“නිදහස්” අධ්‍යාපනය ගැන මේ දවස්වල ආපහු කතාවෙනව නෙ. මම හිතන්නෙ ලංකාවෙ අධ්‍යාපනය සම්බන්ධ මූලික සංකල්පවල ම තියෙනවා විකෘතියක්.
ඔය විකෘතිය හදන්න මූලික වෙන කෙනෙක් තමයි කන්නංගර.
නොමිලේ අධ්‍යාපනය කියන එක පුනරුදයයෙන් පස්සෙ යුරෝපෙන් පටන්අරන් ව්‍යාප්ත වුණු එකක් නෙ. ලිබරල් සමාජයක් පවතින්න නම් සමාජයක සියලුම පුරවැසියන්ට මූලික අධ්‍යාපනයක් තියෙන්න ඕන කියන අදහසින් තමයි ක්‍රිස්තියානි පල්ලිය මේ අධ්‍යාපන ප්‍රොජෙක්ට් එක පටන්ගන්නෙ. ඒකෙ එක පොයින්ට් එකක් තමයි පූජකයෝ හෝ වෙන මැදිහත්කාරයො නැතුව හැම මිනිහට ම කෙළින් ම දෙවියන් එක්ක සම්බන්ධතා පවත්වන්න පුළුවන් කියන අදහස. එහෙම දෙවියන් එක්ක තනියෙන් ගනුදෙනු කරන්න නම් බයිබලය කියවන්න පුළුවන් වෙන්න ඕන නෙ. ඒ නිසා හැම මිනිහෙකුට ම කියවන්න ලියන්න හැකියාව දෙන්න ඕන වුණා.
අනිත් අතට නාස්ලණුව දාලා පාලනය කරන වැඩවසම් ස්වාමියෙක් යටතේ නැතුව නගරවලට සංක්‍රමණය වෙලා ශ්‍රමය විකුණන නිදහස් මිනිස්සු ඉන්න සමාජයක යම් සිස්ටම් එකක් පවත්වාගන්න නම්, වෙලාවට නැගිටලා වැඩට එන එක, පැය ගාණක් එක තැන වාඩිවෙලා එක ම වැඩේ කරන එක වගේ කාර්මික යුගයට අවශ්‍ය විනය හදන්න නම් ඒ මිනිස්සුන් ව යම් කිසි අධ්‍යාපනයක් හරහා ශිෂ්ට කරන්න සිද්ධවුණා.
බටහිර ශිෂ්ටාචාරය ලෝකෙ පැතිරෙද්දි, සමාජයේ හැමෝට ම මූලික අධ්‍යාපනය දෙන්න ඕන කියන අදහසක් ඒත් එක්ක ලෝකෙ පුරා පැතිරෙනවා. කන්නංගර එන්න කලින් පවා නොමිලේ උගන්න රජයේ පාඨශාලා සහ මිෂනාරි පාසල් (සහ ඒවයෙ බෞද්ධ කොපි) ලංකාවෙ තියෙනවා. මේක වඩා විධිමත් කරන එක තමයි කන්නංගරගෙ සභාපතිත්වයෙන් තිබුණු කාරක සභාවෙන් කරන්නෙ. මේකෙ දි පාසල් අධ්‍යාපනය නොමිලේ දෙනව කියල කොහොමත් තිබුණු එක විශ්වවිද්‍යාල උපාධිය දක්වා නොමිලේ දෙන තැනට වෙනස්කරන එක කන්නංගරගෙ තනි හිතුවක්කාර තීරණයක් කියල තමයි කියන්නෙ. ඇත්තට ම ඔතන ප්‍රධාන ප්‍රශ්නෙත් ඒක.
අර කලිනුත් කීව වගේ පාසල් අධ්‍යාපනය කියන්නෙ පුරවැසියකුට ඕන මූලික ස්කිල් ටික සහ රස්සාවක් හෝ උසස් අධ්‍යාපනයට යනව නම් ඒවට අවශ්‍ය මූලික ස්කිල් දෙන තැන. ඒක වෘත්තීය පාඨමාලාවක් නෙවෙයි. ඉස්කෝලෙන් අවුට්වෙන හැමෝට ම ඉබේම රස්සා ලැබෙනව කියල එකක් නෑනෙ. හැබැයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන්නෙ වෘත්තීය අධ්‍යාපනයක්. යම් නිශ්චිත වෘත්තීය ක්ෂේත්‍රවලට වෘත්තිකයො හදන එක විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වැදගත් කොටසක්. සාමාන්‍යයෙක් උපාධියක් ගන්න ඕනම කෙනෙක් ඒක රැකියාවක සුදුසුකමක් විදියට සලකනවා.
හැබැයි මම දන්න තරමින් කන්නංගර ඕක ගේන කාලෙ උපාධිධාරින් ලොකු ප්‍රමාණයට පෞද්ගලික අංශයෙ ඉල්ලුමක් තිබුණෙ නෑ. ඒ කාලෙ තිබුණ පෞද්ගලික ව්‍යාපාරවලට වැඩිපුර ඕන වුණේ කම්කරුවෝ සහ සේල්ස්මන්ලා වගේ අය. ඊට අමතර ව මැනේජ්මන්ට් ලෙවල් එකේ හිටියේ ඉතා පොඩි පිරිසක්. එතකොට කන්නංගර නොමිලේ දුන්න ඩිග්‍රි ගත්ත උපාධිධාරින්ට සම්පූර්ණයෙන් ම වගේ රැකියා තිබුණෙ රාජ්‍ය අංශයේ. රාජ්‍ය අංශයේ රස්සාවක් කියන්නෙ වරප්‍රසාදයක් විදියටයි සැලකුණේ. මොකද ඔෆිස් එකක මේසෙකට වෙලා කඩදාසිවල මොනව හරි දෙන පැවරුමක් ලියපුවම මාසෙ අන්තිමට පඩියක්, අවුරුද්ද පුරා නිවාඩු, රජයේ වොරන්ට්, ළමයින් ව ඉස්කෝලවලට දාගන්න චාන්ස්, සමාජ පිළිගැනීම එක්ක අන්තිමේ මැරෙනකල් පෙන්ෂන් එකකුත් ලැබෙනව නෙ. ඒ නිසා කොහොමත් උපාධි ගන්න උන්ගෙ පැත්තෙනුත් රජයේ රස්සාවකට යනවා මිස පුද්ගලික ආයතනයකට හෝ තමන්ගෙ ව්‍යාපාරයකට යන්න පෙළඹවීමක් තිබුණෙ නෑ.
මේකෙන් හැදෙන්නෙ මරු සිස්ටම් එකක්: රජය තමන් කැමති මොනව හරි දෙයක් උගනන්නවා. ඊට පස්සෙ ඒ උගන්නන උන්ගෙන් කොටසක් තමන් කැමති මොකක් හරි මිනුම්දණ්ඩක් හරහා තෝරාගන්නවා. ඒ තෝරාගන්න උන්ට අර රජයේ සේවය කියන ලොතරැයිය ඇදෙනවා. එතකොට මේ උගන්නන දේවල් මොනව ද කියන එකවත්, ඒවා මනින්න පාවිච්චි කරන මිනුම් දණ්ඩ මොකක් ද කියන එකවත්, ඒකෙන් ඒ විදියට තෝරලා ගන්න උන් සහ අර රැකියාවලට අවශ්‍ය ස්කිල් අතර මොකක් හරි ගැලපීමක් තියෙනව ද කියන එකවත් කාටවත් අදාළ නෑ. මොකද නඩුත් හාමුදුරුවන්ගෙ; බඩුත් හාමුරුවන්ගෙ.
රජයෙන් ම ඉස්කෝල, විශ්වවිද්‍යාල පවත්වාගෙන ගිහින්, රජයෙන් ම විභාග තියලා, ඒ විභාග පාස්වෙන උන් ව රජයෙන් ම මැරෙනකල් කන්න බොන්න දීලා බලාගන්නවා. ඒකෙන් හැලෙන උන් අර වරප්‍රදාසිත පංතියට දාසකම් කරනවා. ඉතිං හැමෝම ට්‍රයි කරන්නෙ මොකක් හරි කරලා තමන් දාස පංතියට නොවැටී වරප්‍රදාසිත පංතියට රිංගගන්න. කොටින් ම මේක ලංකාවෙ උන්ට පුරුදු පරණ වැඩවසම් කුල ක්‍රමය ම අලුත් ෆෝමැට් එකකින් පවත්වාගෙන යාමක්.
1977 වෙනකල් ම සමාජ හයරාකි එක මුළුමණින් ම වගේ තීරණය වුණේ රජයේ තනතුරු උඩ. දිසාපති, උප දිසාපති, දොස්තර, ඉන්ජිනේරු, පෝස්ට් මාස්ටර්, ස්ටේෂන් මාස්ටර්, ඉස්කෝල ගුරු වගේ රජයේ රස්සා සහ තනතුරු උඩ තමයි මධ්‍යම පාංතික සමාජ තරාතිරම තීරණය වුණේ. සමහර විට ඉගෙනගෙන රජයේ තනතුරක් ගන්න බැරිවුණ සාම්ප්‍රදායික ප්‍රභූන්ටත් වඩා බලයක් මේ රජයේ තනතුරුවලට තිබුණා.
77න් පස්සෙ බිස්නස් කරල හෝ රට ගිහිං හෝ මොකක් හරි විදියකට සල්ලි හොයපු මිනිස්සුන්ට මේ හයරාකි එක අභිබවා යන්න පුළුවන් වුණත් රජයේ රස්සාවලට තිබුණ වරප්‍රසාදිත තත්ත්වෙ සම්පූර්ණයෙන් ම නැතිවුණේ නෑ. රනිල් 2001 දි ඕක ඉවරකරන්න ට්‍රයි කළත් මහින්ද ආපහු උපාධිධාරින් ඔක්කොට ම රජයේ රස්සා දෙන එක පටගත්ත නිසා 2012-13 වෙනකල් ම ඕක පැවතුණා.
දැන් (දොස්තරලා වගේ සීමිත ක්ෂේත්‍ර කීපයක් ඇරුණම) උපාධිධාරින් ට රජයෙන් රස්සා දෙනව කියල එකක් නෑ. රජයේ රස්සාවක් කියන්නෙ සමාජ තත්ත්වය තීරණය කරන වරප්‍රසාදයක් කියන එකත් දැන් සෑහෙන දුරට නෑ. දැන් තියෙන්න 77ට කලින් ඉපදුණු දෙමව්පියන්‍ගෙ පරණ නොස්තැල්ජියාව සහ මෑතක් වෙනතුරු මහින්ද රජයේ රස්සා දුන්න නිසා ඒකත් එක්ක හැදුණු රැල්ලෙ තාම ඉතුරුවෙලා තියෙන බලපෑම විතරයි. අර හූනන්ගෙ නැට්ට කැඩුණට පස්සෙත් ටිකක් වෙලා යනකල් දඟලනව වගේ අර අනිවාර්ය වරප්‍රසාදිත තත්ත්වය නැතත් තාමත් බෞද්ධ ශිෂ්ටාචාරය, සිංහල සාහිත්‍යය, ලොජික් වගේ විෂය සල්ලි වියදම් කරගෙන ටියුෂන් ගිහින් කටපාඩම් කරලා, කැම්පස් ගිහින් ආර්ට් උපාධියක් ගන්න පොරකන සෑහෙන පිරිසක් ඉන්නවා.
දොළුකන්දෙ ඉඳන්, හම්බන්තොට හාරපු වල බලන්නත් පෝලිමේ ගිය, ධම්මික පැණියත් පෝලිමේ ගිහින් ගත්ත, ගමේ හැමෝම ගන්න නිසා මයික්‍රො ක්‍රෙඩිට් ගත්ත, හැමෝම දාන නිසා MTFE දාන ලංකාවෙ මේ හැංගෝවර් එක නැතිවෙන්න තව ටිකක් කල් යයි.
හැබැයි ප්‍රශ්නෙ තියෙන්න අධ්‍යාපනය ගැන අපේ ඩයලොග් එක තාම ගොඩක්වෙලාවට පදනම් වෙන්නෙ අර රජයෙන් gamify කරපු පරණ විකෘති ක්‍රමයේ ලොජික් උඩ. තවදුරටත් මිනිස්සු “නිසි ප්‍රමිතිය නැති” “උපාධි කඩවලින්” උපාධි ගන්න එක ගැන “නිසි ප්‍රමිතිය තියෙන” උපාධි ගන්න මිනිස්සු කලබල වෙන්න ඕන නෑ. මොකද උපාධියක් ගත්තා කියල ඉබේ ම නිශ්චිත රැකියාවක් ලැබෙනව කියන එකක් දැන් නෑ. උපාධි දෙන ආයතන නියාමනය වීම සම්බන්ධ ව ප්‍රෙෂර් එකක් එනව නම් එන්න ඕන සල්ලි වියදම් කරලා ඒවට යන උන්ගෙන් ම යි. මොකද තමන් සල්ලි වියදම් කරලා ගන්න උපාධිය පිළිගැනීමක් නැති එකක් වුණොත් පාඩුව වෙන්න තමන්ට ම නිසා.
මෙතන දි තාම ප්‍රශ්නෙ තියෙන්නෙ තාම අර පරණ රජයේ පයිප්ලයින් සිස්ටම් එකට කෙළීන් ම උපාධියෙන් පස්සෙ රස්සාවට දාන දොස්තරලා වගේ රස්සා කීපයක් සම්බන්ධ ව. පෞද්ගලික ආයතනවලින් MBBS දෙනව නම් ඒ පයිප්ලයින් සිස්ටම් එක කඩන්න සිද්ධවෙනවා. ඒ කියන්නෙ MBBS එකක් තියෙනව නම් අනිවාර්යයෙන් රජයේ දොස්තරකමක් හම්බවෙනවා කියන එක නැතිකරලා ඒකටත් අනිත් රස්සාවලට වගේ බඳවාගැනීම් ක්‍රමවේදයකට යන්න වෙනවා.
1977ට කලින් මුළුමණින් ම වගේ රජයේ මොනොපොලියක් වෙලා තිබුණ, විභාග ප්‍රතිඵල උඩ සමාජ ධුරාවලිය තීරණය කිරීම දැන් වෙද්දි සම්පූර්ණයෙන් ම වගේ නැතිවෙලා ඉවරයි. දැන් ධුරාවලිය තීරණය වෙන්නෙ ගොඩක් දුරට ආදායම් උඩ. රජයේ සේවකයන්ගෙ ආදායම සාපේක්ෂ ව අඩු නිසා, තාමත් සෑහෙන වරප්‍රසාද තිබුණත් රජයේ සේවකයො අනිත් උන්ට වඩා හයරාකි එකේ උඩින් ඉන්නව කියල එකක් නෑ. හැබැයි දොස්තරලා වගේ අතලොස්සක් රජයේ සේවකයන්ට තාම පරණ හයරාකි එකේ තිබුණ බලය සෑහෙන දුරට ඉතුරුවෙලා තියෙනවා.
තවදුරටත් තමන්ගෙ ළමයා තැපැල් මහත්තයෙක්, ස්ටේෂන් මාස්ටර් කෙනෙක්, ඉස්කෝල මහත්තයෙක්, දිසාපති හාමුරුදුරුවෙක් කරන්න හිතාගෙන ටියුෂන් දක්කන දෙමව්පියො නැති වුණාට ළමයව දොස්තර කෙනෙක් කරන්න (සහ ඒ හරහා තමන්ගෙ ළමයා සෝෂල් හයරාකි එකේ උඩට යවන්න) හීන බලන දෙමව්පියො ඉන්නව නෙ. මම හිතන්නෙ තාම වෛද්‍ය අධ්‍යාපනය මෙච්චර හොට් ටොපික් එකක් වෙන්න එක හේතුවක් ඒක.
(චන්දන ප්‍රසන්න)
නිදහස් ලේඛක
#truepatriotlk
(Chandana Prasanna ගේ ෆේස්බුක් පිටුවෙන්....)
සබැඳි ලිපි :
නව ලෝකය වැළඳ ගැනීමට උපාධිධාරීන් සූදානම් කිරීම අවශ්‍යයි - ආචාර්ය හර්ෂ අතුරුපාන
ගමන ආරම්භ කළ යුත්තේ ඔබ විසින් ම ය...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉවරයි ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කෙරේ !
ප්‍රාථමික අධ්‍යාපනයේ අසාර්ථකත්වයට හේතුව ? - අධ්‍යාපන ඇමතිගේ අනාවරණයක්
කෘත්‍රීම බුද්ධිය සමග ගැටෙන්නට සුදානම් වෙමු - අධ්‍යාපන ඇමති
සර්ලා මැඩම්ලා කකුල් දෙකෙන් වහලේ එල්ලන කාලයකුත් එයි ද?- (අජිත් පැරකුම් ජයසිංහ)
අධ්‍යාපනයට විතරක් බැහැ මිනිස්සු වෙනස් කරන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය : 'පිස්තෝලේ තිබ්බනම් වැඩේ වෙනවා'- දීප්ති කියයි (වීඩියෝ)
අධ්‍යාපනය කියන්නේ දැනුම වගේම කුසලතා වලත් එකතුවක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
.