විජය නන්දසිරි සමග ඇඩ්වර්ටයිසිං කතා බොහෝමයක් ඇත.

විජය සමග වෙළෙඳ දැන්වීම් ගණනාවක්ම මට කරන්නට ඉඩ ලැබිණි.

විජය නන්දසිරි හා සෙසු මොඩ්ල්ස්ලා අතර පැහැදිලි වෙනසක් ඇත.

වෙළෙද දැන්වීමක් වුවත් විජයට එය කලා කටයුත්තකි.

බොහෝ මොඩ්ල්ස්ලාට දැන්වීමක් යනු එදා වේල බිස්නස් එකක් පමණි.

වෙනස එයයි.


එක් අවස්ථාවක විජය සමග දැන්වීමක් රූපගත කර අවසාන විය.

ඊට දින කිහිපයකට පසු හඬ කැවීමි කටයුතු සිදු කෙරිණි.

විජය හඬ දෙන්නේ පුටුවක වාඩි වී ගෙනය.

 ඒ වනවිට ඔහුගේ එක් පාදයක් ඉවත් කර තිබූ හෙයිනි.

පටිගත කිරීම සිදුවූයේ පොල්වත්ත පාරේ පිහිටි ටෙලිවීව් අධිපති සුනිල් රත්නායක ගේ නිවසේදී ය.

 විජය මහන්සි කිරීමට අකැමැති වූ මම ටේක්ස් කිහිපයකට පසු හඬ කැවීම නැවැත්වීමී.

 " මල්ලි, තව එකක් ගමුද..?"

එසේ ඇසූ විජය ඔහුට හරියැයි හිතෙන තුරුම හඬ දුන්නේය.

 විජයලාගේ පරම්පරාව එලෙසය.

 විජය මුලින්ම ජනප්‍රිය වූයේ සම්පත්


 ඩබල් එස් ඇඩ් එකෙනි.

ඒ ඇඩ් එක ලිව්වේ කුසුම්සිරිය.

එයට ජනප්‍රියම සම්මානය හිමිවූ විට සම්මානය ගත්තේ දිනූෂා පල්ලියගුරුය.

මේ ඇඩ් එක අරන් ඉන්ටර්විව් ගියේ ඇන්ජලෝ ය.

 ඇඩ්වර්ටයිසිං ලෝකයේ හැටි එහෙමය.


විජය වැඩිපුරම හිටියේ සම්පත් බැංකු දැන්වීම්වල ය.

එම දැන්වීම්වලත් වැඩියෙන්ම ‍රඟපෑවේ කුසුම් රේණු සමගය.

බොහෝ විට දමිළ දැන්වීම වෙනුවෙන් රඟපානුයේද විජය යි.

එක් අවස්ථාවක දමිළ වෙළෙඳ දැන්වීමේ දෙබස් විජය ගේ කටට ආවේම නැත.

බැරිම තැන විජයට කැමැති දෙයක් පවසන ලෙසත් දමිළ බසට එය හඬ කැවිය හැකි බවත් දැනුම් දෙන ලදි.

" කැමරා....! රෙඩී....! ඇක්ෂන් ...!"

කිව්වා පමණි.

ඉඳිරියේ සිටි කුසුම් රේණු දෙසට අත දිගු කළ විජය

" මේ පට්ට......"

කියා පටන් ගෙන අමු තිත්ත කුණුහරුප වැලක් කියාගෙන ගියේය.

දමිළ බසට හඬ කැවිවේ විජය දෙසා බෑ ඒ කුණුහරුප ටිකයි.



වරක් සම්පත් බැංකුවේ දැන්වීමකට අප තෝරා ගත්තේ කීර්ති ‍රත්නායකය.

ඇතැම් නළුවන් වෙළෙඳ දැන්වීම්වලට තෝරාගත් පසු ඇතිවන ප්‍රශ්නය නම් ඔවුන් වේදිකා නාට්‍යවල මෙන් රඟපාන්න උත්සාහ කිරීමයි.

කීර්ති කළෙත් ඒකමය.

ඔහු හැරෙනකොට තත්පර 30 ගෙවී අවසන් ය.

 " ඔයා හැරෙන්නේ හරියට දේවිකා මිහිරාණි වගෙයිනේ..."

බැරිම තැන මම කිව්වෙමි.

වැඩේ හරියට ඉවර කරගත්තේ ඊට පස්සේ ‍ය.

ඒත් එහෙම්මම ඉවර වුණේ නැත.

විජය මේ දැන්වීම දැක කලබල විය.

ඔහු හිතුවේ සම්පත් බැංකු දැන්වීම්වලින් ඔහුව ඉවත්කර ඇතැයි කියාය.

විජය ගෙන් සම්පත් බැංකුවට කෝල් එකක් ආවේය.

ඒක ගත්තේ සම්පත් බැංකුවේ මාර්කටිං එකේ එවකට සේවය කළ චින්තක ය.

" අර අලුත් නළුවා රඟපානවා ටිකක් ස්ටක් නේද? "

විජය ඇහුවේය.

වාසනාවට දේවිකා මිහිරාණි රඟපාන ආකාරය ගැන මා කියූ කතාව චින්තක කියා තිබුනේ නැත.

Memorable Gossip News Story Veteran actor Vijaya Nandasiri 1


 විජය ඉදහිට මරු වැඩද කරයි.

වතාවක විජය, කුසුම් රේණු හා තවත් දමිළ නිළියක් රඟපෑ වෙළෙඳ දැන්වීම් 3 ක් රූපගත කිරීමට නියමිතව තිබුණි.

අදළ පිරිස් වෙතින් ඔවුන් බලාපොරොත්තු වන මිල ගණන් පළමුව ලබා ගැනේ.

 විජය ගේ මිල අධිකය.

කුසුම් රේණු ඉල්ලුවේ විජය ඉල්ලා සිටි මුදලින් 1/5 ක මුදලකි.

 දමිළ නිළිය ඉල්ලා සිටියේ කුසුම් රේණු ඉල්ලු මුදල්වලින් 1/5 කි.

ක්ලයන්ට් ද ඒජන්සියද එක්ව විජය හා මීටිමක් තබා ඔහුට ගෙවන මිල ගණන් කිසිදු පාර්ශ්වයක් වෙතට හෙළි නොකරන මෙන් ඉල්ලන ලදි.

" පිස්සුද ...මං කාටවත් කියන්නේ නෑ... "

 විජය පොරොන්දු වූයේ ය.

ෂූටිං දිනය එළැඹුණේය.

ෂූටිං අතරතුර විජය කුසුම් රේණු ගෙන් මෙසේ ඇසීය.

" නංගි ඔයාට කීයක් ගෙවනවාද වැඩේට ...?"

එවිට කුසුම් රේණු තමන් ඉල්ලා සිටි ගාන කීවාය.

 විජය එවිට මෙහෙම ඇසුවේය.

kusum 2023

" ඇයි නංගි ඔච්චර අඩුවට රඟපාන්නේ ...?"

 කුසුම් රේණු කළේ දමිළ නිළිය වෙත යෑමයි.

කුසුම් රේණු දමිළ නිළිය ගෙන් මෙසේ ඇසුවාය.

" නංගි ඔයාට කීයක් ගෙවනවාද වැඩේට ...?"

එවිට දමිළ නිළිය තමන්ට ලැබෙන ගාන කීවාය.

 කුසුම් රේණු එවිට ඇගෙන් මෙහෙම ඇසුවාය.

" ඇයි නංගි ඔච්චර අඩුවට රඟපාන්නේ ..."

දමිළ නිළිය අප සොයා ආවාය.

අන්තිමට වැඩේ බැලන්ස් කරගෙන ෂූට්ං ඉවර කරගත්තේ බොහෝ අමාරුවෙනි.


Vijaya Nandasiri as the prince Maname

  විජය ගැන බොහෝ දෙනා කීවේ 'මනමේ කුමාරයා නේද? කොමඩි නාට්‍යවල  ඇයි මෙහෙම රඟපාන්නේ ? ' යන කතාවය.

මනමේ කුමාරයා වැදි රජුගේ කඩු පහරින් එලොව ගියේය.

එහෙත් විජය නන්දසිරි මෙලොව ජීවත් විය යුතු බව ඉහත ප්‍රශ්නය ඇසූ බොහෝ දෙනාට අමතක විය.

එය ප්‍රශ්නය පිළිබද ප්‍රශ්නයක් නොව අප සමාජයේ කුහකකම පිළිබද ප්‍රශ්නයකි.



(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්