1972 දී ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන් චීන සංචාරයක නිරත වීමට සහ චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භයට මුල පිරීමට හේතු වූයේ

සුළු සිදුවීමකි.

1971 දී පානයේ නගෝයා හි පැවැති ලෝක මේසපන්දු තරඟාවලියේ දී ඇමරිකානු මේස පන්දු ක්‍රීඩිකා  ග්ලේන් කොවුන්  (Glenn cowan) හා තෙවරක් ලෝක  ශූරතාවය දිනා ගත් චීන ක්‍රීඩික සුන් සේතුං (Zhuang Zedong ) අතර ඇති වූ මිතුදමත් සමඟ මෙම සබඳතා ආරම්භ විය.

ග්ලේන්  හට තමා ගේ කණ්ඩායමේ බස් රථය මගහැරී තිබූ අතර  ඇය වැරදීමකින් චීන ක්‍රීඩකයන් සිටි බස් රථයට ගොඩ වී තිබුණි. වැරදීමෙන් බස් රථයට ගොඩ වූ ග්ලේන් හට  චීන ක්‍රීඩක සුන් මිත්‍රත්වයේ දෑත් දිගුකොට ඔහුට සිල්ක් තිරයේ නිර්මිත හුන්ෂාන්  කඳු වැටියේ චිත්‍රයක් තෑග්ග කර තිබුණි

00935b537b8a46bb81b2fbc0e12d8248මහජන චීන සමූහාණ්ඩුව බිහි වීමෙන් පසු එක්දහස් නවසිය පනස් දෙකෙන් පසු චීනයට ඔලිම්පික් උළෙලට සහභාගි වීමට නොහැකි වූයේ ලෝක ඔලිම්පික් කමිටුව චීනය ලෙස  අවශ්‍ය නිල පිළිගැනීම  තායිවානයට ලබාදී තිබුණු බැවිනි.  1950 දී ආරම්භ වූ කොරියානු යුද්ධය හේතුවෙන් චීන ඇමරිකා සබදතා දැඩි ලෙස පිරිහී තිබිණි.

 විනාඩි 15 ක ස් ගමන දෙරටේ රාජත්‍රාන්තික සබඳතාවල ආරම්භය විය. මාධ්‍යවේදීන් ගලෙන්  ගෙන්  ඇසූ සමහර ප්‍රශ්න වලට ඔහුට උත්තර දීමට නොහැකි වූයේ දෙරට අතර තිබූ රාජ්‍ය තාන්ත්‍රික ගැටලුව හේතුවෙනි එහෙත් මෙය ඉතා හොඳ ආරම්භයක් විය.

1990 දී කියුබාවේ පැවැති ලෝක මේස පන්දු තරඟාවලියට කොරියානු   රාජ්‍යයන්දෙක ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත්  කිරීමද මෙම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වල දිගුවක් ලෙස සැලකිය හැකිය.

maxresdefault
චීන   රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක් ලෙස විදේශීය සත්වෝද්‍යාන වලට  පැන්ඩාවන්  ලබාදීම  panda  diplomacy යනුවෙන් ද හඳුන්වනු ලබයි. 1941 දී චීන විප්ලවය ටත් පෙර ඇරඹි මෙම  පැන්ඩාවන් ලබාදීම 1984 වසරේදී   චීන නායක ඩෙන් ශියාඕ පිං විසින් පැන්ඩාවන් ගේ අයිතිය වෙනුවට දීර්ඝකාලීන බදු පදනම කට ලබාදීම ආරම්භ කළේය.

   1972 දී ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන් චීනයට ගොස් චීන නායක  මාවෝසේතුං හා සාකච්ඡා කිරීම සංකේතවත් කිරීමට පැන්ඩාවන් දෙදෙනකු සහ maskox වර්ගයේ සතුන් දෙදෙනෙකු හුවමාරු කරගත්තේය.

   1984 දී චීනය දීර්ඝකාලීන බදු පදනම ආරම්භ කිරීමෙන් පසු  ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙලට පැන්ඩාවෙකු ලබාදුන්නේ මාසිකව ඩොලර් 50,000ක මුදලටය. 1991 සිට චීනය පැන්ඩාවන් ලබාදෙන්නේ වාර්ෂිකව ඩොලර් මිලියනයක මුදලටය. එම පැන්ඩාවන් ට දාව උපදින පැටවුන් ද චීන මහජන සමූහාණ්ඩුව සතු දේපලකි.

පසුගිය සතියෙ ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානයට ලක් වූයේ  ඇමරිකාවේ වොෂින්ටන් හි smithsonian සත්වෝද්‍යානයේ සිටි පැන්ඩාවන් තිදෙනෙකු ඇමෙරිකාවෙන් නැවත චීනයට ගෙන යෑමයි. ඇමරිකා එක්සත් ජනපදයේ සිටින අවසාන පැන්ඩා ඇට්ලන්ටා  සත්වඋද්‍යානයෙන් 2024 දී චීනයට යැවීමට නියමිතය. ඉන්පසු උතුරු ඇමරිකානු මහද්වීපයේම  පැන්ඩාවකු   ඉතිරිවන්නේ මෙක්සිකානු සත්වෝද්‍යානයේ පමණි.

Panda 2023.11.11ඇමරිකානු සත්වෝද්‍යාන වලින් ඉල්ලුමක් තිබියදීත් මෙම පැන්ඩාවන් නැවත චීනයට ගෙන යාමෙන් පිළිබිඹු වන්නේ දෙරට අතර පවත්නා රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවයි. ඇමරිකාවේ බොහෝ ආයතන වල රාජ්‍ය සේවකයන්ට  චීන  සමාජ මාධ්‍යයක් වූ ටික් ටෝක්  භාවිතය මෑතදී තහනම් වූ අතර  මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සේවකයන්ට ඇපල්  ජංගම දුරකථන භාවිතය තහනම් වූයේ ද දෙරට අතර පවත්නා වෙළඳ යුද්ධයේම   ප්‍රතිඵලයක් හැටියටය.

චීනය ඉතා මෑත දී තම මිතුරකු වන රුසියාවේ  මොස්කව් සත්වෝද්‍යානයට  පැන්ඩාවන් දෙදෙනකු ලබාදුන් අතර බෙල්ජියම ,පින්ලන්තය, ඩෙන්මාර්කය වැනි රටවලට පැන්ඩාවන් ලබාදීමට ක්‍රියා කලේද  මෑතදීය. මේ වන විට රටවල් 21ක සහ උද්‍යාන 27කට  චීනය විසින් පැන්ඩාවන් ලබා දී ඇත.

Rasanga
සටහන :
නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්