The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනපති අනුරගේ Clean Sri Lanka වැඩසටහන ගැන ඔබ දැනුවත් ද?

T

The Leader Desk

January 1, 2025 • 8:10 AM

ජනපති අනුරගේ Clean Sri Lanka වැඩසටහන ගැන ඔබ දැනුවත් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (2025 ජනවාරි මස 01 වන දා) සිට මෙම වැඩසටහන ආරම්භ කළ අතර ඊට අදාළව ජනාධිපති කාර්ය සාධක බළකාය පත් කිරීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කළේ ය.
  • ජනාධිපති ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු සාමාජිකයන් 18 දෙනෙකු කාර්ය සාධක බළකායට ඇතුළත් ය.
  • ඒවට අපි එකඟ වෙච්ච තැන් තියෙනවා, අපි පිළිගන්න තැන් තියෙනවා, අපි දැකපුවා ම අපි ආස හිතෙන තැන් තියෙනවා මෙන් ම මේ ඔක්කොම එකතු කරලා ප්‍රමිතියකට මේ රට ඉහළ තලයකට ඔසවන්නේ කොහොම ද කියන එක තමයි සරලව කිව්වොත් ක්ලීන් ශ්‍රී ලංකා කියලා කියන්නේ," යැයි ඔහු සඳහන් කළේ ය.
  • 'මේක අපි හැමෝගෙ ම වැඩක්' 2025 වසරේ 01 වන දා සිට මෙම වැඩසටහන ආරම්භ වන අතර පළවෙනි මාසය තුළ දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකරන බව ඔහු පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අද (2025 ජනවාරි මස 01 වන දා) සිට මෙම වැඩසටහන ආරම්භ කළ අතර ඊට අදාළව ජනාධිපති කාර්ය සාධක බළකාය පත් කිරීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කළේ ය.

ජනාධිපති ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු සාමාජිකයන් 18 දෙනෙකු කාර්ය සාධක බළකායට ඇතුළත් ය.

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීමක් සඳහා මෙන් ම එහි සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කර ගනිමින් ජාතික මෙහෙයුමක් දියත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.


 

'ක්ලීන් ශ්‍රී ලංකා' යනු කුමක් ද?

මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර එම වැඩසටහනේ සාමාජික චමින්ද ජයසූරියගෙන් බීබීසි සිංහල සේවය විමසනු ලැබීය.

"අපේ රට මේ තියෙන තත්ත්වය තව ප්‍රමාණයකට ඔසවන්නේ කොහොම ද, දියුණු රටවල්වල මට්ටමට අපේ රට ඔසවන්නේ කොහොම ද කියන එක තමයි මේකේ තියෙන වැඩේ."

"ලෝකයේ එක එක රටවල්වල පරිසරය සම්බන්ධව, සෞඛ්‍යය සම්බන්ධව, ආහාර සම්බන්ධව, අධ්‍යාපනය සම්බන්ධව නොයෙකුත් ප්‍රමිතිගත කිරීම් ලෝකයේ කරලා තියෙනවා. ඒවට අපි එකඟ වෙච්ච තැන් තියෙනවා, අපි පිළිගන්න තැන් තියෙනවා, අපි දැකපුවා ම අපි ආස හිතෙන තැන් තියෙනවා මෙන් ම මේ ඔක්කොම එකතු කරලා ප්‍රමිතියකට මේ රට ඉහළ තලයකට ඔසවන්නේ කොහොම ද කියන එක තමයි සරලව කිව්වොත් ක්ලීන් ශ්‍රී ලංකා කියලා කියන්නේ," යැයි ඔහු සඳහන් කළේ ය.

'මේක අපි හැමෝගෙ ම වැඩක්'

Clean Sri Lanka Launch
2025 වසරේ 01 වන දා සිට මෙම වැඩසටහන ආරම්භ වන අතර පළවෙනි මාසය තුළ දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකරන බව ඔහු පවසයි.

"මේක මේ දේශපාලන වැඩක්වත්, දේශපාලන ව්‍යාපාරයක වැඩක්වත්, ජනාධිපතිතුමා පෞද්ගලිකව කරන වැඩකවත් නෙමෙයි. මේක අපි හැමෝගෙ ම වැඩක්," චමින්ද ජයසූරිය පැවසීය.

මාස දෙකක් පමණ කාලයක් තිස්සේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිම සැලසුම් කළ බව ද ඔහු කියා සිටියේ ය.

සිදුකිරීමට නියමිත වෙනස්කම් මොනවා ද?

මෙම වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් කළ යුතු වෙනස්කම් සම්බන්ධව මෙන්ම ගන්නා පියවර ගැන චමින්ද ජයසූරි පැවසීය.

"නීති වෙනස් කරන්න ඕනේ නම් නීති වෙනස් කරනවා, අලුතින් චක්‍රලේඛ ඕන නම් ගහනවා, මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්න ඕනේ නම් අපි ඒ හිත් වෙනස් කරනවා, මිනිස්සුගේ හැසිරීම වෙනස් කරන්න ඕනේ නම් අපි ඒ හැසිරීමත් වෙනස් කරනවා."

කිසිදු බාධාවක් නොමැතිව ඉදිරියට යාමට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන නිර්මාණය කර ඇති බව ද එම සටහනේ සමාජික චමින්ද ජයසූරිය බීබීසි සිංහල සේවය සමග කියා සිටියේ ය.

"අපි තෘප්තිමත් වෙන ලෙවල් එකට මේ වැඩේ ගේනකම් මේ වැඩේ ගෙනියනවා"

1735703043 clean sri lanka 6
වත්මන් රජයේ ධූර කාලයට අයත් ඉදිරි වසර පහ සඳහා මෙන් ම ඉන් ඉදිරියටත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට සැලසුම් සකස් කර තිබේ.

"ඔයා වොෂ් රූම් එකක් ක්ලීන් කළා ම අද ක්ලීන් කළා කියලා ඒක දිගට ම ක්ලීන් වෙලා තියෙන්නේ නෑනේ. හැබැයි අපි ඒක පුරුද්දක් හදාගත්තොත් ස්ටෑන්ඩඩ් එකක් හැදුවොත් අපි ප්‍රමිතිකරණයකට මේක හැදුවාට පස්සේ, ඒක ඔටෝ රන් වෙන්න අපිට දාන්න පුලුවන්නේ. අපි තෘප්තිමත් වෙන ලෙවල් එකට මේ වැඩේ ගේනකම් මේ වැඩේ ගෙනියනවා."

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි.

ප්‍රධාන නිල උත්සවයට සමගාමීව රාජ්‍ය ආයතනවල ක්ලීන් ශ්‍රී ලංකා දිවුරුම ලබා දී නව වසරේ වැඩකටයුතු ආරම්භ කිරිමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය උපදෙස් දී ඇත.

| BBC සිංහල සේවය 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...