(මැයි 28 දිනට යෙදෙන ඔසප් සනීපාරක්ෂක දිනය වෙනුවෙනි)

''අද ලෝක Menstrual Hygiene Day දිනය (28). සිංහලෙන් මාසෙ මාරුවීම, පැණි අඹුඩ ගැසීම වගේ නොයෙකුත් වචන පාවිච්චි කරත් කාන්තාවන්ට තනියම මාසිකව විඳින්නට වෙන ඒ දින කීපය පිරිමි අපිට තේරුම් ගැනීමට බැහැ. තේරුම් ගන්න අයත් තේරුම් ගන්නෙ ඒ වේදනාව විඳින කෙනා කියන දේ විශ්වාස කරල, මොකද අපිට ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් නැති නිසා. 

කොහොම උනත් මට ලොකු දෙයක් කියන්න අවශ්‍ය නැහැ. මම අනුර කුමාර දිසානායකටයි, සජිත් ප්‍රේමදාසටයි ස්තූතිවන්ත වෙනව කාන්තා සනීපාරක්‍ෂක තුවා නොමිලේ දුප්පත් අවශ්‍ය අයට ලබාදීමටත් - සෑම පාසල් සිසුවියකටම නොමිලේ ලබාදීමටත් සිය මැතිවරණ වේදිකාවල ප්‍රතිඥා දීම ගැන. ඒ වගේම මේ අවශ්‍යයතාවය දේශපාලන මාතෘකාවක් බවට පත් කිරීම ගැන. 

පිරිසිඳු සනීපාරක්‍ෂ තුවා තමා හැමට අවශ්‍ය. දැනුවත් කාන්තා සංවිධාන කලක් ඉඳන් හඬ නගනව මේ නිශ්පාදනවලට ගහන බද්ද නැති කරන්න කියල. පලමු පියවර ලෙස ඒ බදු ගැහීමවත් නවත්වන්න ඕනෙ, නොමිලේ දීම කවද පටන් ගන්න උනත්.''

[උවිඳු කුරුකුලසූරිය (කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ) -  උවිඳු ගේ FB පිටුවෙන් උපුටා ගන්නා ලදී]

chapad                                 ඔසප් වීම ලජ්ජාවට කාරණයක් ලෙස සලකන සමාජ තහංචි සහ කොන්කිරීම් තවමත් තිබෙනවා
 
UNFPA Sri Lanka සටහනක් : ඔසප් වීම හේතුවෙන් ඇති වන ශාරීරික, මානසික හා සමාජමය අපහසුතා අවම කරගැනීම සෑම කාන්තාවකගේ ම අයිතියක්.
 
සෑම දිනකම ලොව පුරා කාන්තාවන් මිලියන 300ක් පමණ ඔසප් වෙනවා. එය ඉතාම සාමාන්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් වුණත්, බොහෝදෙනෙකු ඒ ගැන කතා කරන්නට මැලිවෙනවා.

ඔසප් වීම ලජ්ජාවට කාරණයක් ලෙස සලකන සමාජ තහංචි සහ කොන්කිරීම් තවමත් තිබෙනවා. ඔසප් වීම නිසා කිසිම කාන්තාවකට හෝ ගැහැණු ළමයකුට සමාජමය වශයෙන් පසුබසින්නට ඉඩ නොදෙන එක අප සියලු දෙනාගේ වගකීමක්. ඔසප් වීම හේතුවෙන් ඇති වන ශාරීරික, මානසික හා සමාජමය අපහසුතා අවම කරගැනීම සෑම කාන්තාවකගේ ම අයිතියක්.

පරිසර හිතකාමී, නැවත පාවිච්චි කළ හැකි, කපු රෙදිවලින් තැනූ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් වන මොමිජි නැචුරල් කෝපරේෂන්හි සේවය කරන තිස් අට හැවිරිදි ශම්මි මාස 20ක් වයස දරුවකුගේ මවක්. පනස් එක් හැවිරිදි මංගලා එහි කර්මාන්ත ශාලා කළමනාකාරවරියක්.

“මා මුලින්ම ඔසප් වීමේ අත්දැකීම ලබපු කාලයේ මගේ පාසලේ ගුරුවරියන් එය සාමාන්‍ය, ස්වාභාවික ක්‍රියාවක් බව මට කියා දුන්නා," යි ශම්මි පවසනවා. 

“ඒ වුණාට මට පාසලේදී ලැබුණු ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය ගැන සතුටු වන්නට පුළුවන්කමක් නැහැ. ඔසප් වීම ගැන ඉගෙන ගන්නට අවස්ථා නොතිබුණු නිසාත්, ඔසප් වීමේදී භාවිතා කරන්නට අවශ්‍ය දේ නොමැති වීම නිසාත් ගැහැණු ළමයින් පීඩා වින්දා මට මතකයි.

යොවුන් වියේ අත්දැකීම් බෙදාහදා ගනිමින් මංගලා මෙසේ පැවසුවා: “මට තවම මතකයි, බෝඩිමේ සමහර ගැහැණු ළමයින් ඔසප් වෙන දවස්වලට රෙදි කෑලි පාවිච්චි කළා. ඒවා නිසා ඇතැම් වෙලාවට අපහසුවට පත්වෙන්නටත් ඔවුන්ට සිදු වුණා. ඒගොල්ලන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගන්නට හැකියාවක් තිබුණෙ නැහැ."

මේ තත්වය වෙනස් විය යුතු බව ඔවුන් දෙදෙනාගේ ම අදහසයි. “මගේ දියණිය වැඩිවිය පැමිණෙන කාලය වන විට මේ තත්වය වෙනස් විය යුතුයි කියා මා සිතනවා. ඒ වෙනුවෙන් අප අද ක්‍රියාත්මක විය යුතුයි," යි ශම්මි පවසනවා.

“සමහර ගුරුවරුන් පාසල් විෂයමාලාවේ තිබෙන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ පාඩම් උගන්වන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන් ම පොදුවේ පිරිමින් හා පිරිමි ළමයින් ඔසප් වීම සම්බන්ධ ගැටලු පිළිබඳ දන්නෙ නැහැ සහ සංවේදී නැහැ. ඒ නිසා පවුල් තුළ වගේ ම සමාජයේත් ගැටලු ඇති වෙනවා," 

“සමහර ගුරුවරුන් පාසල් විෂයමාලාවේ තිබෙන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ පාඩම් උගන්වන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන් ම පොදුවේ පිරිමින් හා පිරිමි ළමයින් ඔසප් වීම සම්බන්ධ ගැටලු පිළිබඳ දන්නෙ නැහැ සහ සංවේදී නැහැ. ඒ නිසා පවුල් තුළ වගේ ම සමාජයේත් ගැටලු ඇති වෙනවා," යි මංගලා පෙන්වා දුන්නා.

තරුණයින්ගෙන් 50%කට ම විරුද්ධ ලිංගිකයන්ගේ ප්‍රජනන අවයව පිළිබඳ අවබෝධයක් නැහැ. 

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2012 වසරේදී පවත්වන ලද ජාතික තරුණ සෞඛ්‍ය සමීක්ෂණයෙන් පෙන්වා දෙන ලද පරිදි, වයස අවුරුදු 15-24 අතර තරුණ පුද්ගලයන්ගෙන් 50%කට ම විරුද්ධ ලිංගිකයන්ගේ ප්‍රජනන අවයව පිළිබඳ අවබෝධයක් නැහැ. ඔසප් වීම අදාළ වන්නේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට පමණක් නොවන බව හා එය පිරිමින් හා පිරිමි ළමුන් ද දැනුවත් විය යුතු කාරණාවක් බව අවබෝධ කරගැනීම අත්‍යවශ්‍යයි. 

ඔසප් වීම පිළිබඳ සංවාද තුළට පිරිමින් හා පිරිමි ළමයින් ඇතුළත් කරගැනීමෙන් එය සාමාන්‍ය ක්‍රියාවලියක් බවට අවබෝධය සමාජය තුළ තහවුරු වෙනවා. එමගින් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට උපකාර කරන, ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කළ හැකියි.

“මා මේ සමාගමට සම්බන්ධ වෙද්දී මගේ ප්‍රධානියා වුණේ පිරිමි කෙනෙක්. ඔහු ඔසප් වීම සම්බන්ධ ගැටලු, ඔසප් වීමේදී සනීපාරක්ෂාවේ වැදගත්කම, සාමාන්‍ය සනීපාරක්ෂක තුවාවල පාරිසරික ගැටලු සහ පරිසර හිතකාමී, නැවත භාවිතා කළ හැකි සනීපාරක්ෂක තුවාවල වාසි ගැන සිත් ඇදගන්නාසුළු විස්තරයක් කළා. පිරිමි කෙනෙකු ඔසප් වීම සම්බන්ධ කාරණා ගැන එතරම් සංවේදීභාවයෙන් යුක්තව කතා කරනවා අහලා මට ලොකු සතුටක් ඇති වුණා. මං මේ ආයතනයේ වැඩ කරන්නෙ ගොඩක් සතුටෙන්. අපේ හැම නිෂ්පාදනයක් ම කාන්තාවකට උදව් කරනවා,” යි මංගලා පවසනවා.


''වසංගත පැතිරුණත්, ඔසප් වීම නතර වන්නේ නැහැ''

160202185152 china women period leave illustration 2 super tease
2020 වසරේ ඔසප් සනීපාරක්ෂක දිනය සමරනු ලබන්නේ කොවිඩ්-19 වසංගතය පැතිරීම නිසා ලෝකයේ රටවල විවිධ මට්ටම්වල සීමාකිරීම්, ලොක්ඩවුන් ආදිය ක්‍රියාත්මක වෙමින් තිබියදීයි. වසංගත පැතිරුණත්, ඔසප් වීම නතර වන්නේ නැහැ. 

එහෙත්, වසංගත පාලනය කිරීම සඳහා රජයන් විසින් යොදනු ලබන සීමාකිරීම් හේතුවෙන් කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට ඔසප් වීම සම්බන්ධ අධ්‍යාපනය හා ඔසප් වීම පහසු කරන දේවල් ලබාගැනීම දුෂ්කර වෙනවා. 

සෞඛ්‍යාරක්ෂිතව හා ගෞරවනීය අන්දමින් ඔසප් වීම කළමනාකරණය කරගැනීම සඳහා එම දැනුම හා සැපයුම් අත්‍යවශ්‍යයි. 

ශ්‍රී ලංකාවේ ඇඳිරි නීති පැවති සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා බෙදාහැරීමේදී ඔසප් වීමේදී අවශ්‍ය වන සැපයුම්වලට ප්‍රමුඛතාවක් ලබාදුන් බවක් දකින්නට ලැබුණේ නැහැ.

''ශ්‍රී ලංකාවේ ඇඳිරි නීති පැවති සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා බෙදාහැරීමේදී ඔසප් වීමේදී අවශ්‍ය වන සැපයුම්වලට ප්‍රමුඛතාවක් ලබාදුන් බවක් දකින්නට ලැබුණේ නැහැ.'' 

“වරක් භාවිතා කර බැහැර කරන සනීපාරක්ෂක තුවා සඳහා වියදම ඉහළයි. ඒ නිසා සමහර කාන්තාවන්ට ඒවා ලබාගන්නට අමාරුයි. කොවිඩ්-19 ඇඳිරි නීති සමයේදී ඇතැම් කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා ලබාගැනීම අපහසු වෙන්නත් ඇති. ඔසප් වීම සිදු වන දිනවලදී කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා කීපයක් ම බැහැර කරන්නට සිදු වෙනවා,” යි ශම්මි පෙන්වා දුන්නා.

භාවිතා කරන ලද සනීපාරක්ෂක තුවා බැහැර කිරීමේදී ඇති වන ගැටලු ගැන කතා කරමින් මංගලා මෙසේ පැවසුවා:  “පාවිච්චි කරන ලද සනීපාරක්ෂක තුවා බැහැර කිරීමත් ගැටලුකාරීයි. ඒවායේ තිබෙන ඇතැම් නොදිරන ද්‍රව්‍ය නිසා බරපතල පාරිසරික ගැටලු ඇති වෙනවා. සාමාන්‍ය සනීපාරක්ෂක තුවා වෙනුවට විකල්ප ලෙස භාවිතා කළ හැකි වෙනත් නිෂ්පාදන තිබෙන බව අපේ කාන්තාවන් වැඩිදෙනෙකු දන්නේ නැහැ,” යි මංගලා පවසනවා.

මෙන්ස්ටෘවල් කප් නමින් හැඳින්වෙන කුඩා කෝප්පයක් වැනි නැවත භාවිතා කළ හැකි ඔසප් උපකරණය, නැවත භාවිතා කළ හැකි ඔසප් යට ඇඳුම් සහ නැවත භාවිතා කළ හැකි රෙදි සනීපාරක්ෂක තුවා ආදී පරිසර හිතකාමී නිෂ්පාදන පිළිබඳ දැනුම ලබාගැනීමටත්, ඒවා මිල දී ගැනීමටත් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල තවමත් පහසුකම් නැහැ. තම ජීවිත පහසු කරගැනීම සඳහා අවශ්‍ය දැනුම හා සේවා ලබාගැනීම සඳහා කාන්තාවන්ට පහසුකම් සැපයිය යුතුයි.

මේ ක්‍රියාත්මක වීමට කාලයයි. එක්ව ක්‍රියා කිරීමෙන් අපට වසර 2030 වන විට දිළිඳුකම සහ අනවබෝධය නිසා ඔසප් වීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු මගහරවා ගැනීමට  හැකියි. ''
 
 

subscribeYT

නවතම පුවත්

ඇට මැස්සා