දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම් වාර්තාවේ නිර්දේශ නිසා ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හෑල්ලුවන හේතු 5ක් පිළිබඳව සමගි තරුණ

බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි කරුණු දක්වා තිබේ. 
 
එම හේතු පහ සවිස්තරව මෙසේ ය: 
 
 
1) දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාව හරහා ආණ්ඩුවේ දේශපාලනඥයන් අපරාධ චෝදනාවලින් මුදාහැරීම
 
 
 
මෙම කොමිසම් වාර්තාවෙන් සහන සලසා දීමට යෝජනා කර ඇති බොහෝ දෙනා ආරක්ෂක හමුදා සාමාජිකයන්වත්,  රාජ්‍ය නිලධාරීන්වත් පොලිස් නිලධාරීන්වත් නොව ආණ්ඩුවේ දේශපාලනඥයන් ය. 
 
එයට හොඳ ම උදාහරණ දෙකක් වන්නේ උදය ගම්මන්පිල සහ දුමින්ද සිල්වා ය.  
 
නිදසුනක් වශයෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ට මහාධිකරණයෙන් පනවන ලද මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඒකමතිකව තහවුරු කළේ ය. ඒ පංච පුද්ගල විනිසුරු මඬුල්ලට අගවිනිසුරුවරයා ද ඇතුළත් විය. මෙවැනි කොමිසමක් මගින් එවැනි නඩු තීන්දුවක් ආපස්සට හැරවීමට උත්සාහ කිරීම උත්තරීතර අධිකරණයේ ස්වාධීනත්වය බරපතළ ලෙස හෑල්ලු කිරීමකි. 
 
 
 
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ නීති පද්ධතියෙන් සුරක්ෂිත කොට ඇති යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය බිඳ වට්ටවන්නට උත්සාහ දැරීමකි. ඉතිහාසයේ කිසිදාක සිදු නොකරන ලද ඉතා ම නරක පූර්වාදර්ශයකි. සමස්ත අධිකරණ පද්ධතිය ම උඩු යටිකුරු කරලන්නකි. 
 
 
2) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට සහ දූෂණ විරෝධී කමිටුවට එරෙහිවට අතාර්තික සහ අයුක්ති සහගත පදනමක පිහිටා නිර්දේශ ඉදිරිපත් කිරීම 
 
 
 
Maithri 2021.02.07
 
කොමිසමේ වාර්තාව පවසන අන්දමට කැබිනට් මණ්ඩලය එම කමිටුව පිහිටුවා ඇත්තේ නීති විරෝධී ආකාරයට නම් ඒ කැබිනට් මණ්ඩලයේ සියලුම සාමාජිකයන් කොමිසම හමුවට ගෙන්වා පියවර ගත යුතුව තිබිණි. 
 
ඒ කැබිනට් මණ්ඩලයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ වත්මන් රජයේ සාමාජිකයන් වන දුමින්ද දිසානායක, විජේදාස රාජපක්ෂ වැනි අය ද කටයුතු කළහ. 
 
කොටින් ම මෙම කමිටුව ගැන මුලින් ම පැමිණිල්ල යොමු කරන ලද්දේ ද එම කැබිනෙට්ටුවේ ම සිටි විජේදාස රාජපක්ෂ විසිනි! එහෙත් එවැනි කිසිම පියවරක් ගෙන නැත. 
 
කොමිසම් වාර්තාවේ 474 වැනි පිටුවට අනුව හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවන ලද්දේ කැබිනට් තීරණයකට අනුව බවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කොට තිබේ. 
 
එමෙන් ම එවකට මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවීම සඳහා නීතිමය උපදෙස් ලබා දුන්නේ හිටපු නීතිපතිවරයා වූ යුවන්ජන විජේතිලකය.
 
 මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවන ලද්දේ හිටපු පොලිස්පතිවරයා විසින් පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තියට අනුව ය. 
 
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නීතිමය පසුබිම මීට පෙර අභියෝගයට ලක්වුණු අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි බව ප්‍රසිද්ධ කරුණකි.  
 
 
 
ඒ අනුව, කොමිසම් වාර්තාව කියන පරිදි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවීමේ දී නීතිය උල්ලංඝණය වී තිබුණේ නම් හිටපු පොලිස්පති ඉලංගකෝන් ට සහ හිටපු නීතිපති යුවන්ජන විජයතිලක ට එරෙහිව කොමිසම විසින් නිර්දේශ ඉදිරිපත් කළ යුතුව තිබිණි. එවැන්නක් සිදු වී නැත. ඒ අනුව මෙම නිර්දේවශවල යුක්ති සහගතභාවය ගැන බරපතළ ප්‍රශ්න මතු වෙයි.
 
 
3) විපක්ෂයේ දේශපාලනඥයන් විශේෂයෙන් ම ඉලක්ක කරන අතර ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන් නිර්දේශවලින් මුදාහැරීම මුදාහැරීම:
 
 
 
දූෂණ විරෝධී කමිටුවේ ප්‍රධානියා මෙන් ම යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වූයේ ද මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු මෙම දූෂණ විරෝධී කමිටුවේ මුලසුන හෙබවූ බවට වුවමනාවටත් වඩා සාක්ෂි ඇත. 
 
එහෙත් මේ කොමිසම් වාර්තාවේ සිරිසේන ට එරෙහිව කිසිදු පියවරක් නිර්දේශ කර නැත. ඔහු වත්මන් රජයේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ය. 
 
ඒ වෙනුවට මෙයින් ඉලක්ක කර ඇත්තේ මේ වන විට විපක්ෂයේ කටයුතු කරන දේශපාලනඥයන් ය. 
 
 
 
එලෙස විපක්ෂයේ දේශපාලනඥයන් විශේෂ කොට ඉලක්ක කිරීමෙන් සහ ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නට යෝජනා කිරීමෙන් යම්කිසි දේශපාලන අවශ්‍යතාවක් සපුරා ගන්නට මාන බලන බව පැහැදිලි ය.
 
 
 
4) කොමිසමේ නිර්දේශ හරහා නීතිපති දෙපාර්තමේන්තුවේ අලුත් වියවුලක් නිර්මාණය කිරීම:
 
 
 
dapula L
                     නීතිපති දප්පුල ද ලිවේරා
 
 
මෙම කොමිසම් වාර්තාව හරහා නීතිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් දූෂණ විරෝධී කමිටුවේ කටයුතු කළ තුසිත් මුදලිගේ මහතා වරදකරුවෙක් ලෙස දක්වා ඇත. ඔහු රජයේ නිලධාරියෙකු වන අතර ඔහු සිදු කළේ ඔහුගේ රාජකාරිය ඉටු කිරීමකි. 
 
මේ හරහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර බලවත් අවුලක් නිර්මාණය වේ. මෙහිදී විමසා බැලිය යුත්තේ නීතිපති දප්පුල ද ලිවේරා තම නිලධාරියා වෙනුවෙන් ගන්නා ස්ථාවරය කුමක්ද යන්නයි. 
 
නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරියෙකු වන ජනක බණ්ඩාර ද මෙම කොමිසම් වාර්තාවේ උදහසට හසු වී තිබේ. 
 
 
 
 
මෙබඳු වැරදි පූර්වාදර්ශ හරහා ඉදිරියේදී නීතිපති දෙපාර්තමේන්තුවේ අලුත් අර්බුද නිර්මාණය වෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබේ. එයට වගකීම ගන්නේ කවුද? එම නිලධාරීන්ගේ වෘත්තීයමය ගෞරවය සහ සුරක්ෂිතබව තහවුරු කරන්නේ කවුද?
 
5) කොමිසමේ කාර්ය පටිපාටියේ බරපතළ අඩුලුහුඬුතා
 
 
හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ට එරෙහිව මෙම කොමිසම නිර්දේශ ඉදිරිපත් කොට ඇත. ඔහු ද හිටපු රාජ්‍ය නිලධාරියෙකි. එහෙත් ඔහුට එරෙහිව මෙම ජනාධිපති කොමිසම නොතීසි නිකුත් කර තිබේ ද? කොමිසම ඉදිරියේ නිසියාකාරව කරුණුදක්වන්නට අවස්ථාව නොලද පුද්ගලයෙකුට එරෙහිව නිර්දේශ ඉදිරිපත් කිරීම කෙතරම් දුරට යුක්ති සහගත ද? 
 
එමෙන් ම ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා සඳහා අදාළ පනතේ ප්‍රතිපාදන උල්ලංඝණය කරමින්, පිස්කල් නිලධාරීන් හරහා නොව ලියාපදිංචි තැපෑල සහ සාමාන්‍ය තැපෑල හරහා නොතීසි යවා ඇත්තේ කවර හේතුවක් නිසා ද? 
 
 
 
මෙම අඩුලුහුඬුතා හරහා ද පෙනී යන්නේ මෙම නිර්දේශ භාවිත කරමින් වෙනත් වුවමනාවක් සපුරා ගැනීමේ උත්සාහයක් පවතින බවයි.
 
 
##############

 

 

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්