leader s

මැනේජර්ගෙ කාමරයට ගිහින් ආපහු පැන්ට්‍රියට ආපු මාව දැකපු ගමන් ම අම්පිටිය අයිය ''මොකෝ බං... මැනේජේර්කාරය උඹේ පඩිය හදල නැද්ද... එහෙනං මොන බම්බුවකට ද ඌ උඹට එන්ඩ කිව්වෙ...?''


''නෑ නෑ අයියෙ... එහෙම දෙයක් නෑ...''

මම ඒ වචන ටික කිව්වෙ වුවමනාවට එපාවට වගේ...

''එහෙනං මොකෝ මේ මිනිහ මැරිච්ච ගෑනි වගේ විරවපට්ටං ගහගෙන...?''

අම්පිටිය අයිය ඇහුවෙ තරමක කේන්තියෙන්.

''පඩිය නම් හදල තිබුණ අයියෙ..."

''පඩිය හදල තිබුණ නම් මොකද්ද ප්‍රස්නෙ...?''

අම්පිටිය අයියා ආයෙත් තරමක කේන්තියෙන් ඇහුවා.

''අර එදා මම යාළුව බලන්න ගිහින් පැය කාලක් පරක්කු උණා නෙ..."

''ඉතිං...?''

''මේ... මේ... එදා දවසෙ මගෙ පඩිය කපලා..."

මම ඒ වචන ටික කිව්වෙ හරි ම අපහසුවෙන්. ඇත්තට ම මට ඇති වුණේ තරහක් ද, දුකක් ද කියන්න මම දන්නෙ නැහැ. හැබැයි කලකිරීමක් නම් ඇති වුණා.

hand to hand

''මොකක් කිව්ව...! ඒක හරි පකේ වැඩක් නෙ... උඹ පැය කාලක් පරක්කු උණා කියල මෙතන වැඩ පරක්කු උණේ නැහැ නෙ... හිටහං මං මැනේජර්කාරයගෙං අහන්න..." කියල කියන ගමන් ම අම්පිටිය අයියා දොරගාවට යන්න හැදුවා. මම එයාව අල්ලගෙන ''නෑ නෑ... ඔ්න්නෑ අයියෙ... මං හින්ද ඔයැයි ලෙඩක් දාගන්න ඔ්න්නැ නෙ... අපි ඔ්ක අතෑරල දාමු. දවසයි නෙ..."


අම්පිටිය අයියා මොනවත්ම නොකියා කෙළින් ම මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා; ඒ ඇස්වල තිබුණෙ ගිනි පුළිඟු විසිවෙන ගතියක්. මෙච්චර දවසකට මම අම්පිටිය අයියගෙ එහෙම හැසිරීමක් දැක්කෙ ම නෑ.

''අතැරල දාන්ඩ පුළුහං උඹ පරක්කු උණ එකෙන් මෙවුන්ට පාඩුවක් උණා නං. අනිත්තෙක බං උඹට හම්බෙන්නෙ ඔය හිඟන පඩිය විතරයි. වේටර්ලට නං ටිප් එකක්කත් හම්බෙනවා. එහෙව් එකේ පැය කාලක් පරක්කු උණ එකට දවසක පඩි කපනව කියන්නෙ..."

අම්පිටිය අයිය කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒත් මේ වෙලාවෙ එයා මේ ගැන අහන්න ගියොත් ඒක මටයි එයාටයි දෙන්නට ම හොඳ නෑ. ඒ නිසා මම අම්පිටිය අයියට ඇත්ත තත්ත්වෙ පැහැදිලි කරා.

''මොන රෙද්දද්ද බං... මේ මගුල නැති වුණා කියල අපිට රස්සා නැති වෙනව ද බං... ඔය කොළඹ ඔ්න තරං හොටල තියෙන්නෙ. උඹට මොනව හරි කිව්වොත් උඹත් යමං මාත්තෙක්ක."

අම්පිටිය අයිය එහෙම කිව්වට මේ රස්සාව හොයාගන්නත් මමයි සුසන්තයි මොන තරම් දුකක් වින්ද ද... ඒ නිසා ආයෙ රස්සාවල් හොයන්න මහන්සි වෙන්න බෑ. අනික අම්පිටිය අයිය මෙහේ පරණ එක්කෙනෙක්. මම නිසා එයාගෙ රස්සාව නැති කරන එක හරිම අසාධාරණයි නෙ.

 

19593417267dbe424ca7c37262ccdad5

''මං කියන දේ අහන්නකො අයියෙ... අපි ඔ්ක අතැරල දාමු... ආයි වංගියක් එහෙම දෙයක් උනොත් බලමු. දැං මං කියන දේ අහල ඔයැයි සද්ද නැතුව ඉන්නකො..."

ඒ වතාවෙ නං අම්පිටිය අයියා ටිකක් නිවුණා.

''මං හූන කිව්ව වගේ කියන්නං... එදා අරූ මෙතෙන්ට ඇවිත් බලල ගියා; ඊට පස්සෙ කැෂියර් එක ගාවදි උඹෙන් ඇහුවනෙ... ඌ තමයි ගින්න දෙන්ඩැත්තෙ..."

''අයිය කියන්නෙ ගුණපාල ද...?"

''ඔවු... ඔය පකය තමයි කියන්නැත්තෙ... ඌට ඔ්න්නැති රෙද්දක් නෑ... හරි හරි... අපි බලමුකෝ... උඹ එහෙනං ඔය වැඩ ටි කරගනිංකො... මං යනෝ..."

''ඇයි... ආයි වැඩ නෑ..."

මං එහෙම ඇහුවෙ අම්පිටිය අයිය වැඩට ආවෙ අද උදේ  අටට නිසා. ඒ කිව්වෙ එයාගෙ ඔ්ෆ් එක උදෙන් ම ගත්තු නිසා.

''හරි හරි... ඒක මං බලාගන්නං... උඹ වැඩ ටික කරගනිංකො...," කියාගෙන අම්පිටිය අයිය පහළට ගියේ උඩ තට්ටුවට යන්න බලාගෙන.

*          *          * 

a62e28047296ba17a849b60b7a6e5fc7

සතියක් දෙකක් ගෙවිල ගියේ අපි හැමෝ ම නොදැනුවත්ව වගේ. ඒ සති දෙක ඇතුළත දවස් තුනක් විතර සුසන්ත මාව බලන්න ඇවිත් ගියා. මට සුසන්තත් එක්ක පැය කිහිපයක් හරි තනි වෙන්න වුවමනා වුනත් සති දෙකකට විතර කලින් ඇතිවුණ ප්‍රශ්නය නිසා ඒ හැඟීම් යටපත් කරගත්තා. මොකද තවත් දවසක් එදා සිද්ධ වුණා වගේ ම මම පරක්කු වෙලා එන වෙලාවක ගුණපාල හිටියොත්: හිටියොත් නෙවෙයි... ඉන්නව ම තමයි. එහෙම වුනොත් ආයෙත් ප්‍රශ්නයක් ඇති වෙනවා.


අම්පිටිය අයියා හවස පැන්ට්‍රියට ඇතුළු වුණේ ම ''අන්න උඹට මැනේජර්කාරය එන්ඩ කිව්වා," කියාගෙන.

''අර මක්කටෙයි... ආයි ලෙඩක් ද...?''

මම දන්න තරමට පසු ගිය සති දෙකේ එහෙම අඩුපාඩුවක් වුණේ නැති නිසයි ඒ වචන මගේ කටින් පිට වුණේ.

''දන්නෑ බං.... මට කිව්වෙ එන්ඩ කියන්ඩ විතරයි. කන්ඩ කලිං හරි කාල ඉවර වෙලා හරි ගිහිං බලහංකො."

අම්පිටිය අයියා එහෙම කියන අතරතුර ම දවල් කෑමට බත් බෙදාගෙන පුටුවක් පැත්තකට ඇදල තියාගෙන වාඩි වුණා. කැම කන්න පටන්ගත්තු නිසා මොනවත් අහන්නත් බෑ. මොකද එදා සිද්ධියෙන් පස්සෙ අම්පිටිය අයිය මැනේජර් එක්කයි මුදලාලිගෙ මස්සිනා ගුණපාල එක්කයි ඉන්නෙ තරහින්. ඒ දෙන්න ගැන මතක් කරපු ගමන් සුද්ධ සිංහලෙන් තමයි කතා කරන්නෙ.

බත් කාල ඉවර වුණ අම්පිටිය අයියා ''උඹ කාල යනව ද ගිහිං ඇවිත් කනව ද...?" කියල ඇහුවට වැඩ අස්සෙ දැන් ටිකකට කලින් අම්පිටිය අයිය කියපු දේ මට අමතක වෙලයි තිබුණෙ.

 

http://csaimages.com/images/istockprofile/csa_vector_dsp.jpg

''නෑ නෑ... මං බත් ඩිංගක් බෙදල තියල ගිහිං නාගන්නං... ඒකල්ල ඇවිදිං කන්නං."

''අනේ ගොං වාහෙ... මං ඇහුවෙ උඹ මැනේජර්කාරය හම්බ වෙලා ඇවිත් කනව ද, කාල යනව ද කියල."

''හැබෑව නේන්නං... මට ඔයැයි කියපු දේ නිච්චියක් නැතුව ගියා නෙව... හරි හරි... මං ඒකටත් ගිහිල්ල ම එන්නංකො...''

මැනේජර් මහත්මයා

''එනව එනව... දොර ඇරල තියෙන්නෙ..."

මම දෙවතාවක් දොරට තට්ටු කරද්දි වීදුරුවත් විනිවිදගෙන ආපු මැනේජර්ගේ කටහඬ මගේ කනේ වැදුණා. එයා මට කතා කරාට පුරුදු පරිදි ම ඔළුව මේසය දිහාට පහත් කරගෙන ඇස් දෙක පොතක ඔබාගෙන තමයි හිටියෙ.

manager 250405

''මං මෙහෙම කිව්වට මොනවත් හිතන්ඩ එපා. ඒ වගේ ම මේ ගැන කාටවත් කියන්ඩ ඔ්නෙත් නෑ."

මැනේජර් තවමත් ඔළුව ඉස්සුවෙ නෑ. ඒත් කියන්න වුමනා වචන ටික හරියට ගළපලා කියාගෙන යනවා.

''මක්ක ගැනෙයි මහත්තයො මේ කියන්නෙ...?"


මම එහෙම ඇහුවෙ ඇත්තට ම මට මේ සිද්ධියෙ අගක් මුලක් නොතේරෙන නිසා.

''මං දන්නව... තමුසෙගෙ දවසක පඩි කැපුව කියල තමුසෙ අම්පිටියට කිව්වෙ ඔ්නකමින් ම නෙවෙයි කියල; ඒ වගේ ම මං තමුසෙගෙ දවසක පඩි කැපුවෙත් මගේ වුවමනාවට නෙවෙයි."

ඒ වචන ටික කියල ඉවර වෙද්දි නම් මැනේජර් පෑන පැත්තකින් තියල, ඔළුව උස්සලා මගේ දිහා බැලුවා. මම ඒ එක්ක ම යමක් කියන් උත්සාහ කරා නමුත්...

''නෑ නෑ... මං ඒක දන්නව... වාඩිවෙනවකො පොඩ්ඩක්...,'' කියපු මැනේජර් මගේ ළඟ ම තිබුණ පුටුව පෙන්නුවා. ඒවුනාට මට වාඩි වෙන්න හිත දුන්නෙ නෑ.

''න්... නෑ නෑ... කමක් නෑ මහත්තයො... මං මේ කියන්න හැදුවෙ..."

''හරි හරි...තමුසෙ කියන්න ආපු දේත් කියනවා. ඊට කලිං මං කියන දේ අහගන්නවකො."

'ඇත්ත තමයි... මෙයැයි නෙ මට එන්න කිව්වෙ... ඉස්සෙල්ල ඉතිං මෙයැයි කියන දෙයක් අහගන්නෙපයි...'

එහෙම හිතපු මම වාඩිවුණා.

''මෙහෙමයි... තමුසෙගෙ දවසක පඩිය කැපුවෙ මගේ ඔ්නකමකට නෙවෙයි. මිස්ටර් ගුණපාල තමයි මට ඇවිත් කිව්වෙ තමුසෙ ඔ්ෆ් වෙලා ආපහු වැඩට ආවෙ පැය කාලක් පරක්කු වෙලා කියල. මං ඒත් කිව්ව තමුසෙ පැය කාලක් පරක්කු උනාට පැන්ට්‍රියෙ අඩුපාඩුවක් වෙන්නෙ නෑ; ඒව ඔක්කොම අමිපිටිය බලාගන්ඩවයි කියල. කෝ... මිස්ට ගුණපාල ඇහුවෙ නෑනෙ. නෑ නැ දවසක පඩි කපන්ඩ ම කියල කිව්ව. මට ඉතිං මිස්ට ගුණපාලට උඩිං යන්ඩ බැහැනෙ. එහෙම උණානං ඒයා මගෙත් එක්ක වෛර බඳිනවා. ඔනෙනං මට 'හරි හරි මං මිනිහගෙ එක දවසක පඩිය කපන්නං' කියල නොකප ඉන්න තිබුණ. නමුත් හදිසියෙවත් පඩි පොත චෙක් කරොත් මං අමාරුවෙ නෙ... ඒ හිංද ඒක එච්චර මායිං කරන්ඩෙපා. මිස්ට ගුණපාලත් එක්ක වැඩ කරද්දි හරි පරිස්සමට වැඩ කරන්ඩ ඔ්න... තේරුණයි... හම්ම්ම්... දැං යනව... මේ ඔ්‌ෆ් වෙලාව නෙ...." කියපු මැනේජර් ආයෙ කිසි ගානක් නැතුව පෑන අතට අරගෙන ඔළුව පහත් කරගත්තා. ඒත් මටත් යමක් කියන්න තියෙනව නෙ... මම ඒ ගැන කියන්න හදනකොට ම මැනේජර් පුරුදු පරිදි ඇස් දෙක පොත ඇතුළට ඔබාගෙන ම මෙහෙම කිව්වා.

manager and em speech
''හරි හරි... මං දන්නව... තමුසෙ ඒක අම්පිටියට කිව්වෙ හිතාමතා නෙවෙයි කියල... හම් හම්ම්ම්... ගිහිං කාල විවේක ගන්නවකො..."

මැනේජර් මහත්තයා එහෙම කිව්වට පස්සෙ ඉතිං මම ආයෙ වතාවක් මොනව කරන්න ද... මම ''එහෙනං මං යන්නං මහත්තයො,'' කියාගෙන ආපහු ආවා.

'දැන් කතාව තියෙන්නෙ අම්පිටිය අයියත් එක්ක...'

සතියකින් හමුවෙමු...

Jayasiri Alawattha(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2025/ 08/ 16


ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්  

 

whatsapp 202507155

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්