'සද්ද විද්ද පලඟ පතිර අමු කුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සෝ...' මේ තමයි: ජනප්‍රිය, සම්මානනීය රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන 'රන්ජන් රාමනායක' ගෙ මුල් නම; එහෙමත් නැති නම් උප්පැන්න සහතිකයේ සඳහන් නම.
අපි හැමෝ ම දන්නවා ලංකාවෙ කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු ක්ෂේත්‍රයට පැමිණි පසු තමන් ගේ මුල් නම වෙනුවට වෙනත් නමක් භාවිත කළ බව. ඉතිං රන්ජන් වෙනත් නමක් භාවිත කළා කියන එක විශේෂ දෙයක් නෙවෙයි; හැබැයි අර තරම් දිග නමකට හිමිකම් කියපු රන්ජන්, 'රන්ජන් රාමනායක' වුණේ කොහොම ද කියන කාරණයෙදි විශේෂ සිදුවීමක් තිබෙනවා.
The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ යට කියපු සිද්ධියේ කතා නායකයා; ඔහු නමින් සෝමරත්න රාමනායක.
ඒ විතරක් නෙවෙයි, සෝමරත්න රාමනායක කියන්නෙ වසර 55ක් පුරා සිනමා ක්ෂේත්‍රයේ, එහෙමත් නැතිනම් සිනමා කර්මාන්තයේ නිරත වී සිටින පුද්ගලයෙක්.
මතු පළ වන්නේ සිනමා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙන් ම යට සඳහන් කරපු, දිග නමක් සහිත රන්ජන්, 'රන්ජන් රාමනායක' වුණේ කොහොම ද කියන කාරණයත් පිළිබඳ සෝමරත්න රාමනායක ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)







