1200 x 80 DMirror
 
 

 මළ සීනුව යමෙකුට වරක් ඇසුණු විට එයින් කියවෙන පණිවිඩය පැහැදිලිය. තමුන්ගේ ප්‍රජාව තුළ යම් අයකු මියගිය බව එයින් ඇඟවේ. 
පසුගියදා අපට මළ සීනු හඬ වරින් වර යළි යළිත් වේගවත්ව ඇසී අවසානයේ කන් බිහිරි කරවන නාදයෙන් එය කූඨප්‍රාප්තියට පත් වූයේ, මංගල තවදුරටත් අප අතර නැති බව හඟවමිනි.
 
 
“සියලු හෝරා යන්ත්‍ර නවතාලනු මැනවි!
සියලු දුරකථන විසන්ධි කරනු මැනවි
සාගරය හිස් කර දමා
වනපෙත් සියල්ල අතුගා දමනු මැනවි!
ඒ කිසිවකින් දැන්
සිදුවන හොඳක් නැත”
(බ්‍රිතාන්‍ය ජාතික W.H. Auden කවියා)
 
 
 
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා ඔහු දෙස බලා ඔහු හඳුන්වනු ලැබුවේ “සැබෑ දේශප්‍රේමියකු” ලෙසය.
 
ඔවුහු ඔහු කෙරේ බලාපොරොත්තු තබමින් තමන් ආසාවෙන් අපේක්‍ෂා කළ යහපත් අනාගතය කරා ඔහු රට රැගෙන යාවි යයි බලා උන්නෝය.WhatsApp Image 2021 09 06 at 3.51.30 PM 1
 
 ඒ බලාපොරොත්තු සියල්ල දැන් ගහක් ගලක් සේ උන් දෙවියකු සනහන්නට පොළොවේ ගැසූ පොල් ගෙඩියක් මෙසේ සී සී කඩව ගොසිනි.
 
මා හඳුනාගෙන සිටි මංගල දේශපාලනයෙන් විනිර්මුක්තව උන් මිතුරෙකි. ඔහු එම නරකාදියට පිවිසියේ දැන් නරකාදියක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාව හැරදා මා පැමිණි අවුරුද්දේය. 
 
මා ඔහු හඳුනාගෙන උන්නේ ඔහු රජයට අයත් දෙහිවල පිහිටි කුඩා මහල් නිවාසයක දිවි ගෙවන කාලයේදීය. ඒ ඔහු ලන්ඩනයේ සෙන්ට්‍රල් සා. මාර්ටින්ස් ස්කූල් ඔෆ් ෆැෂන්හි එම විෂය හදාරා පැමිණි අලුතමය. 
 
ඔහුගේ පළමු මෝස්තර නිරූපන ප්‍රදර්ශනය වූ 'The Post Nuclear Floor Show' ඔහු දිවා රෑ වෙහෙසෙමින් සැලසුම් කළේ එම නිවසේය. එහි රංග වින්‍යාසයන් හා ඉදිරිපත් කිරීම් කළේ මවිසිනි.
 
 
 ඔහු කින්රෝස් වෙරළ තීරයේ, මද්දහනේ කිඹුලකු සේ පිහිනමින් ගත කළ කාලයට අදාළ බොහෝ සිහිවටන මසිතේ පවතී.
 
කොහේ හෝ ළඟපාත මුල්ලක ඇති අයිල කඩයකින් දිවා ආහාරය සඳහා බත් පැකට්ටුවක් මිලදී ගන්නා අතර ඔහු කඩ හිමියා සමඟ සුහද කතාබහක යෙදුනේය. 
 
ආර්ට් සෙන්ටර් ක්ලබ් හි අතොරක් නැතිව එකිනෙකා සමඟ දොඩමින් අපි කාලය ගත කළෙමු (ජගත්, රංජිත්, ෆෙරොස්, ප්‍රසාද්, බූඩි, වසන්ත, කුක්කා ආදීහූ එකී කතිකාවන්ට එක්වූවෝය). 
 
කිසිදා මතකයෙන් ගිලිහී නොයන ඔහුගේ මැහුම් හල පිහිටා තිබුණේ කොල්ලුපිටියේය. එය “ෆාවෙලා ඉන් කොල්පිටි” නම් විය. 
 
රිදී තිරයේ බැබලුණු සිනමා තාරකා එහි පැමිණ ඔවුන්ගේ ඇඳුම් සඳහා මිම්ම ගනිද්දි අපි අල්ලි වැටුණු හෝ කොටු වැටුණු රෙදි මිටිවලට මුවාවී හඬ නොනැගෙන්නට අසීරුවෙන් සිනා පෑවෙමු. 
 
මඩකළපු සරම් කපා ඒවායින් කමිස මසාගත් අපි, ජැන්ඩි පෙනුමට පිටතට දිස්වෙතැයි සිතා ගත්තෙමු. වර්ණ සංකලනය ගැන ඔහුට තිබුණේ පුදුමාකාර ඉවකි. එය ඔහුගෙන් ඉගෙනීමට මම උපරිම වෙර යොදා වෑයම් කළෙමි. 
 
ඇතැම් විට ඒවා අනුකරණය කළෙමි. අප දෙදෙනාගෙම අතේ සතයක් නැතිව ළතැවුණ ඇතැම් දිනවල අපි දෙතොල් ඉරි තැලෙන තුරු සිනාසුනෙමු.
 
ඔහු මංගල ඉනසන්ස් නමින් පෙනී සිටි කාලයෙත් මම ඔහු හඳුනාගෙන සිටියෙමි. ඉනසන්ස් යනු ඔහුගේ ඇඳුම් මෝස්තරවල නාමය (ලේබලය) වූයේය.
 
 
 WhatsApp Image 2021 09 06 at 3.51.30 PMඇඳුම් නිර්මාණය පිළිබඳ ඔහු දැක්වූ අතිශය දක්ෂතාව නිසා සාන්ත මාර්ටින්ස් ඇඳුම් නිර්මාණ අධ්‍යයන විද්‍යාලයේ පිට සිට සෑම වසරකම එම වසරේ ශිෂ්‍ය ගණයාගේ ඉහළම දක්‍ෂතා දැක්වූ හොඳම ශිෂ්‍යයා බවට ඔහු පත්විය. 
 
ඇඳුම් මෝස්තර ලෝකය හා සබඳතා පැවැත්වූ ඔහු එහි පුරෝගාමී ස්ථානයක් ශ්‍රී ලංකාවට හිමි කර දුන්නා පමණක් නොව ශ්‍රී ලංකාවේ රෙදිපිළි තමාගේ සෑම නිර්මාණයකටම කේන්ද්‍ර කරගත්තේය. 
 
බොහෝ මොස්තර නිර්මාණකරුවෝ (අදත් එදත්) ශ්‍රී ලංකාවේ රෙදිපිළි මතක් කළ විට ඇහිබැමක් ඔසවා ඒවා “ගොඩේ” රෙදි මෝස්තර යයි අපහාස මුඛයෙන් හැඳින්වූවෝය. 
 
මංගල පූගොඩ මෝස්තර නිර්මාණ තරගයේදී ඔවුනට මතක හිටින අතුල් පහරක් තමා නිර්මාණය කළ මෝස්තර ඔස්සේ එල්ල කළේය. එම මෝස්තර නිර්මාණ තරගයට භාවිත කළ හැකි වූයේ දේශීයව නිම වූ රෙදි පමණකි.
 
එම තරගය විනිශ්චය කළ විනිශ්චයකරුවන්, මෝස්තර නිරූපිකාව වූ අකුෂ්ලාට අන්දවන ලද, අතින් එම්බ්‍රොයිඩර් වැඩ දැමූ හැට්ටය දේශීය රෙදිපිළි හා දේශීය නූල් වර්ග භාවිතකොට නිර්මාණය කළ එකක් වග විශ්වාස කළේද නැත. එය පැය ගණන් වෙහෙස දරා නිර්මාණය කරන ලද්දකි. 
 
විනිශ්චයකරුවන් සිතුවේ එය විදේශයකින් ගෙන්වන ලද රේන්දවලින් නිර්මාණ කරන ලද්දක් කියාය. තරගයට නුසුදුසු නිර්මාණයක් ඉදිරිපත් කළ බව කියමින් එම නිර්මාණය තරගයෙන් ඉවත් කරන්නටම සැරසුණු විනිශ්චයකරුවෝ විපරම් කර බලා සැබෑව වටහා ගත්හ. එවේලේ මංගල කී දේ මගේ මතකයට නැගේ.
 
“ඉන්දියාවේ සුබසිද්ධිය තකා, අධිරාජ්‍යවාදීන් නෙරපා දමන්නට ගාන්ධිට ඉන්දියානු රෙදිපිළි භාවිතය ප්‍රවර්ධනය කරන්නට හැකි වී නම්, මටත් එම කාර්ය මෙරටේ කළ හැකියි.”
 
මෙම සිද්ධියෙන් පසු නොබෝ දිනකින් මංගල කිසි කෙනකුට අනුකරණය කළ නොහැකි වර්ගයේ තම අද්විතීය මෝස්තර එකතුව බෙයාර් ෆූට් (Barefoot) ආයතනය ඔස්සේ දියත් කළේය.
 
 
 
එදා, නයෝමි රාජරත්නම්, කාරයිල් ටෝසරා සහ ඔටාරා ගුණවර්ධන වැනි අද්විතීය මෝස්තර නිරූපිකාවන්, සිරුරට නිසි ලෙස සරිලන මැදුම් දිගින් යුත් සුදු ගවොම් වලින් ද උඩුකයට කළු සහ සුදු ඇතුළු නේක වර්ණයෙන් ද 25659583 10211493392190610 8484417591872462863 nනිර්මාණය කළ දුම්බර උඩු කබා හැඳ නිරූපණ තලයෙන් පහළට නිරූපණ ශිල්පයට ආවේණික ඇත් ගමනින් හෝ ලැසි ගමනින් ඇවිද ගිය ලීලාව කාට නම් අමතක කළ හැකිද?240578693 5970982562977031 8618675820320529242 n
 
දුම්බර රෙදිපිළිවලින් ශීත කාලයට අඳින (Winter Coats) නිර්මාණය කරනු ලැබුවේ ඔහුගේ නිර්මාණ දර්ශනයකට අනුවයි. දුම්බර රෙදිවලින් කරනු ලැබූ එම කබාය අපගේ ජාතික අන්‍යතාව මොනවට ප්‍රතිරූපණය වූ නිර්මාණයකි. 
 
එම ඇඳුම් හලට අද පවා ආදායම් ලැබෙන Crop top වර්ගයේ උඩුකයට අඳින ජැකට්ටුවත්, Tied up බැගී කලිසමත් මංගල විසින් හඳුන්වා දෙන ලද ඇඳුම්ය.
 
බොහෝ කලකට පෙර සම්මත මිමිවලට වඩා විශාලව ගිය මෝස්තර (Plus Size Model) මංගල ලන්ඩන් මෝස්තර සතියේ නිරූපණ පෙළට හඳුන්වා දුන්නේය. ගැබිනි කාන්තාවක වේවා, සම්මත හැඩයෙන් ඔබ්බට ගිය තරබාරු සිරුරක් හිමි අයකු හෝ ආබාධිත අයකුට සරිලන, ඔවුනට අගේට කැපෙන ඇඳුම් නිර්මාණය කරන්නට මංගල සමත් වූයේ එකී විභවතාව එම ශරීර තුළ දකින්නට ඔහු සමත් වූ නිසයි. මම ඒ සියල්ල දෙස බලා නිහඬව ඔල්වර හඬ නැගුවෙමි.
 
ශ්‍රී ලංකාවේ බොහෝ මෝස්තර නිර්මාණකරුවන් තම රෙදිපිළි සියල්ල විදේශවලින් මිලදී ගැනීම පුරුද්දක් ලෙස කරන කාලයක (තවමත් ඔවුහු එසේ කරති) ඔහු අපගේ දේශීය නිෂ්පාදන තෝරා ගත්තේ බොහෝ විට බුද්ධි බතික් ආයතනයත්, අතිදක්‍ෂ චන්ද්‍ර තේනුවර සමගත් කටයුතුවල නියැලෙමිනි. 
 
එකල ඔහු සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ඊට අදාළ දේශන ද ඉදිරිපත් කළේය. ඔහු මේ සියල්ල කළේ අප රටේ බිම් මට්ටමේ කටයුතු කරන උදවිය දිරිමත් කරන, ඔවුනට පසුබිම් සහාය දෙන අභිප්‍රායෙනි. ඒ අයගේ හැකියාවන් මෝස්තර නිරුපණ ශිල්පය ඔස්සේ ඔහු හඳුන්වා දුන්නේය.
 
 
 
Mangala Samaraweera.jpg
 
ඉන් අනතුරුව ඔහු දේශපාලනයට පිවිසීමෙන් පසු අපි දෙඅතක ගියෙමු. ඒ වෙන කිසිදු හේතුවක් නිසා නොව මා ලන්ඩන් නුවරට ගිය බැවිනි. 
 
ඔහු දේශපාලනයේ කාර්ය බහුල වූයේය. ඔහු අමාත්‍යවරයකුව සිටියදී අප හමුවූයේ කලාතුරකිනි. ඔහු අමාත්‍ය ධුර බලතලවලින් විනිර්මුක්තව සිටි කාලවලදී අපි නිතර හමුවී පෙර මෙන් එක්ව නොනැවතී සිනාසුනෙමු.
 
 මම කිසි දින ඔහු සමඟ දේශපාලනය ගැන කතා නොකළෙමි. ඔහු ඊට ගරු කළේය. 
 
එක්සත් රාජධානිය, යුරෝපා සංගමයෙන් වෙන්වීම හෙවත් බ්‍රෙක්සිට් ගැන අපගේ සාකච්ඡාව විනාඩියකට සීමාවිය. “ඔබ එකඟද?” ඔහු මගෙන් ඇසුවේය. “හරිම කැමතියි. මම ප්‍රමෝදයට පත්වෙලා ඉන්නේ.” මම පිළිතුරු දුන්නෙමි. 
 
ඉන්පසු අපි අපේ මිතුරන් ගැන, පොත් ගැන, චිත්‍රපට ගැන, මොරොක්කෝවේ නිවාඩුව ගත කිරීම ගැන කතා කළෙමු. මා බොහෝ කාරණා සම්බන්ධයෙන් ඔහු සමග එකඟ නොවූ බව මම හොඳාකාර දනිමි. එහෙත් ඉන් අපගේ මිතුදමට බාධාවක් නොවීය.
 
 
 
අප ඊට ඉහළින් උන් අය වූයෙමු. මා, ඔහු හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමඟ එක්සත් රාජධානියේ නයිට්ස්බර්ග් හි තනි කාමරයකින් යුතු නිවසක නත්තල ගත කළ ආකාරය මට කිසිදා අමතක නොවන්නකි.
 
ඇය මහේශාක්‍ය ලීලාවෙන් විශාල සෝපාවක හිඳගෙන උන්නාය. 
 
මංගල ඒප්‍රණයක් ඇඳ දෑතට ග්ලවුස් දමාගෙන, Partridges in Sloane Square වෙතින් ඇණවුම් කරන ලද මසවුළු බේක් කරමින් හා ඒවා පිරිනමමින් සිටියේය. මම බුමුතුරුණ මත දිගෑදී ඩවුන්ටවුන් ඇබේ නම් රූපවාහිනී මාලා නාටකය නැරඹුවෙමි. 
 
ඒ අතර අපි, පාලනය භාරදෙන්නට කිසිවකු නැති කලක වංශවතුන්ගේ බිඳ වැටීම සිදුවූ ආකාරය ගැන කතිකා කළෙමු. එය උචිත වූවකැයි දැන් මම සිතමි.
 
මංගල පෙනී සිටි සියලු දෑ පිළිබඳව සියල්ල සම්පිණ්ඩනය කොට ජෝන් ඩොන් (John Donne) පවසා ඇතැයි මම සිතමි.
 
 
“කිසිම මිනිසකු මුළුමනින් ගත් විට දූපතක් නොවන්නේය. සෑම මිනිසකුම මහාද්වීපයක කොටසක් හෙවත් සමස්තයේ අංශයකි. ඕනෑම Screenshot 2021 09 05 at 11.31.27 PMමිනිසකුගේ මරණයකින් මා ක්‍ෂය වන්නේ මා මානව වර්ගයාට අයත් බැවිනි. එම නිසා කාට මළ සීනු හැඬවූයේ දැයි දැනගන්නට කිසිවකු එවා නොමැත. එය හැඬ වූයේ ඔබ වෙනුවෙනි.”
 
 
සමු දෙන්නෙමි මිතුර!
 
ඔබ වැර වෑයමෙන් සෙවූ සාමය ඔබට හමුවේවා!
 
 
(මෙම රචකයා, නර්තන ශිල්පියකු, රංග ශිල්පියකු හා මෝස්තර නිරූපණ ශිල්පියකු වන අතර 1989 පටන් එක්සත් රාජධානියේ පදිංචි වී සිටී. ඔහු මංගලගේ සමීප මිතුරෙකි. මංගලගේ බොහෝ මෝස්තර නිරූපන දර්ශනවල රංග වින්‍යාසය නිර්මණය කළේ ඔහුය. එම දර්ශන ආරම්භයේ පටන්ම Mangala Innocence නාමය යටතේ ප්‍රචාරණය කරන ලදී.
 
 
(චන්ද්‍රි පීරිස් විසිනි)
උපුටා ගැනීම - lankadeepa.lk
 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58