leader s

රනිල් කවදත් මහා විහාර සම්ප්‍රදායට ඉතා හිතැතිව කටයුතු කළ නායකයෙකි. මහා විහාර සම්ප්‍රදායේ යට ගියාව මතු කර ගැනීම

සඳහා කැණීම් ඇරඹීමට රනිල් අගමැති ලෙස විශේෂ සහයක් ලබා දුන්නේය. ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසය පිළිබඳවත් ප්‍රාමානික දැනුමකින් හෙබි රනිල් ලංකාවේ සැබෑ පාදම  මතුකර ගැනීම සඳහා අඩි තාලමක් දැමූ නායකයකු බව විද්වතුන්ගේ පිළිගැනීමයි.

අනුරාධපුර පූජා භූමියට ගිය රනිල්ට ලැබුණේ ඉහළ පිළිගැනීමකි. මහා සංඝරත්නයෙන් පමණක් නොව එහි පැමිණ සිටි ජනතාව ද රනිල් වටා රොක් වූහ.

cvxsee
"ඔබතුමා නොහිටින්න අද රට කොතැනද කියන්න දන්නේ නෑ" මිනිසුන්ගේ මුවින් නික්මුණු පොදු වචනය එය විය.

ශ්‍රී මහා බෝධිය උදෙසා දෙවැනි රන් වැට පූජා කළේ රනිල්ය. පළමු රන් වැට පූජා කළේ රංජිත් විජයවර්ධනය. මේ ඇත්ත ඉතිහාසය සලකා බලන විට රටේ ඇත්ත බෞද්ධ නායකයා කවුදැයි ලේසියෙන්ම පැහැදිලි වන්නේය.

ඓතිහාසික ශ්‍රී මහා බෝධිය වන්දනා කළ රනිල්ට සෙත් පතන්නට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

gghgh
එහිදී අනුශාසනාවක් කරමින් ලංකාරාමාධිකාරී රළපනාවේ ධම්ම ජෝති නාහිමි කීවේ රට දෙපැත්තට දෝලනය වෙමින් තිබූ වෙලාවේ බොහෝ දෙනෙක් රට ගැන හැඟීමක් නැතිව කටයුතු කළ බවයි. ඒ අවස්ථාවේ ඉදිරිපත් වූ එකම නායකයා රනිල් පමණක් බවද ධම්මජෝති නා හිමියෝ කීහ.


" ඒ කාලේ දිග පෝලිම් අපි දැක්කා. ඒවා මිනිස්සුන්ට අමතක වෙලාද කියලා අපි දන්නේ නෑ. මිනිස්සු සැතපුම් ගණන් දිග පෝලිම් වල ඇද වැටිලා මරණයට පත්වුණා. ඔබතුමා ජාත්‍යන්තරයේ සහයෝගයත් අරගෙන ක්‍රම ක්‍රමයෙන් මිනිසුන්ගේ දුක් නිවපු හැටි අපට මතකයි. ඔබතුමා ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ  
ජනාධිපතිවරයෙක්ගෙන් රටට වෙන්න ඕන සේවය ඒ අයුරින්ම කළා කියන කාරණය ඉතිහාස ගතවෙලා තියෙනවා" යනුවෙන්ද ධම්මජෝති නාහිමියෝ කීහ.

රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ඊතල වැටුණු වැ⁣වේ ඤාණතිලක හිමියන් රනිල් හමුවූ මොහොතේ කීවේ සුබ අසුබ මොන දේ ලැබුනත් රනිල් අටමස්ථාන භූමියට ඇවිත්  සිරිමා බෝ හාමුදුරුවෝ ලඟ, මහා සෑය ලඟ පුද පූජා කරන බවයි.

රනිල් රටට කළ මෙහෙවර ගැනද රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී හිමි එහිදී විශේෂ සිහිපත් කිරීමක් කළේය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රනිල්ගේ ශාසනික සේවයට දුන් සවිය ගැනද ඥානතිලක හිමි එහිදී කීය. මේ ගමනට එජාප සභාපති වජිරද එක්ව සිටියේය. රනිල්ගේ ශාසනික කාර්යයන්හිදී පසුපස සිට සම්බන්ධීකරණ කටයුතු කරමින් යෝද ශක්තියක් වූයේ වජිරයි. අනුරාධපුරයේ මහා සංඝරත්නයද ඒ ගැන විශේෂ සිහිපත් කිරීමක් කළහ.

රනිල්ගේ අනුරාධපුර ගමන ගැන සමාජ මාධ්‍යයේ විශේෂ කතාබහට ලක්ව තිබිණි.

සජිත් මේ දවස්වල දැඩි අමාරුවක වැටීල....

cxgdfgdf

සජබ - එජාප එකතුව සම්බන්ධයෙන් සජිත් මේ දවස්වල දැඩි අමාරුවක වැටී සිටින බව දැනගන්නට   සජිත් සජබ එජාප එකතුවට ආවේ බල්ලන් නාවන්නට ගෙන යනවා වගේය. දැන් ඔහුට ඒ කාර්යයෙන් කර ඇරීමට නොහැකි තත්ත්වයකට පැමිණි තිබේ. මන්ද බිමේ සියලු කාක්ෂිකයන් ඉල්ලන්නේ සජබ එජාප එකතුවකි. එලෙස එකතුව නොවුවහොත් ජනතාව රනිල් වටා පෙළ ගැසීමට බලා සිටිති. සජිත් ඒ කාරණය හොඳාකාරවම දනී. ඒ නිසා දැන් සජිත් ගේ අලුත්ම ළදරු ගැටය වී ඇත්තේ එකතුව සිදුවන්නේ තමාගේ මූලිකත්වයෙන් බව රටට පෙන්වා කල් මරමින් සිට එකතුව දියාරු කිරීමය. නමුත් මේ සැරේ නම් සජිත්ගේ ඒ ළදරු ගැට ක්‍රියාත්මක කරන්නට ලේසි වන්නේ නැත.

 

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ සතියේ රැස් වුණත් සජිත් සජබ එජාප එකතුව ගැන කිසිම තීරණයක් ගෙන නැති බව ආරංචිය.

 

" අපි සුමානෙකින් එජාප කෘත්‍යාධිකාරී  මණ්ඩලයට මේක ඉදිරිපත් කරලා තීරණය ඉදිරිපත් කළා. අපි අපේ තීරණය ගැන නොපමාව රුවන් මගින් ඒ අයට දැනුම් දුන්නා. අපි යවපු ක්‍රියාමාර්ගය අනුමත කරනවද සංශෝධනය කරනවද කියලා කියන්න ඕනනේ. අපි එක කතා කරද්දි මුලින් සජබෙ  කිව්වේ යෝජනා එවන්න කියලා. ඒ අනුව තමයි අපි යෝජනා යැවුවේ. ඒ යෝජනා වලට කිසිම පිළිතුරක් නෑ. ඒගොල්ලන්ගේ පැත්තෙන් සාකච්ඡා වලට නම් කරන්නේ කවුද? ඒ මුකුත් තාම තීරණයක් නෑ" රනිල් එසේ පවසා තිබුණේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක සහ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න සමඟ හමුවකදීය.

"කරන්න ඕන දේ නොකර දැන් අධ්‍යාපනය වගේ දේවල් ගැන කතා කරමින් ඉන්නවා" රනිල් හමුවූ සජබ මන්ත්‍රීවරයෙක් සජිත් ගැන කෙටියෙන් කියා ඇත්තේ ඇත්තේ එසේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහි සටනේ ජය කණුව ගත්තේ විමල්..
 
fdfgdf
 
කෙසේ වුවද විපක්ෂ නායක කියා පුද්ගලයෙක් සිටියත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහි සටනේ ජය කණුව ගත්තේ  විමල්ය.

" ඔයා මොකක්ද හරිනිට කළේ" යැයි රනිල්ද විමල්ට දුරකථන ඇමතුමක් දී විමසා ඇති බව ආරංචිය.

" සජිත්ලා මේක අත ගගා හිටියා. දැන් මේකෙ දිනුම ගියේ වීරවංශට " සජබෙ  මන්ත්‍රීවරයෙක් රනිල්ට එසේ කියා තිබිණි.


"අනුර ගිහින් තියෙන්නේ රනිල්ටත් වඩා පෞද්ගලික ගමනක් ''
 
cbxcxb
 
රනිල්ගේ එංගලන්ත ගමන ගැන මාලිමාවේ උදවිය කරුණු ගෙන හැර පෑවද දැන් එය අවසානයේ අනුරගේ පැත්තට අවාසියට පෙරලෙමින් තිබේ. අනුර ජනාධිපති ලෙස ජපානයේ ගිය ගමන සම්පූර්ණයෙන්ම පෞද්ගලික එකක් බව දැනටමත් කරුණු හෙළිදරව් වී හමාරය.

" මිතුරන් අතරේ පෞද්ගලිකව බෙදා හරින්න. ඇතුල්වීම ලියාපදිංචි පුද්ගලයන්ට පමණි"යනුවෙන් අනුරගේ ජපන් රැස්වීම ගැන සඳහන් පෝස්ටුව දැන් එළියට පැමිණ තිබේ.

" අනුර ගිහින් තියෙන්නේ රනිල්ටත් වඩා පෞද්ගලික ගමනක් " නීති ක්ෂේත්‍රයේද දැන් මේ කතාව ලැව් ගින්නක් සේ පැතිර යමින් පවතී.

(සටහන | මල් පාරේ ලියුම්කරු)

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්