ලංකාව තුල අදවනවිට උද්ගතවී ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ ගතයුතු මාර්ග හැටියට අපට ඉතිරිවී ඇති

IMF වෙත යාම සහ IMF නොයා ආර්ථිකය ගොඩගැනීමේ උපායමාර්ග ගතයුතු බවට වන සංවාදය ඉතා තදබල අයුරින් අප සමාජයේ සංවාදාත්මක හා විවාදාත්මක මාතෘකාවක් බවට පත්වී ඇතිබව අප කවුරුත් දනිමු.

මෙහිදී ලාංකීය වාමාංශිකයින් බහුතරය සහ සමහර විද්වතුන් ගේ අදහස IMF යනු "මර උගුලක්" බවයි. එහෙත් මේ වනවිට ලාංකීය දේශපාලන සංදර්භය තුලදී මෙම විවාදය කරලියට නැගෙද්දී, ලෝක මට්ටමේ පැනනැගී ඇති සංවාදය කුමන ආකාරයේදැයි සලකා බැලීම මෙම ලිපියේ අරමුණයි.

1971 දී පිහිටුවාගත් "World Economy Forum" නැමැති රාජ්‍ය නොවන, ධනකුවේරයින් කිහිපදෙනෙක් විසින් පිහිටුවාගත් ආයතනය ගැන මම ඔබගේ අවධානය මොහොතකට ගෙනයමි.

Bill Gate

මෙම World Economic Forum හි නිර්මාතෘ මෙන්ම සභාපති වන්නේද අදවනවිට බිලියනපතියෙකු බවට පත්වසිටින මහාචාර්ය වරයෙකුවන Klaus Schwab නැමැත්තායි. මොහුගේ ප්‍රමුඛත්වය ඇතිව ගොඩනැගූ මෙම සංවිධානයේ අදවනවිට මෙහෙයවීම් කරනු ලබන්නේ බිල් ගේට්(Bill Gate), ජෝර්ජ් සොරොස් (George Soros) වැනි ධනකුවේරයින් ප්‍රමුඛ බිලියනපතියන් කීපදෙනෙකුගේ අතිවිශාල ප්‍රාග්ධනන් ඇති සමාගම් 25 පමණ ප්‍රමාණයකින් සෑදුන ඔලිගාකියක් (Oligarchy) මගිනි. මොවුන්ගේ ගියවසරේ ආදායම් සැලකූවිට ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 20ක් වන අතර මුළු ඇමරිකාවේමත් GDP එක ට්‍රිලියන 23 කි. එනම් මෙම කිහිපදෙනාගේ ආදායම් ලෝකයේ අංක එකේ ධනපති රටේ ආදායමට ආසන්නව පවතී.



එහෙත් ගැටළුව නම් මේ බිලියනපතියන් මෙසේ World Economy Forum හරහා කිරීමට යන්නේ කුමක්ද යන්නයි. මොවුන්ම පවසන පරිදි, ඔවුන් සිදුකිරීමට යන්නේ ලෝකය ශේප් අප් කිරීමටයි.(shape up the world)

මේ ශේප් අප් කිරීම යටතේ මොවුන් කුරුමානම් අල්ලන්නේ ලෝක ආර්ථිකය හැසිරිවීමේ සුක්කානම තම අතට ගැනීමටයි. ඊට අවශ්‍යවන සියලු වර්ගයේ පදාසයන් තම කොන්ට්‍රෝල් එකට ගෙන රාජ්‍ය යන්ත්‍රයට පිටතින් ඔවුන් අතේ තබාගෙන පාලනය කිරීමටත් එමගින් ලෝකය හැසිරවීමටත් මොවුන් මාන බලයි. ලොව කීපවරක්ම බිලියනපති ලිස්ට් එකේ මුලටම පැමිණි බිල් ගේට් සැලකුවහොත්, ඔහු 2000 ට කලින් කවුරුත් දන්නා මයික්‍රොසොෆ්ට් කොම්පියුටර් සොෆ්ට්වෙයා හිමිකරු වූවද 2000න් පසු ඔහු හිටිහැටියේ වයිරස් පිළිබඳ සමීක්ෂණ කිරීම සඳහාත්, එන්නත් සොයාගැනීම සඳහාත් අතදිගහැර මුදල් වැයකරන්නට වූ අතර ඉන් අනතුරුව හිටි හැටියේ කෘෂිකර්මය නගාසිටුවීමට යැයි කියමින් ඉඩම් මිලඳී ගැනීමට මුදල් යොදවා මේවනවිට ඇමරිකාවේ අක්කර දෙලක්ෂ පනස්දාහකට අධික ප්‍රමාණයක් අත්පත්කරගෙන ඇත.

ඒ සමගම ඔහු ආහාර බෙදාහැරීම සහ ආහාර නිෂ්පාදනය සඳහාද මහාපරිමාණයෙන් මුදල් යොදවමින් සිටී. ඒ අතරම බිල්ගේට් පදනම මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්වී රටවල් 50 ක පුද්ගලයින්ගේ වසර 5ක් තුලදී හැඳුනුම්පත් ඩිජිටල් කරණය කිරීමේ මෙහෙයුමක යෙදී සිටී.


Brain Chipjpg
ඊට අමතරව ප්‍රකට බිලියන පතියෙකු වන ඊලොන් මස්ක් විසින් මොළයට චිප් එකක් ඇතුලු කිරීමේ පර්‍යේශණ සඳහා සිය මුදල් ආයෝජනය කරමින් සිටී. ඊට අමතරව වාහන නිෂ්පාදනය සියතට ගැනීමේ මෙහෙයුමක්ද අරඹා ඇති Elon Musk ලොව වටා ඉතා ජනප්‍රියවූත්, මිළ අධිකමවූත් "ටෙස්ලා" වාහන ලොවට හඳුන්වාදෙමින් සිටී. එසේම ඔහු විසින් මෑතකදී ට්විටර් (Twitter) ගිනුමද බිලියන 43 කට පමණ මිලදී ගන්නා ලදී. එහෙත් ඊලොන් විසින් මෙය මිළදීගැනීමෙන් පසු සෙසු බිලියනපතියන් සමඟ ඇති ආරවුලක් නිසා ඔහුගේ ට්විටර් මගින් අනෙත් අයගේ ප්‍රචාරක කටයුතු කිරීම වර්ජනය කරතිබුනද ඊලොන් මස්ක් ඒගැන සසලවූ බවක් නොපෙනේ. මෑතක පැවති මාද්‍ය සාකච්චාවකදී ඔහු කියාසිටියේ ඔවුනට කුදගහගන්නා ලෙසයි.


දැන් මොවුන් ඊලඟට හදුන්වාදෙමින් සිටින්නේ "මස්" වෙනුවට විකල්පයක් ලෙස "බියොන්ද මීට් (beyond the meat) සංකල්පයයි. ඒ අනුව ඉදිරියේදී මස් කෑම වෙනුවට ඊට වෙනත් ආදේශකයක් වෙළඳපොලට එනු ඇත. විවිධ විශේෂඥයෝ ඒවා ඉතාම හොඳ බව කියනු ඇත. ලොවපුරා ඒවාට උන්මාදයක්ද නිර්මාණය කරනු ඇත. ඒ අනුව ඒවාගේ භයානක පැත්ත හෝ සෞඛ්‍යයට නුසුදුසු පැත්ත ඔබගෙන් වසන් කරනු ඇත. ඒ අනුව ලෝක ජනතාවට කෑමට ගැනීම සඳහා තේරීමට ඇත්තේ මොවුන් හඳුන්වාදෙන කෑම පමණක් වියහැක. එපමණක් නොව මේ බිලියන පතියන් කීපදෙනා ලෝකය ගෙනයන දිශාව සලකා බැලුවහොත් එය ඉතා භයානක වියහැකි බවද කිවයුතුය.

fb
අප කවුරුත් දන්නා පරිදි ෆේස් බුක් භාවිතා කරන අපවෙත එහි අයිතිකරුවන්ගේ නීතිරීති මාලාවක් පිළිපැදීමට සිදුවෙයි. මේ අනුව ඒවා උල්ලංඝණය කරන්නෙකුට සති හතරක හෝ දින 90 වක ෆේස් බුක් තහනමක් අත්විඳීමට සිදුවේ. ඒ නීති රටේ නීතිවලින් පිටත ඇති එහෙත් ඉතා බලසම්පන්න නීති බවට පත්වී ඇතිබව අපි දනිමු.

එසේම ඉදිරියේදී වාහන භාවිතාවේදීද අප යම් දෙයක් උල්ලංඝනය කරන්නේද අපගේ වාහනය එලවීම සති කීපයකට තහනම් වනුඇත. නැවත වාහනය පනගැන්විය හැක්කේ මේ වාහන නිකුත්කරන සමාගම් විසින් අපට දෙන Password එකක් මගින් පමණකි. මේ ආකාරයට සෑම ක්ෂේත්‍රකම කන්ට්‍රෝල් එක එකී බිලියනපතියන්ගේ හවුලක් මගින් පාලනය වනුඇත. දැනටමත් සමහර රෝගීන්ගේ හඳවත් සහ සමහර අංගෝපාංග බැටරි මගින් පාලනය වේ. කාලයක් ඉක්මගිය පසු මේ බැටරි නැවත චාර්ජ් කිරීමට හෝ රිප්ලේස් (replace) කිරීමට වසර කීපයකට පසු ඉතාලියට හෝ ජර්මනියට යෑමට සිදුවේ.

මේ දැන් පවත්නා තත්වයයි. ඉදිරියට මොලයේ චිප් එක සහ ශරීරයේ විවිධ අංශ ක්‍රියාත්මක වීම සඳහා නිපදවන චිප් වල පේට්‍රන් බලපත්‍ර මෙන්ම සම්පූර්ණයෙන් ඒවා පාලනය කිරීමේ අයිතිය ඒවා නිපදවන මේ බිලියනපති හවුල මගින් සම්පුර්ණයෙන් මෙහෙයවනු ලබයි. එවිට ඒවාට රජයන් මගින් මැදිහත් වීමට හෝ පාලනය කිරීමට කිසිදු ඉඩක් නොලැබේ. දැනුදු පවා මේ බිලියන පතියන් බොහෝ රටවලට වඩා ඉතා බලවත් බැවින්ද විවිධ රටවල්වල දේශපාලකයින් මේ බිලියනපතියන්ගේ මුදල් වලට යටවෙන බැවින්ද, ඔවුන්ගේ වැඩපිලිවෙලවල් වලට රාජ්‍යයන්ගේ බාධාව එතරම් බලවත් නොවේ.


WEF
වෙනකක් තබා ඇමරිකාවේ සෙනේට් මංඩලයද මෙම World Economic Forum  වෙතට මහජන මුදලින් ආධාරදීම අනුමතකොට ඇති අතර මෙකී බිලියනපතියන්ගේ ඩොලර් ට්‍රිලියන ගණනින් ඇති ආයතන නඩත්තුව සඳහා මහජන බදු මුදල් වියදම් කිරීමද එක් අතට විහිලුවකි. නමුත් මෙතනින් කියවෙන්නේද ඔවුන් කොතරම් බලවත්ද යන්නයි.


අනිත් කාරණය නම් මේ වනවිට මේ බිලියනපතියන් පෞද්ගලික හමුදා පවත්වාගෙනයාම අරඹා තිබීමයි. රුසියන්-යුක්‍රේන් යුද්ධයේදී අප පළමුවරට බිලියනපතියෙකු විසින් ගොඩනැගූ පෞද්ගලික හමුදාවක් යුද්ධයට සම්බන්ධ වන අයුරු දුටුවෙමු. ඉදිරියේදී මෙම පෞද්ගලික හමුදා ප්‍රමාණය ඉතා විශාල වශයෙන් පැතිරෙනු ඇත. ඉතා නුදුරේදීම මෙම බිලියනපතියන්ගේ හවුල මගින් මෙහෙයවන හමුදා බොහෝ රටවල ඇති සාමාන්‍ය හමුදාවලට වඩා බොහෝසෙයින් බලවත් වනු ඇත. මෙම හමුදා වලට අතිනවීන යුධ උපකරණ හඳුන්වාදෙනු ඇත.

එසේම අනිත් කාරණය නම් මේ බිලියනපතියන්ගේ ඊලඟ වෑයම වන අභ්‍යාවකාශයේ කර්මාන්ත ඇතිකිරීමේ වෑයමයි. අභ්‍යවකාශ ශටලයන් (Air Bus) මගින් ද්‍රව්‍ය ඉහල පහල ගෙනයාමට අවශ්‍ය කෘතිම ඉනිමගක් ලෙසින්වූ ගමන් මාර්ගයක් යොදාගැනීමේ හැකියාවද ඔවුන් විමසා බලමින් සිටී.



මේ සියලු ආකාරයේ ක්‍රියාවල් හරහා සිදුකරමින් යන්නේ ධනවාදය shape up කිරීම බවනම් ඉතා පැහැදිලිය. මේ වනවිට පවත්නා ධනවාදය අර්බුධයෙන් අර්බුධයට ගොස් ඇතිබව සක්සුදක් සේ පැහැදිලිය. එසේනම් ධනේශ්වර රටවල් කේන්ද්‍රකොටගෙන ඒවායේ ධනපතියන් මගින් හසුරුවන ප්‍රාග්ධනය මගින් වෙළඳපොල ගෙනයන නිදහස් ධනවාදය වෙනුවට, බිලියනපතියන් සමූහයකගේ එකතුව මගින් ඔවුන් කේන්ද්‍රගත වී ගෙනයන ධනවාදය ඔවුන්ගේ පාලනය තුලින් මනාසේ අර්බුදයට ලක්නොවී තව බොහෝකලක් ගෙනයා හැකිබවට ඔවුන් අදහස් කරනවා වියහැක.



කෙසේ වෙතත් මෙය, ධනවාදය පෙරලාදමා සමාජවාදය ඇතිකරලීමට උත්සාහ කරන්නාවූ වාමාංශිකයින්හට මේ ක්‍රියාවලිය එතරම් හොඳ ආරංචියක් විය නොහැක. මක්නිසාදයත් විශේෂයෙන් ලාංකීය වාමාංශිකයින්ද විශේෂයෙන් අරගල කරන්නේ පවත්නා සාම්ප්‍රදායික ධනවාදය සමග මිස මේ කෝපරේට් ධනවාදය සමඟ නොවේ. උදාහරණයක් ලෙස ගතහොත් අද ලාංකීය වාමාංශිකයා IMF හඳුන්වන්නේ "මර උගුලක්" ලෙසය. එහෙත් IMF සතුව ඇති වත්කම් බැලූකල ඔවුන් හට ඇත්තේ SDR 983 බිලියන් හෙවත් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 925 ක ප්‍රමාණයකි. එහෙත් ඉහතකී Vanguard, Blackrock, බිල්ගේට් පදනම, වැනි සමාගම් 25 ක මේ බිලියනපතියන්ගේ හවුල මෙහෙයවන "World Economic Forum" හි වත්කම ඩොලර් ට්‍රිලියන 20 ක් පමණවේ.

තව කාරණයක් වන්නේ IMF තුල ඇත්තේ ඒ ඒ රටවල මහජනයාගේ බදු මුදල් සහ IMF පාළනය වන්නේ යම්කිසි රජයන්ගේ මෙහෙයවීමකින් සෑදුනු නිලධාරී තන්ත්‍රයක් මගින් ඌවද මේ World Economic Forum පාලනය වන්නේ කෙලින්ම මේ බිලියනපති හවුල හරහාය. එය කිසිවිටෙක රජයකට හෝ ජනතාවට වගනොකියයි. මේ බිලියන පතියන්ගේ අපසතුව ඇත්තේ ඔවුන් ප්‍රකාශකල වත්කම් පමණි. ඔවුන්ගේ වත්කම් ප්‍රකාශ කිරීම අනුව, Elon Musk-241.1 ඩොලර් බිලියන්, Bernard Family- 191.9 ඩොලර් බිලියන්, Jeff Bezos-166 ඩොලර් බිලියන්, Larry Ellison-146.4 ඩොලර් බිලියන්, Warren Buffett-120.5 ඩොලර් බිලියන්, ආදිවශයෙන් අදවනවිට බිලියනපති ලිස්ට් එකේ පවතී. නමුත් ඔවුන්ගේ හැබෑ වත්කම් කිසිවෙකු නොදනී.


marx jvp
මීට බොහෝ කලකට පෙර කාල් මාක්ස් විසින් ධනවාදය තරඟ කාරිත්වය තුල ඇදී යනහැටිත්, ඉන් පසුව ඒකාධිකාරී ස්වභාවයක් ගනිමින් ලොකු ධනවතුන් කුඩා ධනපතියන් ගිලගන්නා හැටිත්, අවසානයේ කෝපරේට් ආකාරයක් මේ ධනවාදය තුල ඇතිවන හැටිත් පෙන්වාදෙනු ලැබීය. මේ තත්වය ලාංකීය වාමාංශිකයින් හරිහැටි වටහාගෙනවත් ඇත්දැයි සැකසහිතය. ඔවුන් තවමත් අරගල කරන්නේ අතිජාතික වාමාංශික රාමුවක සිටිමින් "රනිල්" පන්නාදැමීමේ මෙහෙයුමකය.



එහෙත් ඇමරිකාව තුලමත් මේ ඔලිගාකි බිලියනපති සමූහයට විශාල විරෝධයක් ඇතිවෙමින් තිබේ. එබැවින් මේ බිලියන පතියන්ගේ ක්‍රියාකාරිත්වය හඳුනාගෙන ඊට එරෙහිව සාමූහික ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කාලය එළඹ ඇතිබවද විශේශයෙන් මතක් කර දිය යුතුය. එසේ නොවන්නේ නම්, ඒ නොසලකාහැරීම හරියට පෘතුවිය මෙන් කීප ගුණයක ඇස්ට්‍රොයිඩයක් තව සතියකින් පමණ පෘතුවියට කඩාවැදීමට නියමිතබව පැවසූ විටෙකත් ලාංකීය වාමාංශිකයා ඒවා නොතකා රටේපාලකයා පැන්නීමට දඟලමින් සිටිනවා මෙන් විය හැකිය.

Ranjana Senanayaka(රන්ජන සේනානායක)
සමාජ හා දේශපාලන විශ්ලේශක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(07/12/23)

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්