leader s

නිශාන්ත කමලදාස කියන්නෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ හිටපු ප්‍රධාන ඉංජිනේරුවරයෙක්. ඒ වගේම බ්ලොග් ලිවීමේ පුරෝගාමී රචකයෙක්.


කමලදාස අලුතෙන් තමන්ගේ අදහස් යූටියුබයෙන් කියන්න පටන් අරගෙන තියෙනවා. ඒවා තමයි freedom tv චැනල් එකේ ‘කමලාදසගේ අමුතු කතා’.

මේ අලුත්ම අමුතු කතාව ලංකාවෙ හොඳ වෙනුවට නරක වැලැක්වීම කියන කාරණය ඉස්මතු වෙන හැටි ගැන. අපිට ඕන වෙන්නෙ හොඳ දෙයක් කරන්න නෙමෙයි, නරක දේ එලවන්න. අපි චන්දෙ දෙන්නෙ හොඳ අය පත් කරන්න නෙමෙයි නරක අය එලවන්න. මේක ජාතික මනෝභාවයක් වෙලා තියෙනවා.

ඒ නිසාම කිසිම පක්ෂයකට ඕන නෑ හරිහමන් ප්‍රතිපත්ති. නිකං කටට එන මොනවා හරි කියලා ඉන්න ආන්ඩුවට බැන්නම චන්‍ද ගන්න පුළුවන්.

කමලදාස මේ අමුතු කතාව ඇතුලෙ ජවිපෙ කෘෂිකර්මය ගැන කියන කතා විශ්ලේෂණය කරනවා. මේවා නිකං මිනිස්සු අහන්න ආස හින්ද කියන රස කතා මිස ප්‍රතිපත්ති නෙමෙයි කියලා ආදරෙන් පහදලා දෙනවා.

අහලා බලන්නකො කමලදාසගේ අමුතු කතාව.

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්