'ෆෙඩරල් කොලම' පළමුවෙනි ලිපියෙහි විස්තර කරන්නට යෙදුණු ආකාරයට වාර්ගික, ආගමික හෝ භාෂාමය බෙදීම් හෙතුවෙන් ඇති වන ගැටුම් පාලනය කර, සාමය ගොඩ නැගීම සදහා කොන්සොසියේෂනල් ක්‍රමවේදය

පදනම් කර බලය බෙදීමට 1970 ගණන්වල මුල් කාලයේ සිට ශාස්ත්‍රීය මට්ටමින් ජනප්‍රිය වූ ක්‍රමයකි 'power sharing' හෙවත් 'බලය බෙදා ගැනීමේ' විසදුම. 

1857  - 1967 අතර කාලයේ නෙදර්ලන්තයේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදී බලය බෙදීමේ ක්‍රමවේදය පදනම් කර ගනිමින්  අරෙන්ඩ් ලෙයිෆාර්ට් (Arend Lijphart) නම් දේශපාලන විද්‍යාඥයා විසින් 1969 දී න්‍යායගත කරන ලද මෙම කොන්සොසියේෂනල් ක්‍රමවේදය, විසිවෙනි ශතවර්ෂයේ රටවල් 16 ක ක්‍රියාත්මක කෙරුණු බව මහාචාර්ය ලෙයිෆාර්ට් 2002 වසරේදී ආඩම්බරයෙන් සදහන් කළේය.Prof AL


මෙම ක්‍රමවේදය මගින් උත්සාහ කරන්නේ ජනවාර්ගික කණ්ඩායම් අතරින් ප්‍රධානම කරදරකාර ප්‍රභූන් හදුනා ගෙන ඔවුන්ට ආණ්ඩුවේ කෑල්ලක් ලබා දී බලවත් කර, එකී වාර්ගික ප්‍රභූන් හරහා සභාග පාලනයක් ඇති කර, ගැටුම් සාමකාමීව පාලනය කර ගැනීමටයි.

''මෙම ක්‍රමවේදය මගින් උත්සාහ කරන්නේ ජනවාර්ගික කණ්ඩායම් අතරින් ප්‍රධානම කරදරකාර ප්‍රභූන් හදුනා ගෙන ඔවුන්ට ආණ්ඩුවේ කෑල්ලක් ලබා දී බලවත් කර, එකී වාර්ගික ප්‍රභූන් හරහා සභාග පාලනයක් ඇති කර, ගැටුම් සාමකාමීව පාලනය කර ගැනීමටයි.''
මෙම ක්‍රමය තුළදී එකී වාර්ගික ප්‍රභූන් තමන් නියෝජනය කරන වාර්ගික කණ්ඩායමේ දේශපාලන නියෝජිතයන් ලෙස සැලකෙන අතර, ඔවුන්ට ලබාදෙන බලය එකී ජනවාර්ගික, ආගමික හෝ භාෂාමය කණ්ඩායම් වලට බලය ලබාදීමක් ලෙස ගණන් ගැනේ. 

එකී ප්‍රභූන් වෙත බලය ලබා දීමේදී ගැටුම් ඇති වීමට මුල් වන හේතුව ජනවාර්ගිකත්වය නම්, බලය බෙදා ගැනීමේ මූලික පදනම ලෙස ද සැලකෙන්නේ ජනවාර්ගිකත්වයයි. 

ඒ ආකාරයටම ගැටුම් ඇති වීමට මුල් වන හේතුව ආගම නම්, බලය බෙදා ගැනීමේ මූලික පදනම ලෙස සැලකෙන්නේ ආගමයි; භාෂාව ගැටුමට මූලික හේතුව වන විට භාෂාව බලය බෙදා ගැනීමේ පදනම ලෙස ගණන් ගැනේ. 

 100712304 hi005313341උතුරු අයර්ලන්තය: 1998 අප්‍රේල් 10 දින අත්සන් කරන ලද 'ගුඩ් ෆ්‍රයිඩේ' (good Friday) මගින් දෙපාර්ශවයේ ප්‍රභූන් අතර එකගතාවක් ඇති කර ගන්නා ලදී. 

උදාහරණයක් ලෙස උතුරු අයර්ලන්තයේ කතෝලික සහ ප්‍රොතෙස්තන්ත ආගමිකයන් අතර ආගම පදනම් කරගෙන ඇතිවූ දේශපාලන ගැටුම් නිරාකරණය කර ගැනීමට පොලිස් සේවය සදහා කතෝලිකයන් සියයට පණහක් සහ ප්‍රොතෙස්තන්ත ආගමිකයන් සියයට පණහක් වශයෙන් අනුපාතයට බදවා ගැනීම් සිදු කිරීමට 1998 අප්‍රේල් 10 දින අත්සන් කරන ලද 'ගුඩ් ෆ්‍රයිඩේ' (good Friday) මගින් දෙපාර්ශවයේ ප්‍රභූන් අතර එකගතාවක් ඇති කර ගන්නා ලදී. 

මේ ආකාරයට ගැටුමට මුල් වන හේතුව, විසදුමේ පදනම බවට පත් කර ගැනීම කොන්සොසියේෂනල් ක්‍රමය මත පදනම් වන බලය බෙදා ගැනීමේ ක්‍රමවේදයේ වැදගත් මූලධර්මයකි.

එහෙත්, ගැටුමට මුල්වන සමාජ බෙදීමේ හේතුව බලය බෙදා ගැනීමේ පදනම කර ගැනීම කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමයෙහි ඇති මූලික දුර්ලතාවක් බව මෙම ක්‍රමයේ අසාර්ථකත්වය පෙන්වා දෙන විද්‍යාර්ථීන්ගේ මතයයි. 

''එහෙත්, ගැටුමට මුල්වන සමාජ බෙදීමේ හේතුව බලය බෙදා ගැනීමේ පදනම කර ගැනීම කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමයෙහි ඇති මූලික දුර්ලතාවක් බව මෙම ක්‍රමයේ අසාර්ථකත්වය පෙන්වා දෙන විද්‍යාර්ථීන්ගේ මතයයි. ''
ඉන්දියාවේ ප්‍රාන්ත ක්‍රමයේ යම් සාර්ථකත්වයක් ඇත්ද, එය මෙකී කොන්සොසියේෂනල් ක්‍රමයෙන් වෙනස්ව යමින්, ගැටුමට මුල් වන හේතුව බලය බෙදා ගැනීමේ පදනම වශයෙන් යොදා නොගැනීම බව මහාචාර්ය ෆිලිප් ජී. රෝඩර් වැන්නවුන් පෙන්වා දෙයි.Prof. Pilip Rodder

නිදසුනක් ලෙස ඉන්දීය ප්‍රාන්ත ක්‍රමය නිර්මාණය වන 1950 ගණන්වලදී ඉන්දියාව තුළ පැවති ගැටුම් වලට මුල් වූ ප්‍රධාන හේතු දෙකක් විය. 

එකක් ආගමයි. ඉස්ලාම් සහ හින්දු ආගමිකයන් අතර මේ වකවානුවේ ආගම පදනම් කරගෙන බෙදී වෙන්වී යාමට උත්සාහ කළ ගැටුම් පැවතිණි. 

අනෙක් හේතුව සම්ප්‍රදායික ප්‍රාදේශීය කුමාරවරුන් පාලනය කළ 'කුමාරවරුන්ගේ රාජ්‍යයන්' වෙතින් මධ්‍යම ආණ්ඩුවෙන් බෙදී වෙන් වී යාමට පැවති තර්ජනයයි. 

ඉන්දීය ප්‍රාන්ත ක්‍රමය නිර්මාණය කිරීමේ පදනම ලෙස ආගම සහ කුමාරවරුන් ගේ සම්ප්‍රදායික රාජ්‍ය සංකල්පයන් පදනම් ලෙස සැලකීමට ජවහර්ලාල් නේරු අගමැතිවරයා වෙත විශාල බලපෑමක් එකී ආගමික සහ ප්‍රාදේශීය ප්‍රභූන්ගෙන් එල්ල විය. 

Jinnah Nehru       නේරු සහ අලි ජින්නා

සික් ආගමිකයන් වෙනුවෙන් සිය ආගම  පදනම් කරගෙන වෙනම ප්‍රාන්තයක් ඉල්ලා නේරු අගමැතිවරයා වෙත බලපෑම් එල්ල වූ අවස්ථාවේ ඔහු එය ප්‍රතික්ෂේප කළේ "තවත් පාකිස්තානයක් නිර්මාණය කිරීමට තමන්ට අවශ්‍ය නොවන බව" පවසමිනි. 

ආගම පදනම් කර ගෙන ඒ වන විටත් ඉන්දියාව බෙදී, පාකිස්තානය නිර්මාණය වී තිබුණි. 

ඒ අනුව ජවහර්ලාල් නේරු එම සමාජය තුළ ගැටුම් වල ප්‍රධාන හේතු වූ ආගම හෝ කුමාරවරුන් ගේ රාජ්‍යය සංකල්පය ප්‍රාන්ත ක්‍රමය ඇති කිරීමේ පදනම ලෙස යොදා ගනු වෙනුවට ගැටුම් වලට හේතුවක් නොවූ 'භාෂාව' ඉන්දීය ප්‍රාන්ත ක්‍රමයේ පදනම ලෙස යොදා ගත්තේය. 

13 වන ආණ්ඩු ක්‍රම සංශෝධනය:

ඒ අනුව, ඉන්දියාවේ මැදිහත්වීම මත ශ්‍රී ලංකාවට හදුන්වා දුන් 13 වන ආණ්ඩු ක්‍රම සංශෝධනය හරහා පළාත් සභා ක්‍රමය නිර්මාණය කිරීමේදී ඉන්දීය ප්‍රාන්ත ක්‍රමය ඇති කිරීමේදී යොදා ගත් මූලික පදනමින් බැහැර ගොස් ඇති බව ඔබට පෙනී යා යුතුය. 

ශ්‍රී ලංකාවේ ගැටුමට මුල්වූ ජනවාර්ගික පදනම ම, 13 වන සංශෝධනයට පදනම විය. භූගෝලීය ප්‍රදේශ වෙන් කිරීමේදී, විශේෂයෙන් උතුරු-නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ යෝජනාවට පදනම් වූයේ ජනවාර්ගිකත්වය යි. 

WhatsApp Image 2020 09 19 at 10.53.19 AM''ශ්‍රී ලංකාවේ ගැටුමට මුල්වූ ජනවාර්ගික පදනම ම, 13 වන සංශෝධනයට පදනම විය. භූගෝලීය ප්‍රදේශ වෙන් කිරීමේදී, විශේෂයෙන් උතුරු-නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ යෝජනාවට පදනම් වූයේ ජනවාර්ගිකත්වය යි. ''

කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් එම ගිවිසුම් ඇතිකර ගැනීමෙන් පසු කාලයකදී වැඩි ඉල්ලීම් ඉදිරිපත් කරමින් ජනවාර්ගික ගැටුම් උත්සන්න කිරීමට වාර්ගික ප්‍රභූන්ට උත්ප්‍රේරණයක් ලබා දෙයි. 

එසේම, මධ්‍යම ආණ්ඩුවේ වෙත වැඩි හානියක් කිරීම හෝ එසේ කිරීමට තර්ජනය කිරීම මගින් බලය බෙදා ගැනීමේ මුල් එකගතාවයන්ට එහා යන අන්තවාදී ඉල්ලීම් කිරීමේ හැකියාව ද මෙම ක්‍රමවේදය මගින් වාර්ගික ප්‍රභූන් වෙත ලබා දෙයි.

 ඊටත් අමතරව, වඩ වඩා බලය මධ්‍යගත කරමින් වාර්ගික ප්‍රභූන් වෙත හානි කිරීමට ද කොන්සොසියේෂනල් ක්‍රමවේදය මගින් මධ්‍යම ආණ්ඩුවේ නායකයන්ට ද බලය සහ හැකියාව ලබා දෙන අතර, මේ සියල්ල මගින් ජනවාර්ගික ගැටුම් වඩ වඩාත් උත්සන්න කිරීමට කොන්සොසියේෂනල් ක්‍රමවේදය මගින් වාර්ගික ප්‍රභූන්ට සහ මධ්‍යම ආණ්ඩුවේ ප්‍රභූන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කරයි.

'' ඊටත් අමතරව, වඩ වඩා බලය මධ්‍යගත කරමින් වාර්ගික ප්‍රභූන් වෙත හානි කිරීමට ද කොන්සොසියේෂනල් ක්‍රමවේදය මගින් මධ්‍යම ආණ්ඩුවේ නායකයන්ට ද බලය සහ හැකියාව ලබා දෙන අතර, මේ සියල්ල මගින් ජනවාර්ගික ගැටුම් වඩ වඩාත් උත්සන්න කිරීමට කොන්සොසියේෂනල් ක්‍රමවේදය මගින් වාර්ගික ප්‍රභූන්ට සහ මධ්‍යම ආණ්ඩුවේ ප්‍රභූන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කරයි.''

බලය බෙදා ගැනීමේ කොන්සොසියේෂනල් ක්‍රමවේදය මගින් මෙසේ ජනවාර්ගික ගැටුම් උත්සන්න කිරීමට වාර්ගික නායකයන්ට සහ මධ්‍යම ආණ්ඩුවේ නායකයන්ට උත්තේජනයක් ලැබෙන්නේ විශේෂයෙන් මෙම බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් ඇති කරන එකිනෙකට සම්බන්ධ  ප්‍රතිපල තුනක් නිසා බව පසුගිය සතියේ ලිපිය මගින් කෙටියෙන් සාකච්ඡා කෙරුණි. 

ඒ අනුව පළමුව, කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ විසදුම මගින් සෑම ප්‍රතිපත්තිමය ගැටළුවක්ම ජනවාර්ගික ප්‍රශ්නයේ ම දිගුවක් ලෙස සැලකීමට පරිසරයක් නිර්මාණය වීමත්, එමගින් ගැටලු වලට හේතු වන අනෙකුත් සමාජ, ආර්ථික, දේශපාලන බෙදීම් වල වැදගත්කම නැති වී යන බවත් සදහන් කෙරුණි. 

දෙවනුව, තම ඉල්ලීම් වැඩි කිරීමට කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් ජනවාර්ගික ප්‍රභූන්ට උත්තේජනයක් ලබා දෙන බවත්, එසේම සෙසු ජනවාර්ගික ප්‍රභූන් වෙතද මෙම වැඩි ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාව බෝවීමේ පරිසරයක් නිර්මාණය වෙන බවත් සදහන් විය. 

එමගින් ජනවාර්ගික ප්‍රභූ කණ්ඩායම් එකිනෙකා එකට එකතු වී මධ්‍යම රජයේ නායකයන්ට එරෙහිව බලපෑම් කිරීමට ඇති හැකියාව ආයතනීකරණය වීමක් කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් සිදු කරයි.

තෙවනුව, තම බලය සදහා සටන් කිරීමට අවශ්‍ය ආයතනිකමය ආයුධ (institutional weapons - මෙය ශාස්ත්‍රීය යෙදුමකි), නිදසුනක් ලෙස වාර්ගික ප්‍රභූන්ට ව්‍යවස්ථානුකූලව ලැබෙන බලය, ජනවාර්ගික ප්‍රභූන් අත සම්මුච්ඡගත කිරීම මගින් සිය ඉල්ලීම් දිනා ගැනීමට සටන් කරන මාර්ග රාශියක් කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් ජනවාර්ගික ප්‍රභූන් වෙත ලබා දෙන බවත් පසුගිය සතියේ සදහන් කෙරුණි. 

WhatsApp Image 2020 09 19 at 10.53.11 AM            මහාචාර්ය ජි.එල්. සහ  ඇන්ටන් බාලසිංහම් 

ඉහත දැක්වූ කරුණු තුනම, කොන්සොසියේෂනල් බලය බෙදීමේ ක්‍රමවේදය මගින් නිර්මාණය කර දෙන ප්‍රතිපල බවත්, ඒවා එකිනෙකට සම්බන්ධ බවත්, එමගින් වාර්ගික ගැටුම් උත්සන්න වන බවත් මහාචාර්ය රෝඩර් පෙන්වා දෙයි. 

එම ප්‍රතිපල තුන සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කර ගැනීම වැදගත් වන අතර, එයින් පළමු ප්‍රතිපලය සම්බන්ධයෙන් මේ සතියේත්, අනෙක් කරුණු දෙක සම්බන්ධයෙන් මීළග සතියේත් සලකා බලමු.

පළමුව, කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ විසදුම මගින් සෑම ප්‍රතිපත්තිමය ගැටළුවක්ම ජනවාර්ගික ප්‍රශ්නයේ ම දිගුවක් ලෙස සැලකීමට පරිසරයක් නිර්මාණය වීමත්, එමගින් ගැටලු වලට හේතු වන අනෙකුත් සමාජ, ආර්ථික, දේශපාලන බෙදීම් වල වැදගත්කම නැති වී යන බවත් සදහන් කෙරුණි. 

ජනවාර්ගික ප්‍රශ්නයට සම්බන්ධ නොවන ප්‍රතිපත්තිමය ගැටලු වලට පවා ජනවාර්ගික මුහුණුවරක් ලබා දීමට කොන්සොසියේෂනල් ක්‍රමවේදය මගින් වාර්ගික ප්‍රභූන්ට පරිසරයක් නිර්මාණය කර දෙන අතර, එය මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන රටවල සුලභව දැකිය හැකි බව මහාචාර්ය රෝඩර් පෙන්වා දෙයි. 

එමෙන්ම, යම් කොතරම් යහපත් ප්‍රතිපත්තියක් වුව ද, එමගින් තම වාර්ගික කණ්ඩායම තුළ බෙදීමක් හට ගනී නම් හෝ, තම වාර්ගික කණ්ඩායමෙන් කොටසක් තවත් කණ්ඩායම් වෙත බෙදී වෙන්වී යාමක් සිදු වේ නම්, කොන්සොසියේෂනල් විසදුමක් තුළ එයට විරුද්ධ වීමට වාර්ගික ප්‍රභූන්ට ඉඩ කඩ ලබා දෙයි. 

එසේම, වෙනත් කණ්ඩායම් තුළ බෙදී වෙන්වී යාම් ඇති කරන සහ තමන්ගේ හෝ තම කණ්ඩායමේ බලය සහ වරප්‍රසාද වැඩි කරන ප්‍රතිපත්තිමය කරුණු විශේෂයෙන් තෝරා ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටීමට වාර්ගික ප්‍රභූන්ට කොන්සොසියේෂනල් ක්‍රමවේදය මගින් අවස්ථාව ලබා දෙයි.

මීට අමතරව, රැකියා වලට අදාල ප්‍රතිපත්තිමය ගැටලු, අධ්‍යාපනයට අදාල ප්‍රතිපත්තිමය ගැටලු, කම්කරු ප්‍රශ්න වලට අදාල ගැටලු පවා ජනවාර්ගික දෘෂ්ඨි කෝණයකින් විග්‍රහ කර, තම වාර්ගික කණ්ඩායමේ බලය හා වරප්‍රසාද වැඩි කර ගැනීමට කොන්සොසියේෂනල් ක්‍රමවේදය මගින් වාර්ගික ප්‍රභූන් පොළඹවයි.

''මීට අමතරව, රැකියා වලට අදාල ප්‍රතිපත්තිමය ගැටලු, අධ්‍යාපනයට අදාල ප්‍රතිපත්තිමය ගැටලු, කම්කරු ප්‍රශ්න වලට අදාල ගැටලු පවා ජනවාර්ගික දෘෂ්ඨි කෝණයකින් විග්‍රහ කර, තම වාර්ගික කණ්ඩායමේ බලය හා වරප්‍රසාද වැඩි කර ගැනීමට කොන්සොසියේෂනල් ක්‍රමවේදය මගින් වාර්ගික ප්‍රභූන් පොළඹවයි.''
මේ ආකාරයට සෑම ලොකු, කුඩා ප්‍රතිපත්තිමය ගැටලුවක්ටම ජනවාර්ගික මුහුණුවරක් ලබා දීම මගින් කොන්සොසියේෂනල් ක්‍රමවේදය ක්‍රියාත්මක වන රටවල අනෙකුත් සමාජ ඉරිතැලීම්, නිදසුනක් ලෙස උගත්-නූගත් බව, දුප්පත්-පොහොසත් බව යනාදී බෙදීම් වල ප්‍රතිපත්තිමය වටිනාකම නොසලකා හැරීමට ජනවාර්ගික ප්‍රභූන්ට  හැකි වන අතර සියලු ප්‍රතිපත්තිමය ගැටලු වලට අනවශ්‍ය ලෙස වාර්ගිකත්වය පදනම් කර ගත් ප්‍රවේශයක් ලබා ගැනීමට වාර්ගික ප්‍රභූන්ට හැකියාව ලබා දෙයි. 

නිදසුනක් ලෙස, සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රතිපත්තිමය ගැටලු, එනම් සමාජවාදී ආර්ථික ක්‍රමය ප්‍රතිශෝධනය කිරීම වැනි ප්‍රධාන ප්‍රතිපත්තිමය ගැටලු මෙන්ම, අධිවේගී මාර්ග වලට අදාල බදු ගැසීම් යනාදී සුලු ගැටලු පවා සමූහාණ්ඩුවේ ප්‍රාදේශීය කලාප වල ජනතාවගේ ස්වෛරී අයිතීන් ලෙස අර්ථ ගන්වා ඒවාට ප්‍රාදේශීය ප්‍රභූන්ට අවශ්‍ය ලෙස විසදුම් ඉදිරිපත් කිරීමට සමූහාණ්ඩු ප්‍රභූන් ක්‍රියා කළේය.

ලබන සතියේ - වාර්ගික ගැටුම් උත්සන්න කරන බලය බෙදීමේ ප්‍රතිපල - 2 කොටස


 (නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ)
DineshThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.

  ['වියත්මග' සංවිධානයේ ආරම්භක සාමාජිකයකු වන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ, බ්‍රිතාන්‍ය රාජකීය යුධ හමුදා විද්‍යා පීඨයේ (ක්‍රැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලය) ගෝලීය ආරක්ෂාව සහ ආරක්ෂක   හමුදා කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිධරයෙකි.  ජාතික ආරක්ෂාව පිළිබඳ ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභියෙකු වන ඔහු එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.]

 (උපුටා ගැනීම: ‘ඉරිදා දිවයින ෆෙඩරල් කොලම'  - (04) - 2020 සැප්තැම්බර් 19)

 

 

 සබැඳි විශේෂාංග :
වාර්ගික හෙට්ටු කිරීම සහ බලය බෙදා ගැනීම  (03) -නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ

වරිගය සහ වරිගවාදය’ (02) - නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ  

වරිග ප්‍රශ්නය සහ අලුත් ආණ්ඩුව  (01) -නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ  

subscribeYT

නවතම පුවත්