ලෝකයේ සියලු ධනවත් රටවල් දියුණු වුනේ විද්‍යාව මත පදනම්වය.  
 
 මෑත කාලයේ මොන යම් හෝ හේතුන් පදනම් කරගෙන අප රටේ ආණ්ඩුවේ බලධාරීන් විද්‍යාව පිටුදකිමින් මිත්‍යාව ප්‍රවර්ධනය කරමින්, විද්‍යාත්මක සාක්ෂි නැතුව හෝ අභව්‍ය සාක්ෂි මත පදනම්ව රටේ ජනතාවට බලපාන වැදගත් තීන්දු තීරණ ගන්නා බවක් පෙනෙන්නට තිබේ.
 
උදාහරණයක් ලෙස, පාම් තෙල් තහනම නිසි ක්‍රමවේදයකින් තොරව කරනු ලබන්නේ එය සෞඛ්‍යයට හානිදායක නිසා බව අඟවනු ලැබුවද, එයට අදාල සාක්ෂි ඉදිරිපත් කර නැත.  
 
ධම්මික නමැති පුද්ගලයකුගේ පැනියක් පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කර ප්‍රචාර කර නිසි වෙලාවට එන්නත් ඇනවුම් නොකිරීම, විධිමත් එන්නත් දීමේ ක්‍රියාවලියක් අනුගමනය නොකිරීම, තමන් කියන ආකාරයට චීන එන්නත අනුමත නොකරන නිසා 13 දෙනෙකුගෙන් සමන්විත ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයින් හත් දෙනෙකුම අස්කිරීම ආදී ක්‍රියාවන් හේතුවෙන් වසංගත සමන ක්‍රියාදාමය වියවුල් කර, ජනතාව අසරණ තත්වයකට ඇද දමා ඇත.
 
පහුගිය ආණ්ඩු මගින් නිසි ක්‍රමවේදයකින් තොරව හදිසි තහනම් මගින් ආර්ථිකයට හානි කල අවස්ථා අතරින් ප්‍රමුඛ වන්නේ හකුලා ගත් ග්ලයිෆොසෙට් තහනමයි.  
 
පාම් තෙල් වල මෙන්ම මෙම කෘෂි රසායනික ද්‍රව්‍යයේද හානිකර අංග නැතුවා නොවේ.  
 
නමුත් අප කලයුත්තේ අවදානම් විද්‍යාත්මකව තක්සේරු කර තුලනාත්මක ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමයි.
 
 
RS 11.04(මහාචාර්ය රොහාන් සමරජීව)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 
praja.lk
 
THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image