leader s

චාමර ගුරුගේ හරිම ලස්සන කතාවක් ලියලා තිබුන. අයිඑම්එෆ් ණය ගැන අපි ඇත්තටම සතුටු විය යුත්තේ අපි විශාල කැපකිරීම් ප්‍රමාණයක් කරලා දිනාගත්ත එකම දේ හින්ද කියල. ඒ කතාව බරපතල ඇත්තක්.

 

chamara gurue

මේ රටේ අපි පුරුදු වෙලා ඉන්නෙම කිසිම කැප කිරීමක් නොකර හැමදේම නිකං ලබාගන්න. කොටින්ම රට බංකොලොත් වෙලා හොම්බෙන් ගිහින් ඉඳිද්දි බදු ටික ගෙවන්නත් බෑ කියන ජනතාවක් මේ රටේ ඉන්නෙ. ඒක විලිලැජ්ජ වෙන්න ඕන තත්වයක්..

 

කොහොම වුනත් ආනයන සීමා කරගෙන, තෙල් ටික සීමා කරගෙන, බිල් වැඩියෙන් ගෙවාගෙන, හැමදේටම පාරට බහින කඩාකප්පල්කාර‍යො පාලනය කරගෙන රටක් විදිහට යම් පාලනයක් ඇති බවක් විදෙස්වලට දනවන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. අවුරුදු 75ක් තිස්සෙ කරපු මෝඩකම් ගැන තාමත් ආඩම්බර වෙන උන් පිරිසක් ඉන්න අතරෙදි, රාජ්‍ය සේවයේ අඩු කිරීම, ආයතන පෞද්ගලීකරණය වගේ තීරණාත්මක කාරණා ඉස්සරහට ගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.

 

මේ කැපකිරීම් කරපු හැමෝටම IMF කියන්නෙ ජයග්‍රහණයක්. ඒ ගැන මේ විදිහෙ පෝස්ට් එකක් ෆේස්බුක් එකේ තිබුන.

(පහත පෝස්ටුව උපුටාගැනීමකි)

IMF හරහා ඇත්තෙන්ම ලැබෙන්නේ ණයක් නොවෙයි.

බංකොලොත් වෙලා පතුල නොපෙනන ආගාධයකට වැටිලා හිටිය රටක් එක්ක ආයෙත් ගණුදෙනු කරන්න බය වෙන්න එපා , ඒ අය දැන් නියම මාර්ගයට වැටිලා කියලා අනෙකුත් රටවල් වල⁣ට,ආයතනවලට දෙන සහතිකයක්.

ලැබෙන මුදල එන්නේ Token of appreciation එකක් විදිහට විතරයි

බංකොලොත් බවේ පතුලේ ඉන්න ලෙබනනය IMF සහාය ඉල්ලන්නේ 2016 සිට.
දැන් අවුරුදු 7ක් වෙලත් තාමත් ඒ සහාය ලැබිලා නෑ

හේතුව දේශපාලන අස්ථාවරත්වය !

මාස ගණන් විදුලිය නැතිව, ගෑස් නැතිව, කන්න නැතිව මිනිසුන් මහමඟ මැරුණත් දේශපාලන ස්ථාවරත්වය රහිතව ලෙබනනයට සහාය දෙන්න IMF තාමත් සූදානම් නෑ.

සමහරුන්ට මර්දනයක් විදිහට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වැළලීමක් විදිහට පෙනුණු සමහර ක්‍රියාමාර්ග ලෙබනන් අත්දැකීම් ඔස්සේ කියවා ගන්න.



Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම -
Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


JW



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්