ලොව පුරා වෙසෙන සියලු බෞද්ධයන්ගේ මතු නොව අන්‍යාගමිකයන්ගේ ද අවධානය දිනාගත් සාහිත්‍ය කෘතියක් කෘතියක් ලෙස ‘‘ජාතකකතා පොත’’ හැඳින්විය හැකි ය. 
 
 
එය බෞද්ධයන්ගේ ගරුබුහුමනට ලක්වි ඇති ප්‍රමාණය කෙතරම් ද යන්න පිළිබිඹු වන්නේ අදාළ කෘතිය ‘‘ජාතක කතා පොත් වහන්සේ’’ නමැති ගෞරව නාමයෙන් ආමන්ත්‍රණය කරන බැවිනි. 
 
සැබැවින් ම මේ ‘‘ජාතකකතා’’ යනු මොනවා ද? එහි ඇති සුවිශේෂතා මොනවා ද?
 
මෙම පැන ද්වය සඳහා සැපයිය හැකි සරල පිළිතුර වන්නේ ‘‘ජාතකකතා යනු බුදුන් වහන්සේගේ පෙර ආත්ම පාදක කරගනිමින්, උන්වහන්සෙ විසින් ම සිවුවනක් පිරිස (භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා) වෙත දේශනා කරණ ලද බණකතා විශේෂයකි’’ යන්න ය. 
 
‘‘ජාතකකතා යනු බුදුන් වහන්සේගේ පෙර ආත්ම පාදක කරගනිමින්, උන්වහන්සෙ විසින් ම සිවුවනක් පිරිස (භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා) වෙත දේශනා කරණ ලද බණකතා විශේෂයකි’’ යන්න ය. 
 
නමුදු සැබැවින් ම ජාතක කතා යනු බණකතා ෂානරයට පමණක් ලඝු කළ හැකි කතා පෙළක් ද යන්න අපි ගැඹුරින් විමසා බැලිය යුතු ය.
 
පන්සිය පනස් ජාතකකතා පොත (කතා 550ක් යැයි භාවිත වුව ද මෙහි අන්තරගත වන්නේ කතා 547ක් පමණි. මේ පිළිබඳව ද විවිධ මත පවතී) ගැඹුරින් අධ්‍යනය කිරීමේ දී දක්නට ලැබෙන සුවිශේෂත්වය වන්නේ එකී කතන්දර බොහොමයක් තුළ මිනිස් ජීවිතයේ මතු නොව විවිධ සතුන්ගේ ජීවිත මෙන් ම යක්ෂ, රාක්ෂ, ශක්‍ර දෙවියන් ප්‍රමුඛ දෙවි දේවතාවුන්ගේ පවා ජීවිතාභ්‍යන්තරයේ සැඟව පවත්නා විවිධ අංග ඉතා මැනවින් ප්‍රකට කර ආකාරය යි. 
 
සමස්ත ජාතකකතා පොත තුළ පරික්ෂාවෙන් ගමන් කරන්නේ නම් මෙකී අංග ඉතා සූක්ෂ්මව වෙන් කරගත හැකි ය. එකී අංග ප්‍රධාන වශයෙන් මතු දැක්වෙන ආකාරයට  පෙළ ගැස්විය හැකි ය.
 
# දේශපාලනික
# වෙළඳ සහ ආර්ථික
# සමාජ විද්‍යාත්මක
# මනෝවිද්‍යාත්මක
# ලිංගිකත්වය
 
මෙකී අංග ද තවත් උප කොටස් වශයෙන් වෙන් කළ හැකි ය. එය ඉදිරියේ දිගහැරෙන දීර්ඝ ලිපියකින් විස්තර කරන්නට බලාපොරොත්තු වෙමි.
 
 
දේශපාලනික:
 
දේශපාලනිකත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී බුදුන් ධරමාන යුගයට වඩා සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් ඈත අතීතයේ ද මිනිසා නමැති සත්වයා: බලය ලබාගැනීම, බලය පවත්වාගෙන යාම සහ බලය වර්ධනය කරගැනීම සඳහා දියත් කර ඇති ම්ලේච්ඡ, ගොරතර, සටකපට ක්‍රියාදාම පිළිබඳව ඇතැම් කතාවල සඳහන් ය. 
 
ජාතකකතා පොත පරිශිලනය කිරීමේ දී ‘‘දසරාජ ධර්මය’’ පිළිබඳව බොහෝ කතාවල සඳහන් වුව ද, එය රජවරු විසින් පිළිපදිනු ලැබිය යුතු යැයි සඳහන් වුව ද එසේ නොකළ, ඊට ප්‍රතිවිරුද්ධව කටයුතු කළ රජවරු සම්බන්ධයෙන් ජාතකකතා පොතේ සඳහන් වේ. 
 
ඊට හොඳම නිදසුන වන්නේ ක්ෂාන්තිවාදි ජාතකය යි. එම කතාවට අනුව එකල ද මෙකල මෙන් ම වැරැදිකරුවෝ නොවන පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට රාජ්‍ය මර්දනය එල්ල කර ඇත.  
 
ක්ෂාන්තිවාදි ජාතක කතාවට අනුව එකල ද මෙකල මෙන් ම වැරැදිකරුවෝ නොවන පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට රාජ්‍ය මර්දනය එල්ල කර ඇත.  
 
ඇතැම් කතාවල රාජ්‍යත්වය උදෙසා සිය පියා, සහෝදරයා, මතු නොව බිසෝවරු දෙදෙනකුට දාව උපන් දරුවන් අතුරෙන් රන්දෝලියගේ දරුවන්ට එරෙහි යකඩ දෝලියන්ගේ දරුවන් ද, යකඩ දෝලියන්ගේ දරුවන්ට එරෙහි රන්දෝලියගේ දරුවන් ද, එකිනෙකා අරගල කළ ආකාරය ද මැනවින් විග්‍රහ කර ඇත. 
 
දේවධර්ම ජාතකය ඊට කදිම නිදසුනකි. එකම රජුට දාව උපන් දරු තිදෙනා අතුරෙන් දෙවන බිසවගේ දරුවාට රජකම ලබා දෙන්නැයි ඇය කරන ඉල්ලීම සහ ඊට රජු දක්වන ප්‍රතිචාරය හේතුවෙන් දරුවන් තිදෙනාම වනගතවීමට සිදුවන්නේ එබැවිනි.
 
පෙර රජ සමයේ මෙන් ම නිදහසෙන් පසු රාජ්‍යත්වයට පත්වූ බොහෝ දෙනෙකු රාජ්‍ය පාලනය සඳහා තම පවුලේ ඥාතිහු සම්බන්ධ කරගත්හ. 
 Bandaranayake Rajapaksha
බණ්ඩාරනායක පරපුරෙන් ඇරඹි මේ ව්‍යසනය අද රාජපක්ෂවරු දක්වා උඩු දුවා ඇත
 
බණ්ඩාරනායක පරපුරෙන් ඇරඹි මේ ව්‍යසනය අද රාජපක්ෂවරු දක්වා උඩු දුවා ඇත. අනාගතයේ දි එය තව තවත් වර්ධනය වනු නොඅනුමාන ය. 
 
බෝධිසත්වයෝ පෙරුම්පුරන සමයේ ද මේ ක්‍රමය ක්‍රියාත්මකව පැවති බව පදමානවක ජාතකය සහ දේවධර්ම ජාතකය සාක්ෂි දරයි.
 
අද මෙන් ම බෝධිසත්ව යුගයේ ද පරම්පරාවෙන් රජකම උරුම කරගත්ත ද ඇතැම් අවස්ථාවල රජකමට නුසුදුසු රාජ කුමාරවරු වෙත රාජ්‍යත්වය පවරා නොසිටින්නට එකල විසූ අමාත්‍ය මණ්ලය තීරණය කර ඇති බව පාදංජලී ජාතකය සාක්ෂි දරයි. 
 
අනෙක් පසින් අදාසමුඛ ජාතකයේ සඳහන්වන පරිදි පිය රජුගේ ඇවෑමෙන් ඉක්බිති රාජ්‍යත්වයට පත්වන්නේ සත්හැවිරිදි කුමරුවෙකි. ඔහු කෙතරම් නැණ නුවණින් යුක්ත වුව ද හෙතෙම බාලයෙකු ලෙස සලකන්නට ඇමතිවරු තීරණය කර ඇත.
 
එහෙත් අපේ රටේ නම් කුමරා බාල වුව ද ඔහු එනවිට ජ්‍යෙෂ්ඨයෝ පශ්චාත්භාගය ඔසවා ඔහුට ගරු කළ යුතු ය. එසේ නොවුණ හොත් ‘‘ලබ්බ බැහැලද?’’ යනුවෙන් අසන්නට තරම් අපේ කුමාරවරු උද්ධච්චය.
 
 
වෙළඳ සහ ආර්ථික:
 
වෙළදාම යනු ඕනෑම රටක ආර්ථික වර්ධනය උදෙසා ප්‍රබල දායකත්වයක් සපයන මාර්ගයකි. 
 
බෝධිසත්ව යුගයේ පවා පුද්ගලයකුගේ සිට සමස්ත රටේ ම ආර්ථික පැවැත්ම උදෙසා වෙළඳාම කෙතරම් දුරට මහෝපකාරී වුවා ද යන්න ද ජාතකකතා පොත පෙන්වා දෙයි. 
 
එහි දී වෙළෙන්දා යන සංකල්පයේ රස නීරස තැන් ද, දියුණුව උත්සාහය කෙතරම් වැදගත් ද යන්න පවා පැහැදිලි කර ඇත.
 
ජාතක කතා පොතට අනුව වෙළෙදාම එකල ප්‍රධාන රැකියාවක් ලෙස පැවතිය ද එය වෛශ්‍ය නමැති කුලයට පමණක් සිමා වුවක් බව ද ඉඟි කරයි. 
  
''ජාතක කතා පොතට අනුව වෙළෙදාම එකල ප්‍රධාන රැකියාවක් ලෙස පැවතිය ද එය වෛශ්‍ය නමැති කුලයට පමණක් සිමා වුවක් බව ද ඉඟි කරයි. ''
ඒ අනුව රට තුළ මෙන් ම බාහිරව කෙරෙන වෙළඳ ආධිපතය සහ ගොවිතැන ද අත්පත් කරගෙන සිටියේ වෛශ්‍ය කුලය යි. 
 
මෙකී තත්ත්වය ඉතා මැනවින් ප්‍රකට කෙරෙන කතාවක් ලෙස රථලම්පි ජාතකය හැඳින්විය හැකි ය. 
 
බෞද්ධ සාහිතයයේ එන අනේ පිඬු සිටු හෙවත් අනාථ පිණ්ඩික නමැත්තා ද වෙළඳාමෙන් දියුණුව කරා පිය නැගූ පුද්ගලයෙකි.
 
වෙළඳාම පිළිබඳ තවත් සාක්ෂි සපයන කතා කිහිපයක් ලෙස: වන්ඩුපථ ජාතකය, අපණ්ණක ජාතකය සහ කම්පක්ක ජාතකය හැඳින්විය හැකි ය.
 
 වර්තමානයේ මුහුදු මංකොල්ලකරුවන් සිටිනවා සේ ම එකළ ද වෙළඳ ගැල් සොරකමෙහි යෙදුණු චෞර රංචු සිටි බව ද ජාතකකතාවල සඳහන් වේ. මග සුතසෝම ජාතකය සහ පන්චරක ජාතකය ඊට නිදසුන් සපය යි. 
 
වර්තමානයේ මෙන් ම එකල ද ප්‍රධාන ආර්ථික සහ වෙළෙද මධ්‍යස්ථාන පිහිටා තිබී ඇත්තේ නගරවල ය. එම වෙළඳ මධ්‍යස්ථානවලින් සියලු ආහාර වර්ග මෙන් ම ඇඳුම් පැලඳුම්, ඖෂධ වර්ග යනාදි සියලු දෑ මිලදී ගත හැකිව තිබු බව කුද්දල ජාතකය කියවීමේ දී වටහාගත හැකි ය.   
 
 
සමාජ විද්‍යාත්මක:
 
යට කී පරිදි ජාතක කතා පොතේ සඳහන් කතා සියල්ලට ම පාදක වී ඇත්තේ ගෞතම බුදුන් වහන්සේ සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පෙරුම් පුරණ සමයේ උන්වහන්සේ ඉපිද හැදී වැඩුණු සමාජය තුළ සිදුවූ සිදුවීම් ය. 
 
ඒ සෑම සිදුවීමකට ම පාහේ බෝධිසත්වයෝ ද යම් යම් ආකාරයට සම්බන්ධ වී සිට ඇත. 
 
ඒ අනුව එකල ජන ජීවිතය කුමනාකාර ද, එකල මිනිසුන්ගේ ආගමික ජීවිතය කුමනාකාර ද, රාජ්‍යත්වය, දේශපාලනය සහ අධිකරණ පද්ධතිය කුමනාකාර ද යන්න පවා මෙම කතා තුළින් පැහැදිලි කෙරේ.
 
 එකී කතා තුළ සමාජයේ ජීවත්වන රජුගේ සිට විවිධ කුලවතුන්ගේ සහ කුළ පීඩිතයන්ගේ සමාජ තත්ත්ව කෙබඳු ද යන්න වටහාගත හැකි ය.
 
එකල වෙළඳාමට අමතරව විවිධ කර්මාන්ත ද පැවති අතර ඒ ඒ කර්මාන්තවල නියැළී සිටි කණ්ඩායම් එක් එක් කුලවලට බෙදා වෙන් කර තිබු බව පැහැදිලි ය. 
 
කුඹල් කුලය යනු රජවරු සිටුවරුන්ට මතු නොව සාමාන්‍ය ජනයාට අවශ්‍ය මැටි භාණ්ඩ නිෂ්පාදනය කර බෙදාහැරි කණ්ඩායම් ය.
 
 ඒ අතුරෙන් ද රජවරු. ඇමතිවරු සහ සිටුවරුන් සදහා අදාළ භාණ්ඩ සපයා ඇත්තේ ඒ ඒ කර්මාන්තවල දියුණු තත්ත්වයට පත්වූවෝ ය. ඔවුන්ට රජවරු ද විවිධ උපකාර කර ඇත. 
 
එය වර්තමානයේ රාජ්‍ය පාලකයන්ට වන්දිභට්ටකම් කරන ව්‍යාපාරිකයන්ට සිතුසේ බැංකු ණය ආදිය ලබාගැනීම, තම ව්‍යාපාර දියත් කිරිමට අවකාශ සකසාගැනීමට හැකි අකාරයට පසුබිම සකස් කරනවාට වඩා වෙනසක් නැත. දළධම්ම ජාතකය ඊට කදිම නිදසුනකි.
 
එය වර්තමානයේ රාජ්‍ය පාලකයන්ට වන්දිභට්ටකම් කරන ව්‍යාපාරිකයන්ට සිතුසේ බැංකු ණය ආදිය ලබාගැනීම, තම ව්‍යාපාර දියත් කිරිමට අවකාශ සකසාගැනීමට හැකි අකාරයට පසුබිම සකස් කරනවාට වඩා වෙනසක් නැත. දළධම්ම ජාතකය ඊට කදිම නිදසුනකි.
 
සමුද්ද වාණිජ ජාතකයේ දි මෙන් ම අලින චිත්ත ජාතකයෙන් සාකච්ඡා කෙරෙන්නේ වඩුකුලයට අයත් ප්‍රජාව පිළිබඳව ය. 
 
එකල ද මෙකල මෙන් ම රජුට අවශ්‍ය භාණ්ඩ නිසි කලට වේලාවට ලබාදීමට අපොහොසත් වු මෙම කර්මාන්තකරුවෝ දඩුවම්වලට ලක්ව ඇත. ඇතැම් පිරිස් හට සිය ගම්බිම් පවා හැර දමා යන්නට සිදුවී ඇති බව ද ජාතකකතා පොතේ සඳහන්ව ඇත.
 
එකල සමාජයේ කාන්තාවන්ට අත්ව තිබූ තත්ත්වය ද ඇතැම් කතාවල සඳහන් වේ. වර්තමානයේ කාන්තාව කෙතරම් දියුණු තත්ත්වයක සිටිය ද එය නිවසෙන් බාහිර සමාජයට පමණි. 
 
බාහිර සමාජයේ බොහෝ උසස් සහ කැපී පෙනෙන රැකියාවල නියුක්ත කාන්තාවෝ නිවසට පැමිණි විගස ම යළි සාම්ප්‍රදායික කාන්තාවක් බවට පත්වන්නේ නිරායාසයෙනි. 
 
එකල කාන්තාව කෙතරම් අසාධාරණයට ලක්වුවා ද යන්න කුස ජාතකය කදිම නිදසුනකි. පබාවතිය අනාගත රජ බිසවක වුව ද ඇයට සිය සැමියා සමග යහන්ගතවන්නට සිදුවන්නේ ද ඔහු කුමනාකාරයේ පුද්ගලයෙක් ද යන්න දෑසින් නොදැක ය.
එකල කාන්තාව කෙතරම් අසාධාරණයට ලක්වුවා ද යන්න කුස ජාතකය කදිම නිදසුනකි. පබාවතිය අනාගත රජ බිසවක වුව ද ඇයට සිය සැමියා සමග යහන්ගතවන්නට සිදුවන්නේ ද ඔහු කුමනාකාරයේ පුද්ගලයෙක් ද යන්න දෑසින් නොදැක ය. 
 
සංකප්ප ජාතකයේ ද සඳහන් වන්නේ කාන්තාව යනු පුරුෂයකු ඉදිරියට පැමිණ ඔහු මරණයට පත් කරන්නට සැරසෙන පුද්ගලයාට ද වඩා දරුණු සහ විෂම පුද්ගලයෙකු බවයි.     
 
 
මනෝවිද්‍යාත්මක:
 Sigmunf Freud
මනෝවිද්‍යාවේ පියා වශයෙන් විරුදාවලි ලබා ඇත්තේ සිග්මන් ෆ්‍රොයිඩ් වුව ද ජාතක කතාපොත ගැඹුරින් අධ්‍යනය කිරීමේ දී දක්නට ලැබෙන්නේ එහි අන්තර්ගත ඇතැම් කතා තුළ ඉතා ගැඹුරු මෙන් ම බරපතළ මනෝවිද්‍යාත්මක කරුණු අන්තර්ගතව තිබෙන බවයි. 
 
මනෝවිද්‍යාවේ පියා වශයෙන් විරුදාවලි ලබා ඇත්තේ සිග්මන් ෆ්‍රොයිඩ් වුව ද ජාතක කතාපොත ගැඹුරින් අධ්‍යනය කිරීමේ දී දක්නට ලැබෙන්නේ එහි අන්තර්ගත ඇතැම් කතා තුළ ඉතා ගැඹුරු මෙන් ම බරපතළ මනෝවිද්‍යාත්මක කරුණු අන්තර්ගතව තිබෙන බවයි. 
 
එක් එක් පුද්ගලයාගේ මනස තුළ පැනනගින මානසික ව්‍යාධි හේතුවෙන් විවිධාකාරයේ බරපතළ අපරාධ සිදු කර ඇති බව සහ ඇතැම් රජවරු පවා විවිධාකාරයේ මානසික ව්‍යාධි වෙත ගොදුරු වී ඇති ආකාරය ජාතකකතා පොතෙහි දක්නට ඇත.
 
මිනිසෙකු විසින් තවත් මිනිසෙකුගේ මස් අනුභව කිරිම යනු ම බරපතළ මනෝ ව්‍යාධියකි. ජාතකකතා පොතේ එන විදුර ජාතකය ඊට කදිම නිදසුනකි. 
 
ඊට අමතරව: දේව ධර්ම ජාතකය, පංචායුධ ජාතකය, අපණ්ණක ජාතකය සහ මහා සුතසෝම ජාතකය යනාදි කතාවල මිනිසුන් තවත් මිනිසකුගේ මස් අනුභව කළ බව සඳහන් වේ. 
 
මේ අතුරින් වඩාත් ම්ලේච්ඡ සහගත වන්නේ මහා සුතසෝම ජාතකයේ එන බ්‍රහ්මදත්ත නම් රජු: සිය පාලනකාලයේ දි විවිධ හේතු මත මරණ දඬුවමට ලක් කල මිනිස්සු පමණක් නොව සිර දඬුවමට ලක්ව සිටි මිනිස්සු ද මරා මස් අනුභව කර තිබීම ය. 
 
අපේ ජීවිත කාලයේ දී අසා ඇති පරිදි ඔහුට දෙවන වන්නේ ඉඩි අමින් නමැති ක්‍රෑර පාලකයා පමණි.
 
 
ලිංගිකත්වය:
 
සභ්‍යත්වය, සදාචාරය, සංස්කෘතිය යනාදි කඩතිරවලින් ආවරණය කර ඇති මෙකි මාතෘකාව වඩාත් විවෘතව ම සාකච්ඡා කර ඇති සාහිත්‍ය කෘතිය වන්නේ ජාතකකතා පොත යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. 
 
ජාතකකතා පොත තුළ ලිංගික මනෝවිද්‍යාව පිළිබඳ විවිධ අවස්ථාවල දී සාකච්ඡා කර ඇත. 
 
එහි දී: මිනිසුන්ගේ මතු නොව සත්ව ලිංගික චර්යා පවා සාකච්ඡාවට බඳුන් කර ඇත. 
 
ඒ සඳහා කදිම නිදසුනක් ලෙස කච්චප ජාතකය ගෙනහැර දැක්විය හැකි ය. මෙහි විශේෂත්වය වන්නේ එම කතාවේ එන වඳුරා මුඛ සංසර්ගය ප්‍රිය කරන වඳුරකු වීම ය.
 
ජාතකකතා පොත තුළ ලිංගික මනෝවිද්‍යාව පිළිබඳ විවිධ අවස්ථාවල දී සාකච්ඡා කර ඇත. එහි දී: මිනිසුන්ගේ මතු නොව සත්ව ලිංගික චර්යා පවා සාකච්ඡාවට බඳුන් කර ඇත. ඒ සඳහා කදිම නිදසුනක් ලෙස කච්චප ජාතකය ගෙනහැර දැක්විය හැකි ය. මෙහි විශේෂත්වය වන්නේ එම කතාවේ එන වඳුරා මුඛ සංසර්ගය ප්‍රිය කරන වඳුරකු වීම ය.
 
ලිංගිකත්වය තුළ අන්තර්ගත සියලු අංග ජාතකකතා පොත තුළ විස්තර කෙරේ. ඒ අතර: විකෘති ලිංගික ක්‍රියා, සාමුහික ලිංගික (පිරිමි ගැහැනු දෙපාර්ශ්වයේ ම) ක්‍රියා, ව්‍යාභිචාරි ලිංගික ක්‍රියා, ළමා අපයෝජන යනාදිය අන්තර්ගත ය. 
 
ජාතක කතා පොත පරිශිලනය කරන පුද්ගලයෝ කුස ජාතකය කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් එහි කුස රජු යනු දැඩි ලෙස විකෘති ලිංගිකත්වයට යොමු වූ පුද්ගලයකු බව වටහාගත හැකි ය. 
 
කුස යනු බෝධිසත්වයෙකි. නමුදු හෙතෙම පබාවති දේවිය වෙත එල්ල කරන පීඩා සියල්ල ම විකෘති ලිංගික ක්‍රියා ගනයට අයත් වේ. 
 
විකෘති ලිංගික ආශා සහිත කාන්තාවෝ මෙන් ම පුරුෂයෝ ද සිටි බව බාහ්‍ය ජාතකය සාක්ෂි දරයි.
 
වර්තමාන සමාජයේ දක්නට ලැබෙන තවත් බරපතළ ලිංගික ක්‍රියාදාමයක් වන්නේ වියපත් පුරුෂයෝ විසින් ලාබාල කාන්තාවන් බලහත්කාරයෙන් ලිංගික ක්‍රියා සඳහා භාවිතා කිරීම ය.
 
 මෙහි දි වියපත් කාන්තාවෝ එබඳු ක්‍රියාවල නිරත වුව ද එය පෙර තත්ත්වය තරමට ම සමාජයට විදාරණය නොවේ. 
 
නමුත් ජාතකකතා පොතෙහි සඳහන් අසාතමන්ත ජාතකය වනාහි එබන්දකි. ඒ කතාවේ එන අවුරුදු 120ක් පමණ වයසැති කාන්තාව තරුණයකු කෙරෙහි ආසක්තව එය ඉටු කරගනු වස් එම තරුණයා ලවා අගේ පුතු මරණයට පත්කරන්නට පවා පෙළඹෙන්නීය.
 
සාමුහික ලිංගික චර්යා පිළිබඳ සාකච්ඡා කරන විට ජාතකකතා පොතෙහි අන්තර්ගත කුණාල ජාතකය අමතක කළ නොහැකි ය. එකි ජාතකකතාවේ එන ක්‍රිෂ්ණා කුමරිය වනාහී සාමුහික ලිංගික ක්‍රියාව යෙදෙන්නියකි. ඇය එක් පසෙකින් විකෘති ලිංගික ආශාවලින් පෙළෙන්නියක බව ද ජාතකකතාවේ කියවේ. 
 
සාමුහික ලිංගික චර්යා පිළිබඳ සාකච්ඡා කරන විට ජාතකකතා පොතෙහි අන්තර්ගත කුණාල ජාතකය අමතක කළ නොහැකි ය. එකි ජාතකකතාවේ එන ක්‍රිෂ්ණා කුමරිය වනාහී සාමුහික ලිංගික ක්‍රියාව යෙදෙන්නියකි. ඇය එක් පසෙකින් විකෘති ලිංගික ආශාවලින් පෙළෙන්නියක බව ද ජාතකකතාවේ කියවේ. 
 
තව ද බන්ධන මොක්ඛ නමැති ජාතකකතාවේ ද අසිමාන්තික ලිංගික ආශා සහිත කාන්තාවක් පිළිබදව කියැවේ. එහි එන රජ බිසව පුරුෂයන් හැටහතර දෙනෙකු සමග ලිංගික සහවාසයේ යෙදෙන බව එකී ජාතක කතාවේ සඳහන් වේ.
 
ළමා අපයෝජන සම්බන්ධයෙන් ලියවි ඇති කතා සඳහා චුල්ල ධම්මපාල ජාතකය කදිම නිදසුනකි. එකී කතාවට අනුව මහා ප්‍රතාප රජු විසින් අපයෝජනයට ලක් කරනු ලබන්නේ තමාගේ ම සත් මස් වියැති දරුවා ය. 
 
ධම්ම වජ්ජ ජාතකයට අනුව ඡත්තපානි රජු තමාගේ ම කුඩා පුතු මරා ඒ මස් අනුභව කරයි.
 
 මිට අමතරව බුදුන් ධරමාන යුගයේ ද ළමා අපයෝජන සිදුව ඇති බව තිපල්ලත්ථ මිග ජාතකය සාක්ෂි දරයි. එකම සයනයක භික්ෂුන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් නොසැතපිය යුතු යැයි ද බුදුන් වහන්සේ වදාරති.
 
 ඊට අමතරව කුඩා භික්ෂුන් වහන්සේලා වැඩිමහල් භික්ෂුන් වහන්සේලා සමග හෝ උපාසකවරුන් සමග එකම සයනයේ නොසැතපෙන ලෙස බුදුන් වහන්සේ පවසති. 
 
මේ හේතුවෙන් කුඩා රාහුල හිමිට සැතපෙන්නට සයනයක් නොලැබුණු බව ද තිපල්ලත්ථ මිග ජාතකයේ සඳහන් වේ.
 
වර්තමානයේ පියා විසින් දියණිය වෙත ලිංගික බලහත්කාරකම් සිදු කළ අවස්ථා අනන්තවත් අසන්නට ලැබේ. අද මතු නොව බොධිසත්වයෝ පෙරුම්පුරන සමයේ ද එබදු පියවරු සිටි බව ජාතකකතා පොත සාක්ෂි දරයි. එහි එන සෙග්ගු ජාතකය සහ පණ්ණික ජාතකය එබඳු කතා ද්විත්වයකි. 
 
මිට අමතරව ලේ නෑයන් අතර සිදුවන ව්‍යාභිචාර ලිංගික ක්‍රියා සම්බන්ධයෙන් වූ කතා ද ජාතකකතා පොතෙහි අන්තර්ගත ය. මහාපදුම ජාතකය, සෙග්ගු ජාතකය, පණ්නික ජාතකය ඒ අතර වේ.
 
ඉහත සාකච්ඡා කළ කරුණු හැර වෙනත් විවිධ ඉසව් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කතා බොහොමයක් ජාතකකතා පොතෙහි අන්තර්ගත ය. 
 
ඒ අතර: ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය, කුල පීඩනය, මිනී මැරුම්, සුදුව, ගබ්සා කිරීම්, වැඩහිටියන් අපයෝජනය කිරීම්, වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි, රහස් පරික්ෂක ක්‍රියා, අධ්‍යාපනය, ආගමික සහ සංස්කෘතික චර්යා යනාදි ය අන්තර්ගත ය. 
 
එමෙන් ම මේ සියලු අංග එක ම ජාතක කතාවක අන්තර්ගත වන අවස්ථා ද පවතී. ඊට කදිම නිදසුනක් වන්නේ උම්මග්ග ජාතකය යි. 
 
ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය, කුල පීඩනය, මිනී මැරුම්, සුදුව, ගබ්සා කිරීම්, වැඩහිටියන් අපයෝජනය කිරීම්, වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි, රහස් පරික්ෂක ක්‍රියා, අධ්‍යාපනය, ආගමික සහ සංස්කෘතික චර්යා යනාදිය ජාතක කතාවල අන්තර්ගත ය. එමෙන් ම මේ සියලු අංග එක ම ජාතක කතාවක අන්තර්ගත වන අවස්ථා ද පවතී. ඊට කදිම නිදසුනක් වන්නේ උම්මග්ග ජාතකය යි. 
 
මෙම ලිපියෙන් සිදු කෙරෙන්නේ ජාතකකතා පොත විමසීම සඳහා වූ ආරම්භක ප්‍රවේශයක් ලබාගැනීම පමණි. ඉදිරියේ දී: බොහෝ දෙනා කියවා ඇති, අසා ඇති, රස විඳ ඇති ජාතක කතා අභිභවන්නට සමත්, මිනිස් ජීවිතයේ විවිධ පැතිකඩ විවරණය කෙරෙන ජාතකකතා කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර ආරම්භක ලිපිය මෙතැනින් හමාර කරමි.
 
 
 
ආශ්‍රිත ග්‍රන්ථ :- 
 
පන්සිය පනස් ජාතක පොත: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
 
ජාතක කතා විමසුම: මාර්ටින් වික්‍රමසිංහ
 
ජාතක කතාවල අපරාධ විද්‍යාත්මක ලක්ෂණ: සුධීර ජයවීර
 
ජාතක පොතෙන් හෙළිවන සාර සංකල්පනා: දොරලියද්දේ ධම්මකිත්ති හිමි
 
ජාතක කතාවල සමාජ විද්‍යාත්මක ලක්ෂණ: බී. ඒ. ටෙනිසන් පෙරේරා
 
ධර්ම ප්‍රදීපිකාව: වී. ඩී. එස්. ගුණවර්ධන සංස්කරණය 
 
 
Jayasiri Alawaththaජයසිරි අලවත්ත 
(නිදහස් ලේඛක)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  
 
කියවන්න :
 

 
'ද ලීඩර්' පුවත් විශේෂාංගය 
 
 
 
ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ? (වීඩියෝ)  
 
 
ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 

 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්