leader s

බ්ලැක් මිරර් කතා මාලාවේ එක් කථාංගයක ස්ත්‍රියක් සිය මිය ගිය සහකරුගේ මතකයන් රැස් කර තිබූ

වීඩියෝ දත්ත සියල්ල එක්තරා කෘතීම බුද්ධි ආයතනයකට ලබා දෙයි. ටික දිනකින් ඇයට ඇගේ සහකරු හා සමානම මතකයන් හා හැඩරුව සහිත රොබෝවරයෙකු එම ආයතනය නිර්මාණය කර ඇය වෙත එවයි.



මෙය කෘතීම බුද්ධි තාක්ෂණය පිළිබඳ එවකට උපකල්පනය කල අදහසක් වූවත් හිටිහැටියේ කෘතීම බුද්ධිය නැගී ඒමත් සමග එය තවදුරටත් හිතලුවක් නොවන බව විද්‍යාඥයන්ගේ අදහසයි.



පැට්‍රික් ඩෙසායි මෑතකදී අදහස් දක්වමින් අපට යෝජනා කරන්නේ දැන් සිටම ඔබේ ආදරණීයන්ගේ මතකයන් රැගත් වීඩියෝ දත්ත රැස් කරන්නට පටන් ගන්නා ලෙසයි.



“ඔබ ආදරය කරන අයගේ එදිනෙදා මතකයන් රැගත් වීඩියෝ දත්ත රැස් කර තබා ගැනීම අරඹන්න. මන්ද මේ අවුරුද්ද අවසාන වන්නට පෙර භෞතික ශරීරය මිය ගියත් එම දත්ත යොදා නිර්මාණය කළ ඔබේ අදරණීයන්ව නැවත ගෙන්වා ගැනීමේ හැකියාව 100% ක්ම පවතින නිසා”.



ඒ අනුව ඔබටත් ඉදිරියේදී ඔබ ආදරය කරන අයෙකුගේ අහිමිවීම ඉදිරියේ අවශ්‍යනම් කෘතීම බුද්ධි අනුසාරෙන් සැකසූ ඔහුගේ හෝ ඇයගේ ඩිජිටල් පිටපතක් සමග ජීවත් විය හැකි වේවි.

(carbonnews.lk)

 

 

JW



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්