මිත්‍ර හෙවත් මිත්ත, එළාර මහ රජුගේ වාසල සෙනවිය. වාසල සෙනවි කීවේ වාසලෙහි අභ්‍යන්තර රැකවරණය ගැන බලන නිල ධූරධාරියාය.

මේ මිනිසා ගැන කතා කරන්න සිදුවූයේ වේලු සොයා ගෙන යන විට, ඒ වේලුගේ කථාවට මේ මිනිසා බැදෙන නිසාය. මේ මිනිසා වූ කලී නන්දිමිත්තගේ පරපුරේ ප්‍රධාන පුරුකය. ඉතිහාස පුවත වර්ග රේඛාවෙන් වෙන් කර ඇති නූතනයේදී ඒ යුගයට යන්න එන්නැයි ආරාධනා කරමි. ඒ මන්දයත් රේඛා වලින් බෙදා බලන්න බැරි විෂයක් රේඛා වලින් තොරව බලාගත් විට හැබෑ රූපනය ලැබෙන නිසාය. ඒ නිසා වේලු සොයන්න ගිය ගමන ලියන්න 'මිත්ත'කැඳවීමට හේතුවිනි.

මිත්තගේ රැකවරණයට බඳුන් කල වෙලා යුධය ගැන ඇති කථාව ඇත්තේ වන්නියේ විත්ති අතරය. එළාර රජුගේ 'වේලායුධයෙහි' රැකවරණයට මිත්ත පත් කලේ මන්දැයි සොයන්න වටී. ඒත් ඊට පෙර වේලායුධය තැනූ 'වේලු' ගැන කතාව ප්‍රබල විය යුතුය.


rawashas
වේලු සුමනට නම් තබන්නේ ඔහුගේ තාත්තාගේ සම මිතුරන් දෙදෙනාගේ නම් එක් කර බව නිල වංශ කථාව කියයි. ඒ දෙදෙනා අතර එක් අයෙක් වූයේ 'වේලු'ය. මේ වේලු ගිරි දනව්වට එන්නේ වේලායුධය රැගෙන එන කන්දස්වාමි හෙවත් කන්ද කදිර පා ගමනින් බව කන්දස්වාමි විත්තිය ගැන කියන ඔකඳ දෙවොල විත්තිය කියති.

එය එසේ නම් මේ විත්තියට කන්දිය යුතු යැයි සිතුවෙමි. වන්නි විත්තියෙන් ඔකඳ විත්ති අසන්නට  ඔකඳ වැල්ල බලා ආවෙමි. ඔකඳ වැල්ලට වන්නි දෙමලුන් එක් වන්නේ කතරගම බලා යන පාද යාත්‍රාවටය. මේ යාත්‍රාවේ යන විවිධ වංශිකයන් කියන වන විත්ති වලට ඇහුන් කන් දෙමින් ඒ විත්ති නිල වංශ කතා පුවත හා සසඳා බලන්න වටින කතාය. එවන් තතු විසින් ඉතිහාසය එම මොහොත විහිදා පෙන්වනු ලබයි.


Katharagama 2024.04

කතරගම දෙවියන් හෙවත් කන්ද කදිර දෙවියන් රුහුණු රට දන්නේ දුටු ගැමුණු කුමරු බිහි වන්නටත් බොහෝ පෙරය. ඒ නිසා දුටු ගැමුණු කුමරුට යවන මිනිස් බලවේග සියල්ල ඊට පෙර මේ කතරගම පුවතට බිදී ඇත. රුහුණු ජන සංයුතිය උතුරු වාසීන් හා දක්ෂිණ භාරතීය මෙන්ම අග්නිදිග ආසියානුවන් හා ජානගතව මුසුවන්නේ  කන්ද කුමාර දෙවියෝ ස්කන්ධ කුමාර හෙවත් කන්ද කදිර දෙවියන් සමඟය. ලංකාව් සමාජ ව්‍යුහයේ මේ අනගි පුරාවෘත්ත සමීක්ෂණයන් අතහැර දමා තිබේ. විද්‍යාව පුරාවිද්‍යා ඉතිහාසයේ සිට මේ පුවත තම ආගම් වලට හෝ ජාතීන් වලට ඈදාගනු මිස පොදු මානව භාවයට අදාල කරගෙන නැත. ඉතින් වේලු සුමනගේ තාත්තාගේත් මිතුරු 'වේලු' ඇවිදින් වියලුවේ පදිංචි වන්නේ මේ විධියටය. වේලු ස්කන්ධ දෙවියන්ට ඇති දේව භක්තිය නිසා ඔහු තුරඟ වන්නම නැටූ කදිර දෙවොලේ තුරඟ වන්නමට බැඳී තුරඟ වංශිකයෙක් වී සිටි බව කියයි.



 ක්‍රි.පූ දෙවන සියවසේ සිදුවන මෙසේ උපන් 'වේලු' ක්‍රි.ව පස්වන සියවසේ ලියන වංශ කථාවට එන්නේ ප්‍රබල හේතුවක් නිසා බව පෙනේ. එනම් දුටු ගැමුණු රජුගේ දේශපාලන නැගිටීමට පාදක වූවන්ගේ තතු ලියන විට වේලු අමතක නොකර වේලු සුමනට ගැට ගැසුනු සැටි ලිය තැබීමය.

මෙම සිදුවීම් මහාවංශ කතුවරයා මෙන්ම දීපවංශ කතුවරයා එකතු කරන්නේ වේලු ඉතිහාසයෙහි තීරක මොහොතේ තතු සාකච්ඡා සොයා ගැනීමට වටපිටාව කැඳවාලීමටය. නොවේනම් ඉතිහාස රචකයන්ගේ ගුරුකුල සියල්ලම මේ කතාව වසා දමන්නට තිබුණ. සිහිබුද්ධියෙන්  හා විචාරශීලීව වටහා ගන්න අවශ්‍ය දෙයකි.

dutugemunu

වේලුසුමන දුටු ගැමුණු පවත ලියා තබද්දී වේලු සුමන නමට මුල්වූ පුරුෂ සමාජය ලියා තැබුවේ මන්ද යන්නය. එමෙන්ම නම හැදුනු හැටි ලියා නොතැබූවා කියා පුවත වටහා ගැනීමට බාධාවක් නොවේ.එසේ පුවත ලියන්නේ වඩා සමීපව එම මොහොතට බැඳණු තත්වකාරණය වටහාලීමටය. වේලු සුමන යනු ගැමුණු රජුගේ පරිච්ඡේදයේ තීරක චරිත අතර ගැඹුරට බැසිය යුතුම චරිතයකි. ඔහු මහ දේවියගේ දොල ආශා විසදුව සැටියට ඔහු කවුද යන්න අනාගතයට වටහා දීම කල යුතුය.

 

පූර්ව ඉතිහාස රචකයන් නූතනයන්ට මේ පුවත හාරා බැලීමටද එතැනින් වේලායුධයට ද එතැනින් වේල් කරත්තයටද වේලුන්ගේ පාද යාත්‍රාවට මෙන්ම ස්කන්ධ කුමාරයන් ඔස්සේ නන්දිමිත්‍ර ට පාලමක් බැද තබයි.ඒ අතර මානව භාව හෘදයේ ගැඹුරු භාව සමපාතයන් ජාතික ඉතිහාසයට කරන බලපෑම ගෙන හැරපායි.  එමෙන්ම විරුවන්ගේ පපුව කැණ බලන්නට එහි විසිතුරු මානව හැඟුම්කරණය අවශේෂව කියා දෙයි. රළු පරළු දරුණු යුධ නැගිටීම් පසුපස පවා දිදුලන මිනිස් හැඟුමේ දීප්තිය දැයට කියාදේ.

0 3 8 welu
ඉතින් මට සිහිවන්නේ වන්නියෙන් ඔකඳට, ඔකඳින් කතරගමට ආ ගමනය. ඒ ගමනින් ගිමන් නිවන්නට පෙර ආලත්ති අම්මා සුමනාවතී කන්පත් කොට කිව් රහසය. කිසිදා තව එකෙකුට නොකියා රකින්නයි කී කතාවය. ඉතින් දැන් මම අවුරුදු 30ක් තිස්සේම ඒ රහස් සඟවාගෙන සිටිමි. හදවතේ තබා නිදන්කරගෙන විදින ඒ රසාලිප්ත රහස තවත් සඟවා ගෙන සිටින්නට බැරිය. ආලත්ති අම්මා සුමනාවතී කී කථාව සොයාගෙන වියළුව වටේ වට කඳු සානු අස්සේ සෙවූ පුවත්  සියල්ල වේලුගේ ජානගත මිනිසුන්ගෙන් ලැබිණි. එය ඉතිහාස ශාස්ත්‍ර දත්තයන්ගේ මූලයන් හා සපුරා ගැලපේ. ඉතින් 'වේලු' ගැනම තවත් ලියන්න දෑ වේ. ලියමි. ලියා තබමි.

 


Sujith 2021
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



රාවාෂ පසුගිය ලිපි :


ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image