කොරෝනා ගැන යලිත් කතා කළ යුතුව ඇත.
හේතුව කොරෝනා ගැන දේශපාලකයන් කතා කරන නිසා ය.
 
අලුතෙන් ම කතා කළේ යහපාලන ආණ්ඩුව කාලේ යහපාලනේ මුර දේවතාවුන් ලෙස පෙනී සිටි මහින්ද අමරවීර ය.
 
ඔහු ප්‍රකාශ කර සිටියේ කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීම ගැන රජය සලකා බලමින් සිටින බවයි.
 
ඔහුගේ ප්‍රකාශයේ වරදක් නැත.
 
වරද, බානෙන් බැඳිය යුතු එවුන් පාර්ලිමේන්තුවට එවූ මීහරක් අතේ ය.
 
මේ රටේ කොරෝනා මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී.
 
මේ මොහොතේ කල්පනා කළ යුතු වන්නේ ‍රටක් වශයෙන් මෙම ගෝලීය ව්‍යසනයෙන් ගොඩ එන ආකාරය ගැන ය.
 
එහෙත් දේශපාලකයන් සිතමින් සිටිනුයේ කොරෝනා අර්බූදයේ දී පවා ඡන්ද පදනම් ශක්තිමත් කරගන්නේ කෙසේද යනුවෙනි.
 
ආණ්ඩුව ත් සිතන්නේ එසේය.
 
පුතානෝ ගේ විපක්ෂය සිතන්නේ ත් එසේය.
 
මුස්ලිම් ජාතිකයන් සිතමින් සිටිනුයේ කොරෝනාවෙන් ගැලවෙන අයුරු නොව කොරෝනාවෙන් මළාට පසු වැළලෙන ආකාරය ගැන ය.
 
2020 පැතූ වෙනස මෙයද?
 
සිරා - රනිල් ජෝඩුව හිටියත් වෙන්නේ මේ ටික ය.
 
පුතානෝ ආවා නම් වෙන්නේත් මේ ටික ය.
 
මේ ආණ්ඩුව බලයට පත් කරන්නට බහුතරයක් සිංහල ජනයා ඡන්දය පාවිච්චි කළහ.
 
කොරෝනාවෙන් මියගිය පසු බෞද්ධ වතාවත් අනුව අවසන් කටයුතු පවත්වන්නට හෝ 
දින 2-3 ක් තිස්සේ බොඩිය ගෙදර තියාගන්නට හෝ ඔවුන් ඉල්ලා සිටියේ නැත.
 
රජයේ තීරණයකට හිස නැමූහ.
 
මෙරට දමිළ ජනතාවගේ ජන්ද බහුතරයක් වැටුනේ විපක්ෂ අපේක්ෂකයාට ය.
 
එහෙත් කොරෝනා උවදුර හමුවේ ඔවුහු දේශපාලනය පසෙකට ලා රජයේ තීන්දු තීරණවලට අවනත වූහ.
 
සෙසු ජාතිකයන් ද එලෙසින්ම කටයුතු කළහ.
 
රජයක් ලෙස කෙලින් සිටගත යුතු අවස්ථාවේ කෙලින් සිටගත යුතුය.
 
එක ජාතිකයක් වෙනුවෙන් නීතිය නවන්නට ගියහොත් සිදුවන්නේ මහත් ව්‍යසනයකි.
 
එවිට සිදුවන්නේ ජාතීන් වශයෙන් එකමුතු විය යුතු මොහොතක රජයේ අනුග්‍රහයෙන් ජාතීන් වශයෙන් බේදභින්න වී යෑම ය.
 
මහාචාර්ය මෙත්තිකා විදානගේ පැවසූ වැදගත් කරුණු කිහිපයක් යලිත් උපුටා දක්වමු.
 
මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් අපේ අනාගත පරම්පරාවේ ආරක්ෂාව බිලිදෙනවාද
කියා අප තීරණය කල යුතු බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විදානගේ කියා සිටියාය.
 
ඒ යූටියුබ් චැනලයක් සමග පැවැති සාකච්ඡාවකදී ය.
 
කොවිඩ් 19 ආසාදිත දේහයන් භූමදානය කිරීම පිලිබදව සොයා බලන ඇගයුම් කමිටුවේ සාමාජිකාවක් වන ඇය පවසන්නේ, කොවිඩ් 19 ආසාදිත දේහයන් භූමදානය කිරීම වැරදි කටයුත්තක් බවයි.
 
මේවා තේරෙන දේශපාලකයෙක් රටේ ඇතැයි අපි විශ්වාස කරමු.
 
මේ මොහොතේදී ත් කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් වළලන ආකාරය ගැන සිතමින් සිටින දේශපාලකයන් ට වෙනත් සිතන්නට දෙයක් ඇත්තේම නැත්නම් පහත කරුණු පිළිබදව සිතිය හැකිය.
 
# බොහෝ ජනයාගේ ජීවනෝපායන් බිඳ වැටී ගොසිනි.
 
# සර්ජිකල් මාස්ක් එකකට වැයවෙන රුපියල් 20 ත් ඔවුන්ට අමතර වියදමකි.
 
# නැති බැරිකම නිසාම වරක් භාවිතා කළ පසු විසි කළ යුතු සර්ජිකල් මාස්ක් සෝදා නැවත පාවිච්චි කරන ජනතාවක් මේ රටේ සිටින බව ඔය දේශපාලකයන් කී දෙනෙකු දන්නවාද ?
 
# ඔවුන් කුඩ ඉල්ලා සිටියේ නැත.
 
# ටෝච් ඉල්ලා සිටියේත් නැත.
 
# පසුගිය මාස 6 ට තමන් සන්තකයේ තිබූ කණකර උගස් කර මේ රටේ ජනතාව බිලිය 643 කට අධික ණය ලබාගෙන තිබුණි.FB Post 12
 
# වළලන්න ඉඩම් හොයන දේශපාලකයන්ට ජීවත්වෙන මේ මිනිසුන් වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද ?
 
# තම කණකර භාණ්ඩ බැංකුවලට සින්නවෙන මොහොතේ පවා මියගිය මුස්ලිම් ජාතිකයකුගේ බොඩියකට ලැබෙන තරමේ වටිනාකමක් වත් ඔවුන්ට නොලැබෙනු ඇත.
 
# මේ ජනතාව ලක්ෂ්මන් කිරිඇල්ල මෙන් මාසෙකට ලක්ෂ 2 ක් මදි කියා දීමනා වැඩිකරන මෙන් ඉල්ලා සිටියේ නැත.
 
 
ඒ වෙනුවට මේ රටේ බහුතර ජනතාව තම වටිනා ඡන්දය දේශපාලකයන්ට ලබා දී කට වහගෙන ජීවත් වූහ.
 
1948 සිට 2020 දක්වා සිදුවූයේ මෙයයි.
 
2020 න් පසුව වෙනස් වේ යැයි සිතුවේත් මෙයයි.
 
මෙහිදී මුස්ලිම් ජාතිකයන්ට කතා කිරීමෙන් පළක් නැත. 
 
මන්ද ‍යත් ශ්‍රී ලංකාව පාකිස්තානය සමග ක්‍රිකට් ගසන විට පාකිස්තානු ධජය ලෙල දෙවමින් හුරේ දාන ජාතියකට මවිබිම ගැන හැඟීමක් තිබේයැයි විශ්වාස කළ නොහැකි බැවිනි.
 
මහ ජාතියේ ඡන්දය ගෙන සුළු ජාතිය පිනවන වැරැදි ක්‍රමය වෙනුවට සියලු ජාතීන් ට සාධාරණය ඉටුවන රටක් බිහිකර ගත හැකිනම් එය කොරෝනා අර්බූදය ජයග්‍රහණය කරනවාටත් වඩා වැඩි දෙයකි.
 
මේ වරද නිවැරැදි කිරීමට හෝ නැවත වැරදී පාරේම ගමන් කිරීමට හෝ 2020 දී 20 න් ගෝඨාභය මහතාට බලය ලබා දී ඇති බව පමණක් දැනට සඳහන් කරමු.
 
 
(ඇටමැස්සා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්