leader s

තමන් එක්සත් ජාතික පක්ෂයේ සිටින කාලයේ, එම පක්ෂය පක්ෂයට උරුම ගමනින් බැහැර යන විට ඊට එරෙහිව දුෂ්කර අරගලයක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් සඳහන් කරයි.

 
එමෙන්ම සිය දේශපාලන ගමන: ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය සහ විවිධත්වය තුළ එකමුතුව නමැති ලිප් ගල් තුන මත රඳා පවතින බවත්, එම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීම මිස පදවි තානාන්තර පිළිබඳව එතරම් නොසලකන බවත් බාකිර් මාකර් පැවසීය.

ඉම්තියාස් බාකිර් මාකර් මේ බව සඳහන් කර සිටියේ The Leader TV ඉදිරිපත් කරන BLIND SPOT වැඩසටහන වෙනුවෙන් නාරද බක්මීවැව සමග කළ සම්මුඛ සාකච්ඡාවට එක් වෙමිනි.

එමෙන් ම පක්ෂයට උරුම ගමණින් පක්ෂය පිටතට ගමන් කරන විට, පක්ෂය නාය යන විට: ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, සරත් අමුණුගම, ධර්මදාස බණ්ඩා, විජේපාල මෙණ්ඩිස්, යනාදි පනහකට අධික පිරිසක් පක්ෂය හැර ගියේ ද එම දුෂ්කර අරගලය ජයගැනීමට නොහැකි යැයි සිතු බැවින් විය හැකි බව ද මෙහි දී ඉමිතියාස් බාකිර් මාකර් පැවසී ය.

නාරද බක්මීවැව සමග ඉම්තියාස් බාකිර් මාකර්  කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නරඹන්න.
 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්