ලාංකීය කෙටිකතාවෙහි ආරම්භකයා ලෙස මාර්ටින් වික්‍රමසිංහ නාමකරණය වීමෙන් ඉක්බිති කෙටිකතාව සිය සාහිත මානය ලෙස අල්ලාගත් පිරිස අතර ලේඛිකාවෝ ද ඉදිරියෙන් සිටිති. ඒ අතර ප්‍රවීණ මෙන්ම නවක ලේඛිකාවෝ ද සිටිති.
සයිමන් නවගත්තේගම, ටෙනිසන් පෙරේරා, කේ. කේ. සමන් කුමාර යනාදි ලේඛකයින් අභිභවන්නට එදා මෙදා තුර ලේඛිකාවන් අසමත් වුව ද: ගුණරත්න වික්‍රමගේ, ගුණසිරි සිල්වා, අනුරසිරි හෙට්ටිගේ, ප්‍රභාත් ජයසිංහ, සුනිල් වික්‍රමසිංහ, නිශ්ශංක විජයමාන්න, අනිල් හේරත්, ප්‍රින්ස් සේනාධීර යනාදි කෙටිකතාකරුවන් අභිභවන්නට ඇතැම් නූතන කෙටිකතාකාරියන් සමත් වී ඇත.
මෙම පිරිස අතුරින් ඉතා සෙමින් වුව ද සිය කෙටිකතා කලාව වර්ධනය කරගත් ලේඛිකාවක ලෙස පද්මිණී ශ්‍රියාලතා ලේඛිකාව හැඳින්විය හැකි ය.
The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද සාකච්ඡාවට සම්බන්ධ වන්නේ යට කී කෙටිකතාකාරිනිය වන පද්මිණී ශ්‍රියාලතා ය; ඒ, ඇගේ අභිනව කෙටිකතා සංග්‍රහය වන ''ගහල කිරිල්ලී'' සමග ය.
මතු පළ වන්නේ පද්මිණී ශ්‍රියාලතා ලේඛිකාව සරග සාහිතය කලා වින්නීය අඩ හෝරාව සමග කළ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)







