යුක්රේනයේ රුසියානු ආක්‍රමණය ආරම්භ වෙලා වසර දෙකක් සම්පූර්ණ වෙද්දී දෙපාර්ශවයටම බරපතල හානි වෙලා.

අවුරුදු දෙකක් ගිහිල්ලත් එක පාර්ශවයකට වත් බරපතල ජයග්‍රහණයක් නැතත්, යුක්රේනයේ බොහෝ පළාත් විමාශ වෙලා. දෙපැත්තෙන්ම ලක්ෂ ගාණක ජීවිතත් අහිමි වෙලා.

ඒත් යුද්ධය ඉක්මනින් නිමාවෙන හැඩක් නම් දකින්න නැහැ.

මේ යුද්ධයේදී යුක්රේනය වෙනුවෙන් සටන් කරපු ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකුටත් ජීවිත අහිමි වුනා. මේ වෙනකොට ශ්‍රී ලාංකිකයින් 150ක් විතර රුසියාවේ හමුදාවටත් සම්බන්ධ වෙලා හිටියත් ඔවුන් ගැන වැඩි විස්තර දැනගන්න නැහැ. කොහොම වුණත් යුද බිම ඉතාමත්ම උණුසුම්.

මේ අතරේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර් 04 වෙනි ද, යුක්රේන සටන් බිමේදී තුවාල ලබල කිලෝමීටර ගණනක් තමන්ගේ අණ දෙන නිලධාරී 'ඩෙන්ටිස්ට්' රනිෂ් හේවගේත් කර තියාගෙන ආපු ලහිරු කාවින්ද හතුරුසිංහ මාස දෙකක විතර විරාමයකින් පස්සේ ආයෙත් යුක්රේන හමුදාවට එක්වෙලා.

රනිෂ් හේවගේ ඇතුළු තිදෙනා මිය යාමෙන් පසුව යුක්රේන සටන් බිමේ හිටපු ශ්‍රී ලාංකිකයින් සෙබළුන් හැම දෙනාම යුක්රේන හමුදාවෙන් ඉවත් වුනා. ඔවුන් ආයෙත් ලංකාවට ආපු බවක් නම් දැනගන්න නැහැ.

මාසයක් පමණ රෝහල්ගතව ඉඳල ඊට පස්සේ කෙටි විවේකයක් අරගෙන ලහිරු කාවින්ද හතුරුසිංහ දැන් යළිත් යුද බිමට පිවිසිලා. දැනට යුක්රේන සටන් බිමේ සිටින එකම ශ්‍රී ලාංකිකයා ඔහු පමණයි.

නැගෙනහිර යුක්රේනයේ ස්ලෝවියාන්ස්ක් (Sloviyansk) නගරයේ යුද පෙරමුණ ආසන්නයේ ඉඳල 'සරෝජ් සමග සංදේශය' නාලිකාව වෙනුවෙන් මාත් එක්ක සංවාදයකට ඔහු එක්වුණේ දෙවැනි වතාවටත් යුක්රේන හමුදාවට බැඳිලා දවසකට පස්සේ.  

රනිෂ් ඇතුළු පිරිස දිවි පිදූ ආකාරය වගේම, ඒ වගේ අත්දැකීමකින් පස්සේ ආයෙත් වතාවක් සටන් බිමට ආවේ ඇයිද කියලත් ලහිරු හතුරුසිංහ මාත් එක්ක විස්තර කළා.

- සරෝජ් පතිරණ
Sandeshaya by Saroj

 

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්