ජාතික ජනබලවේගය හා සමගි ජනබලවේගය අතර විවාදයක් සිදු නොවන්නේ පක්ෂ අතර ප්‍රතිපත්තිමය වෙනසක් නැති නායකයන්
එකිනෙකාට සම්මුඛ වුවහොත් පාර්ශ්ව දෙකම මහජනතාව හමුවේ හෙළිදරව්වීමට ඇති ඉඩ නිසා යැයි දීප්ති කුමාර ගුණරත්න Ideas front Youtube නාළිකාව හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
ඇමෙරිකාවේ රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ අතරත් එංගලන්තයේ ලේබර් හා කොන්සවේටිව් පක්ෂ අතරත් ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස්කම් ඇතත් අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස අතර ඇති වෙනස කලිසම හා සරම පමණක් යැයි ඔහු කීවේය.
හොරු ඇල්ලීම, රාජ්‍ය දේපළ පෞද්ගලීකරණයට විරුද්ධ වීම, බදු අඩුවෙන් ගැනීම මේ කණ්ඩායම් දෙකේම එකම සටන් පාඨ බව මේ සාකච්ඡාවට එක් වූ විපුල කරුණාතිලක පෙන්වාදුන්නේය.
දෛනික වැටුප රුපියල් 1700ක් කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව අභියෝගයට ලක්කරමින් වතු හිමියන් එම මුදලට සරිලන ලෙස ශ්‍රමයේ හෝ භූමියේ ඵලදායිතාව ඉහළ දැමිය යුතු බවට තර්ක කරද්දී වතු කම්කරුවන් වතු හිමියන් බවට පත්කරන්නේ යැයි කියන කතාවෙන් විපක්ෂ නායකවරයාගේ ආර්ථික විiාව පැහැදිලි වන්නේ යැයි ද විපුල කරුණාතිලක අවධාරණය කළේය.
1950 දී ලංකාවෙ ජනගහණය ලක්ෂ 70ක් සිටිද්දී හාල්වලින් 50%ක් ආනයනය කළ අතීතයක ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට හඳුන්වන ජවිපෙ හඳුන්නෙත්තිගේ ප්‍රකාශය ඊට නොදෙවැනි යැයි ද ඔහු කීවේය.
දේශපාලන නායකයන් සිය ප්‍රතිවාදීන් සමග ප්‍රතිපත්තිමය විවාදවලට සම්මුඛවීම ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය පෝෂණය කරන්නක් වුවද මේ තත්ත්වය මත වැඩි විභවයක් ඇත්තේ මෙවැනි විවාදයක් නොවීමට යැයි ද දීප්ති කුමාර ගුණරත්න වැඩිදුරටත් සඳහන් කළේය.






