දෙවන අරගලය දැනටමත් ඇරඹී තිබේ යැයි මීට මාසයකට කලින් මම කීවෙමි. කී ලෙසම දැන් පොහොට්ටුවට හතර වටෙන්ම පහර දීම ක්‍රමයෙන්

උත්සන්න වෙමින් තිබේ. හදිසියේ දුන් බෙදුණු නඩු තීන්දුව යොදා ගනිමින් රාජපක්ෂලා ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලතම සාමාජිකයන්ගේ ප්‍රජා අයිතිය තහනම් කර ජාත්‍යන්තර දඬුකඳේ ගැසීමට සියල්ල සූදානම් බව පෙනේ. මේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ 2022 අරගලයේ දෙවන අදියරයි.

අරගලය යනු දේශපාලන බල ව්‍යාපෘතියක් පමණක් බව අප මුල සිටම කීවෙමු. එහි ඒකායන අරමුණ ලක්දිව බෞද්ධ සිංහලයන්ගේ බලය සදහටම අවසන් කිරීමයි. අරගලයට සම්බන්ධ වූ සියලු පාර්ශව එකතු කළ පොදු සාධකය එයයි. අරගලය සැලසුම් කළ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්, අරගලයට මුදල් පොම්ප කළ දෙමළ කොටි ඩයස්පෝරාව, අරගලකරුවන්ට කන්න බොන්න දුන් ඉස්ලාම් අන්තවාදීන්, බෝර්න් අගේන් කල්ලි පිල්ලි, කාලකන්නි කාදිනලගේ කතෝලික පල්ලිය, දේශීය ආර්ථික ක්‍රමයට විරුද්ධ නියෝලිබරල් NGO ගෝත්‍රිකයන්, ඇමරිකන් ජූලිගේ දකුණු තනෙන් කිරි බොන ජවිපෙ සහ වම් තනේ උරන අන්තරේ ඇතුළු සියලු අරගල පාර්ශවකරුවන් එකමුතු වූයේ බෞද්ධ සිංහලයන්ගේ බලය අවසන් කිරීමටයි. ඔවුන් ඒ සැඟවූ පොදු අරමුණ එදා ඕමල්පේ සෝභිත නමැති භික්ෂු වේශධාරී පරයාගේ මුවින් උද්දාමයට පිට විය.

Awantha 2023

 බෞද්ධ සිංහලයන්ට නායකත්වය අවශ්‍යයය. නායකයෙකු නොමැති කල බෞද්ධ සිංහලයා අසරණ වේ. ඉතිහාසයේ සිටම අපගේ හැටි එසේය. මේ යුගයේ බෞද්ධ සිංහලයන්ට නායකත්වය දෙන්නේ රාජපක්ෂවරුන්ය. දෙමළ කොටි ත්‍රස්තවාදීන් සහ ඉස්ලාම් අන්තවාදීන් පරාජය කර රට එක්සේසත් කර බෞද්ධ සිංහලයන්ට විමුක්තිය දිනා දුන් මහින්ද-ගෝඨාභය-රෝහණ ත්‍රිත්වය යනු තවමත් මෙරට සුවහසක් බෞද්ධ සිංහලයන් හදවතින් පිළිගන්නා නායකත්වයයි. බෞද්ධ සිංහලයන්ගේ බලය තීව්‍ර වූයේත් තවමත් රැඳී පවතින්නේත් රාජපක්ෂවරුන් නිසාය. එබැවින් බෞද්ධ සිංහල බලය බිඳීමට නම් රාජපක්ෂවරුන් මුලිනුපුටා දැමිය යුතුය යන්න සතුරාගේ පදනමයි.

 image 3b9af300862022 අරගලයේ ඉලක්කය වූයේ රාජපක්ෂ ත්‍රිත්වය ඝාතනය කරවීමයි. හිරුනිකා ප්‍රේමචන්ද්‍රට පැවරුණු රාජකාරිය වූයේ එම ඉලක්ක වෙත ප්‍රාණඝාතක අරගලකරුවන් යොමු කිරීමයි. ඇමරිකානු උපදේශකයන් විසින් ඉගැන්වූ එම උපක්‍රමය සාර්ථක විය. මැයි නවවැනිදා මහින්ද රාජපක්ෂත් ජූලි නවවැනිදා ගෝඨාභය සහ රෝහණ රාජපක්ෂත් මරණයෙන් ගැලවුණේ අනූනවයෙනි.

නමුත් “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියා ප්‍රාණ ඝාතනයට න්‍යායන් හැදූ නිර්මාල් දේවසිරි පවා නොසිතූ ලෙස රාජපක්ෂවරුන්ගේ ජීවිත බේරිණි. ගෝඨාභය ඉතා දැඩිව විශ්වාස කළ සිය සමීපතම ආරක්ෂක ප්‍රධානියා පවා ඔහුට ද්‍රෝහී විය. සැලසුම එතරම් ගැඹුරුය. බියකරුය. නමුත් අවසන් නැත.

ඒ සියල්ලෙන් පසුවත් මෙරට බෞද්ධ සිංහලයන් තවමත් රාජපක්ෂවරුන් සමග සිටිනා බව සතුරා දනී. එය ගහට පොත්තත් පොත්තට ගහත් මෙන් Screenshot 2023 11 18 at 1.41.27 PM removebg previewබද්ධව පවතින ඓතිහාසික ඓන්ද්‍රීය ඓශ්චර්යමත් සම්බන්ධයකි. එබැවින් රාජපක්ෂවරුන් විනාශ නොකර බෞද්ධ සිංහල බලය විනාශ කළ නොහැකිය. වසර 15 ක් මෙරට ආණ්ඩුවල ඇමතිකම් දරා ඇති නමුත් ඊයේ පාර්ලිමේන්තු පැමිණියා මෙන් රට හදන හැටි කියවන චම්පකයා “පොහොට්ටුව විසුරුවා හැර රාජපක්ෂවරුන්ට දේශපාලනයෙන් ඉවත් වෙන්න” කියන්නේ ඒ නිසාය. (අවුරුදු 10 ක් මහින්දගේ ආණ්ඩුවේ ඇමතිකම් දරලා තව අවුරුදු පහක් සිරිසේනගේ ආණ්ඩුවේ ඇමතිකම් දරලා පොල් ගෑවද චම්පක?) වැඩි තණ්හාවට ගොස් පාර්ලිමේන්තු අසුන පවා අහිමි කරගත් ඉස්ලාම්වාදී ත්‍රස්තානුකම්පක මුජිබරයා පළමුව චැනල් හතර නරි නාටකය හරහා රාජපක්ෂවරු සිරගත කරන්න උත්සාහ දරා බැරි වූ තැන “රාජපක්ෂවරුන්ට දැන්වත් ඉවත් වෙන්න” කියා අඬන්නේ ඒ නිසාය. රාජපක්ෂවරුන් සිටිනා තාක් කල් මෙරට බෞද්ධ සිංහලයන් ඔවුන් වටා රොද බඳින බව සියලු දෙනා දනී.

පාර්ලිමේන්තුවේදී ප්‍රේමදාස පුත්‍රයා “රාජපක්ෂවරුන්ගේ සිවිල් අයිතිවාසිකම් ඔවුන්ගෙන් ගලවා ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කර දඬුවම් කරන්න” කියා ජනපති රනිල්ට කියන්නේ ඒ නිසාය. 2019 ජනපතිවරණයෙන් පැරදී ප්‍රාණ බයෙන් ගෝඨාභයට කතා කර හොටු පෙර පෙර අඬපු මඩ ගෙම්බෙක් ගිය උඩ! (ඒවා කරගන්නට ඕන වුණාම නම් රනිල් හාමු හොඳයි නේද සජිත්?)

siri2

1982 ජනපතිවරණයෙන් කපටි ජේ ආර් ජයගත්තේ සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඇයව තරගයෙන් ඉවත් කිරීමෙනි. ප්‍රේමදාසට හෝ අනුරට හෝ රනිල්ට හෝ කාට හෝ ඊළඟ ජනපතිවරණය ජයගත හැක්කේ රාජපක්ෂවරුන් තරගයෙන් ඉවත් කිරීමෙන් පමණක් නොව, පිටියෙන්ද ඉවත් කිරීමෙනි.

දෙරණේ කැළණි නයාට පවා උවමනා කරන්නේ රාජපක්ෂලා සමූලඝාතනය කිරීමටයි. මුල සිටම ඔහුගේ අරමුණ වුණේ එයයි. 2018 වසරේ පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ එජාප ඡන්ද ව්‍යාපාරය කළේ දිලිත් සහ වරුණි ය. එය රාජපක්ෂවරුන් නැවත මතුවීම වැළැක්වීමට ගත් උත්සාහයකි. නමුත් මහලොකුවට කට කියවන දිලිත්-වරුණිගේ ඡන්ද ව්‍යාපාරය නින්දිත ලෙස පරාජය කරමින් මෙරට බෞද්ධ සිංහලයන් බැසිල් රෝහණ හැදූ පොහොට්ටුව වටා එක මිටට එකතු විය.

Gota Dilth

රෝහණ සමග දිලිත්ට තිබෙන්නේ ඒ වෛරයයි. ඒ අනුව ඔහු කළේ රාජපක්ෂ ත්‍රිත්වය බිඳීමට සැලසුමක් ක්‍රියාත්මක කිරීමයි. එය නම් කළේ “ගෝඨාගෙන් සාටකය ගැලවීම” කියාය. ගෝඨාභය සහ මහින්ද අතරත්, ගෝඨාභය සහ රෝහණ අතරත් නැති අර්බුද නිර්මාණය කර මාර්කට් කළ දිලිත් ඒ හරහා බෞද්ධ සිංහල බලවේගය ඇතුළේ බෙදීම් ඇති කිරීමට සමත් විය. මොළේ බරට අතේ තියාගෙන යන නලින් ද සිල්වා වැන්නවුන් පවා එම සැලසුමේ ගොදුරුය.

343030097 528632962811395 3930769879954412718 n

 විමල් වීරවංශ අනෙකාය. කොන්ඩේ බැඳපු චීනාගේ චීන් චූන් චෑන් බහට රැවටී රාජපක්ෂවරුන් විනාශ කර බෞද්ධ සිංහල බලය විනාශ කරන මෙහෙයුමේ විශාල කාර්යභාරයක් ඔහු සහ ඔහු වැනිම කොට ජීවිත ගෙවන ගම්මන්පිලවා සහ ඩලස් වැන්නවුන් විසින් යසට ඉටු කර දී තිබේ. (හෘදය සාක්ෂිය වහගන්නට 9 ය ගැන පොත් ලියුවාට සත්‍යය වසන් කරන්න බැහැ විමල්) සරලව කිවහොත් අරගලයට වචනයකින් හෝ සහාය දැක්වූ සෑම අයෙකුම ලක්දිව බෞද්ධ සිංහල බලය විනාශ කිරීමට දායක වූ අව ජාතක පරයෙකි.

දැනටමත් බෞද්ධ සිංහලයාට මහත් කෙනෙහිලිකම් සිදු වෙමින් තිබේ. උතුරු නැගෙනහිර බෞද්ධ සිංහල උරුමයන් නැවතත් විනාශ කෙරෙමින් තිබේ. බෞද්ධ සිංහල සංස්කෘතිය අමු අමුවේ විනාශ කරමින් තිබේ. සිංහල දරුවාට සිංහල වීම නිසා ශිෂ්‍යත්ව විභාගයෙන් පවා දෙමළ දරුවා ඉදිරියේ අසාධාරණයට ලක්වීමට සිදුව තිබේ. රාජපක්ෂවරුන් දුර්වල වෙන්න වෙන්න මෙරට බෞද්ධ සිංහලයාත් ඊට සමගාමීව දුර්වල වෙමින් තිබේ.
z pi Biz1මේ සියල්ලෙන් පසුවත් රාජපක්ෂ ත්‍රිත්වය තවමත් බෞද්ධ සිංහලයන් වෙනුවෙන් පෙනී සිටී. එය අහම්බයක් නොවේ. එය කර්මානුරූපීය. එය ඔවුන්ට මගහැරිය නොහැකි ඓතිහාසික යුතුකමකි. බෞද්ධ සිංහලයන්ට මේ යුගයේ විමුක්තිය දීමෙන් පසුව සිය දෙඇස් පියවෙන තුරු එය විනාශ වී යෑමට ඔවුන්ට ඉඩහැරිය නොහැකිය. ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉවත් වූ සාධාරණ හේතුව මා දනිතත්, එදා ස්වර්ණමාලී චෛත්‍ය ඉදිරියේ දුන් පොරොන්දුවෙන් ඔහුට ගැලවීමට නොහැකිය.

ධර්මය අපට මග වේවා!

eranda. ginige
(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023 නොවැම්බර් 17

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image