leader s

''සීගිරි ගී යනු ලාංකේය පද්‍ය සම්ප්‍රදායේ හමුවන පැරණිතම මෙන් ම වටිනා ම ගී සමුහය යි. පොදුවේ ගත් කල සීගිරි ගී බොහොමයක් කෙටි ආකෘතියකින් සමන්විත වීම මෙම ගී සමූහයේ ඇති විශේෂත්වය යි.''


කෙටි කවි ලකුණ: අපරැක්කේ සුදම්ම හිමි: පිටුව 87: සන්ථව ප්‍රකාශන: 2019

යට උපුටනය ගන්නේ සිංහල කෙටි කවිය පිළිබඳ ඉතිහාසය පිළිබඳ අංශු මාත්‍රයක් සිහි කිරීම පිණිස ය. මතු පළ වන්නේ එම උපුටනය සාක්ෂාත් කරගත හැකි උදාහරණයකි.

''මෙකත තමලවන් නොබිණි සෙනෙ(හ නැ)ත්තී

හිම(බියො) සෙනහැත ද උන්නහ (සි)ත තද සෙ(යින්)''

සීගිරි පද්‍යාවලිය: නන්දසේන මුදියන්සේ: පිටුව 480: එස්. ගොඩගේ සහ සහෝදරයෝ: 2004 (දෙවන මුද්‍රණය)

මෙම රචනය ඉතා කෙටි ය; එහෙත් මෙහි අරුත: ගැඹුරු ය; දිගු ය.

ලිවීමට අදහස් කරන ලියවිල්ලට ප්‍රථම මෙහි සරල අර්ථය ද අදාළ කෘතියෙහි සඳහන් ආකාරයට ම උපුටා ගන්නේ කෙටි කවි පිළිබඳ පාඨක අවධානය යොමු කරනු පිණිස ය.

''තඹවන් තොල් ඇති, සෙනෙහෙ නැති මේ කාන්තා තොමෝ නොබිණුවාය

සෙනෙහ ඇත ද සිත තද අයුරින් කාන්තාවෝ සිටියාහුය''

මෙම වදන් වුව ද විසංයෝජනයට ලක් කළ විට මීටත් වඩා දිගු අරුතක් මතු කරගත හැකි ය. නමුදු මේ ඒ සඳහා ඉඩ හසර වෙන් කළ නොහැකි අවස්ථාවක් වන හෙයින් අදාළ ප්‍රස්තුතයට පිවිසෙමු; ඒ, ඊට අදාළ සුදුසු ම කෙටි කවියක් ද උපුටා දක්වමිනි.

''ඉඩෝර දවස්

තිබුණා

නාය යන්නට

ඔන්න මෙන්නව''

trackමේ කුමාරි දසනායක කිවිඳිය සිය අභිනව කාව්‍ය සංග්‍රහය වන ''Track පැනපු කවි හිතක්'' කෘතියෙහි අන්තර්ගත කර ඇති කෙටි කවියකි. මෙහි අන්තර්ගත වචන ප්‍රමාණය හතකි; නමුත් මෙහි අරුත විග්‍රහ කරන්නේ නම් ඒ වෙනුවෙන් පිටු දෙක තුනක් වුව ද වෙන් කළ හැකි ය. ඒ, මෙම පද රචනය එතරම් ම ප්‍රබල යටි අරුතක් සහිත වීම හේතුවෙනි.

මේ පෙරවදන සටහන් කළේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ යට සඳහන් කළ කිවිඳිය බැවිනි.

ඇය කෙටි කවියට කෙතරම් සමකත්කම් දක්වන්නියක් ද යන්න මතු පළ වන සාකච්ඡාව නැරඹීමෙන් ඔබට පසක් කරගත හැකි ය.

සටහන - ජයසිරි අලවත්ත

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්