[අධිකරණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති විග්‍රහය]
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පූර්ණ බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවටය. එහෙත්, ඊයේ (06) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ 'ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්' නඩුව විභාගයට ගත් අවස්ථාවේදී හෙළිදරව් වූ කරුණු, එකී ව්‍යවස්ථාමය බලය සහ නිලධාරිවාදී "වගකීම" (Accountability) අතර පවතින බරපතල විෂමතාවය මැනවින් පෙන්නුම් කරයි.
විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්. එම්. පී. රත්නායක මහතාගේ සාක්ෂිය හරහා ගම්‍ය වන පරිදි, ජාත්‍යන්තර ණය ගිවිසුම්වල අඩංගු "වගකීම් විරහිත කොන්දේසි" (Exclusion Clauses) පිළිබඳව තීරණාත්මක නිලධාරීන් තුළ පවතින අනවබෝධය, හුදු පරිපාලන දුර්වලතාවයකට එහා ගිය නෛතික අර්බුදයකි.
'පොදු භාරය' (Public Trust) උල්ලංඝනය වීම:
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණාත්මක නඩු තීන්දු ගණනාවකදී (උදා: බුලන්කුලම එදිරිව කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය - එප්පාවල නඩුව) තහවුරු කර ඇති "පොදු භාර සිද්ධාන්තය" (Doctrine of Public Trust) අනුව, රාජ්‍ය නිලධාරීන් සතු බලය ඔවුන් විසින් දරනු ලබන්නේ මහජනතාව වෙනුවෙන් වූ භාරයක් වශයෙනි.
කෙසේ වෙතත්, ඊයේ අධිකරණයේදී සාක්ෂිකරු පිළිගත් පරිදි, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වීමේදී;
1. අන්තර්ජාතික පිළිගැනීමක් (Accreditation) නොමැති වුවද ඉන්දියානු ඖෂධ මිලදී ගත යුතු වීම, සහ
2. එම ඖෂධවලින් යම් හානියක් සිදුවුවහොත් ලංකාවේ හෝ ඉන්දියාවේ අධිකරණයක නඩු පැවරීමේ අයිතිය අහිමි කිරීම (Waiver of Sovereign Immunity / Legal Recourse),
යන අතිශය අවාසිදායක කොන්දේසි අදාළ ගිවිසුමේ අඩංගු බව තමා "නොදන්නා" බව ප්‍රකාශ කිරීම බරපතල තත්ත්වයකි.

ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අදාළ මාර්ගෝපදේශ සැකසූ කමිටුවේ ප්‍රධානියා ලෙස, "ගිවිසුම සම්පූර්ණයෙන්ම කියෙව්වේදැයි මතක නැත" යනුවෙන් පැවසීම, පරිපාලන නීතියේ අපේක්ෂිත "විධිමත් සැලකිල්ල" (Due Diligence) බිඳ වැටීමක් ලෙස අර්ථ දැක්විය හැකිය.
ගිවිසුම් නීතිය සහ "අදෘශ්‍යමාන" කොන්දේසි :
ගිවිසුම් නීතියේ (Law of Contract) මූලික සිද්ධාන්තයක් වන්නේ "අදහස්වල එකඟතාවය" (Consensus ad idem) යි. රාජ්‍යයක් වෙනුවෙන් ගිවිසුමකට එළැඹෙන නිලධාරියෙකු එහි කොන්දේසි නොදැන සිටීම හෝ අමතක වීම මගින් පෙන්වා දෙන්නේ, අදාළ ගිවිසුම්ගත වීම තුළ ශ්‍රී ලංකා පාර්ශ්වයේ සැබෑ නෛතික ධාරිතාවය සහ අභිප්‍රාය (Intention) පිළිබඳ ගැටලුවකි.

විත්තියේ නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා මතු කළ තර්කය වූයේ, ගිවිසුම කියවා හෝ නැතිනම් එහි අඩංගු භයානක කොන්දේසි (Toxic Clauses) නොදැන මාර්ගෝපදේශ සකස් කළේ කෙසේද යන්නයි. මෙහිදී මතු වන නීතිමය ගැටලුව වන්නේ, රටේ පුරවැසියෙකුට අධිකරණයට ප්‍රවේශ වීමට ඇති අයිතිය (Access to Justice - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය හා බැඳුණු අයිතියක්) සීමා කරන කොන්දේසියක් විදේශීය ගිවිසුමක් හරහා පැනවීමට විධායක නිලධාරීන්ට බලයක් තිබේද යන්නයි.
විත්තියේ නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ;
ඉන්දියාව හා ලංකාව අතර අත්සන් කළ ගිවිසුම ඔබ හරියට දැක නැති බවත් ගිවිසුමේ පිටපතක් ඔබ දැක නැති බවත් ඔබ කීවා.
සාක්ෂිකරු ;
ඉන්දියාව හා ශ්‍රී ලංකා රජය අතර එකී ගිවිසුම අත්සන් කළ කාලය මතක නෑ.
නීතිඥ හරේන්ද්‍ර බානගල ;
මතක නැතිද ඒ පිළිබඳ දැනීමක් නැද්ද ? මතක නෑ කියන්නේ ඒ ගිවිසුම ගැන ඔබ දන්නේ නෑ කියන එකද ? ඔබනේ එකී ගිවිසුම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මාර්ගෝපදේශ හැදූ කමිටුවේ ප්‍රධානියා. මාර්ගෝපදේශ හදන්න පාදක කරගත් ඒ අදෘශ්‍යමාන ගිවිසුම ගැන ඔබ දන්නේ නෑ කියලද කියන්නේ. ඒක දැකලා නෑ කියලද ඔබ කියන්නේ ? ඔබ කලින් කීවා ඉන්දියානු ණය ගිවිසුම හදන්න ඔබ ප්‍රමුඛ කමිටුව දායකත්වය දැක්වූවා කියලා. දැන් කියනවා ඒ සඳහා සක්‍රීය දායකත්වයක් දැක්වූයේ නෑ කියලා. මම ඔබට යෝජනා කරනවා ඔබ ඒ ගිවිසුම දැකලාවත් නෑ කියලා.
සාක්ෂිකරු ;
සම්පූර්ණයෙන්ම ගිවිසුම පරිශීලනය කලාද මතක නෑ. ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය කොන්දේසි වලට මා අත්සන් කළා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවට.

නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ;
ඔබ නඩුවකට සාක්ෂි දෙන්න අධිකරණයකට ආව පළමු අවස්ථාව මේක කියලා ඔබ කීවා. මේ නඩුවට සාක්ෂි දෙන්න කැඳවන්නේ කුමන කරුණක් ගැන කියලා ඔබට දළ වශයෙන් හෝ දැනුමක් තිබුණාද ?
සාක්ෂිකරු ;
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය භාවිත කරමින් දේශීය වශයෙන් මිලදී ගත් එන්නත් පිළිබඳව ගැටලුවක් කියලා දැනගෙන හිටියා. මට දන්වා තිබුණේ ලිපි කීපයක් ගැන සාක්ෂි දෙන්න එන්න කියලයි.
විධායකයේ බලපෑම සහ නෛතික ආවරණය:

සාක්ෂි විභාගයේදී හෙළි වූ තවත් වැදගත් පැතිකඩක් වන්නේ විධායකයේ මැදිහත් වීමයි. එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත, ඩොලර් අර්බුදය හමුවේ මෙම මුදල් කඩිනමින් වැය කිරීමට සිදු වූ බව සාක්ෂිකරු සඳහන් කළේය. "රාජ්‍ය ප්‍රතිපත්ති" (Public Policy) ක්‍රියාත්මක කිරීමේදී හදිසි අවස්ථාවන් (Emergency Situations) පැන නැගුනද, එය රටේ මූල්‍ය නීති රෙගුලාසි (Financial Regulations - AR/FR) හෝ පුරවැසියාගේ ආරක්ෂාව උල්ලංඝනය කිරීමට බලපත්‍රයක් නොවේ.
විත්තියේ නීතිඥ ;
ඔබ සාක්ෂි දෙමින් කීවා රාජ්‍ය ඖෂධ සංස්ථාවට වෙන්කළ මුදලින් අඩක්වත් නිසි ලෙස වැයකර නොතිබීම නිසා ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසට ඔබ ඖෂධ සැපයුම් අනුකමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ වෛද්‍ය චන්ද්‍රාණී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පාර්ශ්ව වලට ලිපියක් මගින් දැනුවත් කළා කියලා. ඇයි එවැනි පියවරක් ගත්තේ ?
සාක්ෂිකරු ;
“මෙම ණය මුදල එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් මගින් අනුමත කරගෙන රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කළ ඉල්ලීමක් අනුව ගිවිසුම් ගතව ලබා ගැනීමට පියවර ගත් මුදලක්. නිසි කාලය තුළදී එය ලබාගෙන ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමයි අපේ අපේක්ෂාව වුණේ. ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සමග මුදල් අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී රනිල් වික්‍රමසිංහ මහතා දෝශා රෝපණයට ලක්කලා රාජ්‍ය බලධාරීන් එකී මුදලින් උපරිම ප්‍රයෝජන ගැනීමට නිසි පියවර ගැනීමට අසමත් වීම හා ප්‍රමාදය ගැන. එනිසයි මම එවැනි ලිපියක් ඖෂධ අනුකමිටුව ඇතුළු සෙසු අනුකමිටු සභාපතිවරුන් වෙත යොමු කළේය. පුද්ගලික අංශයට වෙන්කළ මුදලින් සියයට අනූ නමයක් ඔවුන් ඒ වන විට වැය කර තිබූ නිසා රාජ්‍ය අංශයට හෝ වෙනත් අංශයකට නොදී තිබූ තවත් ඇමරිකානු ඩොලර් 35ක මුදලක් පෞද්ගලික අංශයට ලබා දීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා”.

කැබිනට් සංදේශයක් (Cabinet Memorandum) මගින් අනුමැතිය ලැබුණද, එය ක්‍රියාත්මක කරන නිලධාරීන් (Accounting Officers) අදාළ ක්‍රියාවලියේ නෛතික හා මූල්‍යමය අවදානම (Risk Assessment) පිළිබඳව වගකිව යුතුය. රාජ්‍ය ඖෂධ සංස්ථාවට වෙන් කළ මුදලින් 27% ක් පමණක් වැය කිරීම තුළින් පෙන්නුම් කරන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවය වුවද, ඊට හේතුව ඉහත කී "නුසුදුසු කොන්දේසි" නිසා ඇති වූ බියද යන්න විමර්ශනය කළ යුතුය.
නිගමනය: පද්ධතිමය ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව
මෙම නඩුව හුදෙක් එක් දූෂිත ගනුදෙනුවක් පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. මෙය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය ගිවිසුම් වලට එළැඹීමේදී අනුගමනය කරන ලිහිල් ප්‍රතිපත්තිය (Lax Policy) සහ එම ගිවිසුම් අධීක්ෂණය කිරීමේදී භාණ්ඩාගාරය සතු වගකීම පැහැර හැරීම පිළිබඳ නිදසුනකි.
අවසානයේදී, නීතිමය රැකවරණයක් නොමැතිව, ප්‍රමිතියෙන් තොර ඖෂධ ශරීරගත කරගන්නා රෝගීන්ගේ ජීවිතවලට වගකිව යුත්තේ කවුරුන්ද? එමෙන්ම, එම "වස" සඳහා පොලී සමග ණය ගෙවන බදු ගෙවන්නාට වගකිව යුත්තේ කවුරුන්ද?
අධිකරණය ඉදිරියේ ඇත්තේ විත්තිකරුවන් පිරිසකගේ ඉරණම විසඳීම පමණක් වුවද, සමාජයක් ලෙස අප ඉදිරියේ ඇත්තේ "රාජ්‍ය මූල්‍ය ස්වෛරීභාවය" (Fiscal Sovereignty) සහ නිලධාරීන්ගේ "වෘත්තීය වගවීම" (Professional Liability) පිළිබඳ බරපතල විවාදයකි.
(මෙම ලිපිය අධිකරණ වාර්තාකරණය ඇසුරින් සකසන ලද විග්‍රහයක් වන අතර, අධිකරණයේ ස්වාධීනත්වයට හෝ විත්තිකරුවන්ගේ අයිතිවාසිකම්වලට පූර්වගාමී බලපෑමක් නොකරයි. නඩුව තවදුරටත් විභාග වෙමින් පවතී.)
නඩු වාර්තාව
06/02/2026
අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් නැතත් ඖෂධවේදය යටතේ ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන ඖෂධද ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන මුදලින් ඖෂධ මිලදී ගැනීමේදී ලබාගත යුතු බවට කොන්දේසියක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් ගිවිසුමේ අඩංගු බව තමා නොදන්නේ යැයි මුදල් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්. එම්. පී. රත්නායක මහතා ඊයේ (6) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී විත්තියේ නීතිඥවරයෙකු නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.

පෙර කී ණය යෝජනා ක්‍රමය යටතේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන යම් ඖෂධයක් භාවිතා කිරීමෙන් යම් සංකූලතාවයක් ඇති වුවත් එයට එරෙහිව අප රටේ දී හෝ ඉන්දියාවේ දී හෝ නීතිමය පියවර ගැනීමත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බවට කොන්දේසියක් ඇතැයි තමා නොදන්නා බවද පළමු වන විත්තිකාර හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බාණගල මහතා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම සාක්ෂිකරු පැවසීය.
කෙසේ නමුත් තමා එකී ගිවිසුම සම්පූර්ණයෙන්ම කියවා බැලුවේදැයි මතකයක් නොමැති බවත් එය තමා සන්තකයේ නොමැති බවත් විත්තිය නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසූ එම සාක්ෂිකරු එකී ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරනු ලැබූ යම් දෙයක් සම්බන්ධයෙන් යම් කිසි ගැටළු සහගත තත්ත්වයක් මතුවුවහොත් බේරුම් කරන මණ්ඩලයක් මගින් එය නිරාකරණය කරගත යුතු බවද කොන්දේසියක් ඇතුලත් බවට මතකයක් ඇතැයි ද පැවසීය.
මේ එකල පැවති ඩොලර් සංචිත හිඟයට හා විදේශ විනිමය අවම වීම යනාදී ගැටලු නිසා එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමක් අනුව ඉන්දියානු රජය එකී ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදල ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වී තිබූ බවත්, ණයක් මිස ආධාරයක් නොවන එය වසර හතරකට පසුව මුදල පොලිය සමඟම යළි ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු වන්නේ යයි ද පැවසීය.
එම නඩුවේ 182 වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ රත්නායක මුදියන්සේලාගේ ප්‍රියන්ත රත්නායක මහතා පෙරවරු 9.30 ට පමණ විවෘත අධිකරණය හමුවට පැමිණියේය. අධිකරණ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මහාධිකරණයේ ලේඛකාධිකාරිවරිය විසින් විවෘත අධිකරණය හමුවේදී විත්තිකරුවන්ගේ නම් අඩ ගසනු ලැබුවාය. මේ වන විට විදේශගත වී සිටීම නිසා නමවන විත්තිකරු නොමැතිව නඩු විභාගය පැවැත්වෙන අතර සෙසු විත්තිකරුවන් එකොළොස් දෙනා විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එවකට එනම් ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි සැපයීමේ සිද්ධිය වන විට මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස කටයුතු කර මේ වන විට විශ්‍රාම ලබා සිටින එම සාක්ෂිකරු 2022.08.18 , 2022.09.02 හා 2022.12.19, 2022.04.07 සහ 2022.04.19 දිනැති ලිපි ඉදිරිපත් කර සාක්ෂි ලබාදීමට සිතාසි නිකුත් කර අධිකරණය හමුවට කැඳවා තිබිණි.
එම සාක්ෂිකරු පෙර සඳහන් කළ ලිපි ඉදිරිපත් කරමින් රජයේ අධිනීතීඥ කලන කොතලාවල , රජයේ අධිනීතීඥ ලිෂාන් රත්නායක යන මහත්වරුන් ඇතුළු රජයේ අධිනීතීඥ මණ්ඩලයක් සමග පෙනී සිටිමින් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන්නාය. නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය එම සාක්ෂිකරු මාර්ගයෙන් පෙර කී ලිපි මෙන්ම ඒවායේ අඩංගු සටහන් ද පැමිණිල්ලේ සාක්‍ෂි ලේඛන ලෙස අධිකරණය හමුවේ ලකුණු කිරීමට පියවර ගත්තාය.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය පෙරවරු 11.28ට පැමිණිල්ලේ මූලික සාක්‍ෂි මෙහෙයවීම අවසන් කිරීමෙන් අනතුරුව අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

ජනාධිපති නීතිඥවරයා ; 2024.03.16 වන විට එකී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදීමට ගිවිසුම් ගත ඇමරිකානු ඩොලර් 1000ක මුදලින් කොපමණ මුදලක් අදාළ ක්‍රියාවලිය සඳහා යොදාගෙන තිබුණාද ?
සාක්ෂිකරු ; එම මුදලින් සියයට පනහක් පමණ.
විත්තියේ නීතිඥ ; පුද්ගලික අංශය ඔවුනට වෙන්කළ මුදලින් සියයට සියයක්ම එකී කටයුතු සඳහා යොදවා තිබියදීත් රාජ්‍ය ඖෂධ සංස්ථාව වැය කර තිබුනේ ඔවුනට වෙන් වෙන්කළ ඇමරිකානු ඩොලර් 115කට ආසන්න මුදලින් සියයට විසි හතක පමණ ප්‍රමාණයක් කියලයි ඔබ සාක්ෂි දුන්නේ.
සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී
විත්තියේ නීතිඥ ; ඔබ සාක්ෂි දෙමින් කීවා රාජ්‍ය ඖෂධ සංස්ථාවට වෙන්කළ මුදලින් අඩක්වත් නිසි ලෙස වැයකර නොතිබීම නිසා ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසට ඔබ ඖෂධ සැපයුම් අනුකමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ වෛද්‍ය චන්ද්‍රාණී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පාර්ශ්ව වලට ලිපියක් මගින් දැනුවත් කළා කියලා. ඇයි එවැනි පියවරක් ගත්තේ ?

සාක්ෂිකරු ; මෙම ණය මුදල එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් මගින් අනුමත කරගෙන රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කළ ඉල්ලීමක් අනුව ගිවිසුම් ගතව ලබා ගැනීමට පියවර ගත් මුදලක්. නිසි කාලය තුළදී එය ලබාගෙන ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමයි අපේ අපේක්ෂාව වුණේ. ජනාධිපතිවරයා , සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සමග මුදල් අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී රනිල් වික්‍රමසිංහ මහතා දෝශා රෝපණයට ලක්කලා රාජ්‍ය බලධාරීන් එකී මුදලින් උපරිම ප්‍රයෝජන ගැනීමට නිසි පියවර ගැනීමට අසමත් වීම හා ප්‍රමාදය ගැන. එනිසයි මම එවැනි ලිපියක් ඖෂධ අනුකමිටුව ඇතුළු සෙසු අනුකමිටු සභාපතිවරුන් වෙත යොමු කළේය. පුද්ගලික අංශයට වෙන්කළ මුදලින් සියයට අනූ නමයක් ඔවුන් ඒ වන විට වැය කර තිබූ නිසා රාජ්‍ය අංශයට හෝ වෙනත් අංශයකට නොදී තිබූ තවත් ඇමරිකානු ඩොලර් 35ක මුදලක් පෞද්ගලික අංශයට ලබා දීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා.
දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා ; මම ඔබට යෝජනා කළොත් රජයේ රෝහල් පවත්වාගෙන යාම හා අනෙකුත් සියලුම වෛද්‍ය පහසුකම් රටේ ජනතාවට සපයන්නේ මූල්‍ය ලාභ බලාගෙන නොව නොමිලේමයි කියලා කියලා ඔබ එය පිළිගන්නවාද ?
සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී
නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ; මෙම ණය මුදල පොලිය සමගම ලංකා රජය ඇමරිකානු ඩොලර් වලින් ආපසු ගෙවිය යුතු බවටත් මා ඔබට යෝජනා කරනවා ඒක හරිද ?
සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී. ණය සහන කාලය වසර හතර අවසන් වූ පසු අපේ රජය එම ණය මුදල ගෙවිය යුතුයි. මේ දක්වා ණය මුදල ගෙවීම සිදුකර නැතත් පොලී මුදල් ගෙවීම ආරම්භ කොට ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
විත්තියේ නීතිඥවරයා ; කොහොම ගෙව්වත් ඒවා රජයේ මුදල්. ඒ කියන්නේ රටේ ජනතාවගේ මුදල්. ඔය සමයේ රට තුළ ඩොලරයේ විනිමය අනුපාතය වැඩිවී තිබුණේ, භාණ්ඩවල මිල ගණන් වැඩිවී තිබුණේ, එමෙන්ම රටේ උද්ධමනය වැඩිවී තිබුණේ කිව්වොත් ඔබ පිළිගන්නවාද ?
සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; උද්ධමනය වැඩිවීමේ අගය තීරණය කරන්නේ කොතනින්ද ?
සාක්ෂිකරු ; ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාමීනී.

සභාපති විනිසුරුවරයා ; ඔබ රාජකාරි කළේ මහ බැංකුවේද මුදල් අමාත්‍යාංශයේද ?
සාක්ෂිකරු ; මුදල් අමාත්‍යාංශයේ ස්වාමීනි
නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ; ඔබ එවකට මුදල් අමාත්‍යාංශයේ රාජකාරි කළ ඉහළම නිලධාරියෙක්, අතිරේක ලේකම්වරයෙක්, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඔබ යටතේ නේද විදේශනය සම්පත් දෙපාර්තමේන්තුව තිබුනෙත්. එහෙම නම් ඔබට සම්පත් කළමනාකරණය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන්න ඕනනේ. ඩොලරයේ වටිනාකම කීයද ? ඩොලරය ඉහළ ගියාම භාණ්ඩවල මිල ඉහළ යාම පිළිබඳව ඔබට දැනුමක් තිබිය යුතුයි නේද? ඔබ ගරු අධිකරණය ඇසූ පැනයකට පිළිතුරු දෙමින් කීවා ඔබ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙසත් කටයුතු කළ බව.
සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී
විත්තියේ නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ; ඉන්දියාව හා ලංකාව අතර අත්සන් කළ ගිවිසුම ඔබ හරියට දැක නැති බවත් ගිවිසුමේ පිටපතක් ඔබ දැක නැති බවත් ඔබ කීවා.
සාක්ෂිකරු ; ඉන්දියාව හා ශ්‍රී ලංකා රජය අතර එකී ගිවිසුම අත්සන් කළ කාලය මතක නෑ.
නීතිඥ හරේන්ද්‍ර බානගල ; මතක නැතිද ඒ පිළිබඳ දැනීමක් නැද්ද ? මතක නෑ කියන්නේ ඒ ගිවිසුම ගැන ඔබ දන්නේ නෑ කියන එකද ? ඔබනේ එකී ගිවිසුම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මාර්ගෝපදේශ හැදූ කමිටුවේ ප්‍රධානියා. මාර්ගෝපදේශ හදන්න පාදක කරගත් ඒ අදෘශ්‍යමාන ගිවිසුම ගැන ඔබ දන්නේ නෑ කියලද කියන්නේ. ඒක දැකලා නෑ කියලද ඔබ කියන්නේ ? ඔබ කලින් කීවා ඉන්දියානු ණය ගිවිසුම හදන්න ඔබ ප්‍රමුඛ කමිටුව දායකත්වය දැක්වූවා කියලා. දැන් කියනවා ඒ සඳහා සක්‍රීය දායකත්වයක් දැක්වූයේ නෑ කියලා. මම ඔබට යෝජනා කරනවා ඔබ ඒ ගිවිසුම දැකලාවත් නෑ කියලා.
සාක්ෂිකරු ; සම්පූර්ණයෙන්ම ගිවිසුම පරිශීලනය කලාද මතක නෑ. ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය කොන්දේසි වලට මා අත්සන් කළා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවට.
නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ; ඔබ නඩුවකට සාක්ෂි දෙන්න අධිකරණයකට ආව පළමු අවස්ථාව මේක කියලා ඔබ කීවා. මේ නඩුවට සාක්ෂි දෙන්න කැඳවන්නේ කුමන කරුණක් ගැන කියලා ඔබට දළ වශයෙන් හෝ දැනුමක් තිබුණාද ?

සාක්ෂිකරු ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමය භාවිත කරමින් දේශීය වශයෙන් මිලදී ගත් එන්නත් පිළිබඳව ගැටලුවක් කියලා දැනගෙන හිටියා. මට දන්වා තිබුණේ ලිපි කීපයක් ගැන සාක්ෂි දෙන්න එන්න කියලයි.
හයවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතාද එහිදී එම සාක්ෂිකරුගෙන්, හරස් ප්‍රශ්න ඇසීය.
නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; ඔබ කීවා ඔබ පෙර සඳහන් කළ ඖෂධ අනු කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ වෛද්‍ය චන්ද්‍රාණී වික්‍රමසිංහ මහත්මියට යැව් ලිපියේ පිටපත් සෙසු අනුකමිටු වෙත මෙන්ම ජනාධිපති ලේකම්වරයාටත් යැව්වා කියලා. එකී පිටපතක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතාටත් ඔබ යොමු කලානේ. ඔහුට එම පිටපත යොමු කරන්න විශේෂ හේතුවක් තිබුණාද ?
සාක්ෂිකරු ; එතුමා මම පෙර කිව්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවූ ප්‍රගති සමාලෝචන රැස්වීම සංවිධානය කර තිබුණේ. එහිදී රාජ්‍ය නිලධාරීන් ලෙස අපිට දෝෂාරෝපණ එල්ල වුණා අදාල ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු දේවල් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුවූ ප්‍රමාදය ගැන. එය නිවැරදි කිරීමට වහාම පියවර ගන්නා බවට මා පොරොන්දු වුණා. ඒ අනුව තමයි සාගල රත්නායක මහතාට ඊට අදාළ ලිපියේ පිටපතක් යැව්වේ.
වැඩිදුර සාක්ෂි විභාගය ලබන 9 වැනිදා පෙරවරු 10.00 දක්වා කල් තැබිණි
සබැඳි ලිපි :
ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය: පරිපාලනමය පහසුව සහ විත්තිකරුවන්ගේ ව්‍යවස්ථාපිත අයිතිය අතර ඝට්ටනයක්?
ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය : ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ 'අදෘශ්‍යමාන' ගිවිසුම සහ මුදල් අමාත්‍යාංශයේ 'මාධ්‍ය දැනුම'
ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය : ඇත්ත එළියට එන විට බොරුව නිරුවත් වෙයි !
විශේෂඥ ලේබලය පිටුපස සැඟවුණු ප්‍රසම්පාදන මාෆියාවේ නිරුවත: ඉමියුනොග්ලොබියුලින් නඩුවෙන් 'වෙස් මුහුණු' ගැලවෙයි
ඉමියුනොග්ලොබියුලින් නඩුව උණුසුම් වෙයි: නීතිමය බාධා මැද විත්තියෙන් දැඩි ප්‍රහාරයක්