ගන්නට සිදුව ඇත්තේය.
අනීතිකව රට යන පුද්ගලයන් යළි මෙරටට ගෙන් ඒමට විදේශසේවා නියුක්ති කාර්‍යංශයේ නිළධාරින් මැදිහත් වුවද, එම පුද්ගලයන් පිළිබඳ නෛතික වගකිම ඇත්තේ ආරාක්ෂක අමාත්‍යංශයටය. එහෙම වගකීමක් තිබුනාට ඒ බව කවුරුත් තකන්නෙ නැත. නොරට ගොස් අතරමංවුවන්ගෙ ඥාති වර්ගයාද, මාධ්‍යකරුවන්ද දොස් කියන්නේ විදේශ රැකියා කාර්‍යංශයටය. එය සැමැවින්ම අසාධාරාණය. ජීවත්වන්නට කීයක් හෝ හොයා ගන්නට ගිය මිනිසුන්ට පිහිටවීම කාර්‍යංශයේ වගකීමක් බව ඔවුහු පවසති. අතරමංවුවන් රටින් පිටවූ ආකාරය කාටවත් මතක නැත. නීත්‍යාකූල නොවනා ක්‍රම වලින් රටින් පිටවීමද වරදකි. ඒත් ඒ බව සියළු දෙනා අමතක කරති.
මිනිස් ජාවාරම් කරුවෝ සුරංගනා ලෝක මවන්නට රුසියෝය. වැඩි වැටුප්, ලිහිල් සේවා කොන්දේසි වැනි රස කතා කියමින් ඔබ උගුලේ පටලවන්නට වෙර දරණා ඔවුනට අහුවෙන්නට එපා යයි කාර්යංශය ඔබට කියන්නේ ඒකය. සුරක්ෂා නිවස වල කොටුවූ ඔබේ වීඩියෝ සහ චායාරූප පවුලේ සමිපතමයන්ට දුක දනවයි. එහෙත් එය කොහේ හෝ සිටිනා යුටියුබ් නාළිකා කරුවන්ටනම් ධන නිධානයකි.

අහුවෙන්නට එපා යයි කියන්නේ ඔබේ දුක සහ කඳුළු තව කෙනෙකුට අලවි භාණ්ඩයක් කළ යුතු නැති නිසාය. සමාජ මාධ්‍යයේ අදහස් පළකර නිවසට ගොස් විවේක ගන්නා බහුතරයකට සුරක්ෂා නිවසේ දුක්විඳිනා ඔබ වෙළඳ භාණ්ඩයක් වෙමින් පවතී. විවේචන කරනා වේගයට මිනිස් ජාවාරමට අසුවුවනට පිහිටවී මෙරටට ගෙන ඒමට නොහැක. ඒ සඳහා ඒ රටේ මෙන්ම මේ රටේද නීති ගණනාකි. ඒ සියල්ලට අනුගතවිමට විදේශ සෙව නියුක්ති කාර්යංශයට සිදුවේ. වඩාත් පහසු දේ අතරමංවී අසීරුවෙන් මෙරටට පැමිණීම නොව ජවාරම් කාරයන්ගේ ගොදුරක් නොවී සිටීමය. අහුවෙන්නට එප යයි මෙතරම් කියන්නේ ඒකය.
ඔබ අසු නොවී සිටිය යුතු තවත් මිනිස් ජාවාරම් කරුවන් පිරිසක් මෙරට වෙයි. ඒ අය ජාවාරම් කරන්නේ ඔබ විදේශ ගත කර නොවේ. මේ අර්බුදගහන අවස්තාවේ ඔබ ඡන්දපොළට තල්ලුකර ගැනීම ඔවුන්ගේ අරමුණය. මාස හතරක් පහක් නායකයෙක් නැතිව සිටි රටක් යන්තරමකට නාඩි වැටෙනා තැනට ගෙන එද්දී ඔක්කොම පසෙකලා ගම්සභා ඡන්දය තියාන්නට යයි බලකරන්නෙ එවැනි පිරිස්ය. ඡන්දයට මස තුන හතරක් තිබියදී ඡන්දය ඉල්ලා උසාවි කරා බඩ ගාන්නේ ඔවුන්ය. සමූපකාර ඡන්දයක් දිනා ජනධිපතිවරණයක් දිනු සේ අඬහර පාන්නේ ඔවුන් ය. ඔවුනටද අහු වෙන්නට එපායයි අපි ඔබට වගකීමෙන් කියන්නෙමු. යම් හෙයකින් ඔබ ඔවුනට අසුවෙනවානම් සහල් මිල, විදුලි බිල, සීනි පරිප්ප්පු මිල පමණක් නොව දුපතාගේ සමෘධියද අනතුරේය. එපමනක්ද නොව මිලියන 1.6 කට ආසන්න රාජ්‍ය සේවකයන්ගේ පඩිපතද, විශ්‍රාමිකයන්ගේ වැටුපද අනතුරේය. මේ තීරණාත්මක අවස්ථාවේ රටවැසියනට අනවශ්‍ය බලලෝභී දේශපලනඥයනට අවශ්‍ය ඡන්දය වෙනුවෙන් කරනා ඝෝෂාවනට අහු වෙන්න එපා යයි අපි ඔබට නැවත සිහි කරන්නෙමු. එලෙස අහුවෙන අයට කියන්නට තියෙන්නේ එකම එක දෙයකි. ඒ පස්සේ දුක්වන්නට එපා කියලාය