ඕනෑම නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියක සිය නිර්මාණ තුළින් ඉදිරිපත් කරන බහුතරයක් සිද්ධි සහ චරිත ඔහු ගේ හෝ ඇය ගේ ජීවිතයේ කෙදිනක, කොතැනක හෝ අත්විඳ ඇති හෝ අනෙකකු ගේ අත්දැකීමක් තම අත්දැකීමක් ලෙස භාවිත කර ඉදිරිපත් කිරීමකි.
ඇතැම් විට නිර්මාණකරුවා හෝ නිර්මාණකාරිය: පාඨක, ප්‍රේක්ෂක හෝ රසික ප්‍රජාව වෙත ඉදිරිපත් කරන චරිතය, තමා අත්දුටු චරිත කිහිපයක ම එකතුවක් විය හැකි ය; සිද්ධි ද එසේ විය හැකි ය.
එලෙස විවිධ සිද්ධි සහ චරිත පාදක කරගනිමින් නිර්මාණ කිරීමේ දී අදාළ අනුභූති කවියක් හෝ කෙටිකතාවක් තුළින් ඉදිරිපත් කිරීම නවකතාවක් තුළින් ඉදිරිපත් කිරීම තරම් සරල නොවේ. ඒ සඳහා නිර්මාණකරුවාට හෝ නිර්මාණකාරියට ඉතා හොඳ පරිකල්පන ශක්තියක් මෙන් ම ඉවසීමක් ද තිබිය යුතු ය.
යට කී ආකාරයේ හොඳ පරිකල්පන ශක්තියකින් මෙන් ම ඉවසීමකින් කළ නිර්මාණ කිහිපයක් අන්තර්ගත කෙටිකතා සංග්‍රහයක් ලෙස තිස්ස නිහාල් වික්‍රමසිංහ ගේ අභිනව කෙටිකතා සංග්‍රහය වන ''ගමන් මල්ල'' කෙටිකතා සංග්‍රහය හැඳින්විය හැකි ය.
මතු පළ වන්නේ තිස්ස නිහාල් වික්‍රමසිංහ සිය අභිනව කෙටිකතා සංග්‍රහය වන ''ගමන් මල්ල'' පිළිබඳ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)







