මතවාදයක් කියන්නෙ ආසාදිත වුණොත් ආයෙත් කවදාවත් සුව නොවන මාරාන්තික විෂබීජයක්. 
 
 මතවාදයක් තියෙන ඉහළ ම බුද්ධිමතාට වඩා මතවාදයක් නැති ගොනා (ඉතාම මෝඩයා) වුණත් බුද්ධිමත්.
 
මතවාදයක් කියන්නෙ යම් කණ්ඩායමක දෘෂ්ටිකෝණයකින් යමක් දෙස බැලීමක්. 
 
ඒත් අන්තිමේ දී ඒක තමන්ගේ දෘෂ්ටිකෝණයෙන් පමණක් සියල්ල දෙස බැලීමක බවට පත්වෙනවා.
 
 මතවාදවලට මිනිස්සු එච්චර ආස ඒකයි. 
 
ඒ මගින් තමන්ගේ දෘෂ්ටි කෝණයකින් විතරක් සියල්ල දෙස බැලීමේ වරම මිනිස්සුන්ට ලබාදෙනවා. 
 
එහෙම නැත්නම් එය සාධාරණීකරණය කරගැනීමේ වරම මිනිස්සුන්ට ලබාදෙනවා. මතවාදවලට මිනිස්සු ඔච්චර ආස ඒ නිසා.
 
''විවිධ මතවාද තියෙනවා. එකිනෙකට පටහැනි මතවාද තියෙනවා. ඒත් ඒ එකිනෙකට පටහැනි සියලු මතවාද මගින් කෙරෙන්නෙ තමන්ගේ දෘෂ්ටි කෝණයකින් විතරක් සියල්ල දෙස බැලීමේ වරම හිමිකර දීම. ''
 
විවිධ මතවාද තියෙනවා. එකිනෙකට පටහැනි මතවාද තියෙනවා. ඒත් ඒ එකිනෙකට පටහැනි සියලු මතවාද මගින් කෙරෙන්නෙ තමන්ගේ දෘෂ්ටි කෝණයකින් විතරක් සියල්ල දෙස බැලීමේ වරම හිමිකර දීම. 
 
මිනිස්සු මතවාදවලට ඔච්චර ම ආස ඒ නිසා.
 
එකිනෙකට පටහැනි මතවාද දරන මිනිස්සු හිටියට මතවාද වෙනස් වුණත් ඔවුන් අතර කිසිම වෙනසක් නැත්තෙත් ඒ නිසා. 
 
''එකිනෙකට පටහැනි මතවාද දරන මිනිස්සු හිටියට මතවාද වෙනස් වුණත් ඔවුන් අතර කිසිම වෙනසක් නැත්තෙත් ඒ නිසා. ''
 
ඔවුන් සියල්ල ම ඉතා ආසාවෙන් නිතර වෙලා ඉන්න ඉතා ම ආසා සහ ප්‍රීතිමත් කාර්යය තමයි තමන්ගේ දෘෂ්ටි කෝණයකින් සියල්ල දෙස බලා ඒ සියල්ල විනිශ්චය කිරීම හා ඒ සියල්ල ගැන තීන්දු දීම. 
 
මේක මිනිස්සු හරි ආසා කරන වැඩක්. 
 
මතවාද මගින් මනුස්සයෙක් තමා තමාගේ රජා බවට පත්කරනවා. ඔහුට වඩා රජෙක් ඔහුට නෑ. 
 
ඔය ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ඔක්කොම රජවරු වෙන්නෙත් ඒ අර්ථයෙන්. ඕනෑම අයෙකුට යම් මතවාදයක් තියෙනවා.
 
මතවාදයක් එන්නත් වුණොත් යළි කවදාවත් ඒකෙන් සුවපත් වෙන්න බෑ. ඊළග ආත්මයක් තිබෙනවා නම් ඒ ආත්මෙදි වුණත් සුවපත් වෙන්න අමාරුයි. 
 
මතවාද කියන්නේ ශරීරයට වැළදෙන කිසිදු වෛරසයකට වඩා මාරාන්තික හා බෙහෙත් නැති සිතට වැළදෙන වෛරසයක්. වැළදුනාට පස්සෙ සොරි තමා.
 
map
මතවාදයක් නැති ගොවියෝ එහෙම නැතිනම් ප්‍රවේණිදාසයෝ රදළයෝ හරි කවුරු හරි අවුරුදු පන්සීයක් රුසියාව එකම රාජ්‍යයක් හැටියට පවත්වා ගත්තා. මතවාද බෝ වුණාට පස්සේ රුසියාව කෑලි හයහතකට කැඩිලා ගියා. බටහිර යුරෝපීය ජාතීන් රුසියාව අඩපණ කළේ මතවාද එන්නත් කරලා.
 
මතවාදයක් නැති ගොවියෝ එහෙම නැතිනම් ප්‍රවේණිදාසයෝ රදළයෝ හරි කවුරු හරි අවුරුදු පන්සීයක් රුසියාව එකම රාජ්‍යයක් හැටියට පවත්වා ගත්තා. මතවාද බෝ වුණාට පස්සේ රුසියාව කෑලි හයහතකට කැඩිලා ගියා. 
 
බටහිර යුරෝපීය ජාතීන් රුසියාව අඩපණ කළේ මතවාද එන්නත් කරලා.
 
හැබැයි යුරෝපීය ජාතීන් මතවාදවලට ඔරොත්තු දෙනවා. එහෙම නැතිනම් මතවාදවලින් විනාස වෙන්න තරම් දෙයක් ඔවුන් ළග නෑ. 
 
ඒත් ඔවුන්ට විස නොවන මේ මතවාද අනිත් හැම ශිෂ්ටාචාරයකටම විසයි. මතවාදවලින් ගහලා යුරෝපීයන් අනිත් ශිෂ්ටාචාර විනාශ කරලා දානවා.
 
මතවාද මගින් අපේ විනාශය අපට පේන්නේ මහා ජයග්‍රහණයක් වගේ. ඒක වෙන මොනම කුඩු වර්ගයකටත් වඩා භයානකයි.
 
මතවාදයක් මගින් මරන්නේ තමන් ලොක්කෙක් නොවේය ලෙසින් මිනිසුන් ළග ඇති සිතිවිල්ල. 
 
ඒ සිතිවිල්ල මැරුණට පස්සෙ ඒ මිනිහගෙන් වැඩක් නෑ. ඊට පස්සෙ මිනිහ ලොක්කෙක්. 
 
අපි මේ මිහිතලයේ සංසාරයේ අසරණ ජීවීන්ය යන සිතිවිල්ල මතවාද මගින් වෙනස් කරනවා. 
 
ඊට පස්සෙ මනුස්සයා ඉවරයි. 
 
හැබැයි සුද්දන්ට ඒක ඔරොත්තු දෙනවා. අනිත් අයට ඔරොත්තු දෙන්නෙ නෑ. 
 
ආයුධෙන් බිස්මාර්ක්ට නැපෝලියන්ට පරද්දන්න බැරි වුණ රුසියාව මතවාද එන්නත් කරලා ස්වයං විනාශයකට යොමු කළේ බටහිර යුරෝපීය සුද්දන්.
 
ආසියාතික රටවල් නම් ආයුධෙනුත් යටත් කරලා ඊට පස්සෙ මතවාදවලිනුත් යටත් කරලා දැම්මා. 
 
සමහර විට රුසියාව යටත් කරන්න නැති කරන්න තියෙන එකම ආයුදේ මතවාද කියලා සුද්දන්ට හිතෙන්න ඇති.
 
මාත් මේ නන් දොඩවන්නෙ මතවාදවලින් නිදහස් වෙලා නෙමෙයි. මතවාතවලින් එන්නත් වෙලා කිසිම දෙයක් පැහැදිලිව හිතාගැනීමට බැරි කෙනෙක් හැටියට තමයි මාත් මේ කතා කරන්නෙ.
 
 මතවාද මගින් කරන්නෙ අවුල මත තවත් අවුලක් ඇති කිරීම. අවුල නිරවුල් කිරීමක් නෙමෙයි. ඒකත් මතවාදවලට මිනිස්සු කැමති වීමට හේතුවක්.
 
ඇත්තටම මත්පැන් හෝ වෙනත් කිසිම මත්ද්‍රව්‍යයකට වඩා මතවාද භයානකයි. වැඩියෙන් ම මිනිස්සු මරලා තියෙන්නෙ අරක්කු බීපු මිනිස්සු නෙමෙයි. කුඩු ගහපු මිනිස්සු නෙමෙයි. මතවාදවලින් මත්වෙච්ච මිනිස්සු. 
 
''ඇත්තටම මත්පැන් හෝ වෙනත් කිසිම මත්ද්‍රව්‍යයකට වඩා මතවාද භයානකයි. වැඩියෙන් ම මිනිස්සු මරලා තියෙන්නෙ අරක්කු බීපු මිනිස්සු නෙමෙයි. කුඩු ගහපු මිනිස්සු නෙමෙයි. මතවාදවලින් මත්වෙච්ච මිනිස්සු.''
 
අරක්කු බීව එකාට නම් මිනියක් මරලා වෙරි හිදුණට පස්සෙ තමන් කළේ වරදක් කියලා තේරෙනවා. ඒත් මතවාදවලින් මත්වෙලා මිනීමරපු එකාට කවදාවත් එහෙම හිතෙන්න නෑ. 
 
මොකද මතවාද මගින් ඇති කරන්නෙ කවදාවත් හි‌දෙන වෙරියක් නෙමෙයි. 
 
මතවාද එක්ක ගත්තා ම අරක්කු සහ මත්ද්‍රව්‍ය ඉතාම අහිංසකයි. 
 
ඒත් සමහර වෙලාවට අරක්කු මගින් මතවාද මගින් ඇති කෙරෙන ආසාදනය ටිකක් සුව වෙනවා කියන්නත් පුලුවන්. 
 
බොන්නැති මතවාදීන් තරම් තදින් බොන මතවාදීන් තමන්ගේ මතවාදයට තදින් බැදී නොසිටින බවක් මට හිතෙනවා. 
 
ඒත් බොන එකත් මතවාදයක් කරගත්ත එවුන් ඉන්නවා. උන් ගැන කියන්න ඕනෑ නෑ. 
 
මාක්ස්ගේ රූපය හෝ වෙනත් රූපයක් මගින් අනෙක් අය මත ඇති කරන බලපෑම බෝතලයේ රූපය මගින් ඔවුන් මත ඇති කෙරෙනවා. 
 
එහෙම නැතිනම් දෑකැත්තයි මිටියයි වෙනුවට ඔවුන්ගේ ජීවිතයේ සංකේතය වන්නේ බෝතලයයි වීදුරුවයි. ඒ නිසා බොනවා නම් ඒක මතවාදයක් කර නොගෙන බොන්න.
 
drink
බොනවා නම් ඒක මතවාදයක් කර නොගෙන බොන්න.
 
මතවාදවලට බෙහෙත් නෑ. සුවවෙන්න බෑ. මතවාද මගින් සියලුම ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරනු ලබනවා.
 
 ඒක හරියට සියලු බෙහෙත් ප්‍රතික්ෂේප කරන ලෙඩක් වගේ. 
 
ලෙඩෙන් ම සැනසෙන ලෙඩක් වගේ. ලෙඩේ ම සනීපය හැටියට සැලකෙන සැනසෙන ලෙඩක්.
 
ලෙඩේ තියෙන බව අපට දැනෙන විට අපට ඇතිවෙන සනීපය වැඩියි. ලෙඩේ නෑ කියලා හිතෙනවා නම් අපට අසනීපයි කියලා හිතෙනවා. 
 
ඉතින් ඒ නිසා මතවාදයක් මගින් ආසාදනය වුණොත් ඊට පසු යළි සුවයක් ලැබීම අමාරුයි. 
 
අසනීපයමයි සුවය. අසනීපයමයි සැපත. අසනීපයයි වර්ධනය. මතවාද එහෙමයි.
 
Dostoevsky
විශිෂ්ට රුසියානු ලේඛක ෆියදෝර් දොස්තයෙව්ස්කි
 
දොස්තයෙව්ස්කි මහත්තයා මේ ගැන බොහෝ දේ ලියලා තියෙනවා. රුසියාව මතවාද මගින් මරණ මංචකය කරා ගෙනයන හැටි දොස්තයෙව්ස්කි දැක්කා. 
 
අපරාධය සහ දඩුවම නවකතාව ලිව්වේ ඒකට විරුද්ධව. ඒ පොතේ තියෙන්‌නෙ මතවාදයක් හදාගෙන ඒ අනුව මිනීමැරුමක් කරන කොල්ලෙක් ගැන.
 
හැමදාම හැමතැනම වගේ මේකත් ලියාගෙන ලියාගෙන යනකොට මතවාදයක් බවට පත්වෙමින් යනවා. 
 
ඒ නිසා කළහැකි එකම දෙයයි තියෙන්නෙ. ලිවීම නැවැත්වීම.
 
(උදයසිරි වික්‍රමරත්න)
(gammiris.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්