තෙල්ලිපලයි යුනියන් විද්‍යාලයේ ක්‍රීඩා උළෙලේ ප්‍රදර්ශනයට තබා තිබූ රෙදිපිළි යුදටැංකියක් සහ දෙමළ ජාතික පුෂ්පය වන කාර්තිකයි පු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ සිදු කළේය. ඡායාරූපය- ටැමිල් ගාඩියන් ඇසුරිනි

 

උතුර නැඟෙනහිර යුද්ධය අවසන් වී වසර 15 කට පසු, බැලූබැල්මට යුද්ධයක් සිදුවූවාද යන්න සංචාරකයකුට සොයාගැනීමට අපහසු තරම්ය. උතුරේ සහ දකුණේ නගර අතර එතරම් වෙනසක් නැත. සංචාරකයන් එහි ගෙනගියා යැයි හැඟෙන සාමකාමී බවක් සහ සාමාන්‍ය බවක් පෙනෙන්නට තිබේ.

 

Timeout.com වෙබ් අඩවියට අනුව, 2024 දී හුදකලා කාන්තා සංචාරකයන් සඳහා අංක එකේ ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත.

 

ප්‍රමුඛ පෙළේ ගෝලීය මාධ්‍ය සහ ආගන්තුක සත්කාර ව්‍යාපාරයක් වන Timeout.com වෙබ් අඩවියට අනුව, 2024 දී හුදකලා කාන්තා සංචාරකයන් සඳහා අංක එකේ ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත. ආගන්තුක සත්කාරය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු කීර්තිය තනිව ගමන් කරන කාන්තා සංචාරකයන් සඳහා රටේ ආකර්ෂණය තවදුරටත් වැඩිකරයි. එම වාර්තාවට අනුව, ස්වදේශිකයන්ගේ උණුසුම සහ මිත්රශීලීභාවය, රටේ සාපේක්ෂව අඩු අපරාධ අනුපාතය සමඟ ඒකාබද්ධව, තනිවම රට ගවේෂණය කරන කාන්තාවන්ට අමතක නොවන සහ කනස්සල්ලෙන් තොර අත්දැකීම් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කරයි. ශ්‍රී ලංකාව තනි කාන්තා සංචාරකයන් සඳහා දැරිය හැකි නවාතැන්, විශ්වාසදායක පොදු ප්‍රවාහනය සහ හොඳින් සංවර්ධිත සංචාරක යටිතල පහසුකම් වැනි ප්‍රායෝගික වාසි ද ලබාදෙයි.

 

jafbsw1987 දී සිංහල භාෂාව සමඟ දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් බවට පත් කළ නමුත්, දකුණේ සිට නියෝගයන් සිංහල භාෂාවෙන් පැමිණි බවයි.

එහෙත් ඇසට පෙනෙන දෙයට වඩා වැඩි යමක් පවතී. පසුගිය සතියේ මම උතුරට ගොස් Timeout.com හි ඇති සාමකාමී බව සහ සාමාන්‍යභාවය දුටු විට, උතුර සහ දකුණ අතර වෙනස කුමක්දැයි ඔබ සිතන්නේ කුමක්දැයි රජයේ නිලධාරියකුගෙන් ඇසුවෙමි. මොහොතක පැකිලීමකින් තොරව ඔහු සඳහන් කරන ලද්දේ, උතුරද ආවරණය කරමින් දකුණේ නීති සම්පාදනය කළ බවත්, මීට වසර 37 කට පෙර 1987 දී සිංහල භාෂාව සමඟ දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් බවට පත් කළ නමුත්, දකුණේ සිට නියෝගයන් සිංහල භාෂාවෙන් පැමිණි බවයි. 

Capture211
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙමළ භාෂාව සිංහලට එලෙසින්ම සමාන නොවේ. 18 වැනි වගන්තියේ සඳහන් වන්නේ “(1) ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල විය යුතු බවයි. (2) දෙමළ ද රාජ්‍ය භාෂාවක් විය යුතු ය" යනුවෙනි. මෙය “ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා සිංහල සහ දෙමළ විය යුතුය” යනුවෙන් තනි වාක්‍යකින් ද ප්‍රකාශ කළ හැකිව තිබිණි. එහෙත් එක වාක්‍යයක් වෙනුවට එහි දෙකක් තිබේ.
Bandaranayakeඑහිදී උතුරේ ජනයාට බලපාන තීන්දු දකුණේ පිරිස් ගනු ලැබූහ.
 
1956 දී රටේ රාජ්‍ය භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව වෙනුවට කුමන භාෂාවක් විය යුතුද යන ප්‍රශ්නයට “සිංහල පමණක්” යනුවෙන් පිළිතුරු ලැබිණි. දෙමළ කතාකරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාවට වඩා සිංහල කතාකරන මන්ත්‍රීවරුන් පිරිස සංඛ්‍යාවෙන් වැඩිවීම යථාර්ථයක් ලෙස ගෙන, සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව ලෙස තීරණය කෙරිණි. එහිදී උතුරේ ජනයාට බලපාන තීන්දු දකුණේ පිරිස් ගනු ලැබූහ.
 

 
මේ වන විට රජය විසින් සාකච්ඡා කරන නමුත් උතුරට බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් පවතින්නේ ධීවර අයිතීන් සම්බන්ධව ය. ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් ඇල්ලීමට ප්‍රවේශය ලබාදෙන ලෙසට රජයට බලපෑම් එල්ල වී තිබේ. 1974 දී ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඇති බවට ඉන්දියාව එකඟ වූ කච්චතිව් දූපත පිළිබඳ ආරවුල උත්සන්න කිරීම දැන් ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට යොදාගනී.
 
ධීවර අයිතිය
උතුරේ මුහුදේ මාළු බෑමේ අවුල : මුහුණට මුහුණලා සාකච්ඡා සඳහා ඉන්දු ලංකා ධීවර  කැමැත්ත
මෙම ගැටලුව නිරාකරණය කර උතුරේ ශ්‍රී ලාංකික ධීවරයන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට බොහෝ පියවර ගෙන ඇත. මට අසන්නට ලැබුණු එක් යෝජනාවක් නම්, ආගමික කණ්ඩායම් විසින් බටහිර රටවල පුණ්‍යායතනවලින් ලැබුණු ආධාරවලින් ඉන්දීය ධීවරයන්ට ඉන්දීය මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට සහ ලංකාවට නොපැමිණීමට, කුඩා බෝට්ටු මිලදී ගෙන ලබාදීමට ඉදිරිපත්වී සිටීම ය. මෙමගින් ඉන්දියාවේ දේශපාලන සම්බන්ධතා ඇති මහා ව්‍යාපාරිකයින්ට අයත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීම වැළැක්විය හැකි බව අපේක්ෂා කෙරේ. මෙම විශාල යාත්‍රාවල සිටින ධීවරයන් සැළකිව යුතු මාළු අස්වැන්නක් නොමැතිව ආපසු නොපැමිණියේ නම් ඔවුන්ගේ වැටුප් පවා නොලැබෙන බවද වාර්තා වේ. ධීවරයන්ට ඔවුන්ගේම කුඩා බෝට්ටු ඇති නම්, ඔවුන්ට ශ්‍රී ලංකාව දෙසට ගොස් මුහුදු සීමාව උල්ලංඝනය කිරීමට හෝ මත්ස්‍ය පැටවුන් විනාශ කරන නීති විරෝධී හා විනාශකාරී බොටම් ට්‍රෝලිංවල ක්‍රමවල යෙදීමට අවශ්‍ය නොවනු ඇත. ධීවර කර්මාන්තය පාලනය කරන ප්‍රබල පිරිස් විසින් මෙම කුඩා බෝට්ටු විනාශ කළ හැකි බවට බියෙන් සිටින දිළිඳු ධීවරයින් එම යෝජනාව පිළිගැනීමට සූදානම් නොවූ බවද වාර්තා විය.
 
 
සාකච්ජාමය විසඳුමක් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමට සහ ධීවර යාත්‍රා රඳවා ගැනීමට ශ්‍රී ලංකා රජය සිය නාවික හමුදාව යොදවා තිබේ. ඉන්දීය ධීවරයින් 6000කට වැඩි සංඛ්‍යාවක් සහ බෝට්ටු 1000කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වසර ගණනාවක් තිස්සේ රඳවාගෙන සිට ඇති බව ඉන්දීය රජය පෙන්වා දී තිබේ.
 
 
විශේෂයෙන්ම මැතිවරණ සමයක ඉන්දීය රජයේ නායකයන් කැමති වන්නේ ඉන්දීය ධීවර ප්‍රජාවට, තම ජනතාව වෙනුවෙන් පෙනීසිටින බව පෙන්වා ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමටය. ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී එහි මසුන් ඇල්ලීමට නීත්‍යනුකුල අයිතිය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් එල්ල වී ඇති බව පෙනේ. මෙය ඉන්දීය ධීවර ව්‍යාපාරවලට සතුටක් ගෙනදෙන අතර මෙම මැතිවරණ සමයේදී ඉන්දීය රජයටද වාසිදායක වනු ඇත. එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී වන බොටම් ට්‍රෝලින් ක්‍රම ඔස්සේ මසුන් ඇල්ලීම සිදුකරන විශාල ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සමඟ සිය මත්ස්‍ය සම්පත බෙදාගැනීමට ශ්‍රී ලාංකික ධීවරයින්ට සිදුවනු ඇත. ශ්‍රී ලංකාව තම ධීවරයන් වෙනුවෙන් ආයෝජනය කර ඈත මුහුදේ පවතින අවස්ථා ප්‍රයෝජනයට ගත යුතුය. දකුණේ පිරිස් කළ යුත්තේ උතුරේ ජනතාවගේ යහපතට හානියක් වන තීන්දු තීරණ ගැනීම නොව, ඔවුන්ව ශක්තිමත් කිරීමයි.
 උතුරේ අතුරුදහන්වූවන්ගේ ඥාතීහු විරෝධතා පා ගමනකදකුණේ පිරිස් උතුරේ ජනතාවගේ වාර්ගික අභිමානයට හා දුකට බලපාන නීති ද සම්පාදනය කරති.
 
උතුරට තම ආර්ථික අවශ්‍යතාවලට හානිකර නීති සම්පාදනය කරනවාට අමතරව දකුණේ පිරිස් උතුරේ ජනතාවගේ වාර්ගික අභිමානයට හා දුකට බලපාන නීති ද සම්පාදනය කරති. උතුරේ ජනතාවට තම ආදරණීයයන් අහිමිවූ සහ මහා පරිමාණ ජීවිත හානි සිදුවූ යුද්ධය අවසන් වී වසර 15 ක් සපිරෙන දිනය මැයි 18 වැනිදාට දී ඇත. 2009 මැයි මාසයේදී යුද බිමේදී විනාශ වූ එල්.ටී.ටී.ඊ සංවිධානය යළි පණ ගැන්වීමේ ප්‍රයත්නයන් ලෙස හඳුන්වමින්, යුද්ධයේදී අහිමිවූවන්ගේ සැමරුම් සීමාකිරීමටත්, නීති රෙගුලාසි සංශෝධනය කිරීමට රජයේ බලධාරීන් සූදානම් වීම ගැන ජනයා බොහෝ කනස්සල්ලට පත්ව ඇත. උත්ප්‍රාසය නම්, 1998 අංක 34 දරන වන්දි ගෙවීමේ කාර්යාල පනතේ 27 වැනි වගන්තියේ සාමූහික සහ පුද්ගල හානිපූර්ණය යනු කුමක්ද යන්න විස්තර කර, එම ප්‍රයත්නයන්ට සහාය දැක්වීමට කාර්යාලයට නියෝග කිරීමය.

LTTE ෆෝබියාව
 
උතුරේ විරුවන් සමරන ඥාතීන්ගෙන් දකුණේ සිංහලයන්ට ඇමතුමක්එල්.ටී.ටී.ඊ. වුවත් නැතත් තම ආදරණීයයන් සැමරීමට රජය ජනතාවට බාධා නොකළ යුතුය.
 
සමීපතමයන් අහිමිවූවන්ගේ පවුල් සැලසුම් කරන සැමරුම්වලට රජය මැදිහත් නොවන්නේ නම් කිසිදු කරදරයකින් තොරව දවස ගෙවී යන බව මා උතුරේ කතාකළ රජයේ නිලධාරීන්ගේ අදහස විය. මියගිය හෝ අතුරුදන්වූවන් වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීමට ජනතාවට අවශ්‍ය වුවද, බොහෝදෙනකුට අනාගතයට ඇවිද යෑමට අවශ්‍ය බව ඔවුහු පවසති. ප්‍රශ්නය වන්නේ ගැටුම් උත්සන්න කිරීමට අවශ්‍ය රජයේ සහ උතුරේ පාර්ශ්ව දෙකටම, ඔවුන් වෙනුවෙන් භූමිකාවක් ඉටු කිරීමට අවශ්‍ය කොටස් සිටීමයි. ශ්‍රී ලංකාවේ සහ අන්තර්ජාතික තලයේ තහනම් සංවිධානයක් ලෙස පවතින එල්.ටී.ටී.ඊය ප්‍රසිද්ධියේ සැමරීමට අවසර දීමට රජය අකැමැති වුවද, එල්.ටී.ටී.ඊ. වුවත් නැතත් තම ආදරණීයයන් සැමරීමට රජය ජනතාවට බාධා නොකළ යුතුය.
 
theපාසල් නිවාසාන්තර ක්‍රිඩා උළෙලට ළමුන් එක් නිවාසයක කූඩාරමක් යුද ටැංකිවල රූපවලින් සරසා තිබිණි.
එල්.ටී.ටී.ඊය නැවත පණ ගැන්වීමට බලාපොරොත්තු වන අය හඳුනාගැනීම සඳහා ක්‍රියාත්මක අඛණ්ඩ නිරීක්ෂණ මගින් උතුරේ ජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත්කරන මට්ටම් කරා ළඟාවිය හැකිය. මම එහි සිටියදී කතාබහට ලක්වුණු කාරණයක් මෙසේ විය. තෙලිපලෙයි, යුනියන් කොලීජි පාසල කලකට පෙර මිෂනාරිවරු නිර්මාණය කළ ගෞරවනීය එකකි. පාසල් නිවාසාන්තර ක්‍රිඩා උළෙලට ළමුන් එක් නිවාසයක කූඩාරමක් යුද ටැංකිවල රූපවලින් සරසා තිබිණි. එල්.ටී.ටී.ඊ සංවිධානය සිය ජාතික පුෂ්පය ලෙස නම්කළ නියඟලා මලේ(Gloiosa Superba) රූපවලින් තවත් නිවාසයක කූඩාරමක් සරසා තිබිණි. මේ බව සැලවීමෙන් පසු පොලිසිය පාසල් පරිශ්‍රයට ගොස් මෙම කුඩාරම්වල ඡායාරූප හා වීඩියෝ ලබාගෙන ඇත. විදුහල්පතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් පොලිසිය, පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස පාසල් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.
 
jehan 240416නියඟලා(Karthiaipoo) ශාකය වෛද්‍ය විද්‍යාවේදී ඉතා වටිනා ශාකයකි.
නියඟලා(Karthiaipoo) ශාකය වෛද්‍ය විද්‍යාවේදී ඉතා වටිනා ශාකයකි. මිනිසුන් මෙම ශාකය ඉතා දිගු කාලයක් පුරා සම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිත කර ඇති අතර, දැන් විද්‍යාඥයන් එය තවදුරටත් වැඩිදියුණු කළ හැකි ක්‍රම සොයාගෙන ඇත. එබැවින් එය ලාභදායී අපනයන බෝගයක් බවට පත්කිරීමේ හැකියාව ඇත.
 
හාස්‍යට කරුණක් නම්, මීට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාව යාපනයේ තරුණයන් අතර හදවත් සහ මනස් සංවර්ධනය සඳහා වන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබිණි. එක් අයකුට රුපියල් 1000ක සාමාන්‍ය මිලකට ගුවන් යානයකින් නගරය වටා ගුවන් ගමනක් යෑමට පවා ගුවන් භටයන් විසින් ඉඩ ලබාදී තිබුණු බව මට දැනගන්නට ලැබිණි. ගුවන් හමුදාව තම යුධ උපකරණ පෙන්වමින් තම රටට සේවය කිරීම සඳහා එයට එක්වන ලෙස තරුණයන්ගෙන් ඉල්ලා සිටි අතර 50ක් පමණ ඒ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කර ඇත. දකුණේ මෙන්ම උතුරෙත් සාමය සහ සාමාන්‍ය තත්ත්වයක් පවතී. එල්ටීටීඊයේ නැවත නැගිටීම වැළැක්විය යුත්තේ, ජාතිකවාදයේ අපකීර්තිමත් දේශපාලනය නැවත පණ ගැන්වීමේ මානසික රාමුව ශක්තිමත් කිරීමෙන් නොවිය යුතුය. කෙසේවෙතත් උතුරේ ද දකුණේ ද ජීවත් වන ශ්‍රී ලංකාවේ ජනතාව සමාන පුරවැසියන් ලෙස ද සිතිය හැකි, 'පොළොවේ පය ගසා සිටින' පිරිස් විසින් විසඳිය යුතු ගැටලු ඉතිරිව තිබේ.
 

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විශ්ලේෂක
ආචාර්ය ජෙහාන් පෙරේරා

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්