මාරාන්තික කොරෝනා වයිරසය සමඟ ජාතිය පොර බදන අතරතුර ආණ්ඩුවත් විපක්ෂයත් අතර ඒකාබද්ධ අරමුදල් පාලනය සම්බන්ධයෙන් රුදුරු සංග්‍රාමයක් හටගෙන ඇත. මාස දෙකකට පෙර එය සාමාන්‍ය මහජනතාවට

දුරස්ථ වූ විෂයයක් වූයේය. එහෙත් අද වනවිට එය සෑම නිවසකටම හුරුපුරුදු නාමයක් වී ඇත්තේ ඒ ගැන විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් අතර සිදුවන උණුසුම් වාද විවාද මාධ්‍ය මගින් හෙළිදරව් වන නිසාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට හිතවාදී අය කියා සිටින්නේ රට මැතිවරණයක් හමුවේ පවතින විට පාර්ලිමේන්තුවේ විධිමත් අනුමැතිය නැතත් මහජන සේවා උදෙසා ඒකාබද්ධ අරමුදලේ මුදල් බාධාවකින් තොරව යෙදවීමට ජනාධිපතිවරයාට බලතල ඇති බවයි.

විපක්ෂය මීට එරෙහිව තර්ක කරමින් කියා සිටින්නේ මෙම මුදල් පරිහරණය කිරීමට මීට පෙර සම්මත වූ අතුරු සම්මත ගිණුමෙන් ආණ්ඩුව ලත් අනුමැතිය 2020 අප්‍රේල් 30 වැනිදායින් අවසන් වන බවයි. එම නිසා අලුත් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවෙන් අනුමත වනතුරු මෙම අරමුදල් භාවිත කරන රාජ්‍ය සේවකයන් ව්‍යස්ථාවේ අන්තර්ගත කාරණා උල්ලංඝනය කරන බවද විපක්ෂය කියා සිටියේය.

එකිනෙකා හා ගැටෙන මෙම දෙපාර්ශ්වය, ව්‍යවස්ථාවේ විවිධ ප්‍රතිපාදන ගෙනහැර පෑවද, ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමේ කාර්යය පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. තීරණයක් ගැනීමේදී එම කාරණය අවධාරණයට ගත යුතුය. 

''ඒකාබද්ධ අරමුදලේ මුදල් මේ වනවිට ඉවත ගෙන හමාර වී ඇති බවත් එහි මුදල් නොමැති බවත්, කාට හෝ එයින් මුදල් වියදමට ගන්නට අවශ්‍ය නම් ඊට පෙර එය පිරවිය යුතු වීමත් මෙම දෙපාර්ශ්වයම නොසලකා හරින කාරණාය.''

කෙසේ වුවද ඒකාබද්ධ අරමුදලේ මුදල් මේ වනවිට ඉවත ගෙන හමාර වී ඇති බවත් එහි මුදල් නොමැති බවත්, කාට හෝ එයින් මුදල් වියදමට ගන්නට අවශ්‍ය නම් ඊට පෙර එය පිරවිය යුතු වීමත් මෙම දෙපාර්ශ්වයම නොසලකා හරින කාරණාය.

ඒකාබද්ධ අරමුදල් පමණට වඩා පරිහරණය කර ඇත්තේ ඇයි?

ව්‍යවස්ථාවට අනුව රජයට ගලා එන සියලු මුදල් බදු ලෙස හෝ වෙනත් ආදායම් ලෙස අය කිරීම් ගාස්තු හෝ ණය ලෙස ලැබෙන මුදල් හෝ වේවා ඒවා මුලින්ම ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතුවේ.

ව්‍යවස්ථාවේ මෙම කාරණා දක්වා ඇත්තේ රජයට ලැබෙන සියලු ලැබීම් තනි සංචිතයකට ලැබෙන බව තහවුරු කර ගැනීමටත්, මෙම සංචිතයෙන් මුදල් වියදම් කරන විට පාර්ලිමේන්තුවේ මධ්‍යගත පාලනය යටතේ ඊට වගකිව යුතු ආකාරයෙන් එහි පාලනය පවත්වා ගත යුතු නිසාත්ය.

ඒ ආකාරයට මෙම මුදල් පරිහරණය කිරීම උදෙසා ව්‍යවස්ථාවෙන් බලය පවරා ඇත්තේ මුදල් අමාත්‍යවරයාට පමණකි. එම බලය පැවරීම ඔහු වෙත කරනුයේ වොරන්ට් බලපත්‍රය නම් සහතිකයක් නිකුත් කිරීම මගිනි. මෙම අනුමැතිය පාර්ලිමේන්තුවෙන් ඔහුට දෙනු ලබන්නේ පාර්ලිමේන්තුව වාර්ෂික අයවැය සම්මත කිරීමෙන් පසුව හෝ අයවැයක් සම්මත නොකළ විට අතුරු සම්මත ගිණුමක් මගිනි.

මේ ආකාර වූ අතුරු සම්මත ගිණුමක් සමාගමක සාමාන්‍ය මුදල් සංචරන ප්‍රකාශය හා සමානය. ඊට මුදල් ගලා එයි. එයින් මුදල් පිටතට යයි. මුදල් හිඟයක් ඇතිවූයේ නම් එම මුදල් හිඟය පියවා ගන්නා ආකාරය සමාගම තීරණය කළ යුතුය. මුදල් අතිරික්තයක් ඇත්නම් එය පරිහරණය කරන ආකාරයද සමාගම තීරණ කළ යුතුවේ.

ශ්‍රී ලංකා රජය වසර පුරා දිවෙන්නේ හිඟ අය වැයකින් නිසා රජය සාමාන්‍ය මෙහෙයුම් වලින් ලබන මුදල් එදිනෙදා සාමාන්‍ය වශයෙන් සිදුවන වියදම් පිරිමසා ගැනීමට ප්‍රමාණවත් නොවේ. එම පරතරය ශුද්ධ ණය ගැනීමෙන් පියවා ගත යුතුය. එසේ කරනුයේ ආණ්ඩුවට ගත් ණයට ගෙවන්නට ඇති බැරකම් වලට වැඩිමනත්වයි. 

මෙම ණයට ගැනුම් අවශ්‍ය මට්ටමෙන් සිදුනොවන නිසා අරමුදල නිතරම ඇත්තේ හිස්වය. මෙහි අරුත වන්නේ, රජය යම් යම් ආකාරයෙන් කළ වියදම් පොතේ සටහන්ව තිබුණද, ගිණුමේ ප්‍රමාණවත් මුදල් නොතිබූ නිසා පමණට වඩා මුදල් පරිහරණය කිරීම හේතුවෙන් රජය ජාතියට ණය ගැතිවී ඇති බවයි.

පමණ ඉක්මවා මුදල් ගැනීමෙන් අයවැය හිඟය වැඩිවේ!

 111722325 9ee837ea b9af 4a76 bf1d 993182f96f58
ජාතිය වෙත, රජය මුදලින් ණයගැති භාවයට පත්වීම සම්බන්ධයෙන් වැදගත් නිරීක්ෂණයක් කළ හැකිවේ. එනම් වසර කීපයක් තිස්සේ පමණට වඩා මුදල් ගෙන පරිහරණය කිරිම වැඩිවීමත් සමග අයවැය හිඟයද වැඩිවීමයි.

උදාහරණයක් දක්වතොත් 2016 වසර අගදී, පමණට වඩා ඇදගත් මුදල රුපියල් බිලියන 187කි. මෙම ප්‍රමාණය 2017 අගදී රුපියල් බිලියන 286 දක්වා වැඩිවිය. තවදුරටත් එය 2018 අගදී රුපියල් බිලියන 304 දක්වා වැඩි වූයේය.

2019 වර්ෂයේ අගට අදාළ සංඛ්‍යා, මුදල් අමාත්‍යාංශයේ එම වසරට අදාළ වාර්ෂික වාර්තාව නිකුත් කර නැති නිසා දැනගත නොහැකිය. 

කෙසේ වුවද 2019 පැවති දළ ජාතික නිෂ්පාදිතයෙන් 6.8%ක ඉහළ අයවැය හිඟය හා සසඳන විට එය 2018 පැවති අයවැය හිඟයට වඩා 5.3%ක වැඩි වීමකි. පමණ ඉක්මවා පරිහරණය කළ ශේෂය 2018 දී පමණ ඉක්මවා පරිහරණය කළ මුදලටත් වැඩි බව එමගින් අනුමාන කළ හැකිය.

2020 අවුරුද්දේ පළමු හාර මාසය තුළද වසර මුලදී බදු සහන හඳුන්වාදීම හේතුවෙන් ආදායම් අහිමි වීමත් සමඟ අරමුදලේ පමණ ඉක්මවූ ශේෂය තවත් වැඩිවී තිබිය යුතුය. මෙයින් අර්ථවත් වනුයේ ඒකාබද්ධ අරමුදල තවත් සිඳී ගොස් ඇති බවයි. 

''2020 අවුරුද්දේ පළමු හාර මාසය තුළද වසර මුලදී බදු සහන හඳුන්වාදීම හේතුවෙන් ආදායම් අහිමි වීමත් සමඟ අරමුදලේ පමණ ඉක්මවූ ශේෂය තවත් වැඩිවී තිබිය යුතුය. මෙයින් අර්ථවත් වනුයේ ඒකාබද්ධ අරමුදල තවත් සිඳී ගොස් ඇති බවයි. ''

එම නිසා සටන් වදින දෙපාර්ශ්වය කළ යුත්තේ එයින් තවත් දිය අදිනවාට වඩා එය පුරවාලීමය. රජය හෝ විපක්ෂය මෙම අයහපත් වාතාවරණය යටතේ ඉටු කරලිය යුතු වඩාත් දුෂ්කර වූ කාර්ය භාරය එයයි.

පළමු වැනි පරාක්‍රමබාහු හිස් භාණ්ඩාගාරයක් පිරවූයේ කෙසේද?

පළමු පරාක්‍රමබාහු රජු හමුවේද තිබුණේ මෙවැනි අයහපත් තත්ත්වයකි. ලංකා ඉතිහාසය ලියා ඇති මහාවංශයේ දෙවැනි කොටස වූ චූලවංශයේ සඳහන් පරිදි අද දවසේ බටහිර හා වයඹ පළාත් ලෙස හැඳින්වෙන, දොළොස් වැනි සියවසේදී දක්ෂිණ දේශය නමින් හැඳින්වූ ප්‍රදේශයේ රජකමට පත්වූ විට පළමු පරාක්‍රමබාහු රජතුමා මෙවැනි දුෂ්කරතාවට මුහුණ දුන්නේය.

 මුළු රටේම රජ බවට පත්වීමේ අභිලාෂයෙන් පසු වූ රජතුමා අද දවසේ මුදල් අමාත්‍යවරයා හා සමාන වූ තම පියාගේ භාණ්ඩාගාරිකගෙන් ඇසුවේ අනෙකුත් ප්‍රාදේශීය රජවරුන් හා දීර්ඝ කාලීන යුද්ධයකට පැටලෙන්නට ප්‍රමාණවත් සම්පත් භාණ්ඩාගාරයේ තිබෙන්නේද යන පැනයයි. ඊට කිසිත් නොසඟවා සෘජු පිළිතුරක් දුන් භාණ්ඩාගාරික තැන, එවැනි යුද්ධයකට ප්‍රමාණවත් සම්පත් භාණ්ඩාගාරයේ නැතැයි රජුට කීවේය.

චූලවංශයට අනුව රජතුමා මහජනතාවට බදු පැනවීම නොකොට විශේෂ අපනයන ප්‍රවර්ධන කලාපයක් පිහිටු වූයේය. අනෙක් අය අතුරෙන් අන්තරාංග ධුර අමතා දේශීය නිෂ්පාදන රාශියක් සෙසු ලෝකයට අපනයන කර හැරියේය. අවශ්‍ය සම්පත් රජතුමා උපයා ගත්තේ ඒ ආකාරයටයි. 

අද පමණ ඉක්මවා වියදම් කළ ඒකාබද්ධ අරමුදල හා සමාන වූ රාජ්‍ය භාණ්ඩාගාරය හමුදා කටයුතුවලට අවශ්‍ය වියදම් සොයා ගැනීම උදෙසා රජතුමා ඒ ආකාරයෙන් පුරවා ගත්තේය.

අද රජය මුහුණ පා සිටින අසතුටුදායක තත්ත්වයන් මොනවාද?

අවම වශයෙන් එවැනි මූලික තත්ත්වයන් තුනකි.

1 - අධික ලෙස බදු කපා හැරීම:

#  පළමු අයහපත් වාතාවරණය ගොඩනඟා ගනු ලැබුවේ රජය විසින්මය. එසේ කළේ ජනාධිපතිවරණයේ ජනතාවට දුන් පොරොන්දුවක් ඉටු කිරීමටය.

#  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පිහිටුවූ රජය අවුරුද්ද මුලදීම අලුත් නිර්ලෝභී බදු සහන පැකේජයක් ගෙන ආවේය. රජයේ ආදායම් ඉලක්ක දරාගත නොහැකි තරම් අසීරු ඒවා බවට පත්වූයේ ඒ හේතුකොට ගෙනය.

#  එම පැකේජය හඳුන්වා දෙන්නට පෙර ඒ මගින් තියුණු ලෙස ආදායම් කපා හැරීමත් සිදුවෙන නිසා එම හානිය පාලනය කර නොගතහොත් ආපසු කැරකී රජයටම ඉන් පහර වදිනු ඇති බවට මම අනතුරු හැඟවූයෙමි. 2020 දී එසේ ආදායම් අහිමිවීම මගින් සිදුවන පාඩුව රුපියල් බිලියන 650කි. එහි ප්‍රතිඵලයක් ලෙස ඒකාබද්ධ අරමුදලට ගලා ආ මුදල් ප්‍රමාණය බෙහෙවින් පහත වැටී අරමුදලේ විශාල රික්තයක් නිර්මාණය වූයේය.

W.A wijewardana text 2020.05.22
2 - රෝග මර්දනීය පියවර නිසා තවදුරටත් ආදායම අඩුවිය.

#  දෙවැන්න කොවිඩ් 19 පැතිරයාමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවුයේය. රෝගය පැතිරීම මර්දනය කිරීමේ පියවරක් ලෙස එක දිගට ඇඳිරි නීතිය පනවන්නට රජයට සිදුවිය. කොවිඩ් 19 පිටු දැකීම අතින් බැලූවිට මෙය සාධනීය පියවරක් වුවත් ඒ නිසා මුළු ආර්ථිකයම අඩපණවී ගියේය. 

#  ජනතාවට නිසි වෙලාවට බදු ගෙවාගත නොහැකි වූ නිසා අරමුදලට ගලා එතැයි බලාපොරොත්තු වුණු මුදල් ප්‍රවාහය තවත් අඩු වූයේය.

#  ඒ අතර වාරයේම වියදම් පැත්තෙන් ගත්විට පීඩාවට පත් ජනයාට සහාය වනු පිණිස රුපියල් 5000ක සහන දීමනාවක් දෙන්නට රජයට සිදුවිය. අරමුදලෙන් වියදම් පැත්ත මේ නිසා වැඩිවී පමණ ඉක්මවා කළ වියදම් නිසා ඇතිවූ ශේෂය විශාල විය.

3 - අහිතකර ලෙස ගෝලීය තත්ත්වය වර්ධනය වීම:

#  තුන්වැන්න ගෝලීය වාතාවරණය තුළ හටගත් අහිතකර වාතාවරණයයි. රජයට විදේශ වෙතින් මුදල් ණයට ගැනීමට ඇති හැකියාවට එම තත්ත්වය හරස් වෙයි. කොවිඩ් 19 ගෝලීය වසංගතය විසින් ගෝලීය මුල්‍ය වෙළඳපොළ ක්‍රියාත්මක නොවන අකර්මණ්‍ය තත්ත්වයට පත් කරනු ලැබුවේය. 

1797a01e62390e70මේ සියල්ලටම වඩා ශ්‍රී ලංකාව මෙම වෙළඳපොළට විශ්වාසයෙන් යුතුව ප්‍රවේශවීම වළක්වනු ලැබුවේ අයහපත් තත්ත්වයන් දෙකක් වර්ධනයවීම හේතුවෙනි. 

1-   ඉන් එකක් වන්නේ රටට අන්තර් ජාතික වශයෙන් මුදල් ණයට ගැනීමට ඇති හැකියාව, ප්‍රධාන ශ්‍රේණිගත කිරීමේ ඒජන්ත ආයතන විසින් B ශ්‍රේණියේ සිට B- ශ්‍රේණිය දක්වා පහත හෙළීමයි. එයින් ආර්ථිකයේ සෘණාත්මක පැත්ත තවත් හොඳින් පැහැදිලි විය.

2 -  අනෙක් කාරණය වන්නේ දැනට ඉන්නා අන්තර්ජාතික ස්වාධීන බැඳුම්කර හිමියන් තුළ අප රට ණය පැහැර හරින්නට ඉඩ ඇති බවට භීතියක් හට ගැනීමයි. ද්විතීය බැඳුම්කර වෙළඳපොළේ ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ආදායම් අනුපාතය තියුණු ලෙස ඉහළ යාමෙන් මෙය හොඳින් පිළිබිඹු වූයේය. එහිදී එම බැඳුම්කරවල වෙළඳපොළ මිල බලාපොරොත්තු අගයටත් වඩා පහළ වැටුණේය.

උදාහරණයකට, මහ බැංකු දත්තවලට අනුව 2020 ඔක්තෝබර් 4 වැනිදාට කල් පිරෙන බැඳුම්කර වල ආදායම් අනුපාතිකය 44.42% වූයේ ඒවායේ කූපන් අගය 6.25%ව තිබියදීය. 

එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් 100ක් වටිනා බැඳුම්කරය ඩොලර් 84.35ක් දක්වා පහත වැටුණේය. 

2019 දී දැරූ 4.1%ක ආදායම් අනුපාතිකය හා වැඩිවු මිල වූ ඩොලර් 102.9 සමග සසඳා බැලීමේදී මේ කාරණය හොඳින් පෙනේ. 

ශ්‍රී ලංකා ආණ්ඩුව සතු සියලුම ස්වාධීන බැඳුම්කර අද වනවිට ද්විතීය වෙළඳපොළේ විකිණෙන්නේ බොහෝ අඩු මිලටය.

''ශ්‍රී ලංකා ආණ්ඩුව සතු සියලුම ස්වාධීන බැඳුම්කර අද වනවිට ද්විතීය වෙළඳපොළේ විකිණෙන්නේ බොහෝ අඩු මිලටය.''

මේ ආකාරයට ශ්‍රී ලංකාව අන්තර් ජාතික මූල්‍ය වෙළඳපොළෙන් ණය ගන්නේ නම් ඉහළ පොලී අනුපාත ගෙවන්නට සිදුවේ. ඉතිහාසය පුරා කෙදිනකවත් නොගෙවූ 6-8% දක්වා ඉහළ පොලියක් එවිට ලාබ ලබන ආයෝජකයන්ට ගෙවන්නට සිදුවී තිබේ. මේනිසාද ඒකාබද්ධ අරමුදලට එහි හිඟ පියවා ගැනීම උදෙසා ලැබෙන මුදල් ප්‍රවාහ නතරවී තිබේ.

 දේශීය වෙළඳපොළ බිඳ වැටීම:

මේ වාතාවරණය මැද රජයට ණය මුදල් සපයාගත හැක්කේ දේශීය වෙළඳපොළ වෙතින් පමණකි. එයද අයහපත් තත්ත්වයන් දෙකක් වර්ධනය වීම නිසා අඩපණවී ඇත. 

#  ඉන් එකක් වන්නේ ඵලදායී ලෙස රජයට ණය මුදල් ගැනීමේ සීමාව පාර්ලිමේන්තුව විසින් තීරණය කිරීමයි.

 2020 පළමු මාස 4 සඳහා අතුරු සම්මත ගිණුම අනුමත වෙද්දී ණය ගැනීමේ සීමාව ලෙස තීන්දු වූයේ රුපියල් බිලියන 721කි.

2020 අප්‍රේල් මාසය නිමාවීමෙන් පසුව එළඹෙන කාලපරිච්ඡේදයට අතුරු සම්මත ගිණුමක් නැති නිසා ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවෙන් පැනවූ ණය සීමාවක් නොමැත. එසේ වුවද රජය මැතිවරණයෙන් පසුව එන නව පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙම සීමාව ඉක්මවා රුපියල් බිලියන 120 ක් ලබාගෙන ඇති බව දත්ත වලින් පෙනී යයි.

parlimant1
රජය මැතිවරණයෙන් පසුව එන නව පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙම සීමාව ඉක්මවා රුපියල් බිලියන 120 ක් ලබාගෙන ඇති බව දත්ත වලින් පෙනී යයි.

#  දෙවැන්න මහ බැංකුව කිහිප වාරයක්ම පොලී අනුපාත පහත හෙළීමයි. එසේ කරනු ලැබුවේ කොවිඩ් 19 යෙන් පීඩාවට පත් ආර්ථික ක්‍රියාකාරකම් උත්තේජනය කරනු සඳහාය. මෙම පොලී අනුපාතික කපා හැරීම සිදුවූයේ ද්විතිය වෙළඳපොළේ පොලිය ඉහළ යාමේ ප්‍රවණතාව තුළ වෙළඳපොළ අපේක්ෂාවලට ප්‍රතිවිරුද්ධව යමින් බව පෙනී යයි.

අනෙක් අතට මහ බැංකුවට එය ඉදිරිපත් කරන සියලුම භාණ්ඩාගාර බිල්පත් හරහා ණය ලබාගැනීමටද නොහැකිවී තිබේ. මීට දායක වෙමින් ඒවා මහ බැංකුව මිලදී ගත යුතුය. පසුගිය සති දෙකේ පමණක් රුපියල් බිලියන 18ක මිලදී ගැනීම් ඒ ආකාරයෙන් සිදු කර තිබේ.

මහ බැංකුව මුද්‍රණය කළ මුදලින් ඒකාබද්ධ අරමුදල පිරවීම:

ඇත්ත වශයෙන්ම රජයට ඇති වෙළඳපොළ වැසී ඇති නිසා ඒකාබද්ධ අරමුදලේ හිඟය පියවා ගන්නට රජයට ඇත්තේ තවත් එකම මගකි. එය නම් මහ බැංකුවෙන් මුදල් ණය ගැනීමයි. ඇතැමුන් වැරැදි ආකාරයෙන් මහ බැංකුවෙන් මුදල් අච්චු ගැසීම යන වචනවලින් හඳුන්වන්නේ එම ක්‍රියාවයි.


(ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති)

lankadeepa.lk  : පරිවර්තනය -සමන් පුෂ්ප ලියනගේ]

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්