The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආර්ථික අර්බුදයක් මදිවට දෙයාකාරයකින් රත්වෙන පරිසරයකුත් - (ආචාර්ය සුජාතා ගමගේ)

T

The Leader Desk

June 16, 2023 • 10:00 AM

ආර්ථික අර්බුදයක් මදිවට දෙයාකාරයකින් රත්වෙන පරිසරයකුත් - (ආචාර්ය සුජාතා ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවාසනාවකට අවශ්‍ය අවධානයට ලක් නොවූ මෙම අනතුරු ඇඟවීමෙන් ඔවුන් සංක්ෂිප්තව කියා සිටින්නේ ඉදිරි වසර පහ තුල වාර්තාගත උණුසුම් තත්වයක් ඇති විය හැකි බවයි.
  • මේ වනවිට කැනඩාවේ ලැව්ගිනි මගින් උතුරු අර්ධගෝලයේ විනාශයක් ඇති කරමින් තියෙනවා.
  • විශේෂිත ගින්නක් හෝ ලැව් ගිනි ඇතිවීමක් කෙලින්ම දේශගුණික විපර්යාසවලට ආරෝපණය කිරීම අපහසුයි.
  • නමුත් දේශගුණික විපර්යාස සහ ලොව පුරා ලැව්ගිනි සංඛ්‍යාව සහ ඒවායේ බරපතලකම අතර පැහැදිලි සම්බන්ධයක් ඇති බවට ලැව් ගිනි විද්‍යාඥයෝ එකඟ වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අවාසනාවකට අවශ්‍ය අවධානයට ලක් නොවූ මෙම අනතුරු ඇඟවීමෙන් ඔවුන් සංක්ෂිප්තව කියා සිටින්නේ ඉදිරි වසර පහ තුල වාර්තාගත උණුසුම් තත්වයක් ඇති විය හැකි බවයි.

 130052250 23 06 06 feu334 brulage dirige genevieve poirier pf 044

කැනඩාවේ කිව්බෙක් ප්‍රාන්තයේ ලැව්ගිනි

ලොව පුරා වෙනත් ප්‍රවෘත්ති තුලින් ද මෙම අනාවැකි සපථ වෙමින් තියෙනවා. මේ වනවිට කැනඩාවේ ලැව්ගිනි මගින් උතුරු අර්ධගෝලයේ විනාශයක් ඇති කරමින් තියෙනවා.

විශේෂිත ගින්නක් හෝ ලැව් ගිනි ඇතිවීමක් කෙලින්ම දේශගුණික විපර්යාසවලට ආරෝපණය කිරීම අපහසුයි. නමුත් දේශගුණික විපර්යාස සහ ලොව පුරා ලැව්ගිනි සංඛ්‍යාව සහ ඒවායේ බරපතලකම අතර පැහැදිලි සම්බන්ධයක් ඇති බවට ලැව් ගිනි විද්‍යාඥයෝ එකඟ වෙනවා.

 FVDVJ xWUAEbKjE

ගෝලීය උණුසුම සමගම ආගමික හෝ වාර්ගික වශයෙන් පදනම් වූ ගැටුම් තුලින් ඇතිවන උණුසුම ද නොනැවතී ඉහළ යමින් පවතිනවා. මේ සියල්ල අපිට ලගා වන්නේ ආර්ථික ප්‍රශ්න වලින් පීඩා වෙමින් ඉන්න තත්වයක් තුලයි. මෙම ආර්ථික අර්බුද සහ දේශගුණික විපර්යාස යන ද්විත්ව පීඩාව අනික් අතට අපට මිනිසුන් වශයෙන් අප විසින් එකිනෙකාට කරුණාවන්ත වෙන්න ඕනී කියන පණිවිඩයත් ලබා දෙනවා කියලා මට හිතෙනවා.

ඉදිරි වසර පහ තුළ උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් 1.5 සීමාව ඉක්මවා යන්න පුළුවන් 

 

large 45P5CCPtKZg8dtCqP6xzQyytzLtY0Bk A1hhUcNXE1A 
2015 පැරිස් ගිවිසුමට අත්සන් කළ අය එකඟ වූයේ “මෙම සියවසේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පූර්ව කාර්මික මට්ටමට වඩා සෙල්සියස් අංශක 2 ට වඩා අඩු මට්ටමක තබා ගැනීමට සහ උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීම උත්සාහ කිරීමට” ය. මෙහිදී පූර්ව කාර්මික යුගය යනු 1850-1900 කාලය ලෙස සැලකේ. මෙම ඉලක්ක සපුරාලීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඒ සදහා රට රටවල් අතර හා රටවල් තුල නිරන්තර සංවාද මතවාද ඇතිවනු ඇත. මෙහිදී ඉදිරි වසර පහ ඇතුලත ගෝලීය උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාම කාලගුණ විපර්යාසයේ අනිසි ඵල අපට මතක කර දෙන එක්තරා විධියක වෙස්වළාගත් ආශිර්වාදයක් වෙන්නත් පුළුවන්.
 
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අනුව 2023-2027 සඳහා සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාම 1.1°C සහ 1.8°C අතර වන අතර යම් අවුරුද්දක මෙම උෂ්ණත්වයේ ඉහළ යාම 1.5°C සීමාව ඉක්මවා යාමේ ඉහළ සම්භාවිතාවක් තියෙනවා.
2023-2027 සඳහා පුරෝකථනය කරන ලද මෙම වැඩිවීමට වඩාත්ම බලපාන්නේ ගෝලීය උණුසුම සමඟ සෘජුව සම්බන්ධ නොවන පැසිෆික් සාගරයේ දේශගුණික රටාවක් වන එල් නිනෝ සංසිද්ධිය බවට් මෙහිදී මතක් කරන්න වෙනවා.

හේතුව කුමක් වුවත්, ඉදිරි වසර පහ තුළ දේශගුණික විපර්යාස යන්න අපට ඇඟට දැනෙන කාලයක් වෙනවා.

ආගමික සිද්ධස්ථාන ප්‍රශ්න නිසා ඇතිවන උණුසුම ඒ මදිවට
 
palalo

යාපනය අර්ධද්වීපයේ මැද පිහිටි පලාලි තිස්ස විහාරය ප්‍රදේශයෙන් ඕනෑම සිංහල ගමක පැවැත්වෙන පොසොන් උත්සවයක් පැවැත්වෙන පින්තූරයක් මම මෑතකදී පත්තෙරෙන් දැකලා අන්දුන්කුන්දුන් වුනා. පැහැදිලිවම ඒ සහභාගී වුන ජනතාව ජනතාව එහෙ අය නෙවෙයි. බලාගෙන යනකොට එම නටබුන්ව තිබුණු විහාරය ප්‍රතිසංස්කරණය කරලා පුළුල් කිරීම සම්බන්ධයෙන් පලාලි ප්‍රදේශවාසීන්ගේ විරුද්ධ වීමට ප්‍රතිචාරයක් හැටියට දකුණේ සිට බෞද්ධයන් එතනට රොක් වෙලා. ඒක එක විධියක සීතල යුද්ධයක්. හොඳ ලක්ෂණයක් නොවෙයි.
 
වාර්තා වන පරිදි යාපනය අර්ධද්වීපයේ දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද විහාර තුනක් - එනම් ජම්බුකොළ විහාරය, තිස්ස මහා විහාරය සහ පාචීනාරාමය ගැන මහාවංශයේ සඳහන් වෙනවාලු. මෙම ස්ථාන පැහැදිලිවම ඓතිහාසික වැදගත්කමක් ඇති තැන්. නමුත් වර්තමානයේ එම ප්‍රදේශ වල ජීවත් වන ජනතාවගේ අවශ්‍යතා හමුවේ මේවා ආරක්ෂා කිරීම කොතරම දුරට කෙසේ සිදු විය යුතුද යන්න කල්පනාවෙන් කරේ නැතිනම් මෙවැනි සීතල යුද්ධ දරුණු ප්‍රචණ්ඩත්වයකට යන්න පුළුවන්.
Kurundi temple2
 
 
තවත් සිද්ධියක් මුලතිව් වල කුරුන්දිමලේ විහාරස්ථානයේ නටබුන් ආශ්‍රිතව සිදු වූ බව අපි දැන ගත්තේ පසු ගියදා ඒ ගැන දෙමල ජාතික සන්ධානය විසින් ජනාධිපතිවරයා දැනුවත් කල අවස්ථාවේ. මෙම ඓතිහාසික විහාරස්ථානය සංරක්ෂණය කර පුළුල් කිරීම සඳහා අක්කර 270 කට වැඩි භූමි ප්‍රදේශයක් මායිම් කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පෞද්ගලික පුරවැසියන්ට අයත් ඉඩම් පවරා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා වෙනත් දකුණේ බලපෑම් කණ්ඩායමක් එක්ව ක්‍රියා කරලා තියෙනවා.
 
 
 
උතුරු හා නැගෙනහිර පළාත් අතර පිහිටි අනුරාධපුරය සහ පොළොන්නරුව කේන්ද්‍ර කර ගත් බෞද්ධ ශිෂ්ටාචාරයක දීර්ඝ ඉතිහාසයක් ඇති රටක මෙම පළාත් දෙකේ මෙසේ බෞද්ධ සිද්ධස්ථාන වල නටබුන් බොහොමයක් තියෙන්න පුළුවන්. ඒ තිබුනා කියලා මෑත කාලයේ පරම්පරා ගණනාවක් එහි ජීවත් වූ ප්‍රජාවන්ගේ අවශ්‍යතා නොසලකා හරිමින් ඒ ස්ථාන නැවත නගා සිටුවන්න පමණක් නොව තවත් පුළුල් කිරීමේ උත්සාහය රටේ ජනවාර්ගික සම්බන්ධතා වල උෂ්ණත්ව දර්ශකය අනවශ්‍ය ලෙස ඉහල නැංවීමක් නේ ද?
 
කුරුඳුමලේ විහාරස්ථානයේ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංරක්‍ෂණයේ අවශ්‍යතාවන් ප්‍රජාවගේ අවශ්‍යතා සමඟ තුලනය කළ යුතු බවට පැහැදිලි ප්‍රකාශයක් කිරීම හොඳ ආරම්භයක්. මෙහිදී මෙම විහාරස්ථාන වටිනා පුරාවිද්‍යා ස්ථාන ලෙස සංරක්ෂණය කළ යුතු බවට ඔහු එකඟ වූ නමුත් ඒ සඳහා අක්කර 270 කට වඩා වැඩි ප්‍රමාණයක්, ඇත්තටම අනුරාධපුරේ මහා විහාරය, අභයගිරිය හා ජේතවනාරාමය යන තුන් විහාර ප්‍රදේශයට වඩා බිම් ප්‍රමාණයක්, මෙම විහාරයට අවශ්‍ය ඇයි යන ඔහුගේ තර්කය එම ප්‍රකාශය තවත් තහවුරු කරා. 

අපි ඔක්කොම එක බෝට්ටුවේ පණිවිඩයට කාලය ද? 
 
84 unity

ඇපොලෝ යානයේ සිට මුල් වරට කළුවර අභ්‍යවකාශයේ ලස්සන නීල ගෝලයක් වගේ දිස්වී පෙනුන පෘතුවියේ දර්ශනයෙන් මොහොතකට හෝ අපි ඔක්කොම තවත් ඇපොලෝ යානයක ඉන්නවා වගේ හැගීමක් ලෝකය පුරාම ඇති කළා කියලා මම හිතනවා. කාලගුණ විපර්යාසයේ නියත ඵලය එක දිගට ඇඟට දැනෙන්න පටන් ගන්න මේ අවස්ථාව කාලගුණ විපර්යාසය නිසා අපි ඔක්කොම එක බෝට්ටුවේ කියන පණිවිඩය නිරන්තරයෙන් ඉදිරියට ගෙන යන්න අවස්ථාවක් කියලා මට හිතෙනවා.
 
ඊට අමතරව අපගේ දේපලවල අනියත බවත් අඛණ්ඩව සන්නිවේදනය කරන්න මේක අවස්ථාවක් කියල මම හිතනවා. අපි මේ මතබේද ඇතිකරගන්නා ඉඩම් ජලයෙන් යටවීමට හෝ වගා කළ නොහැකි වීමට පත්වීමට කොපමණ කාලයක් ගත වෙයිද? උදාහරණ ලෙස තවත් වසර 25-50 කින් රටේ එක් ප්‍රදේශයක් වාසයට නුසුදුසු තත්ත්වයට පත් වුවහොත් කුමක් කළ යුතුද? ඒ මිනිස්සු කොහේද පදිංචි කරන්නේ? අපි ඔක්කොම එක බෝට්ටුවේ ඉන්නවා යන හැගීමෙන් අනිකාට ඉඩක් ලබා දෙන විධියට ඉඩම් අයිතිය නැවත අර්ථ දැක්වීමට සිදු වෙන්න පුළුවන්.
ඇත්තෙන්ම ඉදිරි වසර පහ තුළ උෂ්ණ තරංගවලින් පීඩා විඳිමින් සිටින විට අපට මේ අපි ඔක්කොම එක බෝට්ටුවේ නේද යන්න පදනම් කරගනිමින් එකිනෙකාට කරුණාව දැක්වීමට පුරුදුවීම ගෝලීය උණුසුමට දිය හැකි විද්‍යාත්මක විසදුම් වලින් ඉහලින් සිටින විසදුමක් කියලා මම හිතනවා.


ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවලින් ගිලිහිනු සමාජ පිළිගැනීම නැවත ලබා ගැනීමට  නම් - (ආචාර්ය සුජාතා ගමගේ)(ආචාර්ය සුජාතා ගමගේ)
සම සම්බන්ධීකාරක
ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය

gamage@gmail.com


Anida


JW

ආචාර්ය සුජාතා ගමගේ

ප්‍රතිපත්ති විශ්ලේශිකා

ආචාර්ය සුජාතා ගමගේ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂකවරියක සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවක ලෙස ප්‍රකට වන අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, රාජ්‍ය පාලනය, මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් සාක්ෂරතාව වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදහස් හා පර්යේෂණ දායකත්වයක් ලබා දී ඇත. ඇය TVEC හි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක් මෙන්ම Education Forum Sri Lanka හි සම-නිර්මාතෘවරියකි.

View all stories by ආචාර්ය සුජාතා ගමගේ
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...