BREAKING
Top Ad
අපලෝකන

අපලෝකන (02) : මං මක්කෙටයි කලිසම බුරුල් කරන්නෙ...?- ජයසිරිගේ අලුත්ම නවකතාව

T

The Leader

September 29, 2023 • 2:14 AM

අපලෝකන (02) : මං මක්කෙටයි කලිසම බුරුල් කරන්නෙ...?- ජයසිරිගේ අලුත්ම නවකතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට පස්සෙ මං කෙළින්ම ගියේ පිචර් හෝල් තියන දිහාට. ඒ යන ගමං පාරෙ යන මාම කෙනෙක්ගෙන් වෙලාව ඇහුව. ඒ මාමත් අත උස්සල බලල ‘‘හයට දහයයි,’’ කියාගෙන ම යන්න ගියා.
  • මම කොල්ලට ඇති තරං බලන්න කියල අනිත් ගනුදෙනුකාරයො එක්ක ගනුදෙනු කළා.
  • ආයෙ ඉතිං හෙට තමයි,’’ කියල මං උත්තර දුන්නෙ ඇත්තට ම කොල්ලට ඕන කරන්නෙ මොන පත්තරද කියලවත් දන්නැතුව.
  • *          *          * ඇත්තට ම මං අද දවසෙ පත්තරයක් හෙව්වෙ කියවන්නමත් නෙවි.
අකුරු ප්‍රමාණය (Font Size):

මට ඊළඟට තිබුණ ප්‍රශ්නෙ තමයි කොයි පිචර් එක ද බලන්නෙ කියල. කොයිකටත් කියල හිතාගෙන හෝල් දෙක පැත්තට ඇවිදගෙන යනකොට තමයි මතක් වුණේ රෑට නිදාගන්නෙ කොහේ ද, කොහොමද කියල. එතන ම නතර වෙච්ච මම ටිකක් වටපිට බලද්දි තමයි දැක්කෙ පාරෙන් එහා පැත්තෙ පත්තර කඩයක් තියෙනව.

පත්තර කඩේ හිටපු කෙනා

පත්තර සල්ලි දීල කියවන අය වගේ ම එල්ලල තියෙන පත්තර දිහා බෙල්ල ඇද කර කර බලන අය හුඟදෙනෙක් එන්නෙ උදෙන්ම වුනාට මම අද තමයි දැක්කෙ එහෙම කෙනෙක් හවස හයටත් කිට්ටු වෙද්දි ඇවිත් කියල. ඒ, අවුරුදු දාහතක දහඅටක විතර කොල්ලෙක්. ඇඳගෙන හිටියෙ කාකි පාට කොට කලිසමකුයි රෝස පාටට හුරු අත් කොට කමිසෙකුයි. රෙක්සින් බෑග් එකකුත් අතේ තිබුණ. දැකපු ගමන් ම මට හිතුණ කොල්ල මේ පැත්තෙ එකෙක් නෙවෙයි කියල. මම කොල්ලට ඇති තරං බලන්න කියල අනිත් ගනුදෙනුකාරයො එක්ක ගනුදෙනු කළා. විනාඩියක් දෙකක් යද්දි කොල්ල මගෙන් අහපි ‘‘මාමෙ... අද පත්තර මොනවත් නැතෙයි...?’’ කියල.

image56 1

‘‘අද පත්තර කොයින්ද පුතා මේ වෙලාවට... ආයෙ ඉතිං හෙට තමයි,’’ කියල මං උත්තර දුන්නෙ ඇත්තට ම කොල්ලට ඕන කරන්නෙ මොන පත්තරද කියලවත් දන්නැතුව. ඒපාර කොල්ල අහපි ‘‘මාමෙ... පහුණු අඟරුවාද ආපු සතුට පත්තරේ තියෙනවයි,’’ කියල. අන්න එතකොට තමයි මට තේරුණේ කොල්ලත් චිත්‍රකතා පිස්සෙක් කියල. උගෙ හොඳ වෙලාවට එක පත්තරයක් ඉතුරු වෙලා තිබුණ. මං පත්තරේ ගෙනල්ල දුන්නම කිසිම කතාවක් බහක් නැතුව හොඳට කට පළල් වෙන්න හිනාවෙලා සාක්කුවට අතදාල සල්ලිවගයක් අරගෙන ‘‘සත හතළිහයි නේද මාමෙ...?’’ කියල අහද්දි අර මට කලින් හිතුණු දේ සහසුද්දෙන් ම ඔප්පු වුණා. ඒ කියන්නෙ මේ කොල්ල හොඳ චිත්‍ර කතා පිස්සෙක් කියන එක. පත්තරේ අතට අරගත්තු කොල්ල ඒක බෑග් එකේ දාගෙන පාර මාරු වුණා.

*          *          *

ඇත්තට ම මං අද දවසෙ පත්තරයක් හෙව්වෙ කියවන්නමත් නෙවි. අද රෑට ඔය කොතනක හරි වැටිල නිදාගන්නත් බිම එලාගන්න මොනවත් නැති නිසා. දැං ඉතිං ඒ පත්තරෙන් වැඩ දෙකක් ම කෙරෙනව නෙ... ආයෙත් මතක් වුණා මොන චිත්‍රපටිය ද බලන්නෙ කියල. ඕන එකක් වෙන්න කියල ඉස්සර වෙලා හිගන කොල්ල බලන්න ඕන කියල හිතුණ. සරසවියෙ නමයයි තිහ තියෙනව නෙ. ඒ නිසා ඒක රෑට බලනව කියල හිතල QUEENS හෝල් එක ගාවට යද්දි ගේට්ටුව ඇරල තිබුණ. විස්සක් තිහක් විතර පෝලිමෙත් හිටිය. මං පොලිමේ හිටපු මගෙ වයසෙ ම වගේ කොල්ලලෙක් ළඟට ගිහින් ‘‘මේ ගැලරි පෝලිමෙයි...?’’ කියල ඇහුවෙ සැකෙන් වගේ. ඌ උත්තරයක් දෙනව වෙනුවට මගෙන් ප්‍රශ්නයක් අහල ම තමයි උත්තරේ දුන්නෙ.

Queuing for Bread Nicolae Tonitza oil painting
‘‘ඇයි ඔහේ දැක්කෙ නැතෙයි බෝඩ් එක ගහල තියෙනව...? මේක ගැලරි තමයි,’’ කියල කිව්වට පස්සෙ මමත් පෝලිමට එකතු වුණා. ටිකට් කවුන්ටරේ ළගට ම එද්දි හිත ගැහෙන්න ගත්තෙ සල්ලි කීයක් දෙන්න වෙයිද කියල. මං හතරැස් කවුළුවෙන් එබිල ‘‘ටිකට් එකක් දෙන්න,’’කියල කිව්ව ම ඇතුළෙ හිටපු කෙනා ‘‘මාරු සත හතළිහක් ගන්න තියෙනවද...?’’ කියල ඇහුවම මට පුදුමත් හිතුණ. මං සාක්කුවට අත දාල සත පනහක් අරගෙන කවුළුව ඇතුළෙ තිබුණ ලෑල්ල උඩින් තිබ්බම ඇතුළෙ හිටපු කෙනා ටිකට් එකයි ඉතුරු සත දහයයි දෙකම ලෑල්ල උඩින් තිබ්බෙ මගෙ මූණ දිහාවත් බලන්නෙ නැතුව. ඒ එක්ක ම පිටිපස්සෙ හිටපු කවුරු හරි ‘‘යනවලකො... යනවලකො... ටිකට් එක ගත්තනං යනවලකො...’’ කියල ටිකක් සද්දෙන් කියපු නිසා මං ආපහු හැරිල බලන්නෙවත් නැතුව ඉතුරු සල්ලියි ටිකට් එකයි අරගෙන දොර ගාවට ගියාම එතන හිටපු කෙනෙක් මගේ ටිකට් එක උදුරල වගේ අරගෙන ඒකෙන් කැල්ලක් කඩාගත්ත. ඇත්තට ම මං හිතුවෙ මට පිචර් එක බලන්න හම්බවෙන එකක් නැ කියල. එතකොට ම එයා ටිකට් එකේ ඉතුරු කෑල්ල මට දීල ‘‘යනව... යනව... ඇතුළට යනව... පේන්නැද්ද තව කට්ටිය ඉන්නව,’’ කියන ගමන් ම මගේ පිටට අත තියල හෝල් එක ඇතුළට තල්ලු කරා.

*          *          *

චිත්‍රපටිය බලල එළියට එද්දි මම පුදුමෙන් වගේ හිත හිත ආවෙ රවින්ද්‍ර රන්දෙණියයි, මාලනි ෆොන්සේකයි මෙච්චර ඉක්මනට ම නාකි වුණේ කොහොමද කියල. ඒක මට අදහගන්නත් බැරි තරම්. ඒ වගේ ම එක තැනක විජය කුමාරතුංග කියපු දෙබසකුත් මට හොඳට මතක තිබුණ. ඒ තමයි ‘‘මේ සයියට උලේ හිටියත් එකයි පිලේ හිටියත් එකයි,’’ කියන දෙබස.

sloan nickelodeon 1907 movies cents 12237655.jpg

මීට කලින් දවල් කාලෙ කිප වතාවක් ම ගාල්ලට ඇවිත් තිබුණට රෑ නමයට විතර ටවුම දැකල තිබුණෙ මීට අවුරුදු හය හතකට කලින් තාත්තයි, කුඩම්මයි කුඩම්මගෙ නංගි සෝම පුංචියි එක්ක අපරාධය සහ දඬුවම බලන්න ආපු දවසෙ විතරයි.  ඒ වගේ ම හෝල් එකෙන් එළියට බහිද්දි මොකක්දෝ බයක් වගේ දෙයක් හිතට දැනෙන්න ගත්ත. ඒවුනාට මං ඒක කාටවත් දැනෙන්න ඉඩ තිබ්බෙ නෑ.

හෝල් එක ඇතුළෙදි අයිස් චොක් එකකුත් කාපු නිසා ඒ තරම් බඩගින්නක් තිබුනෙත් නෑ. හෝල් එකෙන් එළියට ආවට පස්සෙ හැරෙන්නෙ කොයි පැත්තට ද කියල හිතාගන්න බැරුව ටිකක් පාර දෙපැත්ත බලද්දි තමයි දැක්කෙ රෙක්ස් කොඩිප්පිලි ආයෙ වතාවක් මගේ දිහාට තුවක්කු එල්ල කරගෙන ඉන්නව. අපරාදෙ කියන්න බෑ ඒකටත් එක්ක මාලනි ෆොන්සේකා... ‘‘එයා තුවක්කු එල්ල කරගෙන හිටියට ඔයාට වෙඩි තියන්නෑ... බය නැතුව මෙහාට එන්න,’’ කියනව වගේ මගේ දිහා බලාගෙන හවස වගේ ම හිනාවේගන හිටිය. ආයෙ ඉතිං වෙන මොනව කරන්න ද...? මං කෙළින්ම ගියේ සරසවිය හෝල් එකට. ඒ යන අතරෙ මං කල්පනා කරේ දැං වෙලාව කීයට විතර ඇතිද කියල. ඒත් දවල් වගේ කලබලෙන් එහා මෙහා දුවන කවුරුවත් පාරෙ දකින්න හිටියෙ නෑ. කඩවලුත් ඔක්කොම වහල. ලොකුවට එළියක් පෙනුණෙ සරසවි හෝල් එකේ විතරයි. මම කිසිම කතාවක් නැතුව හෝල් එක ගාවට ගියා.

4b83267ad7a2abee2cb8adfa3c23f4e9

කලින් පිචර් එක බලපු හෝල් එකේදි වගේ නෙවෙයි. මං ගිහිං ටිකක් විපරම් කරා. එතකොට මං දැක්ක ‘‘ගැලරි’’ කියල ගහල තිබුණ බෝඩ් එක. ඒ නිසා ආයෙ කාගෙන්වත් අහන්නැතුව පෝලිමට එකතු වුණා. ඒ වෙද්දිත් පොලිමේ විස්සක් තිහක් හිටිය. එතනදිත් අර විදියට ම ‘‘ටිකට් එකක් දෙන්න’’ කිව්ව ම කවුළුවෙන් එහා පැත්තෙ හිටපු කෙනා කිසිම කතාවක් බහක් නැතුව ටිකට් එක කඩල ලෑල්ල උඩිං තියද්දි මං ‘‘කියද මාමෙ...’’ කියල ඇහුවෙ ඇත්තට ම ගාණ දන්නෙ නැති නිසා නෙ...

‘‘අයියෝ... මහ ලොකුවට පිචර් බලන්න එනව ඒ වුනාට තවම ටිකට් එකේ ගාණවත් දන්නැතෙයි...? සත හතළිහයි... සත හතළිහයි...’’ කියල කිව්වෙ නිකං සවුත්තුවට වගේ. මට සාක්කුවෙ තියෙන පොඩි සල්ලි හොය හොයා ඉන්න විදියක් නැති නිසා අතට අහුවුණ කාසිය ලෑල්ල උඩින් තිබ්බ. මිනිහ මට සත පනහක් ආපහු දීල, ටිකට් එකේ පිටිපස්සෙ මොනවද මංද ලියල, ‘‘සත දහයක් ඉන්ටවල් එකේදි ඉල්ලගන්න,’’ කියල ටිකට් එක මගේ අතට දුන්න. මං නිකමට වගේ ටිකට් එක එහා පැත්ත හරවල බැලුව. ඒකෙ ‘‘සත දහයයි’’ කියල ලියල තිබුණ.

හැබැයි ඉන්ටවල් එකේදිවත් පිචර් එක බලල එළියට එද්දිවත් මට ඒ ඉතුරු සත දහය ඉල්ලගන්න නම් අමතක වුණා.

ටී මේකර් හෙවත් ජස්ටින්
 
1e4ed44b73578f704375e57d05b72e90
 
උදේ ඉඳං තේ පැන්ට්‍රියෙ හිටගෙන ඉඳල එතනින් ගැලවෙන්නෙ හවස හයට. ඊට පස්සෙ ටිකක් නිදාගෙන ආයෙ රෑ දහයට විතර නැගිට්ටම පුදුම කම්මැළිකමක්, තෙහෙට්ටුවක් වගේ ම තනිකමක් පාළුවක් දැනෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම දවසට සල්ලි තියෙනවනං ඉතිං යන්නෙ කොටු බැම්ම පැත්තට. ඒ පැත්තෙ අපි වගේ අය එනකන් ම බලාගෙන ඉන්න නංගිල අනන්තවත් ඉන්නව. ඒත් සල්ලි නැති දවසට කොහොමහරි ටවුමෙ කරක් ගහල කොල්ලෙක්ක හරි හොයාගන්නෙ දරාගෙන ඉන්න බැරිම නිසා. එහෙම කොල්ලෙක් දෙන්නෙක් හොයාගන්න පුළුවන් තැන් කීපයක් ම මේ ටවුන් එකේ තියෙනවා. එකක් බස් ස්ටෑන්ඩ් එක. අනෙක පිට්ටනිය ඉස්සරහ පැවිලියන් එක. අනිත් තැන තමයි සිඩ්නි හෝටලේ පිළ. අදත් ඉතිං මං ඉස්සෙලම ගොඩවුණේ සිඩ්නි හෝටලේ පිළට. එතන ඔය ආතක් පාතක් නැති කොලු ගැටවු ඕනතරං ඉන්නව. සමහර එවුන් කැමැත්තෙන් ම ඉදිරිපත් වෙනව. සමහර එවුන්ට නං ඉතිං ඔය රුපියලක් දෙකක් දුන්නම පොඩි ආතල් එකක් ගන්න පුළුවං. සමහර එවුන් නම් කැගහල දඟලල එවුන්ගෙ අකමැත්ත ප්‍රකාශ කරනව. ඒක මේ ටවුන් එකට අලුත් දෙයක් නෙවෙයි.
 
හෝටළේ පිළට ගොඩවෙලා වම් පැත්තට පොඩ්ඩක් ඇවිදගෙන යද්දි චිත්‍ර කතා පත්තර කොළ බිම එළාගෙන, රෙක්සින් බැග් එකක් ඔළුවට තියාගෙන, කොට කලිසමක් ඇඳපු කොල්ලෙක් නිදාගෙන හිටිය. පාරෙ ලයිට් කණුවෙ එළිය එතනට වැටුණෙ අඩුවෙන් වුනාට කොලුව දැක්ක ගමන් ම මට හිතුණ කොල්ල මේ පළාතෙ කෙනෙක් නෙවෙයි කියල. මං හෙමිහිට ළඟට කිට්ටු වෙලා කොල්ල ගාවින් ම හාන්සි වුණා. හැබැයි කොල්ල හිටියෙ නිදි අවදියෙන්. මම හාන්සි වෙද්දි ම ඌට ඇහැරුණා. හැබැයි ඌත් ලෝක කපටියෙක්. මොකද ඌ ඇහැ ඇරුණෙ නැති ගානට අනිත් පැත්තට හැරුණ.
මම හෙමිහිට උගේ දණහිසේ ඉඳල උඩට අතගාගෙන එද්දි ම එකපාරට ම බය වෙලා ඇහැරුණා වගේ ‘‘කවුද...?’’ කියාගෙන මගේ පැත්තට හැරුණ.
 
22Shadows22 by James Earley 2018 oil on canvas painting
‘‘කෑ ගහන්න එපා බං. පොඩ්ඩක් ඔහොම හිටහං. උඹට සල්ලි ඕන්නං දෙන්නං. පොඩ්ඩක් ඔය කලිසම බුරුල් කරහංකො...’’ කියල මං කිව්වෙ ඌත් ඔය අනිත් කොල්ලො වගේ පාඩුවෙ ඉඳිවි කියල. ඒත් මට වැරදුණා.
 
‘‘ඔහේට පිස්සු ද... මං මක්කටෙයි කලිසම බුරුල් කරන්නෙ... මට පාඩුවෙ ඉන්න දීල යනවයි යන්න. නැහ්නං ඔන්න මං කැගහනවා...,’’ කියල මූ මගේ ඇගට කඩං පැන්න නෙ...
කැගැහුවට නං වැඩක් නෑ. මේ වෙලාවෙ අපි වගේ එවුන් මිසක වෙන මොකෙක්කත් මේ ටවුන් එකේ කරක් ගහන්නෙ නෑ. ඒත් මට මේ කොල්ල ගැන මහ අමුත්තක් දැනුණ. ඒ නිසා ම මං  ආයෙත් ට්‍රයි කරා. මෙන්න ඒපාර මේකා ‘‘මාමෙ... මං මේ ඔහේට හොඳිං කියන්නෙ... මට මගේ පාඩුවෙ නිදාගන්න දෙනවයි,’’ කියල පොඩි තගක් දැම්ම.

මේ වගේ එවුන් ඕන තරං මෙල්ල කරල තියෙන නිසා මමත් ‘‘ඔහොම හිටහං බං ටිකක්... මං උඹව කන්නෙ නෑ. මට පොඩ්ඩක් දියංකො...’’ කියල උගේ ඇගට උඩින් කකුල් දෙක දාල වාඩිවෙලා කලිසම ගලවන්න හදද්දි ම එකපාරට ම මු මගේ උරහිසේ කොතන හරි මිරිකුවා. මට හුජ්ජ යන්න ආවා. මං දන්නෙත් නැතුව උගේ ඇඟටත් එහාපැත්තෙන් වැටුණෙ අත සම්පුර්ණයෙන් ම පණ නැතුව. මං අනිත් පැත්තට වැටිල අත උස්සගන්නවත් බැරුව වේදනාවෙන්  ඇඹරෙද්දි කොල්ල එකපාරට ම නැගිටල වාඩිවුණා. වාඩිවෙලා ‘‘ඒකනෙ මාමෙ මං ඔහේට කිව්වෙ... දැං ඉතිං මට කරන්න ඇහැක් දෙයක් නෑ. ඕක තව ඩිංගකින් හරියාවි.’’ කියල පත්තර කොළ ටිකත් අකුළගෙන නැගිට්ට. මං දැන් වෙද්දි දන්නව මූ නං ලේසි පාසු එකෙක් නෙවෙයි කියල. උගේ ඉස්සරහ පිංසෙණ්ඩු වෙනව ඇරෙන්න මට වෙන මොනවත්ම කරන්න ඉතුරු ඉතුරු වෙලා තිබු‍ණෙ නෑ.
 
Reid Tristan
‘‘අනේ කොල්ලො එහෙම කරන්නෙපා... මං ඔහේට ආයිත් කරදර කරන්නෑ... මගේ මේ අත හදහං කොල්ලො,’’ කියල මං කිව්වෙ ඌ ගැන මට පොඩි ඉවක් දැනුණ නිසා. ඒත් මේ යෝදය නම්මගන්න බැරි වුණා.
 
‘‘පිස්සුද මාමෙ... මං කොහොමද ඔහේ විස්වාස කරන්නෙ...? මං යනව එහා පැත්තට. බය වෙන්නෙපා... ඕක තව ඩිංගකිනං හරියාවි,’’ කියල කොල්ල යන්න හදනකොට ම මං බඩගාගෙන වගේ ගිහිං කොල්ලගෙ කකුල් දෙක අල්ලල ‘‘අනේ පුතේ මං උඹට මොකුත් කරන්නෑ... මගේ මේ අත ඇදුංකනව බං මේක හදහංකො,’’ කියල කනිපින්දම් කිව්ව. ඌ හිටගෙන ටිකක් වෙලා මගේ දිහා බලාගෙන හිටිය.  පාරෙ ලයිට්කණුවෙ එළිය එතනට වැටිල තිබුණෙ යාන්තමට වගේ. කොටින්ම මටත් හරියට උගේ මූණ පේන්නෙ නෑ. ඌටත් මගේ මූණ පේන්නෙ නැතුව ඇති. ඒත් ඌ බලාගෙන ඉන්නෙ මගේ මූණ දිහා කියල මට හිතුණ.
 
‘‘හරි මාමෙ... මං ඔහේගෙ අත හදන්නං... හැබැයි මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න ඕනෙ හොඳේ...’’
 
d7hftxdivxxvm.cloudfront
කොල්ල එහෙම කියන අතරම මගේ ළගින් වාඩි වෙලා ඌ අර කලින් තද කරපු තැනට මහපටඟිල්ල තියල ආයිත් තද කරා. බයටයි වේදනාවයි දෙකට ම මට ඉබේට ම කෑගැහුණ. ඒ එක්ක ම පිළේ නිදාගෙන උන්නු තව එවුන් කිපදෙනෙක් ම ඇහැරුණා. හැබැයි උං ඉතිං ඔය ටවුන් එකේ ම අතන මෙතන ලගින එවුන් නිසා උන්ට මේව අමුත් දේවල් නෙවෙයිනෙ. උං ආයිත් අනිත් පැත්ත හැරිල නිදාගත්ත. මං කැක්කුමේ ඇඹරෙනව ඒත්  කොල්ලට ගානක්වත් නෑ. ඌ හිනාවෙවි ‘‘දැං හරිය මාමෙ... රිදෙන්නෙ නැතෙයි’’  කියල ඇහුවෙ නිකං නක්කලේට වගේ.

එහෙම අහපු කොල්ල ඊට පස්සෙ ‘‘හරිනෙ එහෙනං... දැං මට මගේ පාඩුවෙ ඉන්න දීල ඔහේ යනවයි...?’’ කියල ඇහුවෙ ලොකු හපන්කමක් කරා වගේ. ඇත්තටමත් ඉතිං ඒක හපංකමක් තමයි.
 
මූ නං එසේ මෙසේ එකෙක් නෙවෙයි කියල මට හොඳට ම විස්වාසයි. ඒ නිසා ම මං ඌත් එක්ක පුළුවන් තරම් යාප්පුවෙන් ම කතා කරා.
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...