කෙටිකතාව නමැති සාහිත්‍ය මාධ්‍ය ලාංකීය පාඨක ප්‍රජාව අතර එතරම් ජනප්‍රිය නොවුණ ද හොඳ කෙටිකතාවක් කියවා රසවිඳිනවා යනු හොඳ කවියක් කියවා රස විඳිනවාට සමපාත ය.
නමුදු ගැටලුව පවතින්නේ ශ්‍රී ලාංකීය කෙටිකතා බහුතරයක් කතාන්දර පමණක් ම වීම ය. ඒ සඳහා කදිම නිදසුනක් සැපවූයේ ඇරැව්වල නන්දිමිත්‍ර ලේඛකයා ය. ඔහු අවංකව ම පැවසුවේ ''මම කතන්දරකරුවෙක් පමණි'' යනුවෙනි. නමුත් ඔහු ද සම්මානනීය ලේඛකයෙකි.
ලෝකයේ වෙනත් රටවල, විශේෂයෙන් ම බටහිර සහ යුරෝපා රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකීය කෙටිකතාව තවමත් පවතින්නේ පහළ මට්ටමක ය. දියුණු කෙටිකතා රචක රචකාවෝ සිටින්නේ ඉතාමත් අල්ප ප්‍රමාණයකි.
මේ අතර නූතන කෙටිකතා පාර්ශ්වයට සබඳකම් නොපෑව ද සිය නිර්මාණ තුළින් සමාජයේ පවත්නා: සමාජ, ආර්ථික, දේශපාලනික තත්ත්ව යම් ආකාරයකට (යථාර්ථවාදිව වුව) ඉදිරිපත් කළ හැකි ලේඛක ලේඛිකාවන් ද නැතුවා නොවේ.
සුනිල් එස්. තන්ත්‍රිආරච්චි යනු මා යට සඳහන් කළ ආකාරයේ කෙටිකතාකරුවෙකි.
The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ ඔහු ය; ඒ, ඔහු ගේ අභිනව කෙටිකතා සංග්‍රහය වන ''ශිෂ්‍ය නායකයෙක් ඇවිත්'' නමැති කෙටිකතා සංග්‍රහය සමග ය.
මතු පළ වන්නේ සම්මානනීය ලේඛකයකු වන සුනිල් එස්. තන්ත්‍රිආරච්චි, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)







