1200 x 80 DMirror
 
 

අතීතය විමසන කල්හි පෙනෙන සත්‍යයක් වේ. එනම් ඉතිහාසය ගෙතී බැඳි ඇත්තේ බලය මත බවය. 
 
 
ඒ අනුව එකල්හිද රාජ්‍යය බලය අත්පත් කර ගැනීම උදෙසා නන් විද සුත්‍රයන් දර්ශණයන් මෙන්ම ක්‍රම උපායෝ භාවිතා වුහ. 
 
මෙම විවිධාකාරි ශිල්ප උපායන් අතරින් ඉතිහාසගත චරිතයන්ද බිහි විය. 
 
ඉතිහාස කාල සමය පිරික්සමින් පියමැන යන කල විජය කුමරු තරම් සරළ සුමට සොඳුරු බල සූත්‍රයක් භාවිතා කල අපුර්වයෙක් තවත් හමු නොවේ. 
 
 
සිංහල රජ සිරිතද, සිංහල ඉතිහාස සිරිතද, සිංහල බල සිරිතද ඇරඹි විජයගේ සරාග සුත්‍රය තරම් කමනීය වු රමණ සුත්‍රයක් බලය විෂයෙහි නැත. එකල්හිද මෙකල්හිද යළිඳු අපට හමු නොවන තරමට විජයගේ සරාග සුත්‍රය විසිතුරුය.
 
  
බොහෝ ජාතික සම්ප්‍රදායන් සඳහා ඇවැසි දේශපලාන සම්ප්‍රදාය බිහි කර ගැනීමට වසර ගණනාවක් බල අරගල පැවතිණි. නොවේනම් දීර්ඝ කුමන්ත්‍රණ හෝ ලේ වැගිරීම් වුයේය.
 
නමුදු විජය කුමරුගේ දේශපාලන සම්ප්‍රදාය එක් රාත්‍රියක රමණිය රමණ යහනක වෙසක් සද පහන යට හෝරා කිපයකින් විජයග්‍රහණ වු අසිරි සිරි සුත්‍රයකි. 
 
විජය කුමර තෙමේ කුවේණියගේ සරාග සම්භෝගයෙන් අගපත්ව පහන් වු සිතින් සිරිලක් රාජ්‍යය අත්පත් කර ගත් අයුරු අපුරු වේ. 
 
මේ සිරි විසිතුරු පහන් රාත්‍රිය අරභයා ‘මහාවංශය‘ හි මෙසේ සඳහන් වේ.
 
ද්‍රා පිතං විජයෙන ගගං යකඛී භූඤ්‍රජිය පිණිතා
සොළසවසසිකං රූපං මාපයිත්‍වා මනොහරං
රාජ පුතත මුපාගඤජි - සබබාභරණභූසිතා
මාපෙසි රුකඛමුලසමිං - සයනංච මහාරහං
සාණියා සුපරිකඛිතනං - විතානසමලඞකතං
තං දිසවා රාජ තනයො - පෙකඛං අතථමනාගතං
 
- (මහාවංශය 7 පරි : 26, 27,28, ගාථා)
  
“නිල්පුල් කුසුමන් ඇතරූ විසල් රුක මුල කුවේණිය රන් කෙදි ගොතා බැදි රන් සළුව ඇතුරු කල්හි, විජය කුමර තෙමේ සළු උනා ඈ දෙස බලා හිදියේය. පිනාගිය රමණ සිහිනයෙන් කුවේණිය රුක් යහන වටකොට දුහුල් සළු වට කලේය. 
 
නිල් මානෙල් ඇතුරු රන් සළු යහනට විත් විජය ඇය හා සුවසේ සැතපෙන්නට වන්නේය....
 
විජය කුමරු සිංහල සිරිත ආරම්භ කලේ එලසය.  
 
සරාගය සිරි විසිතුරු කොට ඇරඹි සිංහල සිරිත චිරචිත “මහාවංශය“ සිංහල ජාතික සිරිත ගෙත්තම් බඳින්නේ ද මේ රමණ රාත්‍රියහි විසිතුරු සමගිනි. 
 
එකල්හි, එදින, එනම් ක්‍රි.පු. 547 වෙසක් පුන් පෝදා රාත්‍රියහි විජය කුමරු ස්වකීය ශූද්ධ වංශය වු සිංහ වංශ හි ජානගත වු සිංහ වනවාස සරාගය ද, ස්වකිය මවු වංශය වු සදවංශ සරාගයද මුසු කොට හෙළ රැජින කුවේණිය මන්මත් කළේය. 
 
විජය නම් සිංහ වංශිකයාගේ සරාග රාත්‍රියහි කුළුදුල හා එහි වු කලාත්මක සිරිය නුතන සිංහලයන් ද නැවත විමසා බැලිය යුතු තරම් වේ. එලසම මෙතරම් අසිරි භාව සන්තර්පණයක් රාජ්‍ය සම්ප්‍රදායක උදාව වෙත යා කළ විජය තෙමේ තමන් ඇරඹි ජාතික උරුමය වෙත දයාද කල නිර්මාණශීලී ලකුණ යලි විමසා බැලිය යුතු තරම් ද වේ.
 
රාජ්‍ය බලය මෙතරම් සුමට සහ භාවමය උද්දීපනයකින් ලබා ගත් තවත් කවරෙකු වේද? භාරත, චින, ග්‍රීක වේවා යුරෝපිය ඉතිහාසය තතු විත්ති අතර, වේවා මෙවන් සොඳුරු බල සුත්‍රයක් හමු නොවේ. 
 
  
සරළ බසින් පවසන්නේ නම් කාලය, ජිවිතය හෝ ධන ශ්‍රම නසමින් බල වියරුවෙන් කෝපව සැහැසිව හසුරුවන රාජ්‍ය බලය නම් විෂය සරාගය මුසු කොට සන්සුන්ව අත්පත් කර ගත් විජය රජ තෙමේ කෙතරම් අරුමැසි සූරයෙක් වේද? 
 
ඔහු විසින් කාලය ජිවිතය ධනය ශ්‍රමය අපතේ නොයවිමින් කෝපය, සැහැසි බව වෙනුවට ආල, නුරා, රාග සරාග බැඳුමින් හද කය උපුදුවා ඉටු කල “සිංහාගමනය“ ලෝක දේශපාලන කතා ලතාවේ විශේෂ මුඳ්‍රවක් සේම අනන්න්‍ය ලකුණක් වනුයේ එබැවිනි.
 
විජයගේම අසිරි සරාගි විප්ලවය තවත් වෙසෙස් වුයේ එහි වු තවත් එක් අපුරුත්වයක් නිසාමය. විජය කුමරු “ සත්සියක් සිංහයෝ “ නම් තම හද රැදි සිංහ මුසුවහි අනුහස් නායකයා විය. 
 
සිංහ නායකයා ස්ව යහන් තලාව ස්වකීය හෘද මිත්‍ර සන්ධානයට සජිවි කරන්නට තරම් විවෘත මිනිසෙකු වුයේය. මහාවංශය ඒ අරභයා මෙලස පවසයි.
 
 
කත්‍වාන තාය සංවාසං නිපජජි සයනෙ සුඛං
ඝාණී පරිකඛිපිත්‍වාන සබේබ භචචා - නිපජ්ජිසුං
 
- (මහාවංශය 7 පරි : 29 ගාථා)
 
  
විජය සිංහගේ මේ උත්තර මනුෂ්‍ය හැඟිමට ඔහුගේ ආත්මීය සගයන්  තවදු ආත්මීය වුහ. සත්සියක් සිංහ සම්ප්‍රදාය සුමට නොනැසෙන ජාතික අධ්‍යාත්මක පිවිසුම වුයේ එලසය.
 
සිංහල සිරිත වත්මන හි බැද තබා ඇති දෑ පිළිබඳ කරන කතිකාවතට ඇතුල්ව ඇතියේ මතු කල්හි එක් වු වීරත්වය, දේශමාමකත්වය, සාහිත්‍යය, දහම, සංස්කෘතිය වැනි දෑය. 
 
නමුත් සිංහල සිරිතහි ආරම්භක ප්‍රවේෂ මුලයන් අතර, සිංහ සත් සියහි ජාන බන්දනය ද විජය කුමරු විසින් මුද්‍රහල මානුෂ්‍ය හෘර්ද්‍ර බන්ධයේ අග්‍ර බැඳුම වු සරාගය උදෙසා ලබා දුන් පිවිසුම ද අදාල බව සිහි කර ගත යුතුවේ. 
 
එමෙන්ම සරාගය දේශපාලන විප්ලවයකට නිමිත්ත කර ගැනීමට තරම් වු භාව සුසංවාදි සාර සිතුමන් කතිකා කල යුතු තරම්ය.
  
 
පසු කලෙක ස්වකීය අනුත්තර නායක විජය රජ මෙන්ම ඔහු හෘද මිතුරු සත්සියක් සිංහයෝ සිරිලක පුරා විසිර මෙම සරාග සුත්‍රය යථාවක් කලේය. ඒ අනුව ආගන්තුක සිංහයන් සමග වහා වහා හෙළබිම යක්, රකුස්, නාග වංශිකයන් මුසු විම ඇරඹුනේය. සිංහල ජාතිය සිවු - හෙළ නමින් අරුත නිරුත පාද්‍ර වටහා ගන්නේ මෙම සරාග මුසුවය. 
 
එය පසුව සිංහල ඉතිහාසය පුරා නොනිමිව ඇදි යන දේශලපාලන අරගලයක් බවට පත් වුයේය. ඒ අනුව උත්තර භාරතීය සිංහ සම්ප්‍රද්‍රය සමග සරාගිව ජිවමානව එක් විම ප්‍රතික්‍ෂ්පය කල පිරිස හෙළ සම්ප්‍රදාය ලෙසද සිංහ මුසු විම පිළිගත් පිරිස සිංහල සම්ප්‍රදාය ද වීම එම දේශපාලන අතොරයහි ප්‍රතිඵලයක් වේ.
 
වත්මන දක්වා විවිධ මතවාද දර්ශණ, කුල, නිකාය, දේශපාලන දහරා ලෙස, මෙම සිංහල සම්ප්‍රදාය සහ හෙළ සම්ප්‍රදාය දෝලන වෙමින් ගැටෙමීන් මුසු වෙමින් ගලා යන අයුරු ඉතිහාසය ජිවමය ලෙස දකින්නාට නිරීක්‍ෂණය කල හැකි වේ.
 
 
Sujith 2021සුජිත් අක්කරවත්ත
නිදහස් ලේඛක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
 
 
කියවන්න - හදාරන්න :
 
 
 
 
 
 
 
 
 

 

 


 

THE LEADER TV 
 
 
 
මුර බල්ලෙක් එලියට? | මොණරවිලගේ ලියමන 
 
 
 
 
චිචීට ගහන්නේ බැසිල් බාප්පා ද? | The Leader TV | Gossip
 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58