ග්‍රාන්ට්ස් එකේ උදවිය නිතර ගැවසුණු තැනක් වූයේ ග්‍රීන් කැබින් එකයි.


 ග්‍රීන් කැබින් ඉතිහාසය Grass for My Feet කෘතිය ලියූ ජිනදාස විජයතුංග ගේ කාලය තරම් ඈතට දිවයයි.

ඒ ගැන මුලින්ම වාර්තා වූයේ ගුණදාස ලියනගේ කර්තෘත්වය දැරූ 'කල්පනා' සඟරාවෙනි.

WhatsApp Image 2023 06 20 at 11.55.10 AM 1

 ග්‍රීන් කැබින් එක හා ග්‍රාන්ට්ස් එකේ රැන්ස්ලි අතර පුදුමාකාර සම්බන්ධයක් තිබේ.

 ඒ ග්‍රීන් කැබින් එකේ පැත්තක් වැහීම සම්බන්ධයෙනි.

ඒ වගත් මෙසේය.

 ග්‍රීන් කැබින් එකේ පැති දෙකකි.

එක් පැත්තක තේ එකක් බොන්න පුළුවන් ය.

ස්වර්ණවාහිනියට ගොඩවදින බොහෝ කලාකරුවන් ද වැඩ සටහන් අවසානයේ තේ එකක් ආවේ මෙතැනට ය.

එකල මැෂින් සවිකර තිබුනේ නැත.

කහට, කිරි, සීනි ආවේ වෙන වෙනම ය.

තම තමන්ට තමන්ගේ පදමට අනුව තේ එකක් හදාගෙන බොන්නට එකල හැකියාවක් තිබුණි.

බොහෝ වයෝවෘද්ධ පාරිභෝගිකයන් පවා ග්‍රීන් කැබින් එකට ආවේ තේ එකක් බොන්න පමණක් ම නොවේ.

තේ බොන අතරේ අතීත රස මතක අවුස්සන්නටත් එක්ක ‍ය.

WhatsApp Image 2023 06 20 at 11.55.55 AM
එහෙත් ග්‍රීන් කැබින් එක පසු කාලයක තේ මැෂින් හයි කරන ලද්දේ වියදම් කපා හැරීම පිණිසය.

එයට විරෝධය පළ කරමින් එවන ලද ලිපි ෆයිල් එකක් පුරා තිබුණි.

 ග්‍රීන් කැබින් එකේ අනිත් පස වූයේ දිවා ආහාරය ගැනීම පිණිස වෙන් කළ කොටසයි.

ඒ කොටසද උදේ පටන්ම විවෘත කර තිබුණි.

 ග්‍රාන්ට්ස් කට්ටිය මේ දෙකොටසටම ආවෝ ගියෝය.

දිනක් ග්‍රාන්ට්ස් එකේ රැන්ස්ලි ලියූ දැන්වීමක් ක්ලයන්ට් වෙත ඉදිරිපත් කිරීමට ගෙන ගියේ ක්ලයන්ට් සර්විසිං එකේ අමීන් ගානි ය.

WhatsApp Image 2023 06 20 at 11.55.24 AM

 දිනක් ග්‍රාන්ට්ස් එකේ රැන්ස්ලි ලියූ දැන්වීමක් ක්ලයන්ට් වෙත ඉදිරිපත් කිරීමට ගෙන ගියේ ක්ලයන්ට් සර්විසිං එකේ අමීන් ගානි ය.

 පොර වගේ ඇඩ් එක අරන් ගියාට අමීන් නැවත ආවේ අත් දෙක වන වනාය.

ඌට ඇඩ් එක විකුණාගන්න බැරිවී තිබේ.

 රැන්ස්ලිට මේකට මල පැන්නේය.


 " තොපි පොන්... තොපිට තනියම ගිහින් ඇඩ් එකක්වත් විකුණගන්ඩ බෑ..."

රැන්ස්ලි අමීන් ඇතුළු සමස්ත ක්ලයන්ට් සර්විසිං එකටම බැන්නේය.

මේක අමීන් ගානිට ආරංචි විය.

මේ කතාවට රැන්ස්ලිට ගහන බව අම්බානක තද වූ අමීන් දිවුරා ප්‍රකාශ කළේය.

ඒ මොහොතේ පටන් රැන්ස්ලි අතුරුදන් විය.

කොතෙකුත් හෙව්ව මුත් රැන්ස්ලි ගැන ආරංචියක් නොවීය.

පසුව ආරංචි වූයේ ඔහු ග්‍රීන් කැබින් එකේ සුවෙන් ඉන්නා බවයි.

 රැන්ස්ලි ග්‍රීන් කැබින් එකේ ලන්ච් දෙන කොටසේ නිත්‍ය පදිංචිකරුවකු බවට පත්ව තිබේ.

ඔහු මෙසේ අනවසර පදිංචිකරුවකු වී ඇත්තේ අමීන් ගානි ගහනවා යැයි කියූ නිසාය.
WhatsApp Image 2023 06 20 at 11.55.41 AM

 දැන් ග්‍රාන්ට්ස් එකේ වැඩ කරන රැන්ස්ලිව හමුවීමට යන්න ඕනෑ ග්‍රීන් කැබින් එකටය.

ලයිම් ජූස් එකක් ඕඩර් කරගන්නා රැන්ස්ලි මුළු දවසෙම ග්‍රීන් කැබින් එකේ සිට කොපි ලියයි.

 ග්‍රාන්ට්ස් එකේ අපට වඩා දැන් මේක ග්‍රීන් කැබින් එකට ප්‍රශ්නයකි.

ඔවුන් කල්පනා කරන්නේ ලයිම් ජූස් එකක් බී ග්‍රීන් කැබින් එකේ දවසෙම පදිංචිව සිටින මේ අනවසර ගෝත පදිංචිකරුවා එලවා ගන්නේ කෙසේද කියායි.

ටික දිනකට පසු ග්‍රීන් කැබින් එකේ ලන්ච් ගන්නා කොටසේ දොරේ මේ පණිවිඩය අලවා තිබුණි.

" දිවා ආහාරය සදහා මෙම කොටස විවෘත කරන්නේ දවල් 11 න් පසුවය."

අපේ රැන්ස්ලි විසින් ග්‍රීන් කැබින් එකේ කොටසක් වසා දැමුවේ එසේය.

වෙනත් විදියකට කිව්වොත් ග්‍රීන් කැබින් එකෙන් රැන්ස්ලිව එළවා ගත්තේ එසේය.

(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image