leader s

23 හැවිරිදි සොෆීජා යන්කොවිච්, ඇගේ පෙම්වතා ඇය හැර යයි හෝ නිතරම පණිවිඩ යවන නිසා ඇගේ මිතුරන් ඇය සමඟ අමනාප වනු ඇතැයි යන බියෙන් ගිලී සිටියාය.

ඔවුන් පිළිතුරු එවන තෙක් මිනිත්තු ගණන් කරමින් හෝ ඔවුන්ගේ ස්වරය මැන බැලීමට ඇය නිතරම ඔවුන්ට ඇමතුම් ලබා දුන්නා ය.

"මං තර්කානුකූලව හිතුවේ නැහැ. මාව අතහැරලා දායි කියලා මං බය වුණා," සොෆීජා පවසයි.

ඇයට කනස්සල්ලට සුළු බැඳීම් විලාසයක් ඇත. ඇය සමීපත්වයට ආශා කරන නමුත් ප්‍රතික්ෂේප වනු ඇතැයි යන බියෙන් පසුවූවා ය.

මනෝවිද්‍යාඥ ජෙලේනා සාරික් පැහැදිලි කරන්නේ, මූලික වශයෙන් දෙමාපියන් සහ රැකබලා ගන්නන් සමඟ ඇති මුල් සබඳතා මගින් පමණක් නොව වැඩිහිටි වියේදී ද හැඩගැසුණු බැඳීම් විලාසයන්, මිනිසුන්ගේ චිත්තවේගීය සමීපත්වය සහ සමීපත්වය අත්විඳින ආකාරය සහ ප්‍රතිචාර දක්වන ආකාරය නිර්වචනය කරන බවයි.

ප්‍රධාන බැඳීම් ශෛලීන් හතරක් තිබේ: එනම් සුරක්‍ෂිත, වළක්වනසුලු, කනස්සල්ලට පත්වන සහ අසංවිධානාත්මක යන ශෛලීන් හතර ය.

සමහර දරුවෝ ඇඬූහ. තවත් සමහරු සනහාලීමක් බලාපොරොත්තුවෙන් පසුවූ අතර, කිහිප දෙනෙක් විවිධ බැඳීම් හැසිරීම් පිළිබඳ මෙනෙහි කරමින් සුළු ප්‍රතිචාරයක් දැක්වූහ.
පශ්චාත් යුද බ්‍රිතාන්‍යයේ මනෝවිද්‍යාඥයින් වන ජෝන් බෝල්බි සහ මේරි අයින්ස්වර්ත් විසින් වැඩි දියුණු කරන ලද මෙම සංකල්ප 1970 ගනන්වල අත්හදා බැලීම් වලින් ආරම්භ වූ අතර එමඟින් මව්වරුන්ගෙන් කෙටි වෙන්වීම්වල දී ළමුන් ඊට දක්වන ප්‍රතික්‍රියා නිරීක්ෂණය කරන ලදී.

එහිදී ප්‍රතික්‍රියා වෙනස් විය. සමහර දරුවෝ ඇඬූහ. තවත් සමහරු සනහාලීමක් බලාපොරොත්තුවෙන් පසුවූ අතර, කිහිප දෙනෙක් විවිධ බැඳීම් හැසිරීම් පිළිබඳ මෙනෙහි කරමින් සුළු ප්‍රතිචාරයක් දැක්වූහ.

අද, මෙම න්‍යාය TikTok සහ Instagram වැනි වේදිකාවල ජනප්‍රිය වී ඇත. එහිදී මිනිසුන් සිය බැඳීම් විලාසයන් ඔවුන්ගේ පුද්ගලික අත්දැකීම් වලට සම්බන්ධ කර උපදෙස් බෙදා ගනී.

මිනිසුන්ට ඔවුන්ගේම බැඳීම් විලාසය පිළිබඳ ගවේෂණය කිරීමට උපකාර වීම උදෙසා මනෝවිද්‍යා ඔන්ලයින් පරීක්ෂණ ද තිබේ.


විවිධ බැඳීම් විලාසයන් දෙස බලන්න. ඔබට ඔබේ ම විලාසය හඳුනා ගත හැකි ද?
 
 

කනස්සල්ලට පත්වන බැඳීම්

"මම මිනිසු එක්ක කතා කරන කොට, මම එයාලාගේ මුහුණේ ඉරියව් දිහා බලාලා එයාලා බලාපොරොත්තු වන්නේ මොන ආකාරයේ ප්‍රතිචාරයක් ද කියලා මම කල්පනා කරනවා," සොෆීජා පවසන්නේ එහිදී ඉක්මනින් කතා කරන බවක් සහ සමහර විට කලබල වූ බවක් පෙනෙන බවයි.

"මගේ දෙමව්පියෝ, ගුරුවරු ඊට පස්සේ සහකරුවන් එක්ක කටයුතු කරන කොට ඒක හැම තිස්සෙම එහෙමයි."

කුඩා කාලයේදී ඇය පැය ගණන් පාඩම් කළේ වගකීමකින් හෝ පෞද්ගලික උනන්දුවකින් නොව, "කවුරුහරි මා එක්ක අමනාප වෙයි" යන සිතුවිල්ල හේතුවෙනි.
 
අද, තත්ත්වය සුළු වශයෙන් වෙනස් වී ඇත. "මම සති අන්තයේ විවේක ගන්න කැමති වුණත්, යාළුවෝ මට එළියට යන්න කතා කරන කොට මට බැහැ කියන්න බැහැ. එගොල්ලෝ මාව ප්‍රතික්ෂේප කලොත් ? ඇය පවසන්නීය.
කුඩා කාලයේදී ඇය පැය ගණන් පාඩම් කළේ වගකීමකින් හෝ පෞද්ගලික උනන්දුවකින් නොව, "කවුරුහරි මා එක්ක අමනාප වෙයි" යන සිතුවිල්ල හේතුවෙනි.
සාරික්ට අනුව, කනස්සල්ලට පත්වන බැඳීම් විලාසය සෘණාත්මක ස්වයං ප්‍රතිරූපයකින් සහ අන්‍යයන් පිළිබඳ ධනාත්මක දෘෂ්ටියක් ඇති කරන අතර, පුද්ගලයන් සබඳතාවලට ඇලී සිටීමට සහ සෑම අන්තර්ක්‍රියාවක්ම අධි විශ්ලේෂණය කිරීමට ද යොමු කරවයි.

"සමහර වෙලාවට මට දැනෙනවා මම ගොඩක් ඇළුම් කරනවා කියලා" සොෆීජා පිළිගනී.

"මට කොච්චර ආදරයක් ලැබුණත්, සහතිකයක් ලැබුණත් එකෙන් කවදාවත් සෑහීමකට පත් වුණේ නැහැ."

කුඩා කාලයේදී දරුවන් ලෙස දෙමාපියන්ගේ අවධානයට ආශා කළ නමුත් එය කිසිදා සම්පූර්ණයෙන් හමු වී නැතැයි හැඟුණු අයට මෙම හැසිරීම් පොදු බව සාරික් සඳහන් කරයි.

වළක්වනසුලු බැඳීම්

මිනිසුන් ගොඩක් සමීප වූ විට ඇය "දුවන්න පටන් ගන්නා" බව ඇනා ටොමික් පැවසූවාය.

"නිරන්තරව බැඳී සිටීම මට වෙහෙසයි, සමහර වෙලාවට මට විවේකයක් අවශ්‍යයි," ඇය පවසන්නේ යම් විවේකයක් නිර්මාණය කර ගැනීම සඳහා තම සහකරුගේ පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීම පවා නතර කර සිටිය හැකි බවය.

"කවුරු හරි මගේ ඉස්සරහ අඬන කොට, මම දන්නෙ නැහැ කොහොමද ප්‍රතිචාර දක්වන්නෙ කියලා - මම එතනින් ඈත් වෙලා වඩා කැමතියි," යැයි ඇය පවසන අතර ඇය සැකයකට ඉඩ නොතබන පවසයි.

4e2165e91928beed8972ffd14ae39995 man in yellow beanie sitting on steps with friends
මිතුරන් ඔවුන්ගේ ගැටළු බෙදාහදා ගන්නා විට හෝ "නිරන්තර අවධානය" අවශ්‍ය වූ විට ඇනාට අපහසුතාවයක් දැනේ. ස්වාධීනත්වය සඳහා ඇයගේ අවශ්‍යතාව ආරක්ෂා කර ගැනීම සඳහා, ඇය බොහෝ විට සිතුවිලි සහ හැඟීම් තමා තුළ ම තබා ගනී.

කැපවීමට ඇති බිය සහ නිදහස සඳහා අධික ආශාව හා සෞඛ්‍ය සම්පන්න නොවන ආශාවන් පිළිබඳ වන ලක්ෂණ, වැළකී සිටීමේ බැඳීම් විලාසයට ඇතුළත් වන බව මනෝ විද්‍යාඥ සාරික් පැහැදිලි කරයි.

වැළකී සිටීමේ බැඳීම් ඇති පුද්ගලයින් හවුල්කරුවන්ගේ අඩුපාඩු සොයමින් යන අතර මිතුරන් අතේ දුරින් තබා ගන්නා බව සාරික් කියා සිටියේය.
වැළකී සිටීමේ බැඳීම් විලාසය ඇති පුද්ගලයින් කොටු වී ඇති බවක් දැනීම වළක්වා ගැනීම සඳහා බොහෝ විට "අනෙකුත් පුද්ගලයන් සමඟ ආලවන්ත හැඟීම් පෑම, සන්නිවේදනයෙන් වැළකීම, සහ ශාරීරිකව දුරස්ව සිටීමට" කටයුතු කරති
"ඔවුන් තමන් ව විශ්වාස කරනවා, නමුත් ලෝකය හෝ වෙනත් මිනිසුන් නෙමෙයි."

"දෙමව්පියන් දරුවාගේ අවශ්‍යතා සපුරාලන්නේ නැති විට එවැනි ගති ලක්ෂණ වර්ධනය වෙනවා, එබැවින් මෙම දරුවන් අන් අයගෙන් බොහෝ දේවල් බලාපොරොත්තු නොවෙන්න ඉගෙන ගන්නවා," සාරික් පවසයි.
 
sad child

අසංවිධානාත්මක බැඳීම්

මාර්කෝ පෙට්රොවික් ට අනුව සබඳතා යනු "සීසෝවක් වැනි" දෙයකි.

"මම තනිකමට බය නිසා, මාව අවශ්‍ය කෙනෙකුගෙන් මට පලා යන්න අවශ්‍ය වීම සහ පවත්වා ගෙන යා නොහැකි සම්බන්ධතාවයක් පසුපස හඹා යාම අතර මම නිරතුරුවම අසීරුතාවට පත් වෙනවා" ඔහු පවසයි.

මාර්කෝ ඔහුගේ අවශ්‍යතා ගැන අවිනිශ්චිතව සිටියි.

"මට සමීපබව අවශ්‍ය ද, නැතිනම් මට විවේකය අවශ්‍ය ද? මම තවමත් දන්නේ නැහැ, "ඔහු පිළිගනී.

දෙමව්පියන්ට ඇති බිය හෝ ආක්‍රමණශීලී ස්වභාවයක් ඇති සබඳතාවලදී බොහෝ විට අසංවිධානාත්මක බැඳීම් විලාසයක් වර්ධනය වන බව සාරික් පැහැදිලි කරයි.

"දරුවන්ට, තම භාරකරු ලෝකය ම නියෝජනය කරයි. එය ආදරයෙන් සහ පිළිගැනීමෙන් පිරී තිබෙන්න පුළුවන් නැතිනම් එය බිය සහ ආක්‍රමණශීලි ස්වභාවයක් ඇති කළ හැකියි."

මාර්කෝ පවසන්නේ ඔහු සැබවින්ම තෘප්තිමත් වන්නේ කලාතුරකින් බවය. "යමක් සාක්ෂාත් කර ගන්න වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසුව පවා, මම සැමවිටම සහකරුවන්ගේ, රැකියාවේ හෝ පොදුවේ ජීවිතයේ අඩුපාඩු සොයනවා."

මෙම "බිය සහිත ජයග්‍රාහකයා" සිය විලාසිතාව සනිටුහන් කරන්නේ විවාහ ගිවිස ගැනීමට ඇති බිය සමඟ සමීප වීමට ඇති ආශාවෙනි, සාරික් පැහැදිලි කරයි.
"ඔවුන්ට විභව සහකරුවෙකු මනඃකල්පිත විය හැකියි, නැතහොත් ළඟා වීමට අපහසු සබඳතා ලුහුබඳිනවා, ඔවුන් කැමති දේ සාක්ෂාත් කර ගත් පසු ඉවත් වෙන්න නිදහසට කරුණු සොයා ගැනීමට පමණක් වෙන්න පුළුවන්" ඇය තවදුරටත් පවසයි.
freedom cuple

සුරක්ෂිත බැඳීම්

සාරික්ට අනුව සුරක්ෂිත බැඳීම් විලාසයක් ඇති පුද්ගලයින්ට ඔවුන්ගේ චිත්තවේගීය අවශ්‍යතා කුඩා කාලයේ දී ලැබී තිබේ.

ඔවුන් පහසුවෙන් තවත් අය සමග සම්බන්ධ වේ. විවෘතව සන්නිවේදනය කරන අතර විවේචනවලට හොඳින් මුහුණ දෙයි.

සොෆිජා පවසන්නේ එය තමාට සමීප අයට ඇගේ හැඟීම් පැහැදිලි කිරීමට උපකාරී වන බවයි.

"අධික ලෙස බෙදාගැනීමෙන් වැළකීම සහ තාර්කිකව දේවල් පැහැදිලි කිරීම වැදගත්" යැයි ඇය පවසන අතර, කාලයත් සමඟම, ඇයව අවුල් කරන දේ ගැන ඇය වඩාත් දැනුවත් වී ඇති බව පැවසුවාය.

"අපට අපගේ දෙමාපියන් සමඟ සුරක්ෂිත බවක් දැනුණේ නැත්නම්, සදාකාලිකවම ඒ විදිහටම සිටිය යුතුයි කියලා ඉන් අදහස් වෙන්නේ නැහැ", සාරික් පවසයි.

 
man and woman embracing in the rain photo
"මනෝචිකිත්සාව හෝ සුරක්ෂිතව සම්බන්ධ වී සිටින සහකරුවෙකු සමඟ සම්බන්ධතාවයක් මිනිසුන්ට පළමු වරට නිරෝගී සමීපභාවයක් අත්විඳිමට සහය විය හැකිය."
"බොහෝ අය ඇතැම් විට චිකිත්සකයෙකු සමඟ ඔවුන්ගේ පළමු සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවය අත්විඳිනවා," ඇය පවසයි.

මනෝවිද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ බැඳීම් විලාසය පුද්ගලික සබඳතා සහ රැකියා ස්ථානයේ හෝ වෙනත් ස්ථානවල සම්බන්ධතා යන දෙකටම බලපාන බවයි.

බැඳීම් විලාසය ස්ථාවර නොවන බවත් අවශ්‍ය නම් ඉගෙනීම, දැනුවත් කිරීම හෝ චිකිත්සාව සමඟ වෙනස් විය හැකි බවත් ඔවුන් විශ්වාස කරයි.

ක්‍රිස්ටිනා  ක්ලැජෙක්
බීබීසී සර්බියානු සේවය
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්