Nava Ramanan : බ්‍රිතාන්‍ය හමුදාවේ කපිතාන්වරයෙක් 

 

බ්‍රිතාන්‍යයේ බන්ධනාගාරවල ඉන්න රැඳවියන් 95,000කට අධික පිරිස අතරින් 15,000 කට පමණ WiFi පහසුකම සමග ලැප්ටොප් ලබාගන්න වරම් ලැබිලා. 

සිරකරු පුනරුත්ථාපන වැඩසටහනක නව අදියරක් විදියට මේ වැඩසටහනේ තාක්ෂණික මෙහෙයුමට නායකත්වය දෙන්නේ ශ්‍රී ලාංකිකයෙක්. 

ඔහු නවා රාමනන් (Nava Ramanan). බ්‍රිතාන්‍ය අධිකරණ අමාත්‍යාංශයේ, ඩිජිටල් යටිතල පහසුකම් සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා. අධිකරණ අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරීන් 230ක් ඇතුළු 400කට ආසන්න පිරිසක් ඔහු යටතේ සේවය කරනවා. ඒ අතරේ ශ්‍රී ලාංකිකයින් පිරිසකුත් ඉන්න බවත් නවා මා එක්ක කීව. 

සිරකරුවන්ට වයිෆයි තාක්ෂණය එක්ක ලැප්ටොප් දීමේ ප්‍රතිඵලයක් විදියට සිරකරුවන් පිරිසක් දැන් පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා අධ්‍යයන කටයුතු කරමින් ඉන්න බවත් ඔහු පවසනවා. 

 

Nava 1200x628 1 
බ්‍රිතාන්‍ය සිවිල් සේවයේ ඉහළ තනතුරක් හොබවන අතරම නවා රාමනන් බ්‍රිතාන්‍ය හමුදාවේත් කපිතාන්වරයෙක්. 

යාපනයේ උපත ලබා, කොළඹදී උසස් අධ්‍යාපනය හැදෑරූ නවා ළමා කාලයේ සිටම පරිගණක තාක්ෂණයට දැඩි උනන්දුවක් දැක්වුවා. 

ඒ උනන්දුව කෙතරම් ද යත් වයස අවුරුදු 17 දී ඔහු තමන්ගේම පරිගණක සමාගමක් නිර්මාණය කරනවා. 

ඒ කාලේ Web Hosting වලට දැවැන්ත මුදලක් වියදම් කරන්න වීම ගැන අවධානය පළ කළ ඔහු තරගකාරී මුදලකට එම සේවය සැපයීමට ඉදිරිපත් වීමත් එක්ක ලංකාවේ ප්‍රධාන පෙළේ 2000 කට වැඩි ප්‍රමාණයක් එදා සිය සේවය ලබාගත් බව නවා රාමනන් මා එක්ක කීව. 

ඒ විදියට තමයි ඔහුට පුද්ගලික අංශයේ රැකියාවක් ලබාගෙන බ්‍රිතාන්‍යයට පිවිසෙන්න අවස්ථාව ලැබිල තියෙන්නේ.  

ආර්ථිකය ගොඩ දැම්ම කියල ලංකාවේ පාලකයින් කොයි තරම් සුරංගනා කතා කීවත්, කොයි මොහොතේ මේ රටින් පැන ගන්නද කියල කොයිතරම් නම් පිරිසක් උත්සහ දරමින් ඉන්නවද? පාලකයින්ගේ නම් ආර්ථිකය සුරක්ෂිත වෙලා ඇති, ඒත් රුසියාවේ හරි යුක්රේනයේ හරි යුද්ධෙට ගිහින් හරි මැරුණත් කමක් නෑ අඩුම ගානේ දරුවන්ටවත් වන්දියක්වත් ලැබේවි නේද කියල කියන කී දෙනෙක් ඉන්නවද?

මම නවා ගෙන් ඒ ගැනත් ඇහුව. එහෙම රටින් පිටවෙන්න උත්සහ කරන අයට ඔහු විශේෂ උපදෙසකුත් දෙනවා. 

 

Nava blog image e1559299576178
ඒ වගේම නවා රාමනන් තවත් විශේෂ කරුණක් පෙන්නල දුන්න. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය සිවිල් (පරිපාලන) සේවයට හෝ හමුදාවට බැඳෙන්න බ්‍රිතාන්‍ය පුරවැසිභාවය තිබීම අත්‍යවශ්‍ය නැහැ කියල. 

ඕනෑම පොදු රාජ්‍ය මණ්ඩලීය රටක පුරවැසියෙකුට ඒ රැකියාවලට අයදුම් කරන්න පුළුවන්. නමුත් අයදුම් කරන අවස්ථාව වෙනකොට ඒ පුද්ගලයාට බ්‍රිතාන්‍යයේ රැකියාවක් කිරීම සඳහා අනිවාර්යයෙන්ම නීත්‍යානුකූල අවසරයක් (වීසා බලපත්‍රයක්) තියෙන්න ඕනේ. 

 

 

-ඇමතිකමක් කරන්න උපාධියක් ඕනෙද? - (සරෝජ් පතිරණ)සරෝජ් පතිරණ 
(Sandeshaya by Saroj)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image